
රැවුල කැපුවොත් බලාගෙනයි
රටවැසියන්ගේ යටි රැවුල් කැපීම මින් ඉදිරියට නීතියෙන් තහනම් බව තලේබාන් සංවිධානය විසින් ඇෆ්ගනිස්තානයේ කරණවෑමියන් වෙත දන්වා තිබේ. එමෙන්ම කොණ්ඩා කැපීමේ ස්ථානයහි සංගීතය වාදනය කිරීමද නීතිියෙන් තහනම් කර තිබේ. මුස්ලිම් ජාතිකයන් සාමාන්‍යයෙන් රැවුල් වැවීමට වැඩි මනාපයක් දැක්වුවද රැවුල කැපීමට ඇෆ්ගනිස්තානය තුළ මේ දක්වා තහනමක් ක්‍රියාත්මක වූයේ නැත. කෙසේ වුවද තලේබාන් පාලනය ඇෆ්ගනිස්තානය තුළ ක්‍රියාත්මක වීම ආරම්භ වීමෙන් පසු මේ දක්වා සමාජයට බලපෑම් සිදුවන අන්දමේ නව නිති පැනවෙමින් තිබෙන අතර එම නීති ලොව පුරා කතාබහට වැඩි වශයෙන් ලක් වෙමින් තිබෙන්නේ ඒවායේ ඇති ආසාමාන්‍ය ස්වභාවය හේතුවෙන්මය.
මාසයකට ටික්ටොක් බිලියනයයි
මාසයක කාලයක් තුළ බිලියනයක් දෙනා ටික්ටොක් ඇප්ලිකේෂණය භාවිත කරන බව එම සමාගම පසුගියදා පැවසීය. ලොව ජනප්‍රියම සමාජ මාධ්‍ය අතර ටික්ටොක්ද ඉදිරියෙන්ම පවතින අතර එම පහසුකම යටතේ තමන් විසින් නිර්මාණය කරන වීඩියෝවක් සමාජ ගත කිරීමට ඕනෑම අයෙකුට හැකියාවක් ලැබේ. එබැවින්ම ටික්ටොක් බෙහෙවින් තරුණ පරපුර අතර ජනප්‍රිය වී ඇත්තේ උන්මාදයක් පරිද්දෙනි.
එබැවින් තමන් වැඩසටහන භාවිත කරන්නන්ගේ සංඛ්‍යාව සම්බන්ධව නිල තොරුතරු එළිදරව් කරමින් එම සමාගම පවසා ඇත්තේ ටික්ටොක් යනු සමස්ත ලෝකයේ ජනතාව අතර උන්මාදයක් බවට පත්ව ඇති බවයි.
ටික්ටොක් සඳහා තරගයක් ලබා දෙමින් ෆේස් බුක් ඇතුළු සමාගම් කිහිපයක්ම කෙටි වීඩියෝ ඉදිරිපත් කිරීමේ ඇප්ලිකේෂන් හඳුන්වා දී තිබුණද ඒ කිසිවක් ජනතාව අතර ජනප්‍රිය නොවූ අතර මේ කෙටි වීඩියෝ ඉදිරිපත් කිරීම අද ‘ටික්ටොක්’ යන නමින්ම හැඳින්වීම තුළින් එම සමාගම ලබා ඇති ජනප්‍රියත්වය පිළිබඳව අදහසක් ලබා ගත හැකිය.
මැක්‍රෝන්ට බිත්තර ප්‍රහාරයක්
ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්‍රෝන්ට පසුගියදා බිත්තර ප්‍රහාරයක් එල්ල විය. ඒ පසුගියදා ඔහු ලියොන් නගරයේ පැවති ප්‍රදර්ශනයක් විවෘත කිරිමට ගිය අවස්ථාවකදීය. එහිදී ඒ අවට පරිශ්‍රයේ තනි පුද්ගලයකු විසින් විරෝධතාවක් පවත්වමින් සිට ඇති අතර මේ බිත්තරය ජනාධිපතිවරයා වෙත එල්ල කරන්නට ඇත්තේ එම පුද්ගලයා විසින් බවට විශ්වාස කෙරේ. බිත්තරය ජනාධිපතිවරයාගේ හිසේ වැදුනද වාසනාවකට මෙන් එය බිඳි ගොස් නැත. පසුව එය බිමට වැටී බිඳී ගොස් තිබේ.
ජනාධිපති මැක්‍රෝන් මේ සිදුවීම පිළිබඳව විමසා එම පුද්ගලයානේ විරෝධතා දැක්වීමට හේතුව විමසන ලෙස තම නිලධාරින්ට නියෝග කර තිබේ.
මීට මාස කිහිපයකට පෙර පොදු ජනතාව අතරට ගිය ජනාධිපති එම්මානුවෙල් මැක්‍රෝන්ට එහි සිටි පුද්ගලයකුගෙන් කම්මුල් පහරක්ද කෑමට සිදුවිය.
ජපානය ලිහිල් වෙයි
රට පුරා පනවා තිබූ සියලුම ආකාරයේ කොවිඩ් සංචරණ සීමා ඇතුළු නීති රීති අහෝසි කර දැමීමට නොබෝ දිනයකදීම කටයුතු කරන බව ජපානය නිවේදනය කර තිබේ. බොහෝ දුරට මේ සති අන්තයේදී සිදු කිරීමට නියමිත බවද දැන ගැනීමට තිබේ. මේ වන විට ජපානය පුරා දැඩි සංචරණ නීති දමා ඇති අතර අගමැති යොෂිහිදේ සුගා පවසා සිටියේ ප්‍රථමයෙන්ම සංචරණ සීමා ලිහිල් කරන බවත් ක්‍රමයෙන් සෙසු ආරක්ෂණ ක්‍රියාමාර්ගද ලිහිල් කිරීමට කටයුතු කරන බවත්ය.
පසුගිය ජූලි - අගෝස්තු මාසවලදී ජපානය ඔලිම්පික් ක්‍රිඩා උළෙල ඉතා සාර්ථක ලෙස නිම කර සිටි අතර ඒ හේතුවෙන් සිදුවුණු වයිරස පැතිරිම පාලනය කිරීමට දැඩි සංචරණ සීමා පැනවීමට ජපානයට සිදුවිය.