
කාර්මික මෘදුකාංග ක්ෂේත්‍රයේ ලොව පුරෝගාමී සමාගමක් වන VMware ඉන්කෝපරේෂන් (NYSE: VMW) සමාගම විසින් ලංකාව සහ මාලදිවයින යන රටවල් ක්ලවුඩ් සහ ඩිජිටල් තාක්ෂණ පරිවර්තනයන් තුළින් සවිබල ගැන්වීම උදෙසා, එහි ව්‍යාපාර නායකත්වය සඳහා යූසුෆ් ශිරාස් පත් කර බව දැනුම් දෙනලදී.
තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ දශක දෙකක ඉහළ පළපුරුද්දක් හිමි යූසුෆ් විසින් VMware සමාගමේ ව්‍යාපාරික දියුණුව සමඟම, ලංකාව සහ මාලදිවයින වෙෙළඳපොළ සංවර්ධනය කළ හැකි ආකාරයේ උපාය මාර්ග කෙරෙහි වැඩි අවධානයක් යොමුකරමින්, පාරිභෝගික සම්බන්ධතා සංවර්ධන වෙනුවෙන් කටයුතු කිරීමට බලාපොරොත්තු වේ. තවද, තාක්ෂණික නවෝත්පාදන ක්ෂේත්‍රයේ පෙරලියක් සිදු කරමින්, ගතික ව්‍යාපාර සඳහා අවශ්‍ය නම්‍යශීලි තාක්ෂණික විසඳුම් ලබාදීම කෙරෙහි ද යූසුෆ් සිය නව කාර්ය භාරය තුළ වැඩි අවධානයක් යොමු කරයි.