
- සංචාරක ව්‍යාපාරයත් කඩා වැටිලා ඩොලර් බිලියන 5 ක් පාඩුයි
- වැට් ආදායම 75% කින් පහළට
- ෙකාවිඩ් වසංගතය නිසා රාජ්‍ය ආදායම රුපියල් බිලියන 1,500කින් අහිමි වෙලා
- මෙතෙක් පිටරටින් ගෙන්වූ බෝග 16ක් මෙහිම වගාකර ගොවීන්ට සෙත සලසනවා
- රටට අවශ්‍ය සේලයින් දැන් අපිම නිපදවනවා
- සෞඛ්‍ය ක්ෂේත්‍රයට නියමිත ගෙවීම් සියල්ල අඩු නැතිව දෙයි
මුදල් පනත් කෙටුම්පත වැඩි ඡන්ද 90 කින් සම්මත වෙයි
පසුගිය කෝවිඩ් සමය නිසා මුදල් අමාත්‍යාංශය යටතේ තිබෙන ප්‍රධාන ආයතන තුනක ආදායම් අඩු වී තිබෙන බවත් කලක සිට විදේශ විනිමය අර්බුදයකට රට ලක්වී ඇති බවත් ඒ අනුව රටේ ආර්ථිකය ඉහළ නැංවීමට නම් පක්ෂ විපක්ෂ සැවොම එක්වී කටයුතු කළ යුතු බවත් මුදල් ඇමැති බැසිල් රාජපක්ෂයන් පවසයි.
මුදල් ඇමැති බැසිල් රාජපක්ෂයන් පාර්ලිමේන්තුවේදී මේම අදහස් පැවසූයේ පසුගිය 07 වැනිදාය එහිදී ඒ මහතා එහිදී තවදුරටත් මෙසේ පැවසීය.
න්‍යාය පත්‍රයේ දැනට නියමිත කටයුතුවලට අදාළ විෂයයන් 1,2,3,4,5,6 සහ 7 මම ඉදිරිපත් කරමි. ඒ වගේම 1985 අංක 48 සහ 1987 අංක 28 දරන පනත මඟින් සංශෝධිත 1969 අංක 01 දරන ආනයන, අපනයන පාලන පනතේ 04/01සහ 14 වගන්තිය සමඟ කිවයුතු 20 වැනි වගන්තිය යටතේ මුදල් අමාත්‍යවරයා විසින් පනවන ලදුව 2021 ජූලි 31 වෙනි දිනැති 22 38/45 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද රෙගුලාසි මම ඉදිරිපත් කරමි. මෙම රෙගුලාසි රජයේ මුදල් පිළිබඳ කාරක සභාව වෙත යොමු කළ යුතු යැයි මම යෝජනා කරමි. 2020 වර්ෂය සමඟ හා සමෘද්ධි, ගෘහ ආර්ථික, ක්ෂුද්‍ර මූල්‍ය ස්වයං රැකියා හා ව්‍යාපාර සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ කාර්ය සාධන වාර්තාව මම ඉදිරිපත් කරමි.
•හුඟක් කල් ඉඳල ආදායම අඩුවෙලා වියදම වැඩිවෙලා
මට මේ වෙලාවේ ඉදිරිපත් කරන මේ වැදගත් පනත් 02 ගැන කෙටි සඳහනක් කරන්න ඕන. මෙවලේ මට මතක් වෙන්නේ පරණ කියමනක්.
"වනයේ ගිජිදාය; දුටුවොත් වනසාය
ළිඳේ පනිදාය; වැටුණොත් ඌ කාය
අතකින් කරවැලකි; අතකින් දඬුබෑය
මරණ තුනක් ඇති මිනිසෙක් පැණි කෑය
මින් සඳහන් කරන්නේ අද ශ්‍රී ලංකාව, සමස්ත ජනතාව මුහුණපාල තියෙන තත්ත්වය. විශේෂයෙන්ම අපි මුළු ලෝකයම වැලඳගෙන තිබෙන මේ කොවිඩ් වසංගතය නිසා සමස්ත ශ්‍රී ලංකාව ජනතාවත්, රටත්, ආර්ථිකයත් මේ සියල්ල තුළ මුහුණපාල තියෙන තත්ත්වය. ඒ සමඟම ඊට අමතරව අපි දන්නවා අපේ රට දරුණු විදේශ විනිමය අර්බුදයකටත්, දේශීය මුදල් අතිනුත්, මහා භාණ්ඩාගාරයත් අපේ සමස්ත ආර්ථිකය මේ කරුණු තුන උඩ බලපාලා තියෙන වෙලාවක; ඒ සඳහා විසඳුම් සොයන්න සමස්ත රජය හැටියට වගේම වගකිය යුතු සෑම දෙනෙක්මත් විපක්ෂයේත් සහයෝගය ඇතුව මේ කටයුත්ත කළ යුතුව තියෙනවා.
අපි සූදානම් වෙන්නේ නෑ මෙවැනි අති අමාරු අවස්ථාවක තනියෙන් මේ ප්‍රශ්නය විසඳන්න හෝ දේශපාලන වාසි ගැනීම සඳහා විපක්ෂයට හෝ වෙන කාටවත් දොස් කියන්න. නමුත් අපි දන්නවා අද මේ ගැටලුව කොවිඩ් වසංගතය තුළින් උග්‍ර වෙලා තිබෙනවා. ඒක කාලයක් තිස්සේ අපේ මුළු සමස්ත ආර්ථිකය තුළම ඇති වෙච්ච ප්‍රතිඵලයක්. විශේෂයෙන්ම අපි දන්නවා රටේ ආදායම අබිබවලා රටේ වියදම ඉහළ ගිහින් තිබෙනවා. ඒක වර්ෂයක් දෙකක් නෙවේ ශත වර්ෂ කිහිපයක ඉඳලා වැඩිවෙලා තිබෙනවා.
මේ සඳහා අපි දන්නවා රටට ලැබෙන ආදායම, රජයට ලැබෙන ආදායම විශේෂයෙන්ම රටේ වියදම එක්ක බැලුවොත් රටේ ආදායම ඉතා අඩු මට්ටමක තිබෙන්නේ. ඉතින් ඒ තුළ සමහර අවස්ථාවල නාස්තිය, දූෂණය අනවශ්‍ය වියදම් තියෙන බවත් අපි පිළිගන්නවා. මම හිතන්නේ මේක එක කාලයක නොවේ, එක වකවානුවක නොවේ, කාලයක් තිස්සේ සිද්ධ වෙච්ච දෙයක්. අපි උත්සාහ කළ යුතුව තිබෙනවා අවංකව පුළුවන් හැම අවස්ථාවකම ඒ වියදම අඩු කරන්න.
ඒ වගේම අපි දන්නවා අපිට ලැබිය යුතු ආදායමත් රජයට ලබා ගත හැකි ආදායමත් අඩු වෙලා තිබෙනවා. විශේෂයෙන්ම මේ කොවිඩ් වසංගතය කාලය තුළ මේ වර්ෂයට පමණක් අද වෙනකොට අපට ලැබිය යුතු ආදායමෙන් බිලියන 1500, 1600 ත් අතර ප්‍රමාණයක් අඩුවෙලා තිබෙනවා; අපි තක්සේරු කළ ප්‍රමාණයටත් වඩා. ඔබ දන්නවා ප්‍රධාන මුදල් අමාත්‍යාංශය යටතේ තිබෙන ආයතන තුනකින් අපිට ආදායම ලැබෙනවා.
එක ආදායමක් තමයි රේගුව. රේගුවෙන් මේ රටට ගෙන්වන බඩුවලින් තමයි වැඩි ආදායමක් එන්නේ. එහි ප්‍රධානම ආදායම් මාර්ගය ඔබ දන්න විදිහට වාහන වලින් තමයි වැඩිම ආදායම ලැබුණේ. දැන් අවුරුදු 1 ½ පමණ ඉඳලා මේ රටට වාහන ගෙන්වීම නතර කරලා තිබෙනවා. මොකද විශේෂයෙන්ම ඒ සඳහා අවශ්‍ය විදේශ විනිමය හොයා ගන්න අපහසු නිසා. ඒ නිසා රේගුවෙන් ලැබෙන ආදායම වෙන කවදාකටත් වැඩිය මේ වර්ෂයේ අඩුවෙලා තිබෙනවා.
ඊළඟට අපිට ලැබෙන අනිත් ආදායම තමයි සුරාබඳු දෙපාර්තමේන්තුවෙන් ලැබෙන ආදායම. ඔබ දන්නවා සුරාබදු විකිණීම වෙන්නේ ලොක්ඩවුන් නැතිවෙලාවට පමණයි. ඒ වගේම ඒ කාලය තුළ අපිට සම්පූර්ණයෙන්ම සුරාබදු දෙපාර්තමේන්තුවේ ආදායම අඩු වෙනවා.
ඒක තුළ ආදායම අඩුවීම විතරක් නෙවේ අපි දැකලා තියෙනවා ඒ මඟින් ජනතාව නීති විරෝධී මත්පැන් පානය සඳහාත් විශාල ලෙස යොමු වීම නිසා සුරාබදු පනතේ එම දෙපාර්තමේන්තුවට පැවරෙන රාජකාරි ප්‍රධාන කාර්යයන් දෙකක් පවරලා තියෙනවා. එකක් රජයට ලැබිය යුතු ආදායම එකතු කර ගැනීම. දෙවැනි එක තමයි ජනතාවට සෞඛ්‍ය හිතකර මත්ද්‍රව්‍ය පානය කිරීමට අවස්ථාව සලසා දීම. ඒක උඩ තමයි විටින් විට එම දෙපාර්තමේන්තුවෙන් නීති විරෝධී මත්පැන් හලවල් හෝ නිෂ්පාදනාගාර වටලන්නේ. ඒ කටයුත්තෙදී ඒක ශීඝ්‍රයෙන් පසුගිය කාලයේ ඉහළ ගිහිල්ලා තියෙන බව සඳහන් කරන්න ඕන.
ඒ වගේම සංචාරක ව්‍යාපාර අඩුවීමත් එක්ක ඒ ආදායමත් අපිට අඩුවෙලා තිබෙනවා.
•වැට් ආදායමත් 75% - 80% කින් අඩුවෙලා
තුන්වැනිව අපිට ආදායම් ලැබුණේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන්. එය වැරදි ද හරිද කියන එක කෙසේ වෙතත් වැඩිය ලැබෙන්නේ සෘජු අදායම් බදුවලට වඩා අපේ වැට් වැනි වක්‍ර බදුවලින් තමයි ආදායම ලැබෙන්නේ. ඒ ආදායම එසේ විය යුතුද නැත්ද කියන එක විවාදාත්මකයි. නමුත් ඒක තමයි යථාර්ථය. ඒක යම් අවස්ථාවක වෙනස් කරන්න හැකියාවක් ලැබෙයිද කියලා දන්නේ නෑ.
නමුත් ඒ සඳහා උත්සාහගත යුතුයි. මේ වර්ෂයේ අපි ඉලක්ක කරපු වැට් ආදායම අඩු වෙලා. අපි දන්නවා එක දවසක් ලොක්ඩවුන් කරාම එදාට කඩ වැහෙනවා. කඩ වැහුණාම කඩවල බඩු විකිණෙන්නේ නෑ. බඩු විකුණෙන්නේ නැති වුණොත් අපිට වැට් එක එන්නේ නෑ. එතකොට වැට් ආදායම මේ එක දවසක සාමාන්‍යයෙන් 75% ක 80% ක විතර ආදායම දේශීය ආදායම් බදුවලින් අපිට අඩුවෙනවා.
ඉතින් මේ ආකාරයට මම මේ සඳහන් කළේ එක අමාත්‍යාංශයක් යටතේ, එනම් මුදල් අමාත්‍යාංශය යටතේ තියෙන ආයතන තුනක ලැබෙන ආදායම ලැබිච්ච ආකාරයයි. ඉතින් ඒ වගේම අනිත් පැත්තෙන් වියදම මේ ආකාරයට අඩුවෙලා නෑ. අපි දන්නවා වියදම වැඩිවීමක් වෙනවා. ගරු හිටපු අගමැතිතුමාත් ඇහැව්වා වැක්සීන් සඳහා වියදම් කරන ප්‍රමාණයත්. ඒවා කොතරම් ප්‍රමාණයක්ද අපිට ලැබුණේ; නොමිලේ නැත්නම් පරිත්‍යාග හැටියටද? මට වගකීමෙන් කියන්න පුළුවන් අපිට ලැබිච්ච වැක්සීන්වලින් 80% ක් පමණ ලැබුණේ සල්ලිවලට.
•සංචාරක පැමිණීම අඩුවීම හා විදේශ විනිමය අර්බුදය
ඒවට අපි මුදල් ගෙවීමක් සිද්ධ වෙනවා. සිද්ධවෙලත් තිබෙනවා. ඉදිරියටත් ඒවට ගෙවන්න වෙනවා. ඒ වගේම විවිධ වර්ගයේ බෙහෙත් ඒ වගේම ඔක්සිජන් වගේ එකක්, උදාහරණයකට ඔක්සිජන් එදා භාවිතය වූ ප්‍රමාණය වගේ අද භාවිතය දෙගුණයකින් වැඩි වුණා. ඒ සඳහාත් විශාල අතිරේක මුදලක් ගිහින් තිබෙනවා. ඒ කියන්නේ මේ වසංගතය නිසා අපේ වියදම වැඩිවෙලා තිබෙනවා.
ඒ අතර මේ ලොක්ඩවුන් කළා කියලා අපේ රජයේ සේවකයෙක්ට දෙන දීමනා අඩු කරලා නෑ. දීමනා වැඩි කරලා තිබෙනවා සමහර ක්ෂේත්‍රවල. සෞඛ්‍ය ක්ෂේත්‍රයේම වෙනදා දෙන දීමනාවලට වඩා වැඩි දීමනාවක් අපිට ගෙවන්න වෙලා තිබෙනවා. ඒ වගේම වැටුප් අඩු කිරීමක් කළේ නෑ. දීමනා අඩු කළේ නෑ. අපේ වියදම් පැත්තෙන් හැම ක්ෂේත්‍රයකම වැඩි වීමක් මිසක් අඩු වීමක් වෙලා නෑ. ආදායම අඩුවෙලා තිබෙනවා. වියදම වැඩිවෙලා තියෙනවා. ඉතින් මේ නිසා අපි නව මාර්ගවලට යන්න ඕන. අනිවාර්යයෙන් අවතීර්ණ වෙන්න ඕන. ඒක තමයි අපේ දේශීය අයවැය තුළ ඇතිවෙලා තිබෙන තත්ත්වය.
ඊළඟට පිටරට විදේශ විනිමය පිළිබඳවත් එවැනිම අර්බුදයකට පත්වෙලා තිබෙනවා. අපි දන්නවා අපේ විදේශ මුදල් ලැබිච්ච ආකාර. ප්‍රධාන මාර්ග කිහිපයක් තිබුණා. ඒකෙන් එක මාර්ගයක් තමයි අපේ සංචාරක ව්‍යාපාරයෙන් අපිට ඇමරිකන් ඩොලර් බිලියන 04, 05 ක වැනි අතිරේක ආදායමක් ලැබුණා. සම්පූර්ණයෙන්ම ගිය මාර්තු මාසයෙන් පස්සේ ඒක ඇනහිටලා තිබෙනවා. ඒ හිඟය එක පැත්තකින් තිබෙන අතර අපිට ගිය වර්ෂයේ ප්‍රධානම ආදායම හැටියට ආවේ අපේ පිටරටවල ඉන්න ශ්‍රමිකයන්ගෙන් ලැබිච්ච සම්ප්‍රේෂණ. ඒකත් මුලින් වැඩි වීමක් සිදු වුණා. නමුත් ගිය මාස තුනේ යම්කිසි අඩුවීමක් සිද්ධ වේගන යනවා. ඒ ගැන අදාළ අමාත්‍යවරු සහ ඒකට සම්බන්ධ අය විශාල උත්සාහයක් ගන්නවා. මම හිතන්නේ ඒක අපි අනිවාර්යෙන් වැඩිකර ගත යුතුව තියෙනවා. 30% ක නැත්නම් 25%, 35 අතර ගාණකින් ගිය මාස තුනේ අඩුවීමක් සිද්ධ වුණා.
අනිත් එක තමයි අපිට ලාභ ලැබෙන්නේ අපනයන තුළින්. අපි සතුටු වෙන්න ඕන ගිය මාසේ වන කොට අපි සාමාන්‍ය වර්ෂවල වගේම ප්‍රමාණයක් අපනයනය කරලා අපිට විදේශ විනිමය ලබා ගන්න හැකිවෙලා තිබෙනවා. ඉතින් ඒ වගේම අපිට ලැබෙන විදේශ ණය හා ආධාර. දැන් ආධාර දීම හුඟක් රටවල අඩුවෙලා තිබෙනවා. ඉතින් අපේ රටට ලැබෙන ගාණත් ඒ අනුව අඩුවෙනවා. නමුත් විදේශ ණයත් පුළුවන් තරම් සීමා සහිතව ඉතාම අරපිරිමැස්මෙන් පාවිච්චි කරන ප්‍රතිපත්තියක් තමයි අපේ රජය කරගෙන යන්නේ.
අත්‍යවශ්‍ය කටයුත්තකට ඇරෙන්න, යෝජනා ක්‍රමයකට ඇරෙන්න රටට ලැබෙන ව්‍යාපෘතිවලට පමණයි අපි ණය ලබා ගන්නේ. නමුත් ඒ ණය නොගත්තා කියලා කලින් ගත්ත ණය ඒ ආකාරයටම ඒ ණය වාරිකයන් ගෙවන්න ඕන. ඒ අනුව පසුගිය රජයන් කාලවල, ඒක රජයකින් නෙවේ හැම රජයකින්ම ණය අරන් තිබෙනවා. ඒකේ ප්‍රතිශතය ගැන මම කතා කරන්නේ නෑ.
මොකද එතකොට සමහර විට ඒක දේශපාලන විග්‍රහයක් වෙන්න කියා හිතන්න පුළුවන්. නමුත් ඒ ණය වාරික අපිට ගෙවන්න වෙනවා. අපි ඒ ණය වාරික එකක්වත් අත ඇරලා නෑ. අපි පුළුවන් තරම් අපේ තැන්පත් අඩු වුණා කිව්වට ඒ සමඟම අපේ තිබිච්ච ණයබර ද අඩු කරගෙන තිබෙනවා.
ඉස්සර අපි ණය නැවත දීර්ඝ කිරීමක් කරන්න උත්සාහ කරගෙන තියෙනවා. ඒ සඳහා අතිරේක පොලියක් හෝ ගෙවලා. නමුත් එවැනි උත්සහයකට වඩා අපි බලාපොරොත්තු වෙන්නේ ඒ ණය සියල්ලක්ම වගේ අඩු කරගෙන ණය නැති රටක් බවට පත් කරන්න උත්සාහයක තමයි යෙදෙන්නේ.
ඒ අනුව අපි යොදා ගන්නා හැම ණයක්ම, ලබාගන්නා ණයක්ම ඉතාම සරල සහනදායි කොන්දේසි මත ලබා ගන්නවා වගේම විශේෂයෙන්ම දේශපාලන කොන්දේසි හෝ ස්වෛරිභාවයට ස්වාධීනත්වයට හානි නොකරන ණය ආධාර ලබා ගැනීම තමයි අපේ ප්‍රතිපත්තිය. ඒ අනුව යම්කිසි ප්‍රමාණයක ඒවා කලින් ඉඳලා තිබිච්ච ඒවා. ලබන වර්ෂවල යම් අඩුවක් සිද්ධවෙන්න ඉඩ තියෙනවා. අපි ඒ ගැනත් කල්පනාවෙන් වැඩ කරනවා. නමුත් අපි විශේෂයෙන් කියන්න ඕන බහුජාතික, අපිත් සාමාජිකත්වය දරන ලෝක බැංකු, ආසියානු සංවර්ධන බැංකු වැනි ආයතනවලින් අපි කෙරෙහි ඉතාම සහන විදිහට බලන හැඟිමකින් ඔවුන් කටයුතු කරනවා. ඒ ආයතනවලින් ලබන අවුරුද්දෙත් ඒ අපේ වැදගත් මහජනතාවට ප්‍රයෝජනවත් වන ව්‍යාපෘති සඳහා ණය ලබා ගැනීමට කටයුතු කරනවා. මේ ආකාරයට අපේ බලාපොරොත්තුව මේ වර්ෂය අවසාන වෙන්නට ඉස්සරවෙලා අපේ විදේශ විනිමය පැත්තෙන් හොඳ තත්වයකට එන්න. ඒ සඳහා අපි තව උපයෝගි කරගන්න එකක් තමයි මේ රටට ආනයනය කරන දේවල්. මේ රටේ ගොවීන්ට වගා කර ගත හැකි බෝග වර්ග 16 ක් හඳුනගෙන ඒ බෝග වර්ග 16 මේ රටේ වගා කරන්න දිරි ගන්වන්න කටයුතු කළා.
•විදේශ විනිමය ඉතිරියට උපක්‍රම රැසක්
සමහර ඒවා ජනතාවට යම් යම් හිරිහැරකාරි බවක් මුලින් පෙන්වන්න තිබුණත් අවසාන ප්‍රතිඵලය අපේ රටේ ගොවීන් වවන දේවල්ම අපේ රටේ ජනතාවට කන්න ලැබීම. ඒක තමයි අපේ බලාපොරොත්තුව. ඒ මඟින් අපිට විදේශ මුදල් ප්‍රමාණයක් ඉතිරි කරගන්නත් පුළුවන්.
ඒ වගේම අනෙක් පැත්තෙන් කාර්මික භාණ්ඩ වුණත් අපිට මේ රටේ කර්මාන්තකරුවන්ට විශේෂයෙන් සුළු හා මධ්‍යම පරිමාණයේ ව්‍යාපාරිකයන්ට මේ රටේ නිෂ්පාදනය කරලා වෙළෙඳපොළට හොඳ තත්ත්වයේ භාණ්ඩ නිෂ්පාදනය කරන්න පුළුවන් නම් ඒ සඳහා අවශ්‍ය දිරි ගැන්වීම් අපි කරනවා. ඒ මඟින් මම හිතන්නේ පිටරටින් ගෙනාපු භාණ්ඩ කිහිපයක් මේ වන කොටත් නිෂ්පාදනය කරන්න පුළුවන් වෙලා තිබෙනවා. විශේෂයෙන්ම මේ රටේ සෞඛ්‍ය ක්ෂේත්‍රයට අවශ්‍ය ඖෂධ වර්ග කිහිපයක් මේ වනකොටත් නිෂ්පාදනය කරන්න රාජ්‍ය අංශය, පෞද්ගලික අංශය, විදේශ ආයෝජකයෝ, දේශීය ආයෝජකයෝ පෙලඹිලා තිබෙනවා. හොඳම උදාහරණය තමයි සේලයින්. ඒවා 100% ක් මෙතෙක් ගෙනාවේ පිටරටින්. නමුත් සැප්තැම්බර් මාසයේ පළවැනිදා ඉඳලා මුළු සෞඛ්‍ය අමාත්‍යාංශයට අවශ්‍ය සේලයින් ප්‍රමාණය මේ රටේ කර්මාන්ත ශාලාවක නිෂ්පාදනය කරන්න අපිට හැකිවෙලා තිබෙනවා. එවැනි ප්‍රතිපත්තියක් තුළ තවත් ආකාරයකින් අපි විදේශ විනිමය හම්බ කරන්න උත්සහ කරනවා වගේම විදේශ විනිමය ඉතිරි කරගන්න. අපි උත්සාහ කරනවා. ඒ නිසා තමයි පළමුවැනි වතාවට අඩුම වෙළෙඳ හිඟයක් ගිය මාසයේ වාර්තා කරන්න පුළුවන් වුණේ. අපි වැඩිම අපනයන ආදායමක්, අඩුම ආනයන ප්‍රමාණයක් වියදම් කරන්න හැකි වෙලා අපේ වෙෙළඳ පරතරය අඩුම තත්වයකට ගේන්න පුළුවන් වුණා.
ඉතින් මේ අනුව විශේෂයෙන් මම අද ඉදිරිපත් කරන පනත් දෙකෙන් අපි බලාපොරොත්තු වෙනවා විශේෂයෙන් ඔබතුමන්ලා ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරු පමණක් නොව සමස්ත රටට ආදරය කරන හැම මන්ත්‍රීවරයෙක්ම විපක්ෂයේ හෝ ආණ්ඩු පක්ෂයේ හිටියත් මේ පනත් වලට සහයෝගය දෙන්න කියලා. විශේෂයෙන්ම ශ්‍රී ලංකා සුරකුම්පත් හා විනිමය කොමිෂන් සභා පනත මේකේ ආරම්භය පටන් ගත්තේ අපේ ආණ්ඩුවෙන් නෙවේ. ඒ පනතේ ආරම්භය පටන් ගත්තේ ගිය ආණ්ඩුවෙන්. ඒ නිසා මම හිතන්නේ අපිට වඩා සම්මත කරගන්න වුවමනා තියෙන්නේ ඔබතුමන්ලාට. ඒ නිසා අපි ඉල්ලීමක් කරනවා මේ පනත් දෙකම ඉක්මනින්ම අද දින සම්මත කරන්න කියලා.