
‘කැරලිවලට මාතලේ සුප්‍රකටය. මේත් එක්තරා ආකාරයක කැරැල්ලකි. එහෙත් මේ කැරැල්ල අධිරාජ්‍යවාදයට එරෙහිව නොව අධිරාජ්‍යවාදී ක්‍රීඩාවක්ව ආරම්භ වූව ද පසුව ස්වීයත්වයට පත්වූ ක්‍රිකට් ක්‍රීඩාව ගැනය.’
මාතලේ ශාන්ත තෝමස් විදුහල වසර 148 ක අතීතයකට උරුමකම් කියන පාසලකි. එම දිසාවේ ලෙදර් බෝල් ක්‍රිකට් ක්‍රිඩාව ආරම්භ කළ පළමු පාසල ලෙස සැලකෙන්නේ ද ශාන්ත තෝමස් විදුහලයි. එය වසර සියයකට ආසන්නය.
විදුහලේ ක්‍රිකටි ක්‍රිඩාව ඉදිරියට පවත්වා ගෙනයාම සඳහා එම විදුහලින් බිහිවූ ක්‍රිකට් ක්‍රිඩකයන්ගේ එකතුව. තෝමසුවේ පළමු පෙළ හිටපු ක්‍රිකට් නායකයන්ගේ සහ පළමු පෙළ හිටපු ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ සංසදය. (THOMIANS PAST CRICKET CAPTAINS AND FIRST XI CRICKETERS WING) මඟින් එම විදුහලේ හිටපු ක්‍රිකට් නායකයන්ගේ නාම ඵලකයක් පිහිටුවිම පසුගියදා එම විදුහලේදි සිදුකෙරිණි.
සාන්ත තෝමස් විදුහල්පති ධම්මික හේවාවසම් මහතාගේ ප්‍රදානත්වයෙන් පැවති මෙම උත්සයට එම විදුහලේ හිටපු පළමු පෙළ ක්‍රිකට් නායකයන් 29 දෙනෙකු හා හිටපු පළමු පෙළ ක්‍රිකට් ක්‍රීඩකයන් 55 දෙනෙකු සහභාගි වුහ.
හිටපු නායකයන්වන වසන්ත පමුණුව (1970/71), මාරිමුත්තු මනෝහරන් (1971/72 සහ කල්‍යාන සමරකෝන් (1972/73) යන මහත්වරු වත්මන් විදුහල්පතිවරයා සමග එක්ව මෙම නාම ඵලකය විවෘත කළ අතර මෙම අවස්ථාවට තෝමසු ක්‍රිකට් සංසදයේ සහාපති නිරංජන් ඇල්ලේපොල හා ලේකම් රවී පුංචිහේවා යන මහත්වරුද එක්වුහ.
තෝමසුවේ ක්‍රිකට් ක්‍රීඩාව සමාජගත කරමින් දිගු කලක් ප්‍රාදේශිය මාධ්‍යවේදියෙකු ලෙස සේවය කිරිම අගය කරමින් ආරාධනා ලැබු එම විද්‍යාලයීය ආදි ශිෂ්‍ය හිල්ටන් ජේ බෙරෙන්ජර් මහතා ද මෙම අවස්ථාවට එක්ව සිටියේ ය. තෝමසුවේ ක්‍රිකට් ක්‍රීඩාවට අමිල සේවාවක් කළ හිටපු විදුහල්පතිවරයකු වූ අභාවප්‍රාප්ත ඒ.ජේ. විජේසිංහ සහ පුහුණුකරු බී.සී.ටී ප්‍රනාන්දු යන ගුරු පියවරු සිහිකරමින් ඡායාරූපවලට මල්දම් පළදා උපහාර පිදීම ද මෙහිදි සිදුකෙරුණි.
සාන්ත තෝමස් ක්‍රිකට් ඉතිහාසය තුළ ජැක් රොබට්සන් 19 න් පහළ සිලෝන් ක්‍රිකට් පිල නියෝජනය කර ඇති අතර සමන් සේනානායක ශ්‍රි ලංකා ඒ පිල නියෝජනය කළ ක්‍රිඩකයෙකි.
ජාතික ක්‍රිකට් පිලට එක් වූ මාතලේ දිසාවේ පළමු වැන්නාද තෝමසුවෙකි. ඒ 2007 දී ශ්‍රී ලංකා පිලට එක්වු චානක වෙලගෙදරයි. 2017 දි ශ්‍රී ලංකා පිලට එක්වු ලහිරු මධුශංඛ තෝමසුවෙන් බිහිවු ක්‍රීඩකයෙකි. ඒ තෝමසුවේ නොමැකෙන ක්‍රිකට් මතකයන්ය.
තෝමසුවේ ක්‍රිකට් ක්‍රිඩාව නංවාලිම සඳහා එම විදුහලේ ආදි ක්‍රිකට් ක්‍රිඩකයන්ගේ එකමුතුවෙන් නව සංවිධානයක් ද ගොඩනඟා තිබේ. එම පරිපාලන කවුන්සලය(GOVERNING COUNCIL) හිටපු ක්‍රිකට් ක්‍රිඩකයන් 15 දෙනෙකුගෙන් සමන්විතය. නිරංජන් ඇල්ලේපොල, (සහාපති), රවී පුංචිහේවා, (ලේකම්) සමන් සේනානායක, පී.එච් චන්ද්‍රදාස, චරිත සේනානායක, අරුණ මහින්ද, අසිත සේනානායක, අජන්ත ගමගේ, පී.කේ නවරත්න, සුජිව ගොඩලියද්ද, මනෝජ් ජයසේන, සී.ඩී තොටගමුව, ක්‍රිෂාන් ආනන්ද කුමාර, රුවන් චන්ද්‍රරත්න, සහ මර්වින් පෙරේරා එම ක්‍රීඩක කවුන්සලයයි. දිවයින පුරා විසිර සිටින තෝමසුවේ ක්‍රිකට් ක්‍රීඩකයන්ට
සිය තොරතුරු පහත අංකය ඇමතිමෙන් ලබාගත හැකිය. ලේකම් රවී පුංචිහේවා මහතා -( 070-3079770.)
ඡායාරූප හා සටහන -
චන්ද්‍ර ශ්‍රී අසෝක බණ්ඩාර හිදගොඩ