‘කදිර දිව්‍ය­රාජ’ සිනමා කෘතිය රූගත කර අවසන් | සිළුමිණ

‘කදිර දිව්‍ය­රාජ’ සිනමා කෘතිය රූගත කර අවසන්

අධ්‍යක්ෂ සුනිල් අරියරත්නයන් රඟනයේ නිරත වූ දැරියන් සමඟ
අධ්‍යක්ෂ සුනිල් අරියරත්නයන් රඟනයේ නිරත වූ දැරියන් සමඟ

ම්මා­නිත මහා­චාර්ය සුනිල් ආරියරත්නගේ ‘කදිර දිව්‍ය­රාජ’ සිනමා කාව්‍යයේ රූගත කිරීම් අව­සන් වී තිබිණි. මේ සින­මා­වට නැඟී ඇත්තේ දිව්‍ය ප්‍රේම වංශ­ක­ථාවේ ඉතා සුවි­ශේෂී තැනක් හිමි කර­ගන්නා කඳ සුරි­ඳුන් සහ වල්ලි මාතා­වගේ ප්‍රේම වෘතා­න්තය ය. චිරාත් කාල­යක් තිස්සේ ලක්දිව් වැසි මනු­ෂ්‍ය­යන්ගේ අප්‍ර­මාණ වන්ද­නා­වට ලක් වන කත­ර­ගම දෙවි­යන්ගේ ප්‍රේම­නීය ජීවන පුරා­වෘ­තය සිනමා කෘති­ක­යට ගොනු කිරීම කෙත­රම් බර­සාර ශාස්ත්‍රීය වෑය­මක් විය හැකි­දැයි සිතුණේ මේ සිනමා කෘතියේ කට­යුතු ආරම්භ කළ බව සැල වුණු මොහො­තේය.

සිනමා කෘති­යට පාදක වන ජන­ප්‍ර­වා­දය බොහෝ දෙනා දනිති. කෘතියේ ප්‍රධාන චරි­ත­යක් වන වල්ලි මාතාව උප­දින්නේ සෙල්ල කත­ර­ගම ය. ඇය ජීවත් වී තිබුණේ මැණික් ගඟ අසල ගල් තලා­වක පිහිටි වල්ලි ගුහාව නම් ස්ථාන­යේය. මේ භූමිය අද සෙල්ල­ක­ත­ර­ගම පුද බිමය. සුරූපී වල්ලි යක්ඛ ගෝත්‍රයේ වැදි නායක නන්දගේ දරුවෝ වූහ. ඇයගේ සොයුරා කඩ­වර ය. කඩ­වර යක්ඛ ගෝත්‍රික වුවත් වල්ලිය වැදි නාය­කයා හදා­ගත් දිය­ණි­යකි.

මහා බ්‍රහ්ම දෙවි­යන්ගේ සහ සර­ස්වතී දේව මැණි­යන්ගේ පුත්‍ර­යෙකු ලෙස සැල­කෙන නාරද ඍෂි­ව­ර­යාට සෙල්ල කත­ර­ගම හරහා ගමන් කරන අව­ස්ථා­වක ගීයක් ගය­මින් සිටි වල්ලි­යගේ ස්වරය කන වැකුණු බවත්, ඒ අසා­මාන්‍ය ස්වරය කව­රෙ­කුගේ දැයි විම­සන විට ඔහුට මුව රැළක් හා සිටින ඉතා සුන්දර දෙව­ඟ­නක් බඳු කන්‍යා­වක් දුටු බවත්, දේහ ලක්ෂණ ප්‍රකා­රව ඇය කවු­රුන් විය හැකි දැයි නාරද ඍෂි­තුමා තම ඍෂි ඥානය උප­යෝගී කර­ගෙන විමසා බලද්දී ඇය කඳ සුරි­ඳුන් වෙනු­වෙන් පේවූ දේව කන්‍යා­වක බවත් වටහා ගත්තේය. ඒ වන විට කත­ර­ගම දෙවියෝ තේවානි අම්මාන් දේව මෑණි­යන් හා විවාහ වී ඉන්දි­යාවේ ත්‍රිච්ච­න්දූර් නම් ප්‍රදේ­ශයේ වාසය කර­මින් සිටි­යේය. ඇය ඉන්ද්‍ර දෙවි­යන්ගේ දිය­ණි­යකි. කඳ සුරි­ඳුන් ගේ ඊළඟ භාර්යාව වන්නට සුදුසු සුරූපී වල්ලිය සෙල්ල කත­ර­ගම වාසය කරන බව කත­ර­ගම දෙවි­යන්ට දන්වන්නේ නාරද ඍෂි­තු­මාය. සිනමා කෘති­යට නැඟෙන්නේ මේ ප්‍රහ­ර්ෂ­වත් ජන සාහි­ත්‍ය­යය. පූජා ගර්භ සංකල්ප හා කැටි වුණු ජන සාහි­ත්‍යයේ චම­ත්කා­රය සිනමා කෘති­ය­කට පරි­ව­ර්ත­නය කිරීමේ ප්‍රශං­ස­නීය වෑයම විම­සනු රිසිව රන්මි­ණි­තැන්න මහින්ද රාජ­පක්ෂ ටෙලි සිනමා ගම්මා­නය පරි­ශ්‍ර­යට පිවි­සු­ණෙමු. ඒ වෙනු­වෙන් විශේෂ මාධ්‍ය සාක­ච්ඡා­වක් සංවි­ධා­නය වී තිබිණි.

කඳ­සු­රි­ඳුන් හා රුවින් උදුල වල්ලි මාතාව දැක ගනු රිසි­යෙන් පුල පුලා සිටි අප රන්මිණි තැන්නේදී ආද­ර­යෙන් පිළි­ගත් සංවි­ධා­යක මඬුල්ල එම අව­ස්ථාව සඳහා අප කැඳ­වා­ගෙන ගියේය. සම්මා­නිත මහා­චාර්ය සුනිල් ආරි­ය­ර­ත්නයෝ ස්වකීය කෘතිය පිළි­බඳ සිය අද­හස් ප්‍රකාශ කිරීම ඇර­ඹූහ.

“මේ චිත්‍ර­ප­ටයේ තිබෙන විශේ­ෂ­ත්වය පිළි­බඳ මා පූර්වි­කාවේ සඳ­හන් කර තිබෙ­නවා. පෙර­දිග හෝ අප­ර­දිග දේව කතා සාහි­ත්‍යයේ මිනිස් දුවක් සරණ පාවා­ගත් දෙවි­යකු ගැන සඳ­හන් වෙනවා නම් ඒ කත­ර­ගම දෙවි­යන් ගැන පම­ණයි. සියැ­සින් නුදුටු කත­ර­ගම දෙවි­යන්ට බාල කාලයේ පටන් ආලය කළ, ඒ ආලයේ මහි­ම­යෙන් ඔහු කත­ර­ග­මට ගෙන්වා ගෙන සරණ කර­ගත් අසි­රි­මත් රූම­තිය තමයි වැදි ජනයා අතර හැදුණු වැඩුණු වල්ලී. ඔවුන් දෙදෙ­නාගේ ප්‍රේම වෘත්තා­න්තය වරෙක ඓති­හා­සික යි... වරෙක සාහි­ත්‍ය­කයි... වරෙක විචිත‍්‍ර කල­ප්නා­වක් හෝ මනෝ නිර්මි­ත­යක් හෝ ස්වප්න­මය සංසි­ද්ධි­යක්... කදිර දිව්‍ය­රාජ කෘති­යෙන් සත්‍ය­යත් මායා­වත් අතර දෝල­නය වන්නා වූ වල්ලී - කඳ­කු­මර ප්‍රේම ආඛ්‍යා­නය යි රූප­ණය කර­නවා.”

“මේ සිනමා කෘතිය නිර්මා­ණය වන්නේ මේ සමා­ජය තුළ වන්ද­නා­වට පාත්‍ර වන සංක­ල්ප­යක් පද­නම් කර­ගෙන. ඒ නිර්මා­ණයේ ප්‍රධාන චරිත රූප­ණය සඳහා මා තෝරා ගත්තේ ඉන්දීය නළු නිළි දෙප­ළක්. මගේ ඇතැම් චිත්‍ර­ප­ට­ව­ලට විදේ­ශීය රංගන ශිල්පීන් යොදා­ගැ­නීම පිළි­බඳ ඇතැම් උද­විය බොහෝ වාර­යක් ප්‍රශ්න කර තිබෙ­නවා. මා ඊට නොයෙක් වර පිළි­තුරු දී තිබෙ­නවා. මේ චිත්‍ර­ප­ටයේ එන ප්‍රධාන චරිත දෙක වන කදිර දෙවිඳු සහ වල්ලි මාතාව මෙරට ජනයා බොහෝම දේව­ත්ව­යෙන් පුදනු ලබන දෙදෙ­නෙක්. එනිසා අපේ රංගන ශිල්පි­යකු කදිර දෙවිඳු ලෙස තෝරා ගත­හොත් ඔහුට සින­මාවේ හෝ රූප­වා­හි­නියේ සදා­කල් කදිර දෙවිඳු වීමට බැහැ. ඔහුට වෙනත් දෙවි­යකු වීමට ද බැහැ. අපේ රංගන ශිල්පි­නි­යක් වල්ලි මාතා­වගේ චරි­තය සඳහා තෝරා­ග­ත්තොත් සිද්ධ වෙන්නෙත් ඒ ඉර­ණ­මම තමයි. බැරි වෙලා­වත් එහෙම කළා නම් ඔවුන් ඊළ­ඟට රඟ­පාන චරි­තත් සමඟ ඔවු­නුත් අපත් දෙපා­ර්ශ්ව­යම බැනුම් අහ­නවා.

මීට ප්‍රථම මවි­සින් කළ යශෝ­ධරා චිත්‍ර­ප­ටය සඳහා පල්ලවී සහ චෞද්රී යන භාර­තීය ශිල්පීන් යොදා­ග­ත්තෙත් ඒ යථා­ර්ථය නිසා­මයි. මා දේශීය ශිල්පි­නි­යක් ‘පත්තිනි’ චිත්‍ර­ප­ටයේ එක්තරා චරි­ත­ය­කට යොදා­ගැ­නීම නිසා එවැනි අමි­හිරි අත්දැ­කී­මක් මට තිබෙ­නවා. මේ නිසා මට සමාජ මාධ්‍ය ඔස්සේ කුණු බැණුම් අහන්න සිද්ධ වුණා. ඒ නිසා බැණුම් අහ­න­වට වඩා දෝෂා­රෝ­පණ අහන එක හොඳයි කියා මා සිත­නවා.

අචාර්ය රවී ලිය­නගේ ඇතුළු රයි­ගම් සමූ­හය නොව­න්නට මේ නිර්මා­ණය මෙත­රම් සාර්ථක වන්නේ නෑ. එමෙන්ම ප්‍රධාන චරිත ද්වය සඳහා මේ ඉන්දීය නළු­නිළි දෙපළ සම්බන්ධ කිරී­මට හා එහි සියළු වග­කීම් භාර ගෙන කට­යුතු කළ සහය අධ්‍ය­ක්ෂක විමල් දේශ­ප්‍රි­යට විශේෂ ස්තූති­යක් පුද­ක­රන්න මා කැම­තියි. ඒ වගේම ඔවුන් හා සන්නි­වේ­දන කට­යුතු පහසු කර ගැනීම සඳහා අපට සහය වූ රිද්මා­ටත්, කැල­ණිය විශ්ව­වි­ද්‍යා­ලයේ හින්දි අධ්‍ය­නාං­ශයේ ජ්‍යෙෂ්ඨ මහා­චාර්ය අංශ ප්‍රධාන උපුල් හේවා­වි­දා­න­ග­ම­ගේ­ටත් ස්තූතිය පුද කර­නවා.

සමර් විර්මා­නී සහ සොනාක්ෂි රාවන්

මේ සිනමා නිර්මා­ණය නිමැ­වීම සඳහා මහැ­දුරු සුනි­ලුන් මූලාශ්‍ර 40කට වැඩි සංඛ්‍යා­වක් වසර හතක් තිස්සේ පරි­ශී­ල­නය කර තිබේ. එසේම මීට ප්‍රථම කදි­ර­දේ­ව­යන් හා වල්ලි මාතාව පිළි­බඳ කර ඇති සිනමා පටද අධ්‍ය­නය කර ඇත. එනිසා මෙය වෙසෙස් සිනමා කාව්‍ය­යක් වනවා නොවනු මානය.

මෙහිදී රයි­ගම් සමූ­හයේ අධි­පති ආචාර්ය රවී ලිය­නගේ පවසා සිටියේ මහා­චාර්ය සුනිල් ආරි­ය­ර­ත්න­යන්ගේ සිනමා කෘති­යක් නිෂ්පා­ද­නය කිරී­මට ඔහු වසර ගණ­නා­වක් බලා සිටිය බවයි. කෙතේ කමතේ වැඩ කළ සිය දෙමා­පි­යන් මුතුන් මිත්තන් අස්වැන්නේ මුල් කොටස දෙවි­යන් වෙනු­වෙන් පුද කළ සංස්කෘ­තික මිනි­සුන් බැවින් කදිර දෙවි­යන් ගැන කෙරෙන මේ නිර්මා­ණ­යට තමන්ට දායක වීමට අව­ස්ථාව දීම ගැන ගෞර­වය පුද­ක­රන බවය.

මෙම චිත්‍ර­ප­ටයේ කදිර දෙවි­යන් ලෙස රංග­න­යෙන් දායක වන්නේ භාර­තීය රංගන ශිල්පී සමර් විර්මා­නීය. ඔහු ‍කියා සිටියේ මේ චරි­තය තමන්ට ලැබුණු මහඟු අව­ස්ථා­වක් මෙන්ම අභි­යෝ­ග­යක්ද වූ බවය. ඒ සඳහා අව­ස්ථාව හිමි කර­දීම සම්බ­න්ධ­යෙන් හේ මහා­චාර්ය ආරි­ය­ර­ත­න්යන්ට ගෞර­වා­දර ස්තූතිය පුද කර­න්නේය.

වල්ලි මාතා­වගේ චරි­තය නිරූ­ප­ණය කරන භාර­තීය රංගන ශිල්පිනී සොනාක්ෂි රාවන් ප්‍රකාශ කර සිටියේ තමන් සම්බන්ධ කර­ගැ­නීම පිළි­බඳ තමන් විස්ම­යට පත් වූ බවය. ඇය මීට ප්‍රථම කිසිදු සිනමා පට­ය­කට සම්බන්ධ වූ අයෙක් නොවේ.

‘කදිර දිව්‍ය­රාජ’ සිනමා පටයේ ප‍්‍රධාන නළු නිළි­යන් ලෙස භාර­තීය රංගන ශිල්පී සමර් විර්මානී(කදිර දෙවි­යන්), භාර­තීය රංගන ශිල්පිනී සොනාක්ෂි රාවන් (වල්ලි මාතාව), රොෂා­න්ප­ලි­පි­ටිය, නිල්මිණි තෙන­න්කෝන්, ජගත් චමිල, චරිත් අබේ­සිංහ, වස­නත් විට්ටච්චි, දීපා රණ­සිංහ, සරත් කොත­ලා­වල, ධනං­ජය සිරි­ව­ර්ධන, විනූ උදානි සිරි­ව­ර්ධන, හරිනි උත්පලා, අජිත් ශාන්ත, සමුදි ජය­සිංහ, වස­නත් කුමා­ර­විල, ෂෙලට්න් කැකු­ලා­වල, රජිත රොද්‍රිගු, රංගී රාජ­පක්ෂ සම්පත් තෙන­න්කෝන් රංග­න­යෙන් දායක වෙති.

 

Comments