
පසුගියදා (03දා) කොළඹ පැවැති වාර්ෂික වාර්තා සම්මාන උළෙලේ දී ලාභ නොලබන ආයතන සහ රාජ්‍ය නොවන සංවිධාන අංශයේ රිදී සම්මානය ශ්‍රී ලංකාවේ ප්‍රධාන පෙළේ ව්‍යාපාරික ආයතනයක් වන ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයට පිරිනැමිණි. 55 වැනි වතාවට පැවැත්වුණු මෙම සම්මාන උළෙල සංවිධානය කළේ ශ්‍රී ලංකාවේ වරලත් ගණකාධිකාරීවරුන්ගේ ආයතනයයි. ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික අංශයේ විනිවිදභාවය, වගවීම, සමාජ වගකීම සහ ආයතනික පාලනය ප්‍රවර්ධනය කරන තරගකාරී උත්සවයක් ලෙස මේ තරගාවලිය ප්රකටය. 2006 වසරේ දී මෙම තරගාවලියට සහභාගී වූ ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයට වාර්ෂික වාර්තා සම්මානය හිමි විය. 2007 සිට මේ දක්වා කාලය ඇතුළත එම ආයතනයට වසර 8ක් රන් සම්මාන හිමි විය. එම ආයතනයේ නියෝජ්‍ය මහා ලේකම් සහ මූල්‍ය පරිපාලක අලීකී පෙරේරා මෙම සම්මානය භාරගත්තේය.