ජාතික සමගියට හොඳම මඟ රට සංවර්ධනයයි | සිළුමිණ

ජාතික සමගියට හොඳම මඟ රට සංවර්ධනයයි

න­පති ධුර­යට පත් වීමෙන් පසු ගෝඨා­භය රාජ­පක්ෂ මහ­තාගේ ප්‍රථම මාධ්‍ය සම්මුඛ සාකච්ඡා පැවැ­ත්වූයේ ඉන්දි­යාවේ භාර­ත්ශක්ති සහ SNI මාධ්‍ය ජාලයේ ප්‍රධාන කර්තෘ නිතින් ඒ. ගෝකල් සම­ඟය චීනය සමඟ ශ්‍රී ලංකාව පව­ත්වන්නේ වාණිජ

සම්බ­න්ධ­තා­වක් යැයි ඔහු එහිදී කීවේය. ඉන්දි­යාව, ජපා­නය, සිංග­ප්පූ­රුව සහ ඕස්ට්‍රේ­ලි­යාව යන කලා­පයේ බල­ව­තුන් වෙත පණි­වු­ඩ­යක් නිකුත් කර­මින් ජනා­ධි­ප­ති­ව­රයා එහිදී පැවැ­සුවේ මේ රටේ ආ‍යෝජන කිරී­මට පැමි­ණෙන ලෙසය. චීන­යට පම­ණක් ආයෝ­ජන සිදු කිරීම‍ට ඉඩ­තබා ඉන්පසු මැසි­විලි නඟන්නේ නැතිව මෙර­ටට උදව් කරන ලෙස ජනා­ධි­ප­ති­ව­රයා එහිදී වැඩි­දු­ර­ටත් කීවේය. මේ එහිදි පැවැ­ත්වුණු සම්පූර්ණ සාක­ච්ඡා­වයි.

ආයු­බෝ­වන්, මම නිතින් ගෝකල්. ශ්‍රී ලංකාවේ නව ජනා­ධි­පති ගෝඨා­භය රාජ­පක්ෂ මහතා සමඟ මෙම සම්මුඛ සාක­ච්ඡාව පව­ත්ව­න්නට ලැබීම මා ලද භාග්‍ය­යක්. හිටපු සොල්දා­දු­වකු වන ඔහු පසුව පරි­පා­ල­ක­යකු වී අන­තු­රුව රටේ විධා­යක ජනා­ධි­පති බවට පත් වුණා. ගෝඨා­භය මහතා ඔබව ආයු­බෝ­වන් කියා පිළි­ග­න්නවා. ඔබ මේ කාලය ලබා­දීම මට මහත් ගෞර­ව­යක් ලෙස සල­ක­නවා. මම හිත­නවා මෙය ඔබ ජනා­ධි­පති ධුර­යට පත් වීමෙන් අන­තු­රුව ලබා­දෙන පළමු සම්මුඛ සාක­ච්ඡාව කියලා. ශ්‍රී ලංකාවේ නව ජනා­ධි­පති වශ­යෙන් ඔබ ප්‍රමු­ඛ­ත්වය ලබා­දෙන්නේ කුමන කාර­ණා­ව­ලට ද? ඔබගේ ප්‍රමු­ඛතා මොන­වාද?

අපි ජන­තා­වට ප්‍රති­ප­ත්ති­යක් ලබා දුන්නා. අප ක්‍රියා­ත්මක කරන නිශ්චිත ක්‍රියා­මාර්ග එහි සඳ­හන් කොට තිබෙ­නවා. මුලින්ම කළ යුතු දේ තමයි රටේ සහ ජන­තා­වගේ ආර­ක්ෂාව තහ­වුරු කිරීම. ඒ සඳහා විශේ­ෂ­යෙන්ම හමුදා යාන්ත්‍ර­ණය තුළ ඇතැම් දේවල් නැවත සකස් කිරී­මට සිද්ධ වෙනවා. ඒ වගේම තමයි බුද්ධි අංශ, අනෙක් පැත්තෙන් ආර්ථි­කය. ඒ දේවල් නැවත සකස් කරන්න මට සිද්ධ වෙනවා. මේ අව­ස්ථාවේ ඒ කාරණා ඉතාම වැද­ගත් වෙනවා. අව­ධා­නය යොමු කළ යුතු සහ වර්ධ­නය කළ යුතු අංශ කිහි­ප­යක් ගැන මම කල්පනා කරලා තිබෙ­නවා. ඒ අනුව ආර­ක්ෂාව සහ ආර්ථි­කය මූලි­ක­ත්වය දිය යුතු කාරණා දෙකයි.

හතර වැනි ඊලාම් යුද්ධයේ දී සමස්ත ආර­ක්ෂක ව්‍යුහය පුන­ර්ජී­ව­නය කිරීම ගැන ඔබ කීර්ති­යක් උසු­ල­නවා. ඔබ බුද්ධි අංශ ව්‍යුහ­යක් ප්‍රති­ස්ථා­පිත කළා. ඇත්තෙන්ම සමස්ත යුද ප්‍රය­ත්නය මෙහෙය වූයේ ඔබයි. ඇතැම් අත­පසු වීම් සිදු වූ පසු­ගිය වසර පහ ඇතු­ළත තත්ත්වය ඔබ දකින්නේ කෙසේද? අප්‍රේල් 21 වැනිදා පාස්කු බෝම්බ ප්‍රහා­ර­යක් සිදු වුණා.

ආණ්ඩුවේ ප්‍රති­ප­ත්ති­ව­ලින්ම ආර­ක්ෂා­වට මුල් තැනක් දුන්නේ නැති නම්, ජාතික ආර­ක්ෂාව ප්‍රමුඛ කාර­ණා­වක් නොවු­ණ­හොත් එය පහ­ළම තල­යට වැටෙ­නවා. පසු­ගිය ආණ්ඩුව ජාතික ආර­ක්ෂා­වට ප්‍රමා­ණ­වත් තරම් අව­ධා­න­යක් යොමු කළේ නැහැ. අනෙක් අතට ආර්ථික ස්ථාව­ර­භා­වය ඇති කිරී­මට ජාතික ආර­ක්ෂාවේ වැද­ග­ත්කම ඔවුන් තේරුම් ගත්තේ නැහැ. මුලින්ම පුර­වැ­සි­යන්ට සහ ආයෝ­ජ­ක­යන්ට ආයෝ­ජ­නය කිරීම සඳහා ස්ථාවර රටක් තිබිය යුතුයි. දේශීය ව්‍යාපා­රි­ක­යන්ට ආයෝ­ජ­නය කිරීම සඳහා, ව්‍යව­සා­ය­ක­යන්ට ආයෝ­ජ­නය කිරීම සඳහා, ජාතික ආර­ක්ෂාව ඉතාම වැද­ගත් වෙනවා. පසු­ගිය වසර පහ ඇතු­ළත සිදු වූයේ එයයි. පසු­ගිය ආණ්ඩුව රටේ ආර­ක්ෂාව ගැන ප්‍රමා­ණ­වත් තරම් අව­ධා­න­යක් යොමු කළේ නැති නිසා විශේ­ෂ­යෙන්ම මානු­ෂීය මෙහෙ­යුමේ නිරත වූ නිල­ධා­රීන් ගැන පරී­ක්ෂණ පැවැත්වූ නිසා ආර­ක්ෂක අංශ­වල ආත්ම විශ්වා­ස­යට බල­පෑම් සිද්ධ වුණා.

එසේම ජාතික බුද්ධි අංශ­ව­ලත් විවිධ කාරණා සිද්ධ වුණා. බුද්ධි අංශ සඳහා අපට විවිධ නියෝ­ජි­තා­ය­තන පව­ති­නවා. බුද්ධි කට­යුතු ඉතාම වැද­ගත් වෙනවා. එය ආරම්භ වන්නේ රාජ්‍ය බුද්ධි සේවය සම­ඟයි. එයයි අංක එකේ සිවිල් ආය­ත­නය වන්නේ. ඊළ­ඟට අපට හමුදා බුද්ධි අංශය තිබෙ­නවා. එය හමුදා බුද්ධි අංශය ලෙස හැඳි­න්වෙ­නවා. නාවික හමුදා බුද්ධි අංශය සහ ගුවන් හමුදා බුද්ධි අංශය තිබෙ­නවා. ඒ සියල්ල අත­රින් වඩාත්ම අත්දැ­කීම් සහිත බුද්ධි අංශය වන්නේ යුද හමුදා බුද්ධි අංශ­යයි. ඊළ­ඟට අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව තිබෙ­නවා. ත්‍රස්ත විම­ර්ශන අංශය තිබෙ­නවා.

කලින් අව­ස්ථා­වල දී ඔවුන් හොඳයි ඒත් බුද්ධි තොර­තුරු පුරෝ­ක­ථ­න­යට නොවෙයි.

පි. බුද්ධි කට­යුතු කියන්නේ වෙනස් ක්‍රියා­වක්. ඒත් පසු­ගිය ආණ්ඩුව හමුදා බුද්ධි අංශ­යට නිසි බල­තල දුන්නේ නැහැ. ඒ නිසා කිසි­යම් ආකා­ර­ය­කින් ඔවුන් තොර­තුරු රැස් කිරීමේ කට­යු­තු­වල, හඳු­නා­ගැ­නී­ම්වල නිරත වුණේ නැහැ. එය වැඩි­යෙන්ම සිදු වූයේ අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුවේ සහ ත්‍රස්ත විම­ර්ශන අංශයේ. සම­හර විට රාජ්‍ය බුද්ධි අංශ­යේත් එසේ සිදු වන්න ඇති. ඒත් මම කියන්න කැමැ­තියි ඒ අය වෙනස් අංශ­ව­ලින් විශේ­ෂ­ඥතා දක්ව­නවා කියලා. ඒ වෙනත් දෙයක් නිසා නොවෙයි අපේ රටේ දීර්ඝ කාල­යක් යුද්ධ­යක් පැවැති නිසා ත්‍රස්ත මර්ද­නය දියුණු වී තිබෙන නිසායි. එහිදී ප්‍රධාන කාර්ය­භා­ර­යක් ඉටු කළේ හමුදා බුද්ධි අංශයි. ඔවුන්ට හොඳ පුහු­ණු­වක් ලබා­දී­මත් අත්දැ­කීම් සහිත වීමත් ඊට බල­පෑවා. ඒ නිසා එය කඩි­න­මින් නතර කර වෙනත් ආය­ත­න­ය­කට ලබා­දීම අප­හසු කාර­ණා­වක් වෙනවා. මම හිත­නවා එය මෙයට බලපෑ තවත් කාර­ණා­වක් කියලා.

ඇත්තෙන්ම පළමු කාර­ණය වන්නේ ආණ්ඩුවේ ප්‍රති­ප­ත්ති­යයි. දෙවැනි කාර­ණාව වන බුද්ධි කට­යුතු සඳහා වග­කිව යුතු ආය­ත­න­ව­ලට නිසි බල­තල ලබා නොදු­න්නොත් එයට ක්‍රියා­ත්මක වීම අප­හ­සුයි.

ඔබ ආර­ක්ෂක ලේකම් ලෙස කට­යුතු කළ සමයේ ඒ සියල්ල එකම ජාල­ය­කට එකතු කළා.

ඒ කාරණා ගැන ඉතාම විශිෂ්ට අත්දැ­කීම් ඇති ආර­ක්ෂක ලේක­ම්ව­ර­යෙකු දැන් පත් කර තිබෙ­නවා. ඔහු කැප වී කට­යුතු කළ නිල­ධා­රි­යෙක්. මේ ආය­තන වෙන වෙනම දෙපා­ර්ත­මේන්තු ලෙස කට­යුතු කිරීම නවත්වා ප්‍රති­සං­වි­ධා­න­ගත කර සියලු බුද්ධි ආය­තන ඒකා­බද්ධ කර, එක්ව කට­යුතු කිරී­මට සල­ස්වන ලෙස මම ඔහුට උප­දෙස් දී තිබෙ­නවා. ඔවුන් අතර තොර­තුරු බෙදා­ගැ­නීම වැද­ගත් කාර­ණ­යක්. ඔහු ඒ කට­යුතු සිදු කරාවි.

ඔබ විශ්වාස කර­න­වාද ඔහු වටේ තිබෙන රට­වල් සමඟ සහ­යෝ­ග­යෙන් වැඩ කළ යුතුයි කියලා. උදා­හ­ර­ණ­යක් වශ­යෙන් ඉන්දි­යාව සහ අනෙක් රට­වල් ව‍ගේ, නැති නම් බට­හිර රට­වල් වගේ. මොකද බුද්ධි තොර­තුරු හුව­මාරු කර­ගැ­නීම අද දවසේ ඉතාම වැද­ගත් වෙන නිසා?

ඔව්. බුද්ධි තොර­තුරු හුව­මාරු කර­ගැ­නීම අද දවසේ ඉතාම වැද­ගත් වෙනවා. එල්.ටී.ටී.ඊ. ත්‍රස්ත­වා­දීන්ට බැහැ­රින් උදව් ලැබුණා. ඒත් ඒ එල්.ටී.ටී.ඊ.යට බාහිර ආය­ත­න­ව­ලින්. එය අන්ත­ර්ජා­තික සංවි­ධා­න­යක් නෙවෙයි. එත් මෙතැ­නදී එහෙම නොවෙයි. මම කියන්නේ අපි මෙහි එක් කොට­සක් පම­ණයි. විශාලම සංවි­ධා­නය පව­තින්නේ බාහි­ර­වයි. එය අන්ත­ර්ජා­ති­කයි, ගෝලී­යයි. ඒ නිසා අප බාහිර ආය­ත­න­ව­ලින් විශාල වශ­යෙන් උප­කාර ලබා­ගැ­නීම වැද­ගත් වෙනවා. ඒ රට­ව­ල්ව­ල­ටත් මේ ප්‍රශ්නය තිබෙන නිසා එය හැමෝ­ටම වැද­ගත් වෙනවා. ඉන්දි­යාව හෝ වෙනත් ඕනෑම රටක්, කොටින්ම ලොව තිබෙන බොහෝ රට­වල් මේ ප්‍රශ්න­යට මුහුණ දෙනවා. ඒ නිසා ඔවුන් මේ කට­යු­තු­ව­ලට සම්පත් වෙන් කිරීම, තාක්ෂ­ණය යෙදීම සහ ඉස්ලාම් ත්‍රස්ත­වා­දීන් ගැන දැනුම බෙදා­ගැ­නීම ගැන ඉතාම උන­න්දු­වෙන් කට­යුතු කර­නවා. ඒ නිසා අප ඒ අත්දැ­කීම් සහ දැනුම භාවිත කළ යුතුයි.

මේ චෝද­නාව යුද්ධය අව­සන් වූ පසු එනම් 2010 කාලයේ සිට පැවත එනවා. 2009 දී යුද්ධය අව­සාන වුණාට පස්සේ ශ්‍රී ලංකා­වට මේ තරම් විශාල යුද හමු­දා­වක් අවශ්‍ය වන්නේ නැතැයි කිය­ලයි කියන්නේ. ඒ ගැන ඔබගේ අද­හස?

රට ඉදි­රියේ මතු වී ඇති තර්ජන ගැන විශ්ලේ­ෂ­ණය කර අවශ්‍ය වන හමු­දාවේ ශක්තිය තීර­ණය කිරීම හමු­දා­වට සහ එහි නාය­ක­යන්ට අයත් කාර­ණා­වක්. ගැටුම් සිදු වූ කාල­යේ­දීත් හමු­දාවේ ශක්තිය වැඩි කළේ ඒ අනු­වයි. පසු­ගිය වසර 10ක කාලය ඇතු­ළත අප හමු­දා­වට බඳ­වා­ගැ­නීම් කළේ නැහැ. අවශ්‍ය කරන වේග­යෙන් අප බඳ­වා­ගැ­නීම් සිදු කර නැහැ. ඒ නිසා සාමා­න්‍ය‍යෙන් පසු­බැ­සී­මක් සිදු ව ඇති අතර සංඛ්‍යා­ත්ම­කව අඩු වීමක් සිදු වී තිබෙ­නවා.

ඒත් ගැටුම් පැවැති කාලයේ දී අපට පාබල පිරිස සහ සන්නද්ධ පිරිස සහ වෙනත් සට­න්කාමී පිරිස විශාල වශ­යෙන් අවශ්‍ය වුණා. ඒත් දැන් අපට ඒ ගැන වෙනස් ආකා­ර­ය­කින් සිතී­මට හැකියි. විදේශ රට­ව­ල්වල පවා රටේ සංව­ර්ධන කට­යු­තු­ව­ලට හමු­දාව යොදා ගන්නවා අප දැකලා තියෙ­නවා. අමෙ­රි­කානු හමු­දා­වත් ඒ වගේ සංව­ර්ධන ක්‍රියා­මා­ර්ග­වල නිරත වෙනවා. ඒ නිසා අප­ටත් ඒ ගැන අව­ධා­නය යොමු කරලා ඒ විධි­යට හිතන්න අව­ස්ථාව තියෙ­නවා.

ඒත් මේ වගේ අව­ස්ථා­වක බුද්ධි තොර­තුරු රැස් කිරීම ගැන වැඩි අව­ධා­න­යක් යොමු කිරීම ඉතාම වැද­ගත් වෙනවා. තොර­තුරු රැස් කර­න්නන් පුහුණු කිරී­මට, ඒ යාන්ත්‍ර­ණය වැඩි දියුණු කිරී­මට අපි වැඩි වශ­යෙන් මුදල් වෙන් කළ යුතුයි. තර්ජ­නයේ ස්වරූ­පය අනුව අප හැඩ­ගැ­සිය යුතුයි.

මම ආර්ථි­කය දෙසට යොමු වෙන්න කැමැ­තියි. විශේ­ෂ­යෙන්ම සංචා­රක කර්මා­න්තය පහළ වැටුණා. ඒත් දැන් ඔබ ජනා­ධි­පති ලෙස පත් වී තිබෙ­නවා. ආයෝ­ජ­ක­යන් සහ සංචා­රක කර්මා­න්තය මෙහෙ­ය­ව­න්නන් අතර විශ්වා­සය ගොඩ­නැඟී තිබෙ­නවා. ආර්ථි­කය සම්බ­න්ධ­යෙන් ඔබගේ ඇති පුළුල් සැලැස්ම කුමක්ද?

අප අව­ධා­නය යොමු කර ඇති ක්ෂේත්‍ර රැසක් තිබෙ­නවා. වැවිලි කර්මා­න්තය සහ කෘෂි කර්මා­න්තය ඉතා වැද­ගත් වන බව අප තේරුම් ගත යුතුයි.

තව­මත් අපගේ ජන­ග­හ­න­යෙන් තුනෙන් එකක් නිරත වන්නේ කෘෂි කර්මා­න්තයේ. ඒ නිසා අපට කෘෂි කර්මා­න්තය අම­තක කරන්න බැහැ. ඇතැම් අව­ස්ථා­වල විදේශ උප­දේ­ශ­ක­ව­රුන් පව­ස­නවා අපි අනෙක් ක්ෂේත්‍ර ගැන අව­ධා­නය යොමු කළ යුතුයි කියලා.

එහෙත් මෙය අපේ සංස්කෘ­තිය, අපේ ඉති­හා­සය සමඟ සම්බන්ධ වී පව­ති­නවා. ඒ නිසා අපට එය කළ නොහැ­කියි. අද දවසේ ලෝකයේ කිසිම රට­කට ආහාර සුර­ක්ෂි­ත­තාව අම­තක කර පැවැ­තිය නොහැ­කියි. එය ඉතාම වැද­ගත් වෙනවා. අපට විදේශ රට­ව­ල්ව­ලින් යැපී­මට නොහැ­කියි. එය අපේ සංස්කෘ­තියේ තිබෙන දෙයක්. එය අපට සංව­ර්ධ­නය කළ හැකි අංශ­යක්. ඉතින් එය මම මූලි­ක­ත්වය දෙන කාර­ණා­වක්. අද අපට තාක්ෂ­ණය තිබෙ­නවා. අප කෘෂි කර්මා­න්ත­යට තැනක් දුන්නේ කව­දාද? ඔබ දන්නවා පැවැති ආණ්ඩු රැසක්ම කෘෂි කර්මා­න්ත­යට වැඩ කළ බව. ඒත් ගොවි­යාගේ දුප්ප­ත්කම නැති වී නැහැ.

ගොවි­යාට ප්‍රති­ලාභ ලැබුණේ නැහැ.

මෙහි නරක ප්‍රති­ඵ­ලය තමයි ඒ. ගොවි­යන්ගේ දරු­වන් කෘෂි කර්මා­න්ත­යට යොමු වන්නේ නෑ. තම මවු­පි­යන්ගේ දුප්පත් තත්ත්වය ඔවුන්ට පෙනෙ­නවා. අප ඔවුන්ට සහාය දිය යුත්තේ මෙතැ­න­දීයි. ඉහළ නිෂ්පා­ද­න­යක්, ඉහළ ආදා­ය­මක් ලබා­ගත හැකි තාක්ෂ­ණ­යක් සහ නවීන උප­ක­රණ අද ඕනෙ තරම් පව­ති­නවා. පොහොර කළ­ම­නා­ක­ර­ණය, කාබ­නික පොහොර භාවි­තය, හරි­තා­ගාර, ජල කළ­ම­නා­ක­රණ කෘෂි­ක­ර්මය, සිරස් කෘෂි කර්මය, අධි තාක්ෂ­ණික බීජ වර්ග ආදි­යෙන් ඉහළ ඵල­දා­යී­තා­වක් ලබා­ගත හැකියි.

ඒ වගේම පර්යේ­ෂණ සහ සංව­ර්ධ­න­යන් ඉතාම වැද­ගත් වෙනවා. මේ දේවල් සංව­ර්ධ­නය කළ යුත්තේ ආණ්ඩුව මඟින්. ඒ නිසා ගොවීන්ට වැඩි ආදා­ය­මක් ඉපැ­යී­මට මඟ පෙන්විය හැකියි. ඒ මඟින් කෘෂි කර්මා­න්තය පද­නම් කර­ගත් කර්මාන්ත සංව­ර්ධ­නය කිරී­මට අපට හැකි වෙනවා. එම­ඟින් ගොවියා ව්‍යව­සා­ය­ක­යකු කිරී­මට හැකි වෙනවා.

ඔබගේ ශක්තිය මහා පරි­මාණ යටි­තල පහ­සු­කම් ව්‍යාපෘති ඉදි කරලා නිසි කාල­යට ඉදි­රි­පත් කිරී­මයි.

යටි­තල පහ­සු­කම් ඉදි කිරීම ඉතා වැද­ගත්. නැති නම් සංව­ර්ධ­නය පිට­තට ගෙන යෑම කළ නොහැ­කියි. කෘෂි කර්මා­න්තයේ සහ වැවිලි කර්මා­න්තයේ වර්ධ­නය කළ හැකි අංශ බොහො­ම­යක් පව­ති­නවා. ශත වර්ෂ ගණ­නා­වක් අපේ රටේ ප්‍රධාන විදේශ මුදල් උත්පා­ද­නය කරන මාර්ගය වූයේ තේ, රබර් සහ පොල් කර්මා­න්ත­යයි. ඒත් අද දවසේ, අය­හ­පත් කළ­ම­නා­ක­ර­ණය සහ තවත් හේතු නිසා මේ ක්ෂේත්‍ර­වල ආදා­යම අඩු වී තිබෙ­නවා.

ලොව විශි­ෂ්ට­තම ගම්මි­රිස් නිෂ්පා­ද­නය කරන්නේ අපයි. ලොව හොඳම කුරුඳු වන්නේ අපේ කුරු­ඳුයි. ඒ නිසා අපට කළ හැකි කාරණා රැසක්ම තිබෙ­නවා. අවා­ස­නා­ව­කට වගේ රටේ තිබෙන දේවල් රැසක්ම අප ආන­ය­නය කර­නවා. අපට ඒවා තව­දු­ර­ටත් වර්ධ­නය කරලා විදේශ විනි­මය වැඩි කර­ගන්න පුළු­වන් වේවි. නිකම්ම අප­න­ය­නය කරන්නේ නැතුව අගය එක් කර අප­න­ය­නය කිරී­මට අප කට­යුතු කළ යුතුයි. ඒ නිසා හැම අතින්ම අගය එකතු කිරී­ම­ටත්, සාම්ප්‍ර­දා­යික ක්‍රම­ව­ලින් ඉවත් වී නවීන පර්යේ­ෂ­ණ­ව­ලින් සොයා­ගන්නා වර්ධ­න­යන් ප්‍රයෝ­ජ­න­යට ගැනී­ම­ටත්, නිෂ්පා­දන සංව­ර්ධ­න­යන් ඇති කිරී­ම­ටත් අප පුරුදු විය යුතුයි.

අද දවසේ ගුණා­ත්මක දේ සඳහා වැඩි මිලක් ගෙවී­මට ලෝකයේ සූදා­න­මක් තිබෙ­නවා.

ඔව්, අන්න ඒකයි අප කළ යුත්තේ. ඒ වගේම අප කෘෂි කර්මා­න්තය ගැන කතා කළ යුතුයි. නිසි ජල ප්‍රමා­ණය භාවිත කිරීමේ වැද­ග­ත්කම ගැන ගොවීන් දැනු­ම්වත් කළ යුතුයි. අනෙක් අතට ගොවීන් ජලය නාස්ති කර­නවා. ඒ වගේම තමයි පොහොර භාවි­තය. නිසි පොහොර ප්‍රමා­ණය භාවිත කිරී­මත්, ගුණා­ත්ම­ක­භා­වය රැක­ගැ­නී­මත් වැද­ගත් කාර­ණ­යක්. ඒ වගේම ටිකෙන් ටික කාබ­නික ගොවි­තැ­නට යොමු වීම වැද­ගත් වෙනවා. අද දවසේ කාබ­නික ආහාර සඳහා ඉහළ ඉල්ලු­මක් ඇති වී තිබෙ­නවා. අප ගොවීන්ව දැනු­ම්වත් කළ යුත්තේ මේ සම්බ­න්ධ­වයි.

ඔබ එසේ පැවැ­සීම ගැන මට සතු­ටුයි.

අපගේ කාර්මික අංශය එත­රම් පුළුල් නොවන නිසා 21 වැනි සිය­වස දැනුම පද­නම් කර­ගත් ශත වර්ෂ­යක් ලෙස හැඳි­න්වීම යහ­පත් දෙයක්. අධි තාක්ෂ­ණය භාවිත කරන කර්මාන්ත කිහි­ප­යක් අපට තිබෙ­නවා. තෙල්, ගෑස්, රිදී වගේ ස්වාභා­වික සම්පත් අපට නැහැ. ඒත් වැද­ගත්ම කාර­ණාව වන්නේ අපට ඉතා හොඳ හැකි­යා­වන් ඇති, පුහුණු කිරී­මට පහසු මානව සම්ප­තක් සිටී­මයි. අප අව­ධා­නය යොමු කළ යුත්තේ ඒ අංශය දෙසයි.

අද දවසේ සංව­ර්ධ­නය වැඩි වශ­යෙන්ම කේන්ද්‍ර­ගත වී ඇත්තේ ආසි­යානු කලා­ප­යේයි. ඉන්දි­යාව, සිංග­ප්පූ­රුව, මල­යා­සි­යාව, ඉන්දු­නී­සි­යාව, විය­ට්නා­මය, ජපා­නය සහ චීනය මේ අතර ප්‍රමු­ඛ­ත්ව­යක් පෙන්නුම් කරන රට­වල්. මේ රට­වල් රැසක්ම දියු­ණුව කරා පැමි­ණියේ තාක්ෂ­ණය සහ මානව සම්පත දියුණු කිරී­මෙන් කියලා අපට පෙනෙ­නවා. අපට හොඳ අව­ස්ථා­වල් ඇති කර­ගත හැක්කේ එම­ඟින් තමයි.

තොර­තුරු තාක්ෂ­ණය, ඩිජි­ටල් තාක්ෂ­ණය හමුවේ තරුණ පර­පු­රට විශාල ආදා­ය­මක් උප­යා­ගත හැකියි. තරුණ පර­පු­රට යහ­පත් අධ්‍යා­ප­න­යක් ලබාදී නව ලෝකයේ අව­ශ්‍යතා වෙනු­වෙන් සූදා­නම් කළ යුතුයි.

ඔබගේ විදේශ ප්‍රති­ප­ත්තිය කුමක්ද?

මම ධුරය භාර­ග­න්නා‍ ­අ­ව­ස්ථාවේ දී ප්‍රකාශ කළ කරු­ණක් තමයි අපි මධ්‍යස්ථ රටක් වශ­යෙන් කට­යුතු කර­නවා කියන එක. එය කළ හැකි දෙයක්. ඒ සඳහා උදා­හ­රණ ලෝකයේ පව­ති­නවා. වර්ත­මාන ගෝලීය දේශ­පා­ල­නයේ ඉන්දි­යන් සාග­රය වැද­ගත් භූමි­කා­වක් දර­නවා. පෙර­දිග සහ බට­හිර මුහුදු නෞකා මාර්ගයේ අපේ රට පිහිටා ඇත්තේ ක්‍රමෝ­පායික වශ­යෙන් වැද­ගත් ස්ථාන­යක. ගෝලීය සම්පත් ප්‍රවා­හ­නයේ දී මෙය ඉතාම වැද­ගත්. මේ මුහුදු මාර්ග­වල අයි­තිය ලෝකයේ සිය­ලුම ජාතීන්ට එක ලෙස පැවැ­තිය යුතුයි. එයට හේතුව ඒවා ඉතාම වැද­ගත් නිසායි.

ඉන්දි­යාවේ ආර­ක්ෂාව අප ඉතාම වැද­ගත් කොට සල­ක­නවා. එයට තර්ජ­න­යක් වන කිසිම කාර­ණ­යක අප නිරත වන්නේ නැහැ. අප ඉන්න ප්‍රදේ­ශයේ ඉන්දි­යාව විශාල රටක්. එර­ටට අති විශාල හමු­දා­වක් තිබෙ­නවා. ඒත් අප තව­දු­ර­ටත් ස්වාධීන රාජ්‍ය­යක්ව පැවැ­තීම අගය කර­නවා. ඉන්දි­යාව, සිංග­ප්පූ­රුව, මල­යා­සි­යාව, ඉන්දු­නී­සි­යාව, චීනය, ජපා­නය වගේ කලා­පීය රට­වල් අපට ඉතාම වැද­ගත්. අප යථා­ර්ථ­යට මුහුණ දිය යුතුයි.

ඔබ ළඟදී ඉන්දි­යාවේ සංචා­ර­යක නිරත වෙනවා. මෙහිදී සාකච්ඡා කිරී­මට බලා­පො­රොත්තු වන ප්‍රධාන කාරණා මොන­වාද?

පි. අපි ඉන්දි­යාව සමඟ මිතුරු රාජ්‍ය­යක් ලෙස කට­යුතු කිරී­මට සූදා­නම් බව මම ඔවුන්ට සහ­තික කිරී­මට කැමැ­තියි. එරට ආර­ක්ෂා­වට තර්ජ­නය වන කිසිදු කට­යු­ත්තක අප නිරත නොවන බවත් මම කිය­න්නයි ඉන්නේ. අපේ රටේ ආයෝ­ජ­නය කරන්න කියා ආරා­ධනා කර­න්නත් මම බලා­පො­රොත්තු වෙනවා. මම හිත­නවා ඉන්දි­යාවේ වත්මන් අග­මැති මෝදි අස­ල්වැසි රාජ්‍ය­යන් සමඟ සමීප සම්බ­න්ධතා ඇති කර­ගැ­නී­මට සූදා­න­මින් සිටි­නවා කියලා.

දැන් ඔබ මුළු රටේම නාය­කයා. සුළු ජාති­ක­යන් සමඟ ප්‍රති­ස­න්ධා­නය පව­ත්වා­ගෙන යෑමට ඔබ ගන්නා ක්‍රියා­මාර්ග මොන­වාද?

පි. මම හිත­නවා සංව­ර්ධ­නය තමයි මේ ප්‍රශ්න­යට ලැබිය යුතු පිළි­තුර කියලා. පසු­ගිය කාලයේ ඇතැම් දෙමළ දේශ­පා­ලන නාය­ක­යන් වගේම ඇතැම් සිංහල නාය­ක­ය­නුත් ප්‍රායෝ­ගික නොවන, කළ නොහැකි, මිනි­සුන් ගොනාට අන්දන කාරණා රැසක් ඉදි­රි­පත් කළා. ශ්‍රී ලාංකි­ක­යන්ට ජීවත් වීමට හොඳ අවස්ථා ඇති රටක් හැදී­මෙන්, හොඳ අධ්‍යා­ප­න­යක් ලබා­ගැ­නී­මට අව­ස්ථාව උදා කර­දී­මෙන්, හොඳ රැකියා ඇති කර­දී­මෙන් සහ අභි­මා­න­යෙන් යුතුව ජීවත් වීමට අව­ස්ථාව ලබා­දී­මෙන් ඔය ප්‍රශ්නය විසැ­ඳිය හැකියි. පුර­වැ­සි­යන්ගේ සුබ­සා­ධ­නය සැල­සිය යුතුයි. රට සංව­ර්ධ­නය කිරී­මයි විය යුත්තේ.

 

Comments