
‘කව් ලැකිය’ හා ‘ලෙව් ලැකිය’ යනු සිංහල සාහිත්‍යයෙහි පමණක් දක්නට ලැබෙන ලේඛන ප්‍රභේදයක් බව මෙතෙක් දැකුවුණු කරුණුවලින් පැහැදිලි වනු ඇත. කව් ලැකියෙහි යෙදෙන්නේ තද්භව හා නිෂ්පන්න පද පමණකි. තද්භවල නිෂ්පන්න හා තත්සම යන පද තුන් වර්ගය ම ලෙව් ලැකියෙහි යෙදේ. සංඛ්‍යා වශයෙන් බලන කල්හි සිංහලයෙහි එන පද වැඩි ප්‍රමාණයක් තත්සම පද යි. තද්භව පද ඇත්තේ අඩු ප්‍රමාණයකි.
සිංහලයෙහි කව්ලැකියෙහි එන තද්භව පද සියල්ල එක් රැස් කොට ගත හැකි නම් එය දෙ පිරිසකට ප්‍රයෝජනවත් වනු ඇත. පළමුවෙනි පිරිස සිංහල භාෂාවේ ප්‍රභවය හා පරිණාමය හදාරන්නෝ යි. සංස්කෘත හා පාලි තත්සම පද කාලයාගේ ඇවෑමෙන් සිංහලයට බිඳී ආ සිටි හැදෑරීම මහත් ශාස්ත්‍රීය කර්තව්‍යයක් වේ.
මේ සඳහා දැනට අප සතුව පවතින මුල් ම පොත මහාචාර්ය විල්හෙල්ම් ගයිගර් මහතා විසින් 1941 දී රාජකීය ආසියාතික සමිතිය මගින් ඉංගිරිසියෙන් පළ කරන ලද An Etymological Glossary of the Sinhalese Language' නමැති නෛරුක්තික ශබ්දකෝෂය යි. අ-යන්නෙන් ආරම්භ වී 'ළිහිණියා' යන්නෙන් අවසන් වන එහි තද්භව පද 2952 ක් ඇතුළත් වේ.
මෙවැනි වදන් එකතුවකින් ප්‍රයෝජනය ලබන දෙවෙනි පිරිස සමකාලීන පද්‍ය හා ගීත රචකයෝ යි. සිංහල කවියන් හා ගීත රචකයන් තද්භව පද යොදමින් රසාත්මක වාක්‍ය නිර්මාණය කිරීමට අදත් අභිරුචියක් දක්වන බව පෙනේ. එසේ වුවද තද්භව පදයක නිවැරදි අරුත් නොදැනීම ඔවුන්ට පාඩුවකි.
සිරි පා සමය ආරම්භ වන පෝය දා පුවත්පත් අතිරේකයක පළ වුණු එක් ලිපියක මාතෘකාව මෙසේ විය;
'අටෝ රාශියක් මගුල් ලකුණෙන් හෙබි සිරි පා'
'අටෝ රාශියක්' යනු කොපමණක් දරෑ එවැනි සංඛ්‍යාවක් සිංහලයෙහි නොඑයි. බුදුන්ගේ ශ්‍රී පාදයක නෙළා ඇති මඟුල් ලකුණු සංඛ්‍යාව 108 කි. එය කව් ලැකියෙන් හැඳින්වෙන්නේ 'අටෝරා සියක්' යනුවෙනි. 'සියයට අටක් වැඩි' යන අරුතිනි. එය 'අටෝ රාසියක්' යැයි වෙන් කිරීම පාධකයා නොමග යවයි.
කව් ලැකිය නැංවූ කුමරතුඟු මුනිදස්
මෑත යුගයෙහි දී කව් ලැකිය ආරක්ෂා කොට ගැනීමට පියවර ගත්තවුන් අතුරෙහි මුල් තැන් ගත්තේ කුමාරතුංග මුනිදාස සූරීන් ය. එතුමාගේ මුල් පියවර වූයේ සිංහල කව් ලැකිය 'සුබස' හෙවත් 'හුදු හෙළය' යනුවෙන් නම් කිරීම යි. දෙවෙනි පියවර වූයේ තමාගේ නාමය ම 'කුමරතුඟු මුනිදස්' යනුවෙන් කව් ලැකියට නැඟීම යි.
තෙවෙනි පියවර වූයේ 'සුබස' යනුවෙන් සඟරාවක් ආරම්භ කිරිම යි. එය සිදු වූයේ 1939 වැන්නෙහි ජූලි 10 වෙනි දා ය. එහි අරමුණ මෙසේ කව් ලැකියෙන් ම දැක්විණ:
,බස් කෙලෙසන්නවුන්ගේ ගැරඬි පෙණ හඳුන්වන්නටත් ඔවුන්ට රුකුල් දෙන පුහු කුහුවන්ගේ යටි පිට පැවතුම් හෙළි කරන්නටත් සමත්තු දැන් අප රටැ අඩු මැ නො වෙත්. අඩුව නම් ඔවුනට නිසි මඟක් නැති වීම යැග දුබලකම් ඇති වුව ද, මෙන්නැ අපි මඟක් සපයමු. සමත්තු ඉදිරියට පැනැ සුදුස්සක් කෙරෙත් වා,
මේ පිළිබඳව මහාචාර්ය සඳගෝමි කෝපරහේවා මෙසේ කියයි:
,භාෂාව සඳහාම කැප වුණු 'සුබස' සඟරාව මගින් රට පුරා සිටි භාෂා ප්‍රේමීන්ට තම අදහස් ප්‍රකාශනයට මාධ්‍යයක් ඇති වුණු අතර, සමකාලීන සිංහල ගැටලු විසඳීම, නව ලේඛකයන්ට අත දීම, නව වදන් නිපදවීමල භාෂාවට සතුරු වන්නන්ගේ කටයුතු හෙළි කිරීම එයින් සිදු වුණු අනෙකුත් කාර්ය විය, :භාෂානුරාගයේ දේශපාලනය,91 පිට*
සිව්වෙනි පියවර වූයේ 'හෙළ හවුල' යන නමින් සුබැසියන්ගේ සංවිධානයක් පිහිටුවා ලීම යි. එය සිදු වූයේ 1941 වැන්නෙහි දී ය.
'හෙළ හවුල නමැති භාෂා සංවිධානය ආරම්භ කිරීමත් සමඟල තමා තනිව ම ගෙන ගිය භාෂානුරාගී ව්‍යාපාරය ශක්තිමත් කොට, රට පුරා ව්‍යාප්ත කිරීමේ අවස්ථාව කුමාරතුංගට ලැබිණ. එමෙන් ම භාෂා විෂයක තම අදහස් වඩා පුළුල් පිරිසක් වෙත ලබා දීමට ද ඒ නිසා හැකි විය. එකල සිංහල සමාජයේ සිටිල භාෂාව ගැන උනන්දුවක් දැක්වූ සිංහල තරුණයෝ ද සිංහල පාසල් ගුරුවරු ද 'හෙළ හවුල' වටා එක් රොක් වූහ, (භාෂානුරාගයේ දේශපාලනය, 94 පිට)