
මහාචාර්ය ජේ.බී. දිසානායකයෝ 1969 දී “භාෂාවක රටා සමුදාය” කෘතිය ද 1970 දී “භාෂාවක භාවිතය හා විග්‍රහය” කෘතිය ද, 1973 දී “සමකාලීන සිංහලය” කෘතිය ද 1976 දී ‘සිංහල ජන වහර’ කෘතිය ද උදෙසා රාජ්‍ය සාහිත්‍ය සම්මානයෙන් පිදුම් ලැබූහ. මහාචාර්ය දිසානායකගේ බිරිය කුසුම් දිසානායක විසින් ලියූ ‘ගින්නෙන් උපන් දරුවෝ’ කෘතියට 1995 හොඳම පරිවර්තන ග්‍රන්ථයට හිමි රාජ්‍ය සම්මානයත්, උපාලි පුවත්පත් සම්මානයත් හිමි විය.දඹානේ ගුණවර්ධනගේ ‘දඩබිමෙන් දඩබිමට’ නවකතාවේ පරිවර්තනය උදෙසා 1997 වසෙර් හොඳම ඉංග්‍රීසි පරිවර්තනයට හිමි රාජ්‍ය සාහිත්‍ය සම්මානය ඇයට හිමි විය.
“රජයේ සාහිත්‍ය තරග, සාහිත්‍ය ත්‍යාග යනු කුණු කන්දරාවකි. සාහිත්‍ය ත්‍යාගවලට සාහිත්‍ය සම්මාන යන ගම්භීර නාමය දී ඇතත් මේ වෙනුවෙන් ඇතැම් විට කෙරෙන යටි කූට්ටු වැඩ, බෙලි කැපිලි ආදිය සලකන විට සාහිත්‍යයට නම් ඒවා අවමානයක් වන අවස්ථා නැත්තේ නොවේ. සාහිත්‍ය තරගවලින් මේ තරම් දුඟදක් නොහමන නමුත් ඒවායින් ද හැමවිට ම සාධාරණය ඉටු වෙතියි සිතිය නොහැකිය.”
මේ ප්‍රකාශය සාහිත්‍ය සම්මාන දිනූ ප්‍රවීණ ගත්කතුවරයකු වූ කේ. ජයතිලක මහතා 1977 පළ කළ “පුංචි පැළේ ගස වෙනා” නම් පණස් වසරක මතක සටහන් ගැන ලියූ ග්‍රන්ථයක පළ වූ ඡේදයකි. කෙසේ වුවද ජයතිලක මහතාට රාජ්‍ය සාහිත්‍ය සම්මාන 7ක් ලැබී ඇත. චරිත තුනක් (1963); පිතා මහ (1966); පුංචි රාළ (1972); රාජපක්ෂ වලව්ව (1980); මිහිබට සුරපුර (1974); මතු සම්බන්ධයි (1975); සාහිත්‍ය විචාර චින්තාවලී (1993); මේ කෘතීහු ය. මේ කෘතියේ හැට ගණන්වල මුලදී ශ්‍රී ලංකා සාහිත්‍ය මණ්ඩලය මඟින් පවත්වන ලද කෙටිකතා තරගයක් ගැන සඳහන් ව ඇත.
1960 පවත්වන ලද මේ කෙටිකතා තරගයට ජයතිලක ද කෙටිකතාවක් ඉදිරිපත් කර ඇත. එහෙත් ඔහුගේ කතාව ඉන් ජයග්‍රහණය කර නැත. තරගයෙන් ඊළඟ තැන ගත් කතා දහයත් සමඟ ජයග්‍රාහක කතාව මුද්‍රණය කරන ලදි. එයට ද ජයතිලකගේ ඇතුළත් ව නැත. ඔහු කියා ඇත්තේ කොයි තරම් නිහතමානීත්වයකින් වුවත් තම කෙටිකතාව ඒ තරම් ම දුර්වල යැයි පිළිගැනීමට ඉඩක් නැති බව ය. ඇරත් තමාගේ ඒ කතාව “වජිර පබ්බත” නමින් යුත් මුද්‍රණයෙන් මුද්‍රණය වී ඇති බැවින් පාඨකයන්ට ම ඒ පිළිබඳ නිගමනයකට බැසීමට පුළුවන් බව ය.
1960 වර්ෂයේ ශ්‍රී ලංකා සාහිත්‍ය මණ්ඩලය විසින් පවත්වන ලද කෙටිකතා තරගයෙන් මුල් තැන දිනා ගත්තේ ධර්මසිරි ගමගේ ලියූ “ජීවිතයක සටහන්” කෙටිකතාව ය. කෙටිකතා තරගයෙන් ජය ගත් මේ කෙටිකතා එම කෙටිකතා සංග්‍රහයට ඇතුළත්ව තිබිණ. “අනිත් පැත්ත” (සේන රත්නායක), “අඩිපාර දිගේ” (තිලකරත්න අලුත්ගේ), “උමතුව” (ජයවතී ජයසිංහ), “දෝංකාරය” (ජෝර්ජ් ස්ටීවන් පෙරේරා - අද හැඳින්වෙන්නේ රෝහණ කස්තුරි කියාය.) “නවාතැන” (කුමාර කරුණාරත්න), “පොඩි අක්කා” (දයා කහවල), “බිලිඳාගේ ආදරය” (බී.ඒ.එම්. කරුණාරත්න), “මරුකතර” (කුමාර කරුණාරත්න), “හබල” (කේ.ඩී.ඩබ්ලිව්. පියසිරි)
කේ. ජයතිලකයන්ට 1963 වසරේ හොඳ ම නවකතාවට හිමි සාහිත්‍යය සම්මානය ඔහුගේ “චරිත තුනක්” නවකතාවට හිමි විය. එහි යට ගිය කතාව ඔහු තමා විසින් ලියූ ඉහත කී කෘතියේ සඳහන් කර තිබුණි.
“සම්මාන ලැබීමට ටික දිනකට කලින් මම සංස්කෘතික දෙපාර්තමේන්තුවට ගියෙමි. ඔස්ටින් ජයවර්ධන එහි උප අධ්‍යක්ෂවරයෙක් විය.
“ආ එන්න. එන්න.... ඔයාගෙ පොත නේද ගිය අවුරුද්දෙ ලියවුණු හොඳම නවකතාව” ඔහු මගෙන් ඇසීය.
ඔස්ටින් සාමාන්‍යයෙන් එකක් සඟවා තබාගෙන එකක් කතා කරන පුද්ගලයෙක් නොවේ. ඉන් තමාට වන පාඩුව ගැන හැඟීමක් ද ඔහුට නැත. ඔහු එකක් හිතේ තියාගෙන වෙනෙකක් කීවත් තීක්ෂණ ලෙස ඔහු දෙස බලන්නකුට ඒ බව අවබෝධ වෙයි. එසේ වුවත් මා ඊට කෙසේ පිළිතුරු දෙන්නද? මම කිසිවක් නොකියා සිටියෙමි.
“නෑ. ඒක තමයි හොඳ ම නවකතාව. සරච්චන්ද්‍රත් කියලා තියෙනවා. මේ පාර තෑග්ගට මම යෝජනා කරන්නෙ ඒක” යි කියමින් ඔහු මේසය උඩ තිබූ නවකතා ගොන්න පෙන්වීය.
“ඒ වුණාට ඕකෙ (තෝරන මණ්ඩලය) ඉන්න මිනිස්සු මා එක්ක තරහයි” මම කීමි.
“ඒ සෙල්ලම් කොහේද මාත් එක්ක”
“සාහිත්‍ය මණ්ඩලය රහසිගතව සමහර කටයුතු කරන්නේ යැයි කියන නමුත් පසුවදා වන විට මුළු රට ම එය දනියි. මෙසේ දැන ගනු ලබන ආරංචි හරි නම් ඒ අවස්ථාවේ නවකතා ගැන තීරණය දීමට සිට ඇති අනිත් දෙදෙනා නම් කේ.බී. සුගතදාසත්, අමරදාස වීරසිංහත් ය. මට දැන ගන්නට ලැබුණු අන්දමට සුගතදාස පොතට දී ඇත්තේ දහතුන් වැනි ස්ථානයයි. වීරසිංහ දෙවැනි තැන ය. සුගතදාස සමහරවිට සිය වැටහීම අනුව කටයුතු කරන්නට ඇත. වීරසිංහ ක්‍රියා කළේත් එසේමදැයි කීමට නුපුළුවන. කෙසේ වුවද ඔස්ටින් ජයවර්ධන නිවැරදි යැයි තමාට සිතෙන දෙය කිරීමට සටන් කරන්නෙකි. එයින් ඉතුරු දෙදෙනා ම පරදවා පහසුවෙන් ජයග්‍රහණය කිරීමට ඔහුට පුළුවන් විය.”
සාහිත්‍ය මණ්ඩලය ගත් මේ තීරණය නිවරදි යැයි ජයතිලකයෝ සිතති. රට ද එසේ සිතූ බව පෙනෙන්නට තිබුණු බව පවසන ඔහු පෙන්වීමට අදහස් කර ඇත්තේ නිවැරදි තීරණයට එළඹියේ ද නිවැරදි ක්‍රමයකින් ම නොවන බවයි. එසේ නම් වැරදි තීරණ ගැනීමේදී ඔවුන් කොයි තරම් වැරදි ලෙස ක්‍රියා කරනු විය හැකිද යන ප්‍රශ්නය ජයතිලකයන් මතු කොට ඇත.
සාහිත්‍ය සම්මාන දීමේදී 1967 වසරේ දී එකල අග්‍රාමාත්‍යවරයා වූ ඩඩ්ලි සේනානායක, සංස්කෘතික අමාත්‍ය ව සිටි අයි.ඇම්.ආර්.ඒ. ඊරියගොල්ල, සංස්කෘතික අධ්‍යක්ෂ ලීල් ගුණසේකර යන මහතුන් ගත් නිහතමානී පියවරක් ගැන සටහන් කිරීම උචිත යැයි මට සිතුණි. මේ කතාව අපට පුවත්පත් සාකච්ඡාවක දී කීවේ ලාල් ගුණසේකරයන් විසින් ම ය.
“1967 වසරේ එක්තරා සාහිත්‍ය සම්මාන ප්‍රදාන උත්සවයකට සතියකට පමණ වූ සිද්ධියකි මේ. සංස්කෘතික ඇමැතිවරයා වූයේ ඊරියගොල්ල මහතා. ඒ වන විට හිරගෙදර හිටිය හේන්පිටගෙදර ඤාණසීහ නායක හාමුදුරුවෝ ලියපු “ගාමිණී ගීතා නාම ජේට්ඨ ගාමිණී චරිත කථා” කෘතියට වසරේ හොඳම විවිධ කෘති යටතේ සාහිත්‍ය සම්මානයක් දෙන්න නිර්දේශිත වුණා. තේරීම් මණ්ඩලයේ සිටි හිමි නමක් එයට විරුද්ධ වුණා; රාජ්‍ය කුමන්ත්‍රණයකට සම්බන්ධ හිමි නමකට රාජ්‍ය සම්මානයක් දීම සුදුසු නැහැ කියලා. තේරීම් මණ්ඩලයේ හිටිය ආචාර්ය ආනන්ද ගුරුගේ කිව්වා මට සංස්කෘතික අමාත්‍යවරයා සමඟ මේ ප්‍රශ්නය බේරා ගන්න කියලා. මම ඇමතිතුමා හමු වුණා; කාරණයත් කිව්වා.
“අයිසේ දක්ෂ යකා හිරේ හිටියත් නිරේ හිටියත් දක්ෂයා. අපි කෝකටත් අගමැතිතුමාටත් කියමු.” කී ඊරියගොල්ල මහතා මා සමඟ අගමැතිතුමා හමුවීමට ගියා. ප්‍රශ්නය මම අගමැතිතුමාට කිව්වා.
“අධ්‍යක්ෂතුමා මේ ගැන මොකද හිතන්නේ” අගමැතිතුමා මගෙන් ඇසුවා.
“මේ සම්මානය ඤාණසිහ හාමුදුරුවන්ට හිමි විය යුතුයි”
“එහෙනං මුදල් තෑග්ග බන්ධනාගාරයට ම ගිහින් දෙන්න”
“මමත් ඒක තමයි සර් කිව්වේ” කී ඊරියගොල්ල ඇමතිතුමා “යකාගේ කතාවත්” කිව්වාම අගමැතිතුමා හිනාවෙලා අනුමත කළා.
ඒ සම්මාන ප්‍රදානයේ එක පැත්තකි. සම්මාන ඉතිහාසයේ වාර්තා තැබූ අවස්ථා ද නැතිවා නොවේ. නූතන වාග්විද්‍යාව යන වචනය හා අවියෝජනීය ලෙස බැඳී ඇති නමකට හිමිකම් කියන සම්මානනීය ලේඛකයකු හා ඔහුගේ බිරිය හා දියණිය ද රාජ්‍ය සම්මාන ලැබූ විරල අවස්ථාවක් ගැන ද අපට අසන්නට ලැබෙයි. මහාචාර්ය ජේ.බී. දිසානායකයෝ 1969 දී “භාෂාවක රටා සමුදාය” කෘතිය ද 1970 දී “භාෂාවක භාවිතය හා විග්‍රහය” කෘතිය ද, 1973 දී “සමකාලීන සිංහල” කෘතිය උෙදසාද 1976 දී ‘සිංහල ජන වහර’ කෘතිය ද රාජ්‍ය සාහිත්‍ය සම්මානයෙන් පිදුම් ලැබූහ. මහාචාර්ය දිසානායක ගේ බිරිය කුසුම් දිසානායක විසින් ලියූ ‘ගින්නෙන් උපන් දරුවෝ’ කෘතියට 1995 හොඳම පරිවර්තන ග්‍රන්ථයට හිමි රාජ්‍ය සම්මානය, උපාලි පුවත්පත් සම්මානයත් හිමි විය. දඹානේ ගුණවර්ධනගේ ‘දඩබිමෙන් දඩබිමට’ නවකතාවේ පරිවර්තනය උදෙසා 1997 වසෙර් හොඳම ඉංග්‍රීසි පරිවර්තනයට හිමි රාජ්‍ය සාහිත්‍ය සම්මානය ඇයට හිමි වූ අතර 1990 පරිවර්තනය කළ “තණ්හා ආසාවෝ” එම වසරේ විශිෂ්ට කෘතියක් ලෙස නිර්දේශ කෙරිණ.
අම්මාත්, තාත්තාත් වගේ ම මේ දෙපළගේ දියණිය වූ මධුභාෂිණී මංජරිකා කුමාරි දිසානායක (රත්නායක) 1991දී ඉංග්‍රීසි බසින් ලියූ Drift wood (ඩ්‍රිෆ්ට් වුඩ්) නම් කෙටිකතා සංග්‍රහයට රාජ්‍ය සාහිත්‍ය සම්මානය හිමි විය. නිර්මාණ සාහිත්‍ය ගැන ඇමරිකාවේ අයෝවා විශ්වවිද්‍යාලයේ පාඨමාලාවක් හැදෑරූ මධුභාෂිණී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ඉංග්‍රීසි අංශයේ කථිකාචාර්යවරියක ලෙස කටයුතු කරන්නීය. ඇගේ සැමියා ප්‍රදීප් රත්නායක විශිෂ්ට සංගීතඥයකු හා විශිෂ්ට සිතාර් වාදකයකු හා දෙස් විදෙස් පතළ කලාකරුවෙකි. ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ භාෂා සාහිත්‍ය හා සංස්කෘතික අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙකි.
සාහිත්‍ය සම්මාන දිනූ “තාත්තලා පුතාලා” ගැන ද සාහිත්‍ය සම්මාන ඉතිහාසයෙන් අනාවරණය වෙයි. මුල්ම සාහිත්‍ය සම්මාන ප්‍රදානෝත්සවයේ (1959) දී උසස්ම කාව්‍ය ග්‍රන්ථයට පිරිනැමුණු පළමුවැනි ත්‍යාගයට හිමි සාහිත්‍ය සම්මාන පිරිනැමුණේ විමල් අභයසුන්දර ලියූ “නිෂාදි” නම් ග්‍රන්ථයටය. අභයසුන්දරයන් ලියූ “බණ්ඩාරනායක චරිතාපදානය” 1971 සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ පළමුවැනි ත්‍යාගය හිමි කර ගත් අතර “බණ්ඩාරනායක චරිතාපාදාන” කාව්‍යයට 1972 සංස්කෘතික දෙපාර්තමේන්තුවෙන් පළමුවැනි ස්ථානය දිනා ගත්තේය. 1975 පළ වූ උසස් ම කාව්‍යයට පිරිනැමෙන මුල් ත්‍යාගය හා සාහිත්‍යස සම්මානය දිනා ගත්තේ ඔහු ලියූ “යුග යුග බැඳි හදවතය” ය. 1978 විවිධ විෂයයන් යටතේ සාහිත්‍ය සම්මානය දිනා ගත්තේ ඔහු ලියූ “ප්‍රබුද්ධ ශක්තිය” ග්‍රන්ථයයි. ඔහු ලියූ ‘නව වග සඳ’ කෘතිය ද 197
විමල් අභයසුන්දරයන් ජ්‍යෙෂ්ඨ පුත්‍ර ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සමාජ හා මානව විද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ප්‍රණීත් අභයසුන්දර විසින් ලියූ “බරණැස් නම් නුවර” කෘතිය 2006 උසස් ම කෘතියක් ලෙස රාජ්‍ය සාහිත්‍යස සම්මාන ලබා ඇත. ආචාර්ය ප්‍රණීත් ගීත රචකයකු, කවියකු හා ගත්කරුවකු ලෙස ප්‍රකට ය.
පඬිවරයකු, කවියකුවූ මුල්ලපිටියේ කේ.එච්. ද සිල්වා විජයශ්‍රීවර්ධන මුහන්දිරම් තුමා විසින් ලියූ “සිංහල නවකතාවේ පුරෝගාමියා” 1966 වසරේ විවිධ විෂයයන් යටතේ සාහිත්‍ය සම්මාන ලැබූ අතර ඔහු දෙටු පුත් විභාවි විජයශ්‍රීවර්ධන විසින් ලියූ “සිංහල කැලෑ පත්තරය” 1997 දී ද, “සිංහල භාෂා අධ්‍යයන සම්ප්‍රදාය හා පාඨ්‍ය ග්‍රන්ථ: මහනුවර යුගය’ කෘතිය 2000 වසරේ ද රාජ්‍ය සාහිත්‍ය සම්මානයෙන් පිදුම් ලැබීය. පේරාදෙනියේ ලංකා විශ්වවිද්‍යාලයේ සිංහල අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ධුරය දැරූ විභාවි විජයශ්‍රීවර්ධන තම පියා මෙන් ම ජීවතුන් අතර නැත.
1964 හොඳම නවකතාව ලෙස රාජ්‍ය සාහිත්‍යය සම්මානය දිනුවේ “සෙවණැලි ඇද මිනිස්සු” ලියූ සුනන්ද මහේන්ද්‍ර ද මැල් ය. අද මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර නමින් හෙතෙම සාහිත්‍ය ලෝකය හා ශාස්ත්‍රීය ලෝකය හඳුනයි. මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර ඉන් පසු 2000 වසරේ දී “ජන කියමන් පොත: සමාජ සන්නිවේදනාර්ථ සහිත සිංහල ජන කියමන් ශබ්දාකරයක්” කෘතිය විවිධ කෘති යටතේ සාහිත්‍ය සම්මානය හිමිකර ගත්තේය. 2001 වසරේ හොඳම නවකතාව ලෙස ඔහුගේ “නිරුවත් දෙවිවරු” 2001 වසරේද රාජ්‍ය සාහිත්‍ය සම්මාන ලැබීය.
සීතා මහේන්ද්‍ර; මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර ගේ බිරිය ඉකුත් වසරේ හොඳම පරිවර්තනය වෙනුවෙන් රාජ්‍ය සම්මානය දිනා ගත්තාය. මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර ගේ කනිටු පුත් සචිත්‍ර මහේන්ද්‍ර ද සාහිත්‍ය සම්මාන ලාභියෙකි. 2012 දී සමස්ත ලංකා බෞද්ධ සම්මේලනයේ බෞද්ධ සාහිත්‍ය උලෙළේ දි ඔහු ලියූ “දිදුලන දුහුවිල්ල” විශිෂ්ට කෘතියක් ලෙස සම්මාන ලැබීය. ගිය වසරේ සචිත්‍ර ලියූ The Lotus Heart නම් ඉංග්‍රීසි කෙටිකතා සංග්‍රහයට ගොඩගේ සාහිත්‍ය සම්මානය හිමි විය. සචිත්‍ර සිලෝන් ඩේලි නිවුස් පුවත්පතේ සම විශේෂාංග කර්තෘවරයා ය.
සාහිත්‍ය සම්මාන දිනූ තවත් එකම පවුලේ සමීපතම ඥාතිත්වයක් ඇති ලේඛක භවතුන් සිටීමට පුළුවන. එවැනි අය මට කමත්වා!
ඡායාරූප පිටපත් කිරීම - ලාල් සෙනරත්