තමන් වසන සමාජයේ ප්‍රගතිය සඳහා සිය පෑන මෙහෙයවන ලේඛකයන් දෙදෙනෙකු තෝරාගෙන සෑම වසරකදීම තිළිණයක් ප්රදානය කිරීමට සුනෙර ප්‍රකාශකයන් විසින් ආරම්භ කළ වැඩපිළිවෙළ යටතේ ප්‍රථම තිළිණ ප්‍රදාන උත්සවය පසුගිය 25 දා බත්තරමුල්ල වල්පොළ ශ්‍රී රාහුල ආයතනයේදී පවත්වන ලදී.
මේ තිළිණ ප්‍රදානයට අමතරව සමරසිංහ ගුණසේකර විසින් රචිත රෝද පුටුවෙන් විශ්වයට ගිය විස්මිත මිනිසා - ස්ටීවන් හෝකින් කෘතිය එළිදැක්වීම ද මෙදින සිදු විය. ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න, විද්‍යා ලේඛක විජයානන්ද ජයවීර දෙසුම් පැවැත්වූ මේ උත්සවයේදී හේතුව, ඵලය හා බුදුදහම මැයෙන් ගල්කන්දේ ධම්මානන්ද ස්වාමීන් වහන්සේ මුඛ්‍ය දේශනය පවත්වන ලදී. අවිද්‍යාව නිසා සමාජය තුළ පැතිර පවත්නා දුර්මතවලට එරෙහිව සිය ජීවිත කාලය මුළුල්ලේ පෑන මෙහෙයවූ ඒ.ඩී. ගුණසේකර සහ සැම්සන් ගුණතිලක මහත්වරුන් මෙවර සුනෙර ආලෝකෝ උදපාදී තිළිණ ප්රදානය කරන ලදී. මේ වැඩපිළිවෙළ සෑම වර්ෂයක් පාසාම ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බව සුනෙර ප්‍රකාශකයෝ විධායක අධ්‍යක්ෂ සමරසිංහ ගුණසේකර පවසයි.