සුනෙර ‘ආලෝකෝ උද­පාදි’ තිළිණ ප්‍රදාන උත්ස­වය | Page 3 | සිළුමිණ

සුනෙර ‘ආලෝකෝ උද­පාදි’ තිළිණ ප්‍රදාන උත්ස­වය

 තමන් වසන සමා­ජයේ ප්‍රග­තිය සඳහා සිය පෑන මෙහෙ­ය­වන ලේඛ­ක­යන් දෙදෙ­නෙකු තෝරා­ගෙන සෑම වස­ර­ක­දීම තිළි­ණ­යක් ප්‍රදා­නය කිරී­මට සුනෙර ප්‍රකා­ශ­ක­යන් විසින් ආරම්භ කළ වැඩ­පි­ළි­වෙළ යටතේ ප්‍රථම තිළිණ ප්‍රදාන උත්ස­වය පසු­ගිය 25 දා බත්ත­ර­මුල්ල වල්පොළ ශ්‍රී රාහුල ආය­ත­න­යේදී පව­ත්වන ලදී‍.

මේ තිළිණ ප්‍රදා­න­යට අම­ත­රව සම­ර­සිංහ ගුණ­සේ­කර විසින් රචිත රෝද පුටු­වෙන් විශ්ව­යට ගිය විස්මිත මිනිසා - ස්ටීවන් හෝකින් කෘතිය එළි­දැ­ක්වීම ද මෙදින සිදු විය. ආචාර්ය වික්‍ර­ම­බාහු කරු­ණා­රත්න, විද්‍යා ලේඛක විජ­යා­නන්ද ජය­වීර දෙසුම් පැවැත්වූ මේ උත්ස­ව­යේදී හේතුව, ඵලය හා බුදු­ද­හම මැයෙන් ගල්කන්දේ ධම්මා­නන්ද ස්වාමීන් වහන්සේ මුඛ්‍ය දේශ­නය පව­ත්වන ලදී‍. අවි­ද්‍යාව නිසා සමා­ජය තුළ පැතිර පවත්නා දුර්ම­ත­ව­ලට එරෙ­හිව සිය ජීවිත කාලය මුළුල්ලේ පෑන මෙහෙ­යවූ ඒ.ඩී. ගුණ­සේ­කර සහ සැම්සන් ගුණ­ති­ලක මහ­ත්ව­රුන් මෙවර සුනෙර ආලෝකෝ උද­පාදී තිළිණ ප්‍රදා­නය කරන ලදී. මේ වැඩ­පි­ළි­වෙළ සෑම වර්ෂ­යක් පාසාම ක්‍රියා­ත්මක කිරී­මට බලා­පො­රොත්තු වන බව සුනෙර ප්‍රකා­ශ­කයෝ විධා­යක අධ්‍යක්ෂ සම­ර­සිංහ ගුණ­සේ­කර පව­සයි.

Comments