මනුෂ්‍යත්වයේ ජීව ගුණය හෙළි කරන 'යකඩ මාවත' | Page 3 | සිළුමිණ

මනුෂ්‍යත්වයේ ජීව ගුණය හෙළි කරන 'යකඩ මාවත'

 

ය “දෛවයේ අසි­පත” යි. පසු­ගිය දින­ව­ලදී “යකඩ මාවත” නමින් ජන­ගත වුණේ එහි සිංහල පරි­ව­ර්ත­න­යයි. සේනා­රත්න වීර­සිංහ ගේ නව­තම කෘතිය වන 'යකඩ මාවත' ඒ නමින් ලියා ඇත්තේ චීනයේ නූතන සාහිත්‍ය පර­පු­රට අයත් වාංග් දුලූ ය. පසුව එය ජස්ටින් හිල් විසින් සිනමා තිර රච­න­යක් බවට ද පත් කළේය.

වාංග් දුලූ ඉති­හාස නව­කතා ලිවීමේ ලා වෙසෙස් කුස­ල­තා­වක් දක්ව­න්නෙක් වේ. සම්භාව්‍ය චීන ඉති­හා­සයේ සට­න්කාමී වීර­යන් සහ වීර­ව­රි­යන් තේමා කොට ගෙන කතා ලිවී­මට හැකි­යා­වක් මෙන් ම කැමැ­ත්තක් දක්වන අයකු වශ­යෙන් ද හේ ප්‍රකට ය. ඒ සම්බ­න්ධ­යෙන් පරි­ව­ර්ත­කයා සිය නිරී­ක්ෂ­ණය ඉදි­රි­පත් කොට ඇත්තේ මේ ආකා­ර­යෙනි.

“එහිදී සැහැ­සි­කම්, ලේ වැගි­රීම් හා මිනිස් ඝාත­න­යන්ට ප්‍රමු­ඛ­තාව දෙනු වෙනු­වට ඔහු තම නව­ක­තාව ඔස්සේ සියුම් චරිත විකා­ශ­න­යට මිනිස් සංවේ­දිතා ගවේ­ෂ­ණ­යට, මනු­ෂ්‍යත්ව‍ය ඔප් නැංවී­මට මෙන් ම පොදු බව නැමැති සංක­ල්පය මූර්ති­මත් කිරීම උදෙසා ද සිය නිර්මාණ සිය නිර්මාණ ශක්‍ය­තාව භාවි­ත­යට ගන්නා අයුරු දැක­ගත හැකි ය.”

යකඩ මාවත ඊට මනා නිද­සු­නක් වේ. විශේ­ෂ­යෙන් ම ෂු ලියන්ගේ චරි­තය එහි ඇති සුවි­ශේෂ සට­න්කාමී ජීව ගුණය මතු නොව පොදු ස්ත්‍රී දුර්ව­ලතා ඉස්මතු වීම් ඉතා පැහැ­දි­ලිව පෙන්වා දෙන්නේ පෙර කියූ තත්ත්වය යි.

විශේ­ෂ­යෙන් ම සිය නිර්භීත සට­න්කාමී පෙම්වතා වන මුබායි ද්වන්ද සට­නක් හමුවේ මර­ණ­යට පත් වීමෙන් පසු, ඔහු ගේ හරිත අසි­පත ද ලොවින් තුරන් කොට තෙමේ ද හුදෙ­කලා වන ආර­ණ්‍ය­ගත ජීවි­ත­යක් කරා පිය නග­න්නට ගත් තීර­ණය ඒ ආකා­ර­යෙන් ම නොපැ­වැත නිහඬ වෘකයා ගේ ඇසුර, ස්නෝවාස්ට ගුරු­ව­රි­යක් හා දෛවයේ අසි­පතේ උරු­මය හමුවේ ඇය ඇති කර­ගන්නා නො ඉව­සිල්ල කතු­ව­රයා සට­න්කාමී චරිත නිරූ­ප­ණ­යට දක්වන්න වූ සාමා­ර්ථ්‍ය­යට මනා නිද­සු­නක් වේ.

ඒත් සමඟ ම සිය සැබෑ දරුවා නොවු­ණත් ස්නෝවාස්ට ඒ නම තබා පියො­ලොගේ නම් රදල පවු­ල­කට අයත් දඩ­බ්බර තරු­ණි­යක වන එමෙන්ම සටන් ශිල්ප­යෙන් මනා ශක්ති­යක් මෙන් ම ජීව­යක් ලද පියො­ලොංග් ගේ ගුරු ඇසු­රෙන් ද පසුව ෂුලි­ය­න් ගේ ගුරු ඇසු­රෙන් ද කෙමෙන් පරි­පූ­ර්ණ­ත්ව­යට පත්වන චරි­ත­යක් වන ස්නෝවාස් චරිත විකා­ශ­නයේ කූට ප්‍රාප්තිය ද වාගේ දුලු නම් නව­ක­තා­ක­රු­වාගේ සියුම් චරිත විකා­ශ­නය මොන­වට පෙන්වා දෙන්නක් වේ.

හෙඩික් දායිගේ ප්‍රබල චරිත නිරූ­ප­ණය 'යකඩ මාවත’හි සුවි­ශේ­ෂ­තම චරිත නිරූ­ප­ණය යැයි කීවොත් එහි වර­දක් නැත. පාඨ­කයා එත­රම් තදින් හඳුනා නොගත් නිහඬ වෘකයා වුව මූර්ති­මත් චරි­ත­යක් වන්නේ උමතු භික්ෂු­වක් වශ­යෙන් පලවා හරින ලද පසුව වියරු ඒ තර­මට ම දෘඪ ශක්ති­මත් සට­න්ක­රු­වකු හැටි­යට සෙසු රණ ශූර­යන් අතර නිසඟ භීති­යක් ඇති කළ හෙඩිත් දැයි නිසා ය. කෘති­යක් වශ­යෙන් ගත් කල 'යකඩ මාවත’හි උද්වේ­ග­කර වුත්, ඇතැම් විට ගත සිත කිලිපොළා යන සුලු ආවේ­ග­ශීලී ආක­ර්ෂ­ණ­යක් ඇති කර­න්නාවූ සාහි­ත්‍ය­යික ලිවී­මක් වශ­යෙන් හෙඩිත් දායි සහ නිහඬ වෘකයා අතර ඇති වන ද්වන්ද සටන පිළි­බඳ සාහි­ත්‍ය­මය විස්ත­රය පෙන්වා දිය හැකි ය.

“එත­රම් අභි­යෝ­ග­ය­කට, එත­රම් පීඩ­න­ය­කට ඔහු (හෙඩික් දායි) කිසිදා පත්ව නොසිටි බව ඔහුට කල්පනා විය. තමාට ඒ අව­ස්ථාවේ ය අහිමි වීම, ජය පෙනි පෙනී සතුට අහිමි වීම මතක් වුණේ ය. ඔහුගේ මුවට ලේ රසක් දැනිණි. මේ වනාහි සදා­චා­රා­ත්මක බව වන්නේ ය. ජීවි­තය වන්නේ ය..... හැම පහර දීමක් ම රුදුරු වන්නේ ය. ආවේ­ග­ශීලී වන්නේ ය. උත්කෘෂ්ට වන්නේ ය.” ඒ වනාහි නිහඬ වෘකයා පරා­ජ­යට පත් කළ ඔහු ගේ මුල් සටන යි. එහෙත් දෙවැනි තීර­ණා­ත්මක සටන අව­සා­න­යේදි තමා අතින් පරා­ජ­යට පත්ව මිස යමින් සිටි හෙඩිත් දායි ට නිහඬ වෘකයා පව­සන, (පහත දැක‍්වෙන) කියුම සැබෑ සටන් ශූර­යන් එකි­නෙ­කාට දක්වන සදා­චා­රා­ත්මක ගෞර­වය නිවැ­ර­දිව පෙන්වා දෙන්නේ යැයි සිතමි.

“හෙඩිත් දායි බොහොම හොඳින් සටන් කළා.” නිහඬ වෘකයා පැව­සුවේ ය. “යකඩ මාවත ගැන කතා කරන මිනි­සුන් අතර ඔබේ නම රැඳී තියෙයි.”

මිනි­සුන් නිර්භීත විය යුතු ය. “මූබායි නිතර ම පවසා ඇත්තේ කෙනෙක් යම් දෙය­කට බිය වන්නේ ද ඒ තැනැත්තා ඊට මුහුණ දිය යුතු බවය. එසේ නොවු­ව­හොත් එතැන් පටන් එය ඒ තැනැ­ත්තාගේ මුළු ජීවි­තය ම පාල­නය කරන්නේ ය.”

අනිත් අතට ජීවත් වීමේ පරම සතුට විය යුත්තේ සතු­ටම ය; ධනය ද සතු­ටම ය. ෂූ ලියන් නැව­තත් සමා­ජ­ගත වෙමින් ඒ වගත් මෙසේ ම ය.

“සතුට දුර්ලභ ය. ස්නෝවාස් හා වෙයි නොන්ග් දෙදෙනා එය ලබා­ගෙන ඇතැයි ඈ සිතුවා ය. එසේ ප්‍රාර්ථනා කළාය.”

“ඔවුන් පිටු­ප­සින් හිරු එළිය වැටී තිබේ. අඳුර දුර නැත. නැව­තත් උදෑ­සන හිරු පායා එනු ඇත.”

 

Comments