
එය “දෛවයේ අසිපත” යි. පසුගිය දිනවලදී “යකඩ මාවත” නමින් ජනගත වුණේ එහි සිංහල පරිවර්තනයයි. සේනාරත්න වීරසිංහ ගේ නවතම කෘතිය වන 'යකඩ මාවත' ඒ නමින් ලියා ඇත්තේ චීනයේ නූතන සාහිත්‍ය පරපුරට අයත් වාංග් දුලූ ය. පසුව එය ජස්ටින් හිල් විසින් සිනමා තිර රචනයක් බවට ද පත් කළේය.
වාංග් දුලූ ඉතිහාස නවකතා ලිවීමේ ලා වෙසෙස් කුසලතාවක් දක්වන්නෙක් වේ. සම්භාව්‍ය චීන ඉතිහාසයේ සටන්කාමී වීරයන් සහ වීරවරියන් තේමා කොට ගෙන කතා ලිවීමට හැකියාවක් මෙන් ම කැමැත්තක් දක්වන අයකු වශයෙන් ද හේ ප්‍රකට ය. ඒ සම්බන්ධයෙන් පරිවර්තකයා සිය නිරීක්ෂණය ඉදිරිපත් කොට ඇත්තේ මේ ආකාරයෙනි.
“එහිදී සැහැසිකම්, ලේ වැගිරීම් හා මිනිස් ඝාතනයන්ට ප්‍රමුඛතාව දෙනු වෙනුවට ඔහු තම නවකතාව ඔස්සේ සියුම් චරිත විකාශනයට මිනිස් සංවේදිතා ගවේෂණයට, මනුෂ්‍යත්වය ඔප් නැංවීමට මෙන් ම පොදු බව නැමැති සංකල්පය මූර්තිමත් කිරීම උදෙසා ද සිය නිර්මාණ සිය නිර්මාණ ශක්‍යතාව භාවිතයට ගන්නා අයුරු දැකගත හැකි ය.”
යකඩ මාවත ඊට මනා නිදසුනක් වේ. විශේෂයෙන් ම ෂු ලියන්ගේ චරිතය එහි ඇති සුවිශේෂ සටන්කාමී ජීව ගුණය මතු නොව පොදු ස්ත්‍රී දුර්වලතා ඉස්මතු වීම් ඉතා පැහැදිලිව පෙන්වා දෙන්නේ පෙර කියූ තත්ත්වය යි.
විශේෂයෙන් ම සිය නිර්භීත සටන්කාමී පෙම්වතා වන මුබායි ද්වන්ද සටනක් හමුවේ මරණයට පත් වීමෙන් පසු, ඔහු ගේ හරිත අසිපත ද ලොවින් තුරන් කොට තෙමේ ද හුදෙකලා වන ආරණ්‍යගත ජීවිතයක් කරා පිය නගන්නට ගත් තීරණය ඒ ආකාරයෙන් ම නොපැවැත නිහඬ වෘකයා ගේ ඇසුර, ස්නෝවාස්ට ගුරුවරියක් හා දෛවයේ අසිපතේ උරුමය හමුවේ ඇය ඇති කරගන්නා නො ඉවසිල්ල කතුවරයා සටන්කාමී චරිත නිරූපණයට දක්වන්න වූ සාමාර්ථ්යයට මනා නිදසුනක් වේ.
ඒත් සමඟ ම සිය සැබෑ දරුවා නොවුණත් ස්නෝවාස්ට ඒ නම තබා පියොලොගේ නම් රදල පවුලකට අයත් දඩබ්බර තරුණියක වන එමෙන්ම සටන් ශිල්පයෙන් මනා ශක්තියක් මෙන් ම ජීවයක් ලද පියොලොංග් ගේ ගුරු ඇසුරෙන් ද පසුව ෂුලියන් ගේ ගුරු ඇසුරෙන් ද කෙමෙන් පරිපූර්ණත්වයට පත්වන චරිතයක් වන ස්නෝවාස් චරිත විකාශනයේ කූට ප්‍රාප්තිය ද වාගේ දුලු නම් නවකතාකරුවාගේ සියුම් චරිත විකාශනය මොනවට පෙන්වා දෙන්නක් වේ.
හෙඩික් දායිගේ ප්‍රබල චරිත නිරූපණය 'යකඩ මාවත’හි සුවිශේෂතම චරිත නිරූපණය යැයි කීවොත් එහි වරදක් නැත. පාඨකයා එතරම් තදින් හඳුනා නොගත් නිහඬ වෘකයා වුව මූර්තිමත් චරිතයක් වන්නේ උමතු භික්ෂුවක් වශයෙන් පලවා හරින ලද පසුව වියරු ඒ තරමට ම දෘඪ ශක්තිමත් සටන්කරුවකු හැටියට සෙසු රණ ශූරයන් අතර නිසඟ භීතියක් ඇති කළ හෙඩිත් දැයි නිසා ය. කෘතියක් වශයෙන් ගත් කල 'යකඩ මාවත’හි උද්වේගකර වුත්, ඇතැම් විට ගත සිත කිලිපොළා යන සුලු ආවේගශීලී ආකර්ෂණයක් ඇති කරන්නාවූ සාහිත්‍යයික ලිවීමක් වශයෙන් හෙඩිත් දායි සහ නිහඬ වෘකයා අතර ඇති වන ද්වන්ද සටන පිළිබඳ සාහිත්‍යමය විස්තරය පෙන්වා දිය හැකි ය.
“එතරම් අභියෝගයකට, එතරම් පීඩනයකට ඔහු (හෙඩික් දායි) කිසිදා පත්ව නොසිටි බව ඔහුට කල්පනා විය. තමාට ඒ අවස්ථාවේ ය අහිමි වීම, ජය පෙනි පෙනී සතුට අහිමි වීම මතක් වුණේ ය. ඔහුගේ මුවට ලේ රසක් දැනිණි. මේ වනාහි සදාචාරාත්මක බව වන්නේ ය. ජීවිතය වන්නේ ය..... හැම පහර දීමක් ම රුදුරු වන්නේ ය. ආවේගශීලී වන්නේ ය. උත්කෘෂ්ට වන්නේ ය.” ඒ වනාහි නිහඬ වෘකයා පරාජයට පත් කළ ඔහු ගේ මුල් සටන යි. එහෙත් දෙවැනි තීරණාත්මක සටන අවසානයේදි තමා අතින් පරාජයට පත්ව මිස යමින් සිටි හෙඩිත් දායි ට නිහඬ වෘකයා පවසන, (පහත දැක්වෙන) කියුම සැබෑ සටන් ශූරයන් එකිනෙකාට දක්වන සදාචාරාත්මක ගෞරවය නිවැරදිව පෙන්වා දෙන්නේ යැයි සිතමි.
“හෙඩිත් දායි බොහොම හොඳින් සටන් කළා.” නිහඬ වෘකයා පැවසුවේ ය. “යකඩ මාවත ගැන කතා කරන මිනිසුන් අතර ඔබේ නම රැඳී තියෙයි.”
මිනිසුන් නිර්භීත විය යුතු ය. “මූබායි නිතර ම පවසා ඇත්තේ කෙනෙක් යම් දෙයකට බිය වන්නේ ද ඒ තැනැත්තා ඊට මුහුණ දිය යුතු බවය. එසේ නොවුවහොත් එතැන් පටන් එය ඒ තැනැත්තාගේ මුළු ජීවිතය ම පාලනය කරන්නේ ය.”
අනිත් අතට ජීවත් වීමේ පරම සතුට විය යුත්තේ සතුටම ය; ධනය ද සතුටම ය. ෂූ ලියන් නැවතත් සමාජගත වෙමින් ඒ වගත් මෙසේ ම ය.
“සතුට දුර්ලභ ය. ස්නෝවාස් හා වෙයි නොන්ග් දෙදෙනා එය ලබාගෙන ඇතැයි ඈ සිතුවා ය. එසේ ප්‍රාර්ථනා කළාය.”
“ඔවුන් පිටුපසින් හිරු එළිය වැටී තිබේ. අඳුර දුර නැත. නැවතත් උදෑසන හිරු පායා එනු ඇත.”