ජය­කොඩි සෙනෙ­වි­රත්න ලියූ‍ අලුත්ම නව­ක­තාව ‘කඩු­පුල් මල්’ | Page 2 | සිළුමිණ

ජය­කොඩි සෙනෙ­වි­රත්න ලියූ‍ අලුත්ම නව­ක­තාව ‘කඩු­පුල් මල්’

2019 සැප්තැ­ම්බර් මස 20 වැනිදා BMICH හි අන්ත­ර්ජා­තික පොත් ප්‍රද‍ර්ශ­න­යේදී දොරට වඩී.

ප්‍රවීණ ලේඛක ජය­කොඩි සෙනෙ­වි­රත්න මහතා ලියූ අලුත් ම නව­ක­තාව ‘කඩු­පුල් මල්’ 2019 සැප්තැ­ම්බර් මස 20 වැනිදා සිකු­රාදා උදේ 10.00 ට කොළඹ BMICH හි අන්ත­ර්ජා­තික පොත් ප්‍රද­ර්ශ­නයේ සිරි­මාවෝ බණ්ඩා­ර­නා­යක ශාලාවේ B 114, B 115, B 117, B 118 යන දයා­වංශ ජය­කොඩි සහ සමා­ග­මයේ පොත් ප්‍රද­ර්ශන කුටි­ව­ලදී ජන­ගත වේ.

දෙමා­පි­යන් අහිමි දිය­ණි­යක සිය සහෝ­ද­ර­යන් ගෙන් වෙන්ව හුද­ක­ලාව ජීවි­ත­යට මුහුණ දෙමින් සිටි­යදී අහඹු හමු­ව­කින් සිය සහ­කරු තෝරා ගන්නීය. එහිදී ඇති වන අවි­ශ්වා­ස­යක් හේතු­වෙන් සිය පවුල් සංස්ථාව ද කඩා බිඳ දමා ගන්නා අයුරු ‘කඩු­පුල් මල්’ නව­ක­තා­වෙන් විචි­ත්‍ර­ණය කෙරේ. ‘කඩු­පුල් මල්’ නව­ක­තාව එදින දහ­වල් 12.00 දක්වා එහි කතු­වර ජය­කොඩි සෙනෙ­වි­රත්න මහ­තාගේ අත්සන සහි­තව ලබා ගැනී­ම­ටත් පාඨ­ක­යන්ට ඒ මහතා හමු­වී­ම­ටත් දයා­වංශ ජය­කොඩි සහ සමා­ගම අව­ස්ථාව සලසා ඇත.

Comments