
කව් ලැකියෙහි තාලුජ ශ-යන්න හමු නොවන බව කලින් සඳහන් විණ. තත්සම පදයක අවසානයෙහි යෙදුණු තාලුජ ශ-යන්න දන්තජ ස-යන්නක් බවට පත් වුණු සැටි මෙහි දැක්වේ.
ලෙව් ලැකිය කව් ලැකිය
ආකාශ අහස්
ආශ්‍ර ඇසුරු
උපදේශ උවදෙස්
ඒකාදශ එකොළොස්
කේශ කෙස්
ක්ලේශ කෙලෙස්
චතුර්දශ තුදුස්
ත්රයෝදශ තෙළෙස්
දේශ දෙස්
ද්වාදශ දොළොස්
ප්‍රදේශ පෙදෙස්
මිශ්‍ර මුසු
විදේශ විදෙස්
පාංශු පස්
වංශ වස්
සන්දේශ සඳෙස්
කව් ලැකියෙහි නැති ෂ-යන්න
කව් ලැකියෙහි මූර්ධජ ෂ-යන්න හමු නොවේ. මූර්ධජ ෂ-යන්න සහිත තත්සම පද කව් ලැකියට ආවේ ඊට දන්තජ ස-යන්නක් ආදේශ කරමිනි,
ලෙව් ලැකිය කව් ලැකිය
පදාරම්භ ෂ-යන්න
ෂඩ්රස සරස
ෂඩ්වර්ණ සවනක්
ෂෝඩශ සොළොස්
පද මධ්‍ය ෂ-යන්න
කර්ෂාපණ කහවණු
පාෂාණ පහණ
විශේෂණ වෙසෙසුන්
පදාවසාන ෂ-යන්න
අක්ෂි ඇස්
කෝෂ කොසු
ඝෝෂ ගොස්
දෝෂ දොස්
නිර්දෝෂ නිදොස්
බුද්ධඝෝෂ බුදුගොස්
භාෂා බස්
රෝෂ රොස්
වර්ෂා වැසි, වස්
ශීර්ෂ සිරස්
ශ්ලේෂ සෙලෙස්