
සිනමාකරුවන් දිරිගන්වන රාජ්‍ය මහා සිනමා මංගල්‍යය
72 වසරක ලාංකේය සිනමාභිනන්දනය වූ 19 වැනි ජනාධිපති සම්මාන උලෙළ ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා නෙළුම් පොකුණ රඟහලේ දී ඉතා උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි.
2016 වසරේ සිට 2018 වසර දක්වා ප්‍රදර්ශනය කරන ලද චිත්‍රපට 79 කින් විශිෂ්ට දක්ෂතා දැක්වූ කලා ශිල්පීන් ශිල්පිනියන් 27 දෙනෙකුට සම්මාන පිරිනැමීම මෙහිදී සිදු වූ අතර, පුරෝගාමී සම්මාන, ස්වර්ණසිංහ සම්මාන හා විශ්ව කීර්ති සම්මානයෙන් 11 දෙනෙකු ගරු ජනාධිපතිතුමන් අතින් පිදුම් ලැබූහ. මෙහි දී ජීවිතයට එක්වරක් පමණක් හිමිවන ස්වර්ණසිංහ සම්මාන ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් ප්‍රවීණ රංගවේ දී රවින්ද්‍ර රන්දෙනිය, ප්‍රවීණ රංගන ශිල්පිනී නීටා ප්‍රනාන්දු හා ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ සුගතපාල සෙනරත් යාපා යන මහත්ම මහත්මීන්ට ලබා ගන්නා ලදී. මේ අතර, සිය රංගන ප්‍රතිභාව්‍ය වෙනුවෙන් අනෝමා ජනාදරි සහ චිත්‍රපට අධ්‍යක්ෂ සංජීව පුෂ්පකුමාර ජනාධිපතිතුමා අතින් විශ්වකීර්ති සම්මාන හිමි කර ගත් අතර, පුරෝගාමී සම්මාන, ශාන්ති අබේසේකර, ඇන්ටන් ග්‍රෙගරි, කේ.ඩී. දායානන්ද, ස්වර්ණා කහවිට, සුනිල්සෝම පිරිස් හා ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දු යන මහත්ම මහත්මීන්ට හිමිවිය.
මෙම අවස්ථාවට නිවාස, ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස, උතුරු පළාත් ආණ්ඩුකාර සූරේන් රාඝවන්, චිත්‍රපට සංස්ථාවේ සභාපතිනි අනුෂා ගෝකුල ප්‍රනාන්දු, නිවාස, ඉදිකිරීම් හා සංස්කෘතික අමාත්‍යාංශයේ ලේකම් බර්නාඩ් වසන්ත ඇතුළු කලාකරුවන් රැසකගේ සහභාගීත්වයෙන් පැවැත්විණි.
2016
1 හොඳම චිත්‍රපටය - ඇගේ ඇස අග
2 හොඳම අධ්‍යක්ෂණය - අශෝක හඳගම (ඇගේ ඇස අග)
3 හොඳම තිර රචනය - විසාකේස චන්ද්‍රසේකරම් (සයපෙති කුසුම)
4 හොඳම නළුවා - දසුන් පතිරණ (මෝටර් බයිසිකල්)
5 හොඳම නිළිය - ස්වර්ණා මල්ලවආරච්චි (ඇගේ ඇස අග)
6 හොඳම සහාය නළුවා - බිමල් ජයකොඩි (ආදරණීය කතාවක්)
7 හොඳම සහය නිළිය - වීණා ජයකොඩි (මෝටර් බයිසිකල්)
අරුණි රාජපක්ෂ (පත්තිනි)
8 හොඳම කැමරා අධ්‍යක්ෂණය - චන්න දේශප්‍රිය (ඇගේ ඇස අග)
9 හොඳම ගීත රචනය - විසාකේස චන්ද්‍රසේකරම් (දෙනෙතක් ඇරෙ-
සයපෙති කුසුම)
10 හොඳම සංගීත අධ්‍යක්ෂණය - නදීක ගුරුගේ (සක්කාරං)
11 හොඳම ගී තනුව - අජිත් කුමාරසිරි (හීනත් අරන් එන්න-
මොටර් බයිසිකල්)
12 හොඳම පසුබිම් ගායකයා - චිත්‍රාල් සෝමපාල (ඇහැරෙන්න-ඇගේ ඇස අග)
(සම සම්මාන) අජිත් කුමාරසිරි (අම්මාගේ මාලේ-මෝටර් බයිසිකල්)
13 හොඳම පසුබිම් ගායිකාව - නිරෝෂා විරාජිනී (රන් හසුන්-පත්තිනි)
සම සම්මාන - උරේෂා රවීහාරී (සමනලයින් පාට පාට-සරිගම)
14 හොඳම සංස්කරණය - රවීන්ද්‍ර ගුරුගේ (ඇගේ ඇස අග)
15 හොඳම ශබ්ද සැලසුම - ප්‍රවීන් ජයන්ත (මායා)
16 හොඳම කලා අධ්‍යක්ෂණය - ලාල් හරීන්ද්‍රනාත් (සක්කාරං)
17 හොඳම අංග රචනය - නලීන් ප්‍රේමතිලක (මායා)
18 හොඳම හාත්ස උත්පාදක රංගනය- පුබුදු චතුරංග (මායා)
19 හොඳම නැගී එන නළුවා - ජෙහාන් ශ්‍රී කාන්ත අප්පුහාමි
(සය පෙති කුසුම)
20 හොඳම නැගී එන නිළිය - යශෝධා රසඳුනී (සය පෙති කුසුම)
21 උපරිම ප්‍රේක්ෂක ප්‍රතිචාර - පත්තිනි
22 විශේෂ ජූරි සම්මාන - වෙනුක වික්‍රමසිංහ (ඇඳුම් නිර්මාණය-පත්තිනි)
චන්දන වික්‍රමසිංහ නර්තන වින්‍යාසය-පත්තිනි
සමනලී ෆොන්සේකා (රංගනය-මෝටර් බයිසිකල්
23 කුසලතා සම්මාන - රංගන කුසලතා-තුසිත ලක්නාත් (සක්කාරං)
රංගන කුසලතා-කළණ කුසලතා (මෝටර් බයිසිකල්
රංගන කුසලතා-ප්‍රසාදිනී අතපත්තු (සක්කාරං)
කැමාරාකරණය -රුවන් කොස්තා (ආදරණීය කතාවක්)
2017
1 හොඳම චිත්‍රපටය - (විසි අට)
2 හොඳම අධ්‍යක්ෂණය - ප්‍රසන්න ජයකොඩි(විසි අට)
3 හොඳම තිර රචනය - ප්‍රසන්න ජයකොඩි(විසි අට)
4 හොඳම නළුයා - මහේන්ද්‍ර පෙරේරා(විසි අට)
5 හොඳම නිළිය - සේමීණී ඉද්දමල්ගොඩ(විසි අට)
6 හොඳම සහාය නළුවා - රොෂාන් රවීන්ද්‍ර (සුළඟ ගිනි අරන්)
7 හොඳම සහාය නිළිය - නීටා ප්‍රනාන්දු-ස්වරූප
8 හොඳම කැමරා අධ්‍යක්ෂණය - චන්න දේශප්‍රිය(නිම්නයක හුදකලාව)
9 හොඳම ගීත රචනය - රජී වසන්ත වෙල්ගම (සියොවැ ආමි) (කාල)
10 හොඳම සංගීත අධ්‍යක්ෂණය - මිලින්ද තෙන්නකෝන්ඩ (ආලෝකෝ උදපාදි)
11 හොඳම ගී තනුව - දර්ශන රුවන් දිසානායක(සියොවැ ආමි) (කාල)
12 හොඳම පසුබිම් ගායකයා - තුසිත් සිම්සන් (සියොවැ ආමි) (කාල)
13 හොඳම පසුබිම් ගායිකාව - උමාලි තිලකරත්න (මෙතරම් සොඳුරු රැයක් (නිනෝ ලයිව්)
14 හොඳම සංස්කරණය - රංගන සිංහාරගේ (විසි අට)
15 හොඳම ශබ්ද සැලසුම - සසික රුවන් මාරසිංහ (ආලෝකෝ උදපාදි)
16 හොඳම කලා අධ්‍යක්ෂණය - නුවන් සනුරංග (විසි අට)
17 හොඳම අංග රචනය - රංජිත් මතඟවීර (ස්වරූප)
18 හොඳම හාත්ස උත්පාදක රංගනය- ගිරිරාජ් කොෟශල්‍ය (5සමත්)
සම සම්මාන - ප්‍රියන්ත සෙනවිරත්න (5සමත්)
19 හොඳම නැගී එන නළුවා - ෂම්මු කසුන් (ආලෝකෝ උදපාදි)
20 හොඳම නැගී එන නිළිය - යුරේනි නොෂිකා (නිනෝ ලයිව්)
21 උපරිම ප්‍රේක්ෂක ප්‍රතිචාර - ධර්ම යුද්ධය
22 විශේෂ ජූරි සම්මාන - ජයලත් මනෝරත්න (ඒ ලෙවල්)
දර්ශන් ධර්මරාජ් (ආලෝකෝ උදපාදි)
චත්‍ර වීරමන් (ආලෝකෝ උදපාදි)
23 කුසලතා සම්මාන - සචිර විජේසිංහ (ඒ ලෙවල්)
හිමාෂ මනුප්‍රිය (ගායනය-අරුනළු ගීත ගයා)
රිනී ද සිල්වා -රංගනය (ස්වරූප)
24 ජූරියේ ඇගයිම් සහතික පත්‍ර- ඡලේෂ චාරුනේත්‍ර-රංගනය- (කාල)
විනුමි වින්සදී -රංගනය-ධර්ම යුද්ධය
ළමා රංගනය උදෙසා 5සමත් චිත්‍රපටයේ-ෂාරඩ් චන්දුම (5සමත්)
සේජාන් හංසක (5සමත්) කිවිදි කසුන්දරා (5සමත්)
අමිරු කෝරලගේ (5සමත්)
2018
1 හොඳම චිත්‍රපටය -දැවෙන විහඟුන්-සංජීව පුෂ්පකුමාර
2 හොඳම අධ්‍යක්ෂණය - සංජීව පුෂ්පකුමාර-දැවෙන විහඟුන්
3 හොඳම තිර රචනය - සංජීව පුෂ්පකුමාර-දැවෙන විහඟුන්
4 හොඳම නළුවා - මහේන්ද්‍ර පෙරේරා-දැවෙන විහඟුන්
5 හොඳම නිළිය - අනෝමා ජනාදරී-දැවෙන විහඟුන්
6 හොඳම සහාය නළුවා - පූජිත ද මෙල්-නිදහසේ පියා ඩී.එස්
7 හොඳම සහය නිළිය - සමනලී ෆොන්සේකා - දැවෙන විහඟුන්
8 හොඳම කැමරා අධ්‍යක්ෂණය - නිමල් මෙන්ඩිස් (වෛෂ්ණාවී)
9 හොඳම ගීත රචනය - අචල සොලමන්-සරාගී අපේ (සරුංගල්)
10 හොඳම සංගීත අධ්‍යක්ෂණය - චන්දන ජයසිංහ (මැතිව්)
11 හොඳම ගී තනුව - රංග දසනායක සරාගී අපේ (සරුංගල්)
12 හොඳම පසුබිම් ගායකයා - බාචි සුසාන් (සැම දේසේ-ඝරසරප)
13 හොඳම පසුබිම් ගායිකාව - සමිතා මුදුන්කොටුව (සැම දේසේ-ඝරසරප)
14 හොඳම සංස්කරණය - ඇන්ජලෝ ජෝන්ස් (කෝමාලි කිංග්ස්)
15 හොඳම ශබ්ද සැලසුම - ප්‍රවීන් ජයරත්න (නිදහසේ පියා ඩී.එස්)
16 හොඳම කලා අධ්‍යක්ෂණය - දසුන් රවීනාත් (කෝමාලි කිංග්ස්)
17 හොඳම අංග රචනය - ඊබට් විජේසිංහ සහ රංජිත් මතඟවීර (වෛෂ්ණාවි)
18 හොඳම හාත්ස්‍ය උත්පාදක රංගනය-රාජා ගනේෂන්
(කෝමාලි කිංග්ස්)
19 හොඳම නැගී එන නළුවා - දෙව්නක පෝරගේ (ඝරසරප)
20 හොඳම නැගී එන නිළිය - කාවින්ද්‍යා අධිකාරී (ඝරසරප)
21 ජූරි සහතිකපත් - ශ්‍රී නිරෝෂන් (සාලෛයි පුක්කල්)
සුදර්ෂන් රත්නම් (සාලෛයි පුක්කල්)
ඩේවිට් කරුණාරත්න (ගෝල්)
22 කුසලතා සම්මාන- චමත්කා ලක්මිණී (සරුංගල්)
නයනා දර්ශනී පෙරේරා (ගෝල්)
23 උපරිම ප්‍රේක්ෂක ප්‍රතිචාර- යශෝධරා
ඡායාරූප - කපිල ආරියවංශ - (ජනාධිපති මාධ්‍ය අංශය)
නාරද අමරතුංග, සුදත් මලවීර