කව් ලැකියට ආ සඤ්ඤක ඳ-යන්න-2 | සිළුමිණ

කව් ලැකියට ආ සඤ්ඤක ඳ-යන්න-2

සඤ්ඤක ඳ-යන්න සහිත තද්භව පද සමහරක් සිංහල කව් ලැකියට ආවේ 'න්ධ' යන ශබ්ද සංයෝගය සහිත තත්සම පද ඇසුරිනි.

ලෙව් ලැකිය කව් ලැකිය

අනුබන්ධ නුබඳ

අන්ධ අඳ

අන්ධකාර අඳුරු

ඛන්ධ කඳ

ගන්ධ ගඳ

ගන්ධකුටි ගඳකිළි

ගන්ධර්ව ගඳඹ

ප්‍රබන්ධ පබඳ

වන්ධ්‍ය වඳ

සන්ධි සඳ

සන්ධ්‍යා සැඳෑ

සම්බන්ධ සබඳ

සින්ධු සිඳු

සුගන්ධ සුවඳ

ස්කන්ධ කඳ

ස්කන්ධකුමාර කඳකුමර

 

සඤ්ඤක ඳ-යන්න සහිත තද්භව පද සමහරක් සිංහල කව් ලැකියට ආවේ 'ඤ්ජ' යන ශබ්ද සංයෝගය සහිත තත්සම පද ඇසුරිනි.

ලෙව් ලැකිය කව් ලැකිය

අඤ්ජන අඳුන්

අඤ්ජලි ඇඳිලි

කඤ්ජි කැඳ

කුඤ්ජර කොඳුරු

පඤ්ජර පඳුරු

රඤ්ජන රඳන්

රසාඤ්ජන රසඳුන්

'ඤ්ජ' යන අක්ෂර දෙක වෙනුවට ආදේශ විය යුත්තේ සඤ්ඤක ජ-යන්නක් වුවත් කිසි යම් හේතුවක් නිසා සඤ්ඤක ජ-යන්නක් සිංහල අක්ෂර මාලාවට එක් නොවිණ.

සමකාලීන සිංහල අක්ෂර මාලාවෙහි සඤ්ඤක ජ-යන්නක් ඇතත් ඒ අකුර සහිත එකදු පදයක් සිංහල ලේඛන ව්‍යවහාරයෙහි දක්නට නොලැබේ. ඒ අකුර අවශ්‍ය වන්නේ කථා ව්‍යවහාරයෙහි එන නිපාත පදයක් වශයෙන් සැලකිය හැකි 'ඉඦ' හා 'ඉ' යන පද ලිවීමට පමණකි.

Comments