
සඤ්ඤක ඳ-යන්න සහිත තද්භව පද සමහරක් සිංහල කව් ලැකියට ආවේ ‘න්ද’ යන ශබ්ද සංයෝගය සහිත තත්සම පද ඇසුරෙනි.
ලෙව් ලැකිය කව් ලැකිය
ඉන්දීවර ඉඳුවර
ඉන්ද්‍ර ඉඳුල ඉඳුරු
ඉන්ද්‍රගෝපක ඉඳුගොවු
ඉන්ද්‍රචාප ඉඳුසැව්
උපේන්ද්‍ර උවිඳු
කන්දර කඳුරු
කුන්ද කොඳ
ගජේන්ද්‍ර ගිජිඳු
චන්දන සඳුන්
චන්ද්‍ර සඳ
නන්දන නඳුන්
නරේන්ද්‍ර නිරිඳු
මන්ද මඳ
මන්දිර මැඳුරු
මෘගේන්ද්‍ර මිගිඳු
මහේන්ද්‍ර මිහිඳු
සුන්දර සොඳුරු
ස්කන්දාවාර කඳවුරු