
ලෝකය කුඩා කළ නවීන තාක්ෂණය සමඟ මුද්දරයේ කාර්යභාරය නිමාවනු ඇතැයි බොහෝ දෙනා විශ්වාස කළහ. එ්ත් මුද්දරයේ කාර්යභාරය එසේ අවසන් වූයේ නැත. තවදුරටත් ලොව පුරා පණිවුඩ රැගෙනයෑමේ කාර්යයේදි ප්‍රධාන වශයෙන් මුද්දරය දායක වනු ඇත.
ශ්‍රී ලංකාව පිළිබඳ පණිවුඩය ලොව පුරා රැගෙන යන මුද්දර හතරක් පසුගිය විසි හය වැනිදා තැපැල් දෙපාර්තමේන්තුවේ මුද්දර කාර්යාංශය මගින් නිකුත් කරනු ලැබීය. ජාත්‍යන්තර ප්‍රදීපාගාරයක් වූ බේරුවල බාබරීන් ප්රදිපාගාරය, ඔළලුවිල්, පේදුරුතුඩුව හා කොළඹ ගල්බොක්ක යන ශ්‍රී ලංකාව වටා පිහිටි ප්‍රදීපාගාර හතරක් ඒ මුද්දර මඟින් නිරූපිතවන්නේය.
මේ මුද්දර නිර්මාණය කළ ශිල්පියා විසින් ලංකාවේ දී නිකුත් කරන ලද දිගම මුද්දරය වූ වයිරොයිස් විශේෂ වාෂ්ප දුම්රියේ රුව සහිත මි.මි. 123x 30 ප්‍රමාණයේ මුද්දරය ඇතුළුව මුද්දර සියයකට ආසන්න සංඛ්‍යාවක් මේ වන විට නිර්මාණය කරනු ලැබ තිබේ. 2011 දි නිර්මාණය වූ එම මුද්දරය සමග දුම්රිය පහක අනූ රූ සහිත මුද්දර නිකුත් විය. ඔහු විසින් නිර්මිත විශේෂිත මුද්දර අතර ග්‍රහලෝක නවය හා සූර්යයා සහිත මුද්දර දහයද වේ.
මුද්දර නිර්මාණ කලාව යනු සියුම් සුවිශේෂී ශිල්පීය ක්‍රමවේදයක් වේ. එහිදී චිත්‍ර නිර්මාණයකරණයෙහි ඇති විශේෂ කුසලතා නිර්මාණ ශිල්පීන් විසින් භාවිත කරනු ලබයි. මුද්දර නිර්මාණ කලාව මගින් ශ්‍රි ලංකාවේ චිත්‍ර ශිල්පින්ට ද ලෝකයේ දොරටු විවරකර ගැනීමට අවස්ථාව සැලැසේ. රුවන් ඉන්ද්‍රජිත් උපසේන පළමු වරට මුද්දර නිර්මාණයට දායක වන්නේ 2550 බුද්ධ ජයන්තිය නිමිත්තෙන් නිකුත් කළ මුද්දර සිතුවම් කරමිනි. මුද්දර කාර්යාංශය 2006 වසරේදී තෝරාගත් ශිල්පින් අතර සිටි ළාබාලම ශිල්පියා රුවන් ඉන්ද්‍රජිත් විය. එහිදී ඔහු නිර්මාණය කළ පළමු මුද්දරය වූයේ ලෝවාමහාපාය සහිත මුද්දර යයි. බන්දුල හරිස්චන්ද්‍ර ප්‍රවීන චිත්‍ර ශිල්පියා නිර්මාණය කළ මුද්දරවල රේඛා සිතුවම් නිර්මාණය කිරීමේ අවස්ථාව ද මෙහිදී ඔහුට හිමිවීම ඔහු භාග්‍යක් කොට සලකයි.
දක්ෂ චිත්‍රශිල්පියෙකු වූ රුවන් උපසේන කොළඹ ශාන්ත ජෝශප් විදුහලේ චිත්‍ර ගුරුවරයා ය. චිත්‍ර ශිල්පියෙකු වීම දුර්ලභය. ඔහු පැමිණි මඟ දිගුය. ඒ ගමන් මඟ කිසිලෙසකින් පහසු වූයේ නැත. ඔහුට සවිය වූයේ තම දරුවාගේ කුසලතාව හා සතුට කෙරෙහි අවධානය යොමු කළ ආදරණීය මව්පිය යුවළකගේ සෙනෙහසයි. දෙහිවල ශාන්ත මේරි විදුහලේ අධ්‍යාපනය ලැබූ රුවන් උසස් ලෙස අපොස සාමාන්‍ය පෙළ සමත් වූයේ නැත. කලා විෂයන්ගෙන් උසස්පෙළ හැදෑරීමට ලුම්බිණි මහ විදුහලට අයදුම් පත් යොමු කළ ද ඔහුට උසස් පෙළ හැදෑරීමට පාසලේ දොරටු හැරුණේ නැත. අපේක්ෂා අත්නොහළ රුවන් දිරිගන්වමින් ඔහුගේ පියා තම පුතු ඇඳි සිතුවම් කිහිපයක් සමඟ ලුම්බිණි විදුහල්පතිවරයා හමුවිය. ඒ ගමන ඔහුගේ ජීවිතයට නව දොරටු විවර කර දුන්නේ ය. උසස් පෙළ සමත් වූ රුවන් සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයට ඇතුළත්ව චිත්‍ර විශේෂවේදී උපාධිය හිමිකර ගත්තේය.
අපොස සාපෙළ විභාගයට ඉදිරිපත්ව සිටියදී ඔහු 1996 වසරේ ලංකා කලා සංගමයට එක් විය. තම සහජ කුසලතාවයෙන් හැකියාවන් ඔප නංවා ගත් රුවන්ට එහිදී දක්ෂ හා ප්‍රවීන ගුරුවරුන් යටතේ චිත්‍ර ශිල්පය ප්‍රගුණ කළේය. කලාභවනේ සතිපතා පැවැති චිත්‍ර ප්‍රදර්ශන ද ඔහුට රුකුලක් විය. කලා සංගමයට යොමු වීම තම දිවියේ සන්ධිස්ථානයක් ලෙස රුවන් සලකයි.
“චිත්‍ර ශිල්පය යනු කුමක්ද යන්න මම එහිදී හඳුනා ගත්තා, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ හිටපු චිත්‍ර ශිල්පියෙකු වූ එස්. එම්. සෙනෙවිරත්න මහතා වෙතින් ලද ගුරුහරුකම් මට රුකුලක් වුණා. මම ලුම්බිණි විදුහලට යන්විට ගෙන ගියේ කලා සංගමයේ දි ප්‍රගුණ කරගත් කුසලතාවන් ඔස්සේ ඇඳි සිතුවම්. මා උසස්පෙළ හදාරන්න බඳවා ගත්තේ විශේෂ කුසලතා සහිත සිසුවෙකු ලෙසයි.“
රුවන් ලැබූ ලොකුම ජයග්‍රහණය වන්නේ 1999 වසරේ රාජ්‍ය චිත්‍ර හා මුර්ති උලෙළේ තෙවන ස්ථානය හිමි කර ගැනීමයි.
“මගේ ගුරුවරුන් වගේම දක්ෂ ශිල්පීන් රැසක් සහභාගීවු විවෘත තරගයකින් තෙවන ස්ථානය දිනාගැනීමට ලැබීම භාග්‍යක් වූණා. මගේ ගුරුවරු මට ඒ වෙලාවේ අශිර්වාද කළා. ඒ ආශිර්වාදය මට තවමත් දිරිය දෙනවා. වනජීවි දෙපාර්තමේන්තුව මගින් පවත්වනු ලැබූ කාටුන් චිත්‍ර තරගයේ දී මට පළමු ස්ථානය හිමි වුණා ඒ 2004 වසරේදි. මම ජෝර්ජ් කිට් පදනමේ සාමාජිකයෙක් වුණේ එම පදනම මගින් ආධුනික ශිල්පීන් සඳහා පවත්වන චිත්‍ර ප්‍රදර්ශනයේ දෙවැනි ස්ථානය හිමිකරගෙනයි“ .
ජයග්‍රහණ රැසක් හිමිකරගත් රුවන් තම ජයග්‍රහණ පිළබඳ කතාබහ කරන්නේ ආඩම්බරයෙනි.
රුවන්ගේ ප්‍රථම චිත්‍ර ප්‍රදර්ශනය පවැත්වුණේ 2008 වසරේය. මේ වන විට වියුක්තවාදී (ඇබ්ට්‍රැක්) චිත්‍ර සම්ප්‍රදායෙන් නිර්මාණ කිරීමට වැඩි කැමැත්තක් දක්වන ඔහු (My life) මගේ ජීවිතය යන තේමාව යටතේ චිත්‍ර නිර්මාණයට ප්‍රිය කරයි.
“ ඕනෑම කලාකරුවෙක් එක් එක් යුගවලදි විවිධ තේමා යටතේ නිර්මාණ කරනවා. එකම ශෛලියක් භාවිතය හෝ කාලයත් සමඟ ශෛලීන් වෙනස් කිරීම නිර්මාණකරුවන් සිදු කරනවා. මම හිතන්නේ තව දුරටත් චිත්‍රය යනු පින්සලය පාට හා කැන්වසය පමණක් නොවේ. වියුක්ති වාදි චිත්‍ර නිර්මාණයේ දී විවිධ මාධ්‍ය විවිධ ශෛලින් විවිධ ශිල්පීය ක්‍රම භාවිතයෙන් සිතුවම් නිර්මාණය කරනවා. චිත්‍ර යනු පුළුල් පරාසයක් ඔස්සේ විහිදී ගිය විෂයක් ලංකාවේ ශිල්පීන් බොහෝ දෙනෙක් තවමත් ඒ පිළිබඳ නිසි අවබෝධයකින් නැහැ.
කෙසේ වූවත් මම මුද්දර අඳින්නේ ස්වභාවිකවාදී ශෛලියෙන්.
චිත්‍ර සරල විෂයක් නොවේ. එය අතිශයින් චමත්කාර ජනක ආකර්ෂණීය විචිත්‍රවත් කලාංගයකි. එහෙත් ලංකාවේ චිත්‍ර සඳහා ප්‍රමාණවත් වෙළෙඳ පොළක් නැහැ. එසේ ප්‍රමාණවත් වෙළෙඳ පොළක් නොවිමට හේතුව චිත්‍ර විෂය පිළිබඳ අවබෝධයක් වැඩිදෙනෙකු තුළ නොවීමයි. ලංකාවේ පාසැල් පද්ධතිය තුළ සෞන්දර්ය විෂයට ඇති ඉඩකඩ සලකා බලද්දී, චිත්‍ර විෂයට ඇත්තේ අල්ප මාත්‍ර අවකාශයක්. තම දරුවන් චිත්‍ර විෂය සඳහා යොමු කිරීමට දෙමාපියන් අකමැතිවීම, පුහුණු හා පළපුරුදු ගුරුභවතුන් නොමැති වීම ඊට හේතුවේ.
“චිත්‍ර කියන්නේ විද්‍යාවටත් ඈතට ගිය මිනිස් සිත ප්‍රබෝධමත් කර කුසලතා අවදි කරවන විෂයක්. වෙහෙසකාරී මොහොතක චිත්‍රයක් ඇඳීමෙන් සිත සන්සුන් කර ගැනීමට, වෙහෙස නිවා ගැනීමට මෙන්ම ප්‍රබෝධමත් බව වැඩි කර ගැනීමට එය උපකාරයක් වෙනවා. වෙළෙඳ පොළක් නැති විෂයකට දරුවන් යොමු කිරීමට දෙමාපියන් අකමැති වූවද දරුවන්ගේ මනස ප්‍රබෝධමත් කිරීමට, බුද්ධිය අවධි කිරීමටත් චිත්‍ර සමත් එනිසා යම් දරුවෙක් චිත්‍ර සඳහා කැමැත්ත දක්වන්නේ නම් ඔහුට බාධාකරන්න හොඳ නෑ. එය දරුවන්ගේ අභිවෘද්ධිය හේතු කරගැනීමට අවස්ථාව සලසා දිය යුතුයි.“
චිත්‍ර වලට ඉල්ලුම පවතින්නේ පුද්ගල ආර්ථික තත්ත්වය මතයි. ඒත් රසවින්දන හැකියාව පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස්වේ. ස්වභාවික චිත්රයකදී රසිකයා චිත්‍රය අවබෝධ කර ගත්ත ද වියුක්තවාදී සිතුවමක් පිළිබඳ චිත්‍ර ශිල්පියා කතා කළ යුතුය. නමුත් සිතුවම ආකර්ෂණිය, දැකුම්කලු, හැඟීම්දනවන තත්ත්වයක වීම වැදගත්වේ.රසිකයා ගේ හා නිර්මාණකරුවාගේ දැක්ම හා දැනුම අත්දැකීම් මත චිත්‍රය මගින් විවිධ අදහස් ප්‍රකාශ කරයි.
“ චිත්‍ර කියන්නේ තව දුරටත් මාතෘකාවක් නොවෙයි. චිත්‍ර ශිල්පියාගේ හැඟීම් හා භාව නිරූපණය කරන දෘෂ්ටි ප්රකාශනයක්.“
චිත්‍ර වර්ණ සංයෝජනය කෙරෙහි ශිල්පීහු විශේෂයෙන් අවධානය යොමු කරති. විවිධ වර්ණ කෙරෙහි රසික නෙත ඇදි ගියද සුදු හා කළු වර්ණ අතර ලොව ඇති සියලුම වර්ණ ඇති බව පවසන රුවන් මේ වන විට කළු හා සුදු වර්ණ භාවිතයෙන් නිර්මාණ කිරීමට වඩාත් ප්‍රිය කරයි.
“වර්ණ භාවිතය ගැන කතා කරනව නම් හොඳම වර්ණ සංකලනය දක්නට ලැබෙන්නේ කුඩා දරුවන්ගේ සිතුවම් වල ඇතැම් වැඩිහිටි ශිල්පින් ඒ වර්ණ සංකලන තමන්ගේ සිතුවම්වලට භාවිත කරන අවස්ථා තියෙනවා. කුඩා දරුවන් සිතුවම් අඳිද්දි ඔවුන්ට වර්ණ භාවිතය හෝ චිත්‍ර කරණය පිළිබඳ ඉගැන්විය යුතු නැහැ. දරුවන් චිත්‍ර මගින් බුද්ධිය කුසලතා හා හැඟීම් හා භාව ප්‍රකාශ කරනවා. එය විද්‍යාත්මක ක්‍රමයක් ඔස්සේ ක්‍රියාත්මකවන්නක්. දරුවන් සංයමයෙන් ඉවසීමෙන් යුත් පුද්ගලයන් බවට පත්කර ගැනීමට චිත්‍ර කලාව වෙත යොමු කිරීමෙන් හැකියාව ලැබෙනවා. අනෙක් සියලු සෞන්දර්ය විෂයන් අභිබවා චිත්‍ර කලාව මිනිස් සිත ප්රබෝධයට පත්කරනවා“
යහපත් පරපුරක් ආවේගශීලී බවින් තොර සමාජයක් අපට අවශ්‍යවී තිබේ. අනාගත පුරවැසියා හික්මීමෙන් යුතු අයෙකු කර ගැනීමට පාසල් විෂය මාලාව අතර චිත්‍ර විෂයට විශේෂ අවස්ථාවක් ලබාදීම හා පුහුණු චිත්‍ර ගුරුවරුන් පාසල් වෙත යොමු කිරීම වැදගත් වේ. වර්තමානයේ පාසල් චිත්‍ර ගුරුවරයෙකුට වූවත් දරුවන්ගේ අනාගතය ගොඩනැඟීමට අවකාශයක් නැහැ. ඒ අධ්‍යාපන ක්‍රමවේදයේදී කොළ පිරවීම ඇතුළු කාර්යයන්ට යොමු වීමට සිදුව ඇති බැවිනි.
“අනාගතයේ චිත්‍ර ශිල්පියෙකු වන්නට අපේක්ෂිත දරුවෙකුට කියන්න කැමතියි දැන් ලංකාව ලෝකට විවෘතයි. චිත්‍ර සඳහා වෙළෙඳ පොළක් තියෙනවා. මේ වන විට චිත්‍ර තාක්ෂණය සමඟ ඉදිරියට ගිය ප්‍රබල විෂයක් චිත්‍ර ශිල්පියෙක් ග්‍රැපික් නිර්මාණ ශිල්පියෙක් වීම තුළින් හොඳ වෙළෙඳ පොළක් නිර්මාණය කරගන්න පුළුවන්.“
නිර්මාණකරුවෙක් වඩාත්ම සතුටුවන්නේ නිදහස් නිර්මාණකරුවෙකු ලෙස නිර්මාණ කිරීමෙන් මුද්දර නිර්මාණය රුවන් ගේ කලා දිවියේ එක් අංගයක් පමණයි. ඔහු නිර්මාණකරණයට යොමු වුණේ තම පවුලේ ආභාෂයෙනි.
“ඡායාරූප ශිල්පියෙකු ලෙස මගේ අය්යා චමින්ද උපසේන දෙස් විදෙස් සම්මාන ලැබුවා. ඕනෑම නිර්මාණකරුවකුට ගුරුවරයෙක්, මඟ පෙන්වන්නෙක්, වීරයෙකුත් ඉන්නවා. මගේ දිවියට ආලෝකය වැටුණෙ අය්යගෙන්, මම නිර්මාණකරුවෙක් වීමේ ගෞරවය හිමිවන්නේ මගේ අය්යා චමින්ද උපසේනටයි”
චිත්‍ර යනු තවත් විෂයක් පමණක් නොවේ. චිත්‍ර කලාව මිනිසා සංයමයෙන් ප්‍රබෝධයෙන් යුතු බුද්ධිමත් පුද්ගලයෙකු බවට පත්කරවයි. එබැවින් සෑම දරුවෙකුම කුඩා අවධියෙහි සිට චිත්‍ර විෂය කෙරෙහියොමු කරවීමට වැඩිහිටියන් අවධානය යොමු කළ යුතුවේ. එවිට ආවේගයන්ගෙන් ප්‍රකෝප නොවන නිර්මාණශීලී නීති ගරුක බුද්ධිමත් පුරවැසියන් පිරිසක් අනාගතයේ දී බිහිකර ගත හැකිවනු ඇත.