
අද සාහිත්‍යයෙන් ඉංග්‍රීසි යටතේ ස්වභාව ධර්මය හා සම්බන්ධ කවියක් හා ගීතයක් ඔබට හමුවේ. මෙම ගීතය Danny Boy නම් වූ අයර්ලන්තයේ සිට පැමිණි ජනප්‍රියතම ගීතයක් ලෙස සැලකේ.
Written in March
William Wordsworth
The cock is crowing,
The stream is flowing,
The small birds twitter,
The lake doth glitter
The green field sleeps in the sun;
The oldest and youngest
Are at work with the strongest;
The cattle are grazing,
Their heads never raising;
There are forty feeding like one!
Like an army defeated
The snow hath retreated,
And now doth fare ill
On the top of the bare hill;
The plowboy is whooping- anon-anon:
There's joy in the mountains;
There's life in the fountains;
Small clouds are sailing,
Blue sky prevailing;
The rain is over and gone!
මාර්තු මාසයේ ලියන ලද්දක්
විලියම් වර්ඩ්ස්වර්ත්
කුකුළා හඬලයි,
නදිය ගලා යයි,
කුඩා කුරුල්ලෝ කිචි බිචි ගාති,
වැව ගලා බසියි
කොළ පාට පිට්ටනිය හිරු එළියේ නිදයි;
වැඩිමහලුම තැනැත්තෝ හෝ තරුණම අය
ශක්තිවන්තයන් සමඟ එකට වැඩ කරති;
ගොන්නු තණ කති,
හිස් නො ඔසවා;
හතලිස් දෙනකු එකා මෙන් කමින්!
පැරදුණු හමුදාවක් මෙන්
හිම පසුබා ඇත,
දැන් දුකට පත්ව
හිස් කඳු මුදුනක;
ගැමි කොලුවා සතුටින් කෑ ගසයි - දැන් දැන්ම;
කඳුවල සතුට ඇත;
දිය උල්පත්වල ජීවය ඇත;
කුඩා වලාකුළු පා වී යයි,
නිල් අහස ජයගෙන ඇත;
වැස්ස අවසන් ව ගොස් ඇත!
විලියම් වර්ඩ්ස්වර්ත් (1770 - 1850) රොමාන්තික යුගයට අයත් ප්‍රධානතම ඉංග්‍රීසි ජාතික කවියකු ලෙස සැලකේ. සැමූවෙල් ටේලර් කෝල්රිඩ්ජ් සහ විලියම් වර්ඩ්ස්වර්ත් විසින් රචිත Lyrical Ballads නම් වූ 1798 දී පළවුණු කවි පොත රොමාන්තික යුගයේ උත්පත්තියට පාදක වුණ ග්‍රන්ථය ලෙස සැලකේ. මෙම යුගයට අයත් කවීහු ස්වභාව ධර්මය වෙත ඉමහත් ගෞර්වයක් දක්වති.
Danny Boy
Frederick E. Weatherly
Oh, Danny boy, the pipes, the pipes are calling
From glen to glen, and down the mountain side.
The summer's gone, and all the roses falling,
It's you, it's you must go and I must bide.
But come ye back when summer's in the meadow,
Or when the valley's hushed and white with snow,
It's I'll be here in sunshine or in shadow,
Oh, Danny boy, oh Danny boy, I love you so!
But when ye come, and all the flowers are dying,
If I am dead, as dead I well may be,
You'll come and find the place where I am lying,
And kneel and say an Ave there for me.
And I shall hear, though soft you tread above me,
And all my grave will warmer, sweeter be,
For you will bend and tell me that you love me,
And I shall sleep in peace until you come to me!
And I shall sleep in peace until you come to me!
ඩැනී කොල්ලෝ
ෆෙඩ්රික් වෙදර්ලි
ඩැනී කොල්ලෝ, නළා හඬ අඬ ගසයි
නිම්නයෙන් නිම්නයට කඳු බෑවුමෙන් පහළට,
ග්‍රීෂ්ම ඍතුව අවසන්ය, සියලු මල් පර වී යයි
ඔබයි, ඔබයි යා යුතු, මා මෙහි සිටිය යුතුය
එහෙත් ඔබ ආපසු එන්න දෙණියට ග්‍රීෂ්මය ආ විට
හෝ නිම්නය හිමෙන් වැසී නිහඬව සිටින විටක
මම මෙහි ඉන්නම් හිරු එළියෙහි හෝ හෙවණැල්ලෙහි
ඩැනී කොල්ලෝ, මම ඔබට එතරම් ආදරෙයි
ඔබ පැමිණේ නම් සියලුම මල් පර වී යන විට
එවිට මම මැරී ඇති නම් පහසුවෙන් මැරී සිටීමට හැකි නිසා
ඔබ පැමිණ සොයා ගනීවි මා සැතපෙන තැන
එවිට ඔබ දණ ගසා මා වෙනුවෙන් යම් යාඤ්ඤාවක් කරාවි
මට ඇහේවි ඔබව ඔබ මා ඉහළින් හෙමිහිට පා තැබූව ද
මගේ සියලු සිහින වඩා උණුසුම් හා මිහිරි වනු ඇත
මට ආදරෙයි කීමට ඔබට අමතක නොවනු ඇත
මම සාමයෙන් නිදා ඉන්නෙමි ඔබ මා වෙත පැමිණෙන තුරු!
මම සාමයෙන් නිදා ඉන්නෙමි ඔබ මා වෙත පැමිණෙන තුරු!
ෆෙඩ්රික් වෙදර්ලි (1848-1929) ඉංග්‍රීසි ජාතිකයෙකි. ඔහුගේ වචන පැරණි අයර්ලන්ත තනුවකට 1910 දී ලියන ලද්දක්ය. මෙම ගීතය ප්‍රසිද්ධ ඇමරිකානු ගායකයන් විසින් ගයන ලද හෙයින් සහ චිත්‍රපටිවල යෙදුණ හෙයින් ඉතා ජනප්‍රිය භාවයට පත්විය. Youtube චැනලයට ගොස් මෙම නම ගැසූ විට ඔබට මෙම ගීතය රස විදීමට හැකිවනු ඇත.
ව්‍යාකරණ ඉඟිය
මෙම කවියෙන් හා ගීතයෙන් Present Continuous Tense (වර්තමාන නොකඩවා කෙරෙන කාලය) යෙදෙන ආකාරය පැහැදිලිව පෙන්වා දෙයි. මෙම ක්‍රියා පදය යොදන්නේ යමක් කියන විට හෝ ලියන විට සිදුවෙමින් පවතින දේ විස්තර කිරීමටය. මෙම ක්‍රියා පදය සදන්නේ be ක්‍රියා පදය (උක්තය අනුව be වරනැගේ.” එනම් I = am/we, you, they = are/he, she, it = is) සහ ප්‍රධාන ක්‍රියා පදය අගට ingයෙදීමෙනි.
උදාහරණ:-
The sun is shining. හිරු බබළයි.
He is not talking to me these days. ඔහු මේ දවස්වල මට කතා නොකරයි.
ඉංග්‍රීසි භාෂාව ඉගැන්වීමේ අධ්‍යයනාංශය ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය