
නවකතා සඳහා පරිසර නිර්මාණය කිරීමෙහිලා ගල්දෝස්ට ඇත්තේ අපූර්ව දක්ෂතාවයකි. ඔහුගේ ස්වභාව විද්‍යාත්මක නිරීක්ෂණ හා මනෝවිද්‍යාත්මක ප්‍රකාශයන් පාඨකයාගේ සිත ඇද බැඳ තබාගැනීමට සමත්වේ. මුදලින් චංචල වූ සමාජයේ සියලුම දේවල් ඔහු වචනවලින් විස්තර කළේ ය. මනුෂ්‍යත්වය, නිහතමානී බව, දරිද්‍රතාවය, සමාජ අසාධාරණත්වය, දේශපාලනය, නිදහස හා සත්‍යවූ නිමල වූ කාමුක නොවන ආදරය නිර්මාණ සඳහා තේමා කොට ගත්තේ ය.
බෙනිතෝ පෙරේස් ගල්දෝස් (BENITO PEREZ GALDOS) හොඳ නවකතාකරුවකු මතු නොව නාට්‍යවේදියකු, පුවත්පත් කලාවේදියකු මෙන් ම ජනහිතකාමී දේශපාලනඥයකු වශයෙන් ලොව කීර්තිමත් නාමයක් දිනූවෙකි. ලෝක සාහිත්‍ය ඉතිහාසය පිළිබඳ කෙටි සටහන් ඇතුළත් LITERATURA FACIL (සාහිත්‍යය පහසුවෙන්) නමැති විශ්ව කෝෂයේ මොහු හඳුන්වා දී ඇත්තේ දහ නව වැනි සියවසේ හොඳම නවකතා නිර්මාණකරුවා, මධ්‍යම පාංතික චරිත සිත්තම් කරන්නා ආදී වශයෙනි.
‘නෙලා’ චිත්‍රපටය දැන් සිනමාහල් කීපයකම දර්ශනය වෙමින් පවතී. ඒ සඳහා ඇසුරුකොටගෙන ඇත්තේ ස්පාඤ්ඤ ලේඛක බෙනිතෝ පෙරේස් ගල්දෝස් BENITO PEREZ GALDOS (1843 – 1920) ගේ ‘මරියනෙලා’ (MARIANELA) නමැති නවකතාවෙන් මවිසින් සිංහලයට නගන ලද ‘නෙලා’ කෘතියයි.
නවකතාව හා චිත්‍රපටය පිළිබඳ දොස් නිදොස් පාඨකයන්ට හා ප්‍රේක්ෂකයන්ට ඉඩ තබා, මෙම නවකතාව ස්පාඤ්ඤ බසින් මුල් වරට කටු සටහනක් වශයෙන් පැන්සලෙන් ලියූ කතුවරයා සහ ඔහුගේ ප්‍රතිභාපූර්ණ නිර්මාණ පිළිබඳව සටහනක් තැබීම මේ ලිපියේ අරමුණයි.
නවකතාවක් සිනමාවට නැඟීම ඉතා වැදගත් චමත්කාරි මෙන් ම බහුල ලෙස විවේචනයට ලක්වන කටයුත්තක් ද එමෙන් ම හොඳ ගනුදෙනුවක් ද වෙයි.
හොඳ පොත් සිනමාවට නැඟීම වඩාත් ලොව ප්‍රසිද්ධියට පත්ව ඇත්තේ ඉංග්‍රීසි භාෂාවෙන් රචිත (චාල්ස් ඩිකන්ස් ගේ GREAT EXPECTATIONS, චමිලි බ්රොන්ටේගේ WUTHERING HEIGHTS, බොරිස් පැස්ටර්නැක්ගේ DR. SHIVAGO… ආදී වූ) ඉංග්‍රීසි නවකතා සිනමාවට නැඟීමෙන් පසුව බව ප්‍රකට ය.
ස්පාඤ්ඤ සාහිත්‍යය හා සිනමාව අතර සම්බන්ධයක් ගැන මුල් වරට කියැවෙන්නේ ජොඅකින් (JOAQUIN), විසෙන්තේ (VICENTE), බාර්බෙරෝ (BARBERO) ආදී ලේඛකයන්ගේ නවකතා සිනමාවට නැඟීමත් සමඟ ය.
ඉන්පසු 1970 දී පමණ මැඩ්රිඩ් නගරයේ ‘කොම්ප්ලුටෙන්සේ’ (COMPLUTENSE) විශ්ව විද්‍යාලයේ දර්ශන විද්‍යා පීඨය හා සාහිත්‍ය පීඨය එකමුතුව ‘සාහිත්‍යය හා සිනමාව’ මැයෙන් පර්යේෂණ කරන ලදී. එහි මුල් අදියර වූයේ ‘සාහිත්‍යය හා සිනමාව අතර සෞන්දර්යාත්මක සම්බන්ධය’ මැයෙන් අන්තෝනියෝ ලාරා (ANTONIO LARA) නමැති ලේඛකයා විසින් ප්‍රකාශයට පත් කරන ලද ‘ප්‍රබන්ධ’ ය යි. එහි වඩාත් සාර්ථක හා ජයග්‍රාහී ‘නවකතාවකින් ගොඩනැඟූ චිත්‍රපටය’ ලෙස උදාහරණයකට ගෙන ඇත්තේ ‘ට්‍රිස්ටානා’ TRISTANA) චිත්‍රපටය යි.
එය, අධියථාර්ථවාදී සිනමාවේ නිර්මාතෘ ලෙස ලෝක ප්‍රකට ලුවිස් බුඣුඑල් (LUIS BUNUEL) විසින් 1970 සිනමාවට නගන ලද්දකි. පෙරේස් ගල්දෝස් ගේ ‘ට්‍රිස්ටානා’ (1892) නවකතාව චිත්‍රපටය සඳහා ඇසුරු කොටගෙන තිබේ.
එකී ‘ට්‍රිස්ටානා’ චිත්‍රපටය 1970 ඔස්කාර් සම්මාන උලෙළේදී සම්මානනීයත්වයට පත් විය.
එම සිනමාකරුවා විසින් ඊට පෙරදී ද එනම් 1961 දී ගල්දෝස්ගේ ‘හල්මා’ (HALMA) 1895 නවකතාව ඇසුරු කොට ගෙන ‘විරිදියානා’ (VIRIDIANA) නමින් චිත්‍රපටයක් නිෂ්පාදනය කරනු ලැබූ අතර එයට කාන්ස් (CANNS) චිත්‍රපට උලෙළේදී Golden Palm සම්මානය හිමි වුණි.
ඊටත් පෙරදී එනම් 1959 දී ගල්දෝස්ගේම තවත් නවකතාවක් නසරින් (NAZARIN – 1895) චිත්‍රපටගත කළ අතර ඒ සඳහා 1959 දී Canns චිත්‍රපට උලෙළේදී ජාත්‍යන්තර සම්මානයකුත් මැක්සිකෝවේදී, ‘විදෙස් බසකින් දෙබස් සහිත හොඳම චිත්‍රපටය’ වශයෙන් ඇකඩමි සම්මානයකුත් ලැබිණි.
පෙරේස් ගල්දෝස් ගේ මරියනෙලා (1875) නවකතාව තෙවරක් ම Angelino Fon සිනමාකරුවා අතින් 1972 දී ද B. Perojo සිනමාකරුවා අතින් 1940 දී ද Julio Porter සිනමාකරුවා අතින් 1955 දී ද) සිනමාවට නඟා තිබේ.
එම නවකතාව ඇසුරින් ටෙලිනාට්‍ය ද ඔපෙරා ආදිය ද කලින් කල නිෂ්පාදනය වී ඇති බව හෙළි වේ.
මෙකී නොකී කරුණුවලින් පැහැදිලි වන්නේ ගල්දෝස් ලේඛකයා නමින් පමණක් හඳුනාගත යුතු නිර්මාණකරුවකු නොවන බව යි.
බෙනිතෝ පෙරේස් ගල්දෝස් (BENITO PEREZ GALDOS) හොඳ නවකතාකරුවකු මතු නොව නාට්‍යවේදියකු, පුවත්පත් කලාවේදියකු මෙන් ම ජනහිතකාමී දේශපාලනඥයකු වශයෙන් ලොව කීර්තිමත් නාමයක් දිනූවෙකි.
ලෝක සාහිත්‍ය ඉතිහාසය පිළිබඳ කෙටි සටහන් ඇතුළත් LITERATURA FACIL (සාහිත්‍යය පහසුවෙන්) නමැති විශ්ව කෝෂයේ මොහු හඳුන්වා දී ඇත්තේ දහ නව වැනි සියවසේ හොඳම නවකතා නිර්මාණකරුවා, මධ්‍යම පාංතික චරිත සිත්තම් කරන්නා ආදී වශයෙනි.
මොහුගේ යථාර්ථවාදී රොමෑන්තික නිර්මාණ, දෙවැනි වන්නේ ලොව වඩාත් අලෙවි වූ ග්‍රන්ථය, හා යුරෝපා සාහිත්‍යයේ ප්‍රථම පරිපූර්ණ නූතන නවකතාව වන ‘දොන් කිහෝතේ’ (DON QUIJOTE) නිර්මාතෘ සෙර්වන්තේස් (CERVANTES) ගේ උපදේශක නවකතාවලට පමණක් බව පිළිගැනීම යි.
තවද ගල්දෝස් ගේ පුවත්පත් ලිපි හා පර්යේෂණාත්මක නිර්මාණ ආදිය චාල්ස් ඩිකන්ස්, බල්සාක්, ටොල්ස්ටෝයි ආදී මහා ගත්කරුවන්ගේ ලේඛන හා සමකළ හැකි බව පැවසේ.
නවකතා සඳහා පරිසර නිර්මාණය කිරීමෙහිලා ගල්දෝස්ට ඇත්තේ අපූර්ව දක්ෂතාවයකි.
ඔහුගේ ස්වභාව විද්‍යාත්මක නිරීක්ෂණ හා මනෝවිද්‍යාත්මක ප්‍රකාශයන් පාඨකයාගේ සිත ඇද බැඳ තබාගැනීමට සමත්වේ.
මුදලින් චංචල වූ සමාජයේ සියලුම දේවල් ඔහු වචනවලින් විස්තර කළේ ය. මනුෂ්‍යත්වය, නිහතමානී බව, දරිද්‍රතාවය, සමාජ අසාධාරණත්වය, දේශපාලනය, නිදහස හා සත්‍යවූ නිමල වූ කාමුක නොවන ආදරය නිර්මාණ සඳහා තේමා කොට ගත්තේ ය.
ඔහුගේ නිර්මාණවලින් පරාවර්තනය වූයේ ජීවිතවල සමාජ යථාර්ථයයි. ගල්දෝස් නිර්මාණකරණය ගැන මෙසේ පවසයි.
‘නවකතාව’ යනු ජීවිතයේ ප්‍රතිබිම්බය යි. නැතහොත් යථාර්ථයේ කලාත්මක පිටපතයි.
ගල්දෝස් ප්‍රධාන වශයෙන් යථාර්ථවාදී නවකතා තිස් එකක්, ජාතික අතුරු කතා හතළිස් හයක්, නාට්‍ය විසි තුනක්, කෙටි ප්‍රබන්ධ විස්සක් ආදී වශයෙන් නිර්මාණ විශාල ප්‍රමාණයක් විශ්ව සාහිත්‍යයට දායාද කොට තිබේ. මෙම නිර්මාණවලින් බොහොමයක් චිත්‍රපටවලට නඟා තිබේ.
ගල්දෝස් ගේ නවකතාවලට පාඨක හා ප්‍රේක්ෂක ජනතාව මෙතරම් ප්‍රිය කරන්නේ ඔහු සිය කෘති තුළින් කාන්තාවට ලබාදී ඇත්තේ සමාජය කාන්තාව දෙස බලන දෘෂ්ටීය ආදරණීය කරලීමට ය.
ඔහු කාන්තාවගේ බුද්ධිමත් බව හෙළි කිරීමට උත්සාහ දැරී ය. කාන්තාවන්ගේ හදවතේ ඇති උතුම් ගති පැවැතුම් යථාර්ථවාදීව මිනිස් හදවත් තුළ ගෞරවනීය කරලීය.
එකල අනාථ, අසරණ, දිළිඳු, අවලක්ෂණ, කාන්තාවන් මධ්‍යම පාංතික සමාජය හෑල්ලුවට ලක් කළහ. කොන් කළහ. ඇතැමුන්ට වහලුන්ට මෙන් සැලකූහ. එවැනි අවස්ථාවනට ලක්ව පීඩනයට පත් කාන්තාවගේ දුක, කඳුළ, සන්තාපය කතුවරයා යථාර්ථවාදී ව ස්පාඤ්ඤ බසේ හොඳම වදන් උපයෝගී කරගෙන විනිවිද පේන සුලු විලාසයෙන් ලිවීය.
ව්‍යක්ත ලෙස ලිවීමේ හා කීමේ ශාස්ත්‍රය ඔහු මැනවින් ප්‍රගුණකර සිටියේ ය.
‘මරියනෙලා’ නවකතාව හරහා මෙකී නොකී ලක්ෂණ පැහැදිලිව හඳුනාගත හැකි වෙයි.
අනාථ, අසරණ, දිළිඳු, අවලක්ෂණ ළා බාල තරුණියක වූ නෙලා ධනවත් අන්ධ තරුණයාට ආරක්ෂාව සලසා දෙමින් ඔහුට සැබෑ මාර්ගෝපදේශිකාවක් ව මිතුරියක්ව හා පසුව පෙම්වතියක්ව සිට ඇය මුහුණදුන් ජීවිතයේ යථාර්ථයයි, මරියනෙලා නවකතාව වන්නේ.
බෙනිතෝ පෙරේස් ගල්දෝස් කතුවරයා කලක් දෙනෙත් අන්ධව සිටි බැවින් ඔහුගේ අත්දැකීම් ද මරියනෙලා නවකතාවට එකතු වූවා වෙන්නට බැරි නැත.
මෙම කතුවරයාගේ ජීවන පුවත්වලින් එළිදරව් වී ඇත්තේ ඉතා සුළු ප්‍රමාණයකි. එය ද කතුවරයා විසින් ලියා තබා තිබූ දින සටහන්වලිනි.
තනිකඩයෙක් වශයෙන් කල් ගෙවා ඇති ගල්දෝස්ගේ ජීවිතය හැඟුම්බර අත්දැකීම්වලින් පිරුණු එකක් බවත් කලක් දේශපාලනයේ නිරතව සිටි බවත් රාජකීය විශ්ව විද්‍යාලයේ උප ප්‍රධානියා ලෙස සේවය කළ අවධියේ, දෙනෙත් අන්ධ වූ බවත් එකල කියවනවිට ලිවීම ආධාරයෙන් නිර්මාණ කටයුතු සාර්ථක කර ගත් බවත් ඔහුගේ මිතුරකු වූ අයාලා (Ayala) නමැති ලේඛකයා පවසයි.
ගල්දෝස් සිය ජීවිතයේ අවසන් කාලය ගතකොට ඇත්තේ දරිද්‍රතාවයෙන් පෙළෙමින් බවත් නිර්මාණ විකුණා දැමීමට පවා සිදුවූ බවත් සැළ වේ.
එනිසා ම මානසික හා කායික පීඩාවට පත්ව ගිලන්ව 1920 ජනවාරි හතර වැනිදා සදහටම ඒ අඳ දෙනෙත පියැවිණ.
1943 මැයි මස දහ වැනිදා කැනේරියානු දූපත්වලට අයත් ‘පල්මාස්’ (LAS PALMAS) ප්‍රාන්තයේ මධ්‍යම පාන්තික පවුලක දහ වැනි දරුවා ලෙස උපත ලැබූ බෙනිතෝ පෙරේස් ගල්දෝස් එසේ ජීවිතයෙන් සමුගෙන ගිය ද විශ්ව සාහිත්‍යය හා සිනමා ඉතිහාසයේ ඔහුගේ නාමය තවමත් බැබැළෙමින් පවතී.
සිනමාවට නඟා ඇති, ගල්දෝස් ගේ නවකතා
කීපයක් සිනමාවට නගා ඇති වර්ෂයන්
LA DUDA – 1897 (සැකය) 1916
EL ABUELO – 1897 (සීයා) 1925
MARIANELA – 1878 (මරියනෙලා) 1940
LA LOCA DE CASA – 1892
(නිවසේ පිස්සි) 1926
NAZARIN – 1895 (නසරින්)1959
FORTUNATA Y JACINTA (වාසනා සහ
ජසින්තා) 1969
TRISTANA – 1892 (ට්‍රිස්ටානා)1970
LA DUDA – 1897 (සැකය)1972
EL ABUELO – 1897 (සීයා)1998
HALMA – 1895 (හල්මා) 1961 (විරිදියානා)
2018 (නෙලා)
මෙම ලැයිස්තුවට ශ්‍රී ලංකාවෙන් ද මුල්වරට ස්පාඤ්ඤ නවකතාවක් විශ්වීය සිනමාවට එක්වීම සතුටට කරුණකි.