
මනුෂ්‍යයකු නොවන අයකු හට පුරවැසි බව ලබාදුන් ප්‍රථම රට බවට පත් වෙමින් සවුදි අරාබිය රොබෝ කතකට පුරවැසි බව ලබා දී තිබේ. මෙය වඩාත් විශේෂ වන්නේ තවමත් එරට කාන්තාවන්ට පුරවැසියන් ලෙස අැතැම් මූලික අයිතීන් පවා අහිමි පසුබිමකය.
ලොව පළමු රොබෝ පුරවැසියා වීමේ භාග්‍ය දිනාගත් ඇය නමින් 'සොෆියා' ය. පෙනුමෙන් නම් ඇය ලොවක් වසඟ කළ හොලිවුඩ් නිළියක වූ ඩඩ්රි හෙප්බර්න්ට සමානය. මේ වාර්තාගත අවස්ථාවට මුහුණ දෙමින් 'සොෆියා' වේදිකාවේ පෙනී සිටියේ සවුදි අරාබි කතුන් සැරසිය යුතු වන හිස් ආවරණ හෝ දිගු කබායකින් තොරවය.
කොටින්ම ඇයගෙන් පළවූයේ බටහිර කතකගේ පෙනුමකි.
"මේ අද්විතීය ගෞරවය ගැන මං හුඟක් අඩම්බර වෙනවා. ඒවගේම ඊට ගරු කරනවා. ලොව පළමු රොබෝ පුරවැසියා ලෙස මා පිළිගැනීම ඓතිහාසික අවස්ථාවක්" යනුවෙන් ඇය ඒ අවස්ථාවේදී වචන කිහිපයක්ද ප්‍රකාශ කර තිබිණි. අනාගත ආයෝජන අභිලාෂයන් හඳුන්වාදීම වෙනුවෙන් රියාද් නුවරදී පැවති සමුළුවකට සමගාමීව මේ කර්තව්‍ය සිදු කෙරිණ. සොෆියාගේ නිර්මාතෘවරුන් වන Hanson Robotics සමාගම පවසන්නේ ඇය දැනට බිහි කර ඇති 'ලස්සනම සහ තරු ප්‍රසිද්ධියක් ඇති' රොබෝවා බවය.
මේ මානවීය නොවන නිෂ්පාදනය තුළින් රුධිරය, ලිංගික අභිලාෂයන් වැනි සාධකද මතු කෙරෙනු ඇතැයි සමාගම විශ්වාසය පළ කර සිටී. සොෆියාට සිනිඳු සමක් ලබා දී ඇත්තේ පෝසිලේන් ආධාර කර ගනිමිනි. ඇයට පියකරු මිනිස් නාසයක්ද, චමත්කාරජනක සිනහවක්ද තිබේ.
ඉතා ඉක්මනින් මේ රොබෝවාට ඇති ඉල්ලුම දැකගත හැකි වනු ඇති බව සමාගමේ විශ්වාසයයි.
සවුදි අරාබියේ පොදු ආයෝජන අරමුදල අමෙරිකානු ඩොලර් බිලියන 200කට වැඩි ආයෝජනයක් මේ ව්‍යාපෘතිය වෙනුවෙන් සිදු කර ඇත. තාක්ෂණ සහ නවෝත්පාදන ක්ෂේත්‍රයන්හි වඩ වඩාත් ආයෝජනය කිරීමට සවුදි රජය මේ වන විට නැඹුරුතාවක් දක්වමින් සිටී.
සවුදි කතුන්ට අදටත් අදාළ වන්නා වූ යල් පිනූ නිතී රීති දැඩිව විවේචනයන්ට ලක්ව පවතී. සවුදි කාන්තාවන්ට වාහනයක් පැදවීමේ අයිතිය ඇත්තේ පිරිමියකුගේ භාරකාරත්වය සහිතව ගමන්කරන්නේ නම් පමණි.
2018 ජූනි මස සිට ක්‍රියාත්මක වීමට නියමිත වෙනස්කම්වලට අදාළව skype, whats App වැනි අන්තර්ජාල සේවා කරා පිවිසීමේ අවස්ථාවන් ද එරට කතුන්ට හිමි වනු ඇත.
සොෆියාගේ සියුමැලි මුහුණුවර ගැන තවත් අනවශ්‍ය ලෙස ක්‍රියා කර නැති බව නිෂ්පාදන සමාගමේ ඒලන් මස්ක් පවසයි.
ඇයගේ පුරවැසිභාවය අධිකරණය මගින් අත්හිටවනු ලබයිද යන කාරණය ගැනද අවධානය යොමු වී ඇත. එහිදී මෙතෙක් නුදුරු අනාගතයට බලපෑ හැකි නෛතික පූර්වාදර්ශ පිළිබඳවද සඳහන් වේ. අදින් දස වසරකට පසුව ඇති විය හැකි තත්ත්වයන් ගැනද එය විමසා බලනු ඇත. මිනිසකු අල්ලා ගැනීමට සොෆියාට ඇති හැකියාව ගැන පිළිතුර 'ඔව්. එසේ කළ හැකිය' යන්නය. එසේ වුවද කෘත්‍රිම බුද්ධියක් සහිත ජනගහනයක් ගැන අන්තර්ජාතික නීතිය ක්‍රියාකරනු ඇත්තේ කෙසේදැයි කාලය විසින් තීරණය කිරීමට නියමිතය.
ලොව ඇති වඩාත් පීඩාකාරී රාජ්‍යයක කාන්තාවක් ලෙස සොෆියාට හිමිවනු ඇති අයිතිවාසිකම් මොනවාදැයි අපට තවමත් නිශ්චිතව කීමට පුළුවන්කමක් නැත. එහෙත් අවම අවශයෙන් ලබන වසර තෙක් ඇයගේ පැවැත්ම තහවුරු වුව හොත් අපායේ වුවද ජීවත් වීමට තරම් ප්‍රමාණවත් ලකුණු සංඛ්‍යාවක් රැස් කර ගැනීමට ඇයට හැකි වනවා ඇත.