
වායු සමන යන්ත්‍රය නිවෙසේ ඉතා ඉහළ විදුලිය පරිභෝජනයක් සහිත විදුලි උපකරණයකි. කාමරයක සවි කරන කුඩා වායුසමන යන්ත්‍රයකින් සාමාන්‍යයෙන් වොට් 1000 – 1300 තරම් විදුලිය ප්‍රමාණයක් පරිභෝජනය කෙරේ. එවැනි යන්ත්‍රයක් රාත්‍රි පැය 8ක පමණ කාලයක් ක්‍රියාත්මක කර තැබුවහොත් එම නිවෙසේ විදුලි බිලට මසකට ඒකක 240 – 310 අතර ප්‍රමාණයක් එකතු වේ. මේ නිසා වායු සමන යන්ත්‍රයක් භාවිතයට ගැනීම වියදම් වැඩි කරවන්නකි. කෙසේ වුණත් ඔබ වායුසමන යන්ත්‍රයක් භාවිතයට ගන්නේ නම් එහි වැඩි කාර්යක්ෂමතාවක් සඳහා මේ උපදෙස් පිළිපදින්න.
වායුසමන යන්ත්‍රය භාවිත කරන විට උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් අංශක 26ට තබන්න.
වායුසමනය කළ කාමරය තුළට කෙළින්ම හිරු රැස් වැටීම වළක්වන්න. කාමරයට බැහැරින් ගස්කොළන් වැවීම ඊට එක් පිළියමකි.
වායු සමනය කර ඇති ප්‍රදේශය තුළ දොර ජනේල හොඳින් වසා තබන්න. සිසිල් වාතය කාන්දු වීම එයින් වළක්වා ගත හැකිය.
වායු සමාන යන්ත්‍රයෙන් පිටවන වායු ධාරාවට බාධා වන පරිදි බඩු බාහිරාදිය ස්ථාන ගත නොකරන්න. ඒ වගේම වායුසමනය කළ ප්‍රදේශය තුළ තාපය මුදා හැරෙන විදුලි උපකරණ භාවිත නොකරන්නට වග බලාගන්න.
වායුසමන යන්ත්‍රයේ තාපය මුදා හැරෙන, බැහැරට විවෘත කොටස් ද බඩු බාහිරාදියෙන් අවහිර නොවන සේ තබන්න.
නිවෙස සිසිල්ව තබාගන්නට හැකි අනෙක් ක්‍රමය විදුලි පංකාවක් භාවිතයට ගැනීමයි. එයද වියදම් සහගත වැඩකි. එහෙත් වායු සමන යන්ත්‍රයකට සාපේක්ෂව විදුලි පංකාවකට වැය වන්නේ අඩු මුදලකි. එක් එක් වර්ගයේ විදුලි පංකාව සඳහා වැය වන විදුලිය ඒකක ගණන පිළිබඳ විස්තරයක් පහතින් දැක්වේ.
වගුවෙහි සඳහන් දත්ත අනුව සිවිලින් විදුලි පංකාවලට වැය වන විදුලිය ප්‍රමාණය අනෙක් පංකාවලට වැය වන විදුලිය ප්‍රමාණය මෙන් දෙගුණයක් පමණ වේ.
විදුලි පංකාවක් භාවිතයට ගැනීමට අවශ්‍යම නම් සෑමවිටම අඩු විදුලිය පරිභෝජනයක් සහිත විදුලි පංකා භාවිතයට ගන්න.
කුඩා වර්ගඵලයක් සහිත කාමර වැනි ස්ථානවලට බිත්ති විදුලි පංකා සවිකිරීමට කටයුතු කරන්න. ඔබ එය තීරණය කළ යුත්තේ නිවෙස වයරින් කරන විටදීය.
ඕනෑම විදුලි පංකාවක් මිල දී ගන්නා විට එහි සුළං වේගය සහ එහි සඳහන් වොට් ගණන ගැන සැලකිලිමත් වන්න.
සුනිත්‍ය බලශක්ති අධිකාරියේ බලශක්ති කළමනාකරණය පිළිබඳ අධ්‍යක්ෂ ජේ.එම්. අතුල මහතා සමඟ සාකච්ඡා කර ලිපිය සකස් කළේ
මංජුලා