ඔබටම කියලා වෙබ් අඩවියක් ඕනෑද? | Page 3 | සිළුමිණ

ඔබටම කියලා වෙබ් අඩවියක් ඕනෑද?

 ඔබ සතුව වෙබ් අඩවියක් තිබේද? ඔබත් සමාජ ජාල වෙබ් අඩවි භාවිත කරන්නෙක්ද? එසේ නොමැති නම් අදම 2018 වසරට සූදානම් වන්න. දිනෙන් දින අලුත් වන ලෝකයේ භාණ්ඩ හා සේවා අලෙවිකරණයට අන්තර්ජාලය භාවිත නොකරම බැරි තත්ත්වයක් ඇත. ඔබ සතුව නව වෙබ් තාක්ෂණයෙන් හැඩවුණ වෙබ් අඩවියක් නොමැති නම් ඒ සඳහා යොමුවන්න. වෙබ් අඩවියක මූලික වශයෙන් භාවිත කරන්නාට ඇසට ප්‍රිය මනාප වූත්, අන්තර්ජාල සේවාවන් භාවිත කරන්නට යොදාගන්නා සෑම උපකරණයකින්ම (Responsive Website) පිවිසිය හැකි විය යුතුය.

එමෙන්ම ඔබ සතුව ඇති වෙබ් අඩවිය පහත සදහන් ඇස් පහකින් නොඑසේ නම් වෙබ් අඩවි හා සම්බන්ධ වෘත්තීයවේදීන් පස් දෙනකුගේ අවධානයට යොමු කොට සාර්ථක වෙබ් අඩවියක් ඔවුන්ගේ වෘත්තීය කුසලතා උපයෝගී කොටගෙන නිර්මාණය කරගන්න.

1. Web Designer (වෙබ් අඩවි නිර්මාණකරු)

2. Web Developer (වෙබ් අඩවි සංවර්ධනකරු)

3. SEO Engineer (සෙවුම්යන්ත්‍ර ප්‍රශස්තිකරණ ඉංජිනේරු)

4. Content Writer (අන්තර්ගත ලේඛක)

5. Network Engineer (ජාල ඉංජිනේරු)

එමෙන්ම ඩිජිටල් අලෙවිකරණය යටතේ එන තවත් වැදගත් අංශ දෙකකි.

1. සෙවුම් යන්ත්‍ර අලෙවිකරණය (SEM - Search Engine Marketing)

2. සමාජ ජාල අලෙවිකරණය (SMM – Social Media Marketing)

මෙහිදී සිදුකරනු ලබන්නේ සෙවුම් යන්ත්‍ර තුළ දැන්වීම්කරණයයි. සරලව කිවහොත් ඔබ පුවත්පත් දැන්වීම්, රූපවාහිනී දැන්වීම් දැක ඇති. එමෙන්ම සෙවුම් යන්ත්‍ර තුළත් දැන්වීම්කරණය යම් මුදලක් වැයකොට ඔබට කරගත හැකිය. එවැනි දැන්වීම් ලබාදෙන වෙබ් අඩවි සෙවුම් යන්ත්‍ර නිර්මිත ආයතන මගින් ලබාදී ඇත. එවා කිහිපයක් නම්.

www.adwords.google.com

www.doubleclickbygoogle.com

www.advertising.yahoo.com

www.advertise.bingads.microsoft.com

මේ දැන්වීම්කරණය සඳහා ඔබට පළපුරුද්දක් නොමැති නම්, නොතේරෙන්නේ නම්, පළපුරුදු අන්තර්ජාල සෙවුම් යන්ත්‍ර ප්‍රශස්තිකරණ ඉංජිනේරුවකුගේ සහාය ලබාගන්න.

වෙබ් සමාජ ජාල අලෙවිකරණය (SMM – Social Media Marketing)

සමාජ ජාල අලෙවිකරණයේදී ලොව බහුලව භාවිතවන අඩවි වන්නේ facebook, Twitter, Google plus, YouTube, Instagram, LinkedIn,Vk, Pinterest ය. මේ අඩවි ඔබේ වෙබ් අඩවිය හා සම්බන්ධ කරගන්න. මේ සමාජ ජාල වෙබ් අඩවි මගින් ඔබට නොමිලයේ මෙන්ම මුදල් ගෙවා තම දැන්වීම් පළකරගත හැකිය.

www.facebook.com/ads/create

www.ads.twitter.com

www.linkedin.com/ad/accounts

www.business.instagram.com/advertising

www.vk.com/ads

www.ads.pinterest.com

www.ads.youtube.com

මෙහිදී Google ආයතනය මගින් ලබාදෙන සේවාවක් වන Google Plus හි දැන්වීම්කරණය සදහා www.adwords.google.com භාවිත කළ හැකිය. මෙහි ක්‍රියාවලියද ඔබට නොතේරෙන්නේ නම් අන්තර්ජාල සෙවුම් යන්ත්‍ර ප්‍රශස්තිකරණ ඉංජිනේරුවකුගේ සහාය ලබාගන්න.

දැනට ලෝකයේ භාණ්ඩ හා සේවා ඉතා ඉක්මනින් ප්‍රජාව එසේත් නොමැතිනම් අන්තර්ජාල පරිශීලකයන් වෙත ගෙන යෑමට බොහෝ ආයතන ඉහත සදහන් කරන ලද ක්‍රමවේද භාවිත කරයි. එමගින් ඔවුන් දැවැන්ත ප්‍රචාරණයක් ලබාගනී. දැනට ලෝක ජනගහනයෙන් හරි අඩකට ආසන්න ප්‍රමාණයක් අන්තර්ජාල භාවිතා කරයි. ඉදිරියේදී මේ තත්ත්වය තව තවත් වර්ධනය වන්නට පුළුවන. එසේ නම් ඔබත් මේ තරගකාරී ලෝකයට ඇතුළු වී ඔබේ භාණ්ඩයේ හෝ සේවාවේ අලෙවිය වැඩිකරගන්නට ඩිජිටල් අලෙවිකරණ ක්‍රමවේදයන් භාවිතයට ගන්න. ඒ සම්බන්ධව වැඩිදුර තොරතුරු ඉදිරියේදී සිළුමිණ 3D ඔස්සේ දැනගැනීමට ඔබට හැකියාව ලැබෙනු ඇති.

පුලස්ති වන්නිආරච්චි
අන්තර්ජාල සෙවුම් යන්ත්‍ර ප්‍රශස්තිකරණ ඉංජිනේරු

Comments