‘සුනිල් මිහි­ඳු­කුල සිනමා සාහිත්‍ය සම්ප්‍ර­සා­දන’ එළි­දැ­ක්වීම හා ඇග­යුම් උලෙළ 04 වැනිදා | Page 2 | සිළුමිණ

‘සුනිල් මිහි­ඳු­කුල සිනමා සාහිත්‍ය සම්ප්‍ර­සා­දන’ එළි­දැ­ක්වීම හා ඇග­යුම් උලෙළ 04 වැනිදා

පුරා සිව් දශකයකට අධික කාලයක් තිස්සේ සිංහල සිනමා සාහිත්‍යයට හා විචාර කලාවට විශිෂ්ට සේවාවක් ඉටු කළ සිළුමිණ සමකර්‍තෘ මෙන්ම සරසවිය සහ රසඳුන කර්‍තෘ ධූර දැරූ සුනිල් මිහිඳුකුල ප්‍රවීණ සාහිත්‍යවේදියාණන්ගේ සේවය ඇගයීමේ උත්සවයක් ලබන(මැයි) 04 වැනිදා, බ්‍රහස්පතින්දා පස්වරු 3.30 ට, කොළඹ 05, පොල්හේන්ගොඩ පිහිටි ජනමාධ්‍ය අමාත්‍යාංශ ශ්‍රවනාගාරයේදී පැවැත්වේ.

මහාචාර්ය සමන්ත හේරත් හා බුද්ධදාස ගලප්පත්ති විසින් සංස්කරණය කරන ලද ‘සුනිල් මිහිඳුකුල සිනමා සාහිත්‍ය සම්ප්‍රසාදන’ නමැති ග්‍රන්ථය මෙදින එළිදැක්වීමට නියමිත ය. මෙම ග්‍රන්ථයෙහි ලා මෙරට ප්‍රවීණ සිනමා විචාරකයන් හා කලාකරුවන් විසින් රචිත ලේඛන මාලාවක් සංග්‍රහ කොට තිබේ. මිහිඳුකුල සිනමා සාහිත්‍යවේදියාණන්ගේ සේවාව අගයමින් ප්‍රවීණ සිනමා විචාරක ගාමිණී වේරගම, ජ්‍යෙෂ්ඨ ජනමාධ්‍යවේදී තිලකරත්න කුරුවිට බණ්ඩාර හා සම්මානනීය සිනමා නළු සනත් ගුණතිලක මෙම ඇගයුම් උලෙළේදී සංක්‍ෂිප්ත දේශන පවත්වති. උලෙළේ මුලසුන හොබවන්නේ සම්මානනීය සිනමාවේදිනි

සුමිත්‍රා පීරිස් මහත්මියයි. පසුගියදා පැවැති ජනාධිපති සිනමා සම්මාන උලෙළේදී සිනමා සාහිත්‍යය උදෙසා කළ විශිෂ්ට දායකත්වය වෙනුවෙන් සුනිල් මිහිඳුකුල ‘පුරෝගාමී’ සිනමා සම්මානයෙන් පිදුම් ලැබී ය. මෙම ඇගයුම් උලෙළ සඳහා ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථාව, ජනමාධ්‍ය අමාත්‍යාංශය හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව අනුග්‍රහය දක්වයි.


පැතුම් සැඳැල්ල තුන්සිතක ගී ප්‍රසංගයට සැරසෙන ජයන්ත

 සමුදෙන්න ඉතින්

මට නවතින්න...

මල් ඇහැරෙන්න

පර වී වැටුනත්...

ලලිත් වසන්තගේ පද රචනයට ජයසිරි අමරසේකර සංගීතවත් කළ මේ ගීතයේ ගායකයා aවන්නේ නව පරපුරේ ගායකයකු වන ජයන්ත සෙනෙවිරත්නය. දකුණු ලක ගාලු පුරවරයෙන් ගායන ලොවට පිවිසි ජයන්තගේ පදිංචිය මාපලගම අලුත් ඉහළ. පාරම්පරික කලා පවුලකින් පැවත එන ජයන්ත තමන්ගේ ගායන හැකියාව ගැන අප හා මෙසේ පැවසුවා.

මාපලගම මධ්‍ය මහා විදුහල හා නාගොඩ රාජකීය විදුහල් මා අධ්‍යාපනය ලැබූ පාසල්. පසුව ජාතික තරුණසේවා සභාවට සම්බන්ධ වී මහාචාර්ය දයා රත්නසේකර, නිහාල් ගම්හේවා, ශර්ලි වෛජයන්ත, යන ගුරුවරු යටතේ ගායනය පිළිබඳව සංගීත ඩිප්ලෝමාව හා සංගීත විභාගයකර සමත්වූවා. ඉන් පසුව තරුණ සේවා සභාවෙන් ලබාගත් සංගීත දැනුමෙන් යොවුන් ගී, තුරුණු ශක්ති, තුරුණු තරු, තුරුණු යාත්‍රා සංගීත වැඩසටහන්වල ගායන ශිල්පියෙක් ලෙස ගීත ගායනා කර තිබෙනවා.

යොවුන් ගී, සකුරා රේන්ජ්, මදාරා යන සංගීත කණ්ඩායම් සමග පැතුම් සැඳැල්ල 1,2 ගී ප්‍රසංගය මහරගම යොවුන් රඟහලේ පැවැත්වුවත් මෙවර පැතුම් සැඳැල්ල තුන්සිතක ගී ප්‍රසංගය මැයි මස 27දින ප.ව 5.00ට මාපලගම විපුලසාර සංස්කෘතික මධ්‍යස්ථානයේදි පැවැත්වීමට කටයුතු යොදාගෙන යනවා. විශාරද සෝමසිරි මැදගෙදර, අතුල ශ්‍රි ගමගේ, ගායන ශිල්පීන්ද මගේ මේ ප්‍රසංගයට මෙවරත් සහභාගිවීමට නියමිතයි.

මෙහිදී මා ගායනාකරන ගීතවල ගී නිර්මාණ ලලිත් වසන්ත, චන්න ජයනාත්, ධර්මරත්න පෙරේරා, සුනිල් ආර්. ගමගේ යන ශිල්පීන් ගී නිර්මාණයකර තිබෙනවා. ජයසිරි අමරසේකර, නිහාල් ගම්හේවා, චන්ද්‍රසේන හෙට්ටිආරච්චි, ජෝර්ත් සේනානායක යන ශිල්පීන් මේ ගීත සංගීතවත්කළා. හෝමගම කාර්මික විද්‍යාලයේ වඩු කාර්මිකයකු ලෙස සේවය කරන ගමන්ම ගායකයකු ලෙස මෙතරම් දුර ගමනක් යන්න ලැබුණේ එහි විදුහල්පති, කාර්ය මණ්ඩලයෙන් හා මගේ බිරිඳ සහ දරු දෙදෙනාගෙන් ලැබෙන සහාය නිසයි. ලබන වසරේ නව ගීත ඇල්බමයක් නිකුත්කිරීමේ බලාපොරොත්තුවක් තිබෙනවා. ඒ සඳහා නව නිර්මාණ ඉදිරිපත්කිරීමට කැමති කෙනෙක් සිටිනවානම් 18576365 දුරකථන අංකයට දැනුම්දෙන ලෙස ඉල්ලනවා.


ජනක් ප්‍රේමලාල්ගේ අබුද්දස්ස කෝලම නාට්‍යයේ විශේෂ දර්ශනයක් මැයි මස 06වෙනි සෙනසුරාදා සවස 3.30ට සහ 6.45ට බොරැල්ල නාමෙල් මාලනි පුංචි තියටර්හිදී වේදිකාගත කෙරේ. 1984 වසරේ යොවුන් නාට්‍ය උළෙලේ හොඳම රචනය, හොඳම අධ්‍යක්ෂණය, හොඳම නළුවා, හොඳම නිළිය, හොඳම සංගීතය, හොඳම අංග රචනය, හොඳම වේදිකා සැරසිල්ල ආදී සම්මාන 7ක් දිනාගත් මෙහි රවීන්ද්‍ර යසස්, දීපානි සිල්වා, සරත් කුලාංග, අජිත් ලොකුගේ, සද්ධා උත්පල, ශාන්ත ප්‍රියදර්ශණ, සරත් චන්ද්‍රසිරි, රවීන්ද්‍ර කෝදාගොඩ, කුලසිරි මල්ලිකාරච්චි, සංජීව වික්‍රමසිංහ, දිවේන්ද්‍ර ජයකොඩි, වරුණ ලසන්ත, කීර්ති රණසිංහ ආදි ප්‍රවීණ රංගන ශිල්පීහු රැසක් චරිත නිරූපණය කරති.


රුපියල් සත කලාවයි ග්‍රන්ථය එළි දැක්වු දා...

 

ප්‍රවීණ ටෙලිනාට්‍ය අධ්‍යක්ෂ අනුර මාධව ජයසේකර මහතා විසින් රචනා කරන ලද රූපවාහිනියට තිස්පහයි, ගුවන් විදුලියට අනු එකයි රුපියල් සත කලාවයි ග්‍රන්ථය ඉඩම් රාජ්‍ය අමාත්‍ය ටී. බී ඒකනායක මහතාට ඉඩම් අමාත්‍යංශයේදි පිළිගැන්වු අයුරු.


මහාචාර්ය අජන්තා අමබික්කාර් විශ්ව විද්‍යාලයේ ආරාධිත දේශනයට

ඉන්දියාවේ මහාරාෂට්‍ර ප්‍රාන්තයේ අවුරංගාබාත්හි අමබික්කාර් විශ්ව විද්‍යාලයේ යුනිසෙෆ් අනුග්‍රහයෙන් පසුගිය 28 සහ 29 යන දෙදින පැවැත්වූ අන්තර් ජාතික සම්මන්ත්‍රණයේ ආරාධිත දේශනය පැවැත්වූයේ කොළඹ විශ්ව විද්‍යාලයේ මහාචාර්ය අජන්තා හපුආරච්චි මහත්මිය විසිනි.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ යෝජිත තිරසාර සංවර්ධන ඉලක්ක සහාජ සාධාරණය හා මාධ්‍ය යන මාතෘකාව යටතේ ඇය මෙම දේශනය පැවැත්වීය.


බයිලා චක්‍රවර්තී එම්. එස්.ප්‍රනාන්දු ගුණ සැමැරේ

(බයිලා චක්‍රවර්තී ප්‍රවීණ ගායන ශිල්පී එම්. එස්.ප්‍රනාන්දු මහතාගේ 23 වැනි ගුණ සැමරුම පසුගිය 09 දිනට යෙදී තිබිණි.මෙම ලිපිය ඒ නිමිත්තෙනි)

අපේ රටේ සංගීත ක්ෂේත්‍රයට නව ආරක ගීත කලාවක් එකතු කර සමුගත් එම්. එස්.ප්‍රනාන්දු අපගේ මතකයෙන් ඈත්නොකළ යුතු මතකයේ තබා ගත යුතු කලාකරුවෙකි. වසර 50 කට අධික කාලයක් රසික රසිකාවියන් පිනවූ එම් එස් සංගීත ක්ෂේත්‍රයෙහි ඉහළටම ගමන්කරනු ලැබුවේ ගීත ගායනාකිරීමට, ගීත ලිවීමට, ලියූ ගීත වලට සංගීතය සැපයීමට නිපුනයකු වූ නිසාවෙනි.එම් එස් අපේ රටට පහළවූ දුර්ලබ ගණයේ කලාකරුවෙකි.

පෘතුගීසීන්විසින්අපටදායාද කළබයිලාකලාවට නිර්මාණාත්මක නවාංග රාශියක් මුසුකර එය රමණීය ගීත ශෛලියක් බවට පරිවර්තනය කරනු ලබුවේ ඔහුය. වාද බයිලා ගායනාකිරීමේ සුවිශේෂි වූ දක්ෂතා ප්‍රකට කළ එම් එස්, එදා ස්වකීය නිපුණතා මත ''බයිලා චක්‍රවර්තී”නාමය හිමිකර ගැනීමට අමතරව රන් සහ රීදී කුසලාන159 ක් ද තමන් සතු කර ගත්තේය. පුෂ්පරානී ආරියරත්න සමග මලක්කඩාකොණ්ඩේ ගසාලා නැමති යුග ගීතය ගායනා කරමින් මුල්වරට ස්වකීය කටහඬ අවදි කළ එම්එස් සිංහල ගී කෙතට 3500 කට අධික ගීත ප්‍රමාණයක්දායාදකරනු ලැබුවේය. එම් එස් ට භාෂා පහකින්ගීත ගායනා කිරීමේ හැකියාවක් පැවතුණි.ඒ අනුව සිංහල,දෙමළ සහ ඉංග්‍රීසි යන භාෂා ත්‍රිත්වයෙන් ම ස්වකීය ගායන නිපුනතා ප්‍රකටකළ එම් එස්ට රන්නෙලුම්මල් නැමැති සම්මානය පිරිනමා ඇත.


සංඛලී Live in concert ප්‍රසංගය අද නාමෙල් මාලනී පුංචි තියටර්හි දී

 නව පරපුරේ ගායිකා සංඛලී ක්‍රිශාන්ති ගේ “සංඛලී Live in concert” ප්‍රසංගය අද ( 30 ) බොරැල්ල නාමෙල් මාලනී පුංචි තියටර්හි දී පැවැත්වෙනවා. අගලවත්ත ප්‍රදේශයේ ඉපද, මතුගම C.W.W කන්නන්ගර මැදි විදුහලෙන් අධ්‍යාපනය හැදෑරූ සංඛලී කොළඔ විශ්වවිද්‍යාලයේ ජීව විද්‍යාව පිළිබඳ උපාධියක් ලබා ඉන් අනතුරුව ශ්‍රී ලංකා නීති විද්‍යාලයෙන් නීතිය හදාරා නීතිඥවරියක ලෙස දිවුරැම් දී ඇත.

ප්‍රවීණ සංගීතඥ ප්‍රේමසිරි කේමදාසයන් වෙතින්ද, විජේසේන කොඩිප්පිලි මහතා වෙතින්ද සංගීතය හදාරා ඇති ඇය කොළඔ විශ්වවිද්‍යාලයේ ඉගන ගනිද්දී එක පුද්ගල ගී ප්‍රසංගයක් පැවැත්වුවාය.

ඉන්පසු “සංඛලී ක්‍රිශාන්ති Live in concert” ඒක පුද්ගල භාරත ගී ප්‍රසංගය 2017 මාර්තු 04 වැනි දින අති සාර්ථක අන්දමින් බොරැල්ල නාමෙල් මාලනී පුංචි තියටර්හි දී පැවැත්වූවාය. “සංඛලී Live in concert” ප්‍රසංගය යළිත් වරක් අද පැවැත්වෙන්නේ ඉමහත් ප්‍රේක්ෂක ඉල්ලීම නිසාම බව ඇය පවසනවා. මේ සඳහා යුග ගායනයෙන් නුවන් ගුණවර්ධන, ටෝනි හසන් සමඟ ඉලියාස් බෙග් සහාය වෙයි. සංගීතය තිළිණ තුෂාර

වෙල්ලාලගේ ප්‍රමුඛ ගුවන් විදුලි වාද්‍ය වෘන්දය විසින් මෙහෙයවන අතර සංදේශ් සුසන්ත ප්‍රියදර්ශණ මෙම ප්‍රසංගයේ කථනය සිදු කරනවා.

පැරැණි සහ නූතන භාරත ගීතයේ මිහිර සජීවීව විඳගන්නට සංඛලී ක්‍රිශාන්ති, ඔබට ඇරයුම් කරනවා. 

Comments