අන් අය වර්ධනය කරනු සඳහා ඔබ ද වැඩෙන්න | සිළුමිණ

අන් අය වර්ධනය කරනු සඳහා ඔබ ද වැඩෙන්න

කුමන ක්ෂේත්‍රයක වුවද නායකත්වය ලැබීම වරප්‍රසාදයක් වෙයි. වෙනත් පිරිස් කළමනාකරණය කිරීමට ඔබට අවස්ථාව ලැබුණහොත් එය ඔබට අගනාම තිළිණය ලැබීම වෙයි. එමඟින් බොහෝ දෙනෙකුගේ ජීවිත ප්‍රගතිය කරා යොමුකළ හැකි හෙයිනි.

මෙය ඉටුකිරීම සඳහා ඔබගේ නායකත්ව කුසලතාවන් නව මට්ටමකට වර්ධනය කරගැනීම සඳහා ඔබට අඛණ්ඩව දියුණු වීමට සිදු වේ. බාහිර පුද්ගලයන් යහපත් අය කිරීමට පෙර ඔබම යහපත් විය යුතු වෙයි. අනෙක් පුද්ගලයන් ප්‍රබෝධ කිරීම සඳහා නායකත්ව සන්නාමයන් ප්‍රවර්ධනය කරගැනීමට ඔබට සිදු වේ.

ඔබ කොතරම් යහපත් වුවද, තව දුරටත් දියුණුවීමේ හැකියාවක් සෑම නායකයෙකු තුළම ඇත්තේය. ජන කළමනාකරුවෙකු ලෙස ඔබ විසින් ඉටුකළ යුතු යුතුකම් ඇත්තේය. ඔබගේ පිරිස් වර්ධනය හා සංවර්ධනය කිරීමට නායකයෙකු ලෙස ඔබට අවස්ථාව ලැබී ඇති නිසා එමඟින් ඔවුන්ගේ හැකියාවන්, කුසලතා හා දායකත්වය ඉහළ නංවා ගැනීමට ඔවුන්ට ද අවස්ථාව සැලසෙන්නේය.

විශාල පිරිවැයක්

එහෙත් අනෙක් පිරිස් තුළ සාධනීය බලපෑමක් ඇතිකිරීමට නම් ඉගෙන ගෙන වර්ධනය වීමට ඔබ තුළ ඇල්මක් තිබිය යුතුය. ඔබගේ සිතුවිලි හා ක්‍රියාවල ආදර්ශය ඔබම විය යුතුය. එක තැන සිටින නැවතුමක් ලෙස පසුබෑම්වලට ලක්වී පරාජයට පත්විය හැකි හෙයිනි. මෙන්න හොඳ ප්‍රවෘත්තියක්! ඔබ වර්ධනය වීම සඳහා විශාල පිරිවැයක්, දීර්ඝ කාලීන වෙහෙසවීමක් හෝ මහ විශාල සැලසුමක් අවශ්‍ය නොකෙරේ. වාසනාවකට කෙනෙකුට දිනෙන් දින ටිකෙන් ටික හොඳ නායකයෙකු බවට කෙමෙන් පත්විය හැකිය. යම් ඉඩකඩක් ඔබට සොයාගත හැකිනම් දිනපතාම ඔබට නව කුසලතාවයන් ඉගෙන, අත්හදා බලා හා ප්‍රගුණ කරගත හැකි වේ.

අද දිනය වෙනස්වීමේ හා අභියෝගයන්ගේ පියවරක් ලෙස ඔබ සලකන්නේ නම් ඔබ සඳහා නායකත්ව පුහුණුවීම් පාඨමාලාවක් ආයතනය විසින් ලබාදෙන තෙක් ඔබට බලා සිටිය නොහැකිය: ඔබ විසින් කළ යුතු සෙල්ලම ඔබම ඉගෙන ගත යුතු වෙයි. ඔබගේ ප්‍රධානියා ඔබට උගන්වා කුසලතා වර්ධනය කරනු ඇතැයි බලාපොරොත්තු වීම කළ හැක්කක් නොවේ. නායකයෙකු ලෙස ඔබගේ වර්ධනය ඇතිකර ගැනීම ඔබගේම වගකීමක් වේ.

තමාටම පෞද්ගලික වූ අධ්‍යයන ක්‍රමයක් සහ හුරු කරගත් ක්‍රියාකාරී සැලසුමක් ඔබ ඇතිකර ගත යුතු වේ. ඔබ වර්ධනය විය යුත්තේ කෙසේ ද යන්න දැකීමේ හැකියාවක්, ප්‍රතිපෝෂණයක් හා ආවර්ජනයක් ඔබ තුළ ඇතිකර ගත යුතු වෙයි. නායකත්වය යනු ඔබ මෙහෙයවන ජනතාව ගැන මිස... ඔබ ගැන කරුණක් නොවේ. එමඟින් මෙම ප්‍රශ්නය මතු වේ. නායකත්වය දෙස ඔබ බලන්නේ මේ අයුරින් ද? වෙනත් අය සංවර්ධනය යනුවෙන් හඳුන්වනු ලබන විශාල පින්තූරය දෙස බලා සිටින කෙනෙක් ද? සැබැවින්ම එදෙස නෙත් දල්වාගෙන සිටින්නේ ද?

පර්යාලෝකය

පළමු පියවර වන්නේ ඔබට උචිත ක්‍රියාව හා උචිත නොවන ක්‍රියාව හඳුනා ගැනීමයි. යහපත් නායකයකු වීම සඳහා ඔබ ක්‍රියා කළ යුතු ක්ෂේත්‍රයන්හි ඔබ පරිස්සමින් සීමා කරගත යුතු වේ. ඔබගේ සගයන්ට සාවධානව ඇහුම්කන් දී ප්‍රතිපෝෂණය ලබා ඔබගේ නායකත්ව සන්නාමය තීරණය කරගන්න. ඔබට යහපත් දේ ලබාගත යුතු හා හැකි ආකාරය අවධාරණය කරගන්න.

ඔබගේ ක්‍රීඩාව වෙනස් කිරීමට අවශ්‍ය වන්නේනම් ඔබගේ ශක්තිය වර්ධනය කරගැනීමට හා දුර්වලතා අවම කරගැනීමට වඩා වැඩි දෙයක් කළ යුතු වෙයි. ඔබට වර්ධනය වීමට සැබැවින්ම අවශ්‍ය වන්නේ නම් ඔබගේ නායකත්ව මෙවලම් මල්ලට නව අංග අඛණ්ඩව එක් කරගත යුතු වෙයි. ඔබ වටා ඇති ලෝකය පිළිබඳව කුතුහලය වර්ධනය කරගෙන ඔබගේ ක්ෂිතිජය පුළුල් කරගන්න.

දුර්වලතා අවම කරගැනීම

නායකයෙකු ලෙස ඔබ වර්ධනය වන්නේ ය යන්නෙහි අරුත වන්නේ ඔබගේ දැක්ම පෘථුල කරගැනීම සහ ඔබගේ කාර්යාලය හා දෛනික වැඩ කටයුතුවල සීමාව ඉක්මවා දැකීමට හැකි වීමයි. ලෝකය හැකිළෙන්නට හැකි වුවත් අනිත් පැත්තට එනම් ඔබගේ පර්යාලෝකය පුළුල් කර ගැනීම සඳහා ඔබ ගමන් කළ යුතු වෙයි.

ඔබගේ සුවදායක පරිසරයෙන් ඉවත්වී විවිධ වූ නායකත්ව හැසිරීම් ඇතිකර ගැනීම මඟින් ඔබට බොහෝ දේ ලබාගත හැකි වෙයි. නායකයෙකු ලෙස ඔබ සැම විටම නොතැකු දෙයක් අයත් කරගෙන ඔබගේ ප්‍රධාන කුසලතා අතර එය තබාගන්න.

ඔබගේ ලෝක දැක්ම පුළුල් කරගැනීම ඔබගේ නායකත්ව නිම්වළලු පුළුල් කරගත් පසුව ඔබගේ සංවර්ධනයට සම්බන්ධ අවදානම් ගැනීමට කාලය පැමිණෙන්නේය. අලුත් යමක් කිරීමට උත්සාහ කරන්න. හුරුපුරුදු, පුරෝකථනය කළ හැකි මට්ටමක් ඇතිකරන නිසා අඛණ්ඩ පැවැත්ම ශ්‍රේෂ්ඨ නායකත්වයක වැදගත් මූලද්‍රව්‍යයක් වන්නේය.

කෙසේ වුවද නවීන දේවල් අත්හදා බැලීම ද වැදගත් වන්නේය. මෙම නව අංග, ක්‍රමවේද, කාර්ය මණ්ඩලය, නිෂ්පාදන නව අදහස් අලෙවි උපාය මාර්ග හෝ කුමක් වුවද ඔබගේ ව්‍යාපාරය ඉදිරියට ගෙන යනු ලබන්නේ නවීන බවෙහි මූලද්‍රව්‍ය බව ඔබ දැනගත යුතුව ඇත.

නවීන බව

ඔබ සතුව පවතින කාර්ය රාමුවට නව අදහස් ඒකාබද්ධ කිරීම, අදාළ නොවන හා ව්‍යාපාර වර්ධනය දියුණු කිරීමට සුදුසුම අවස්ථා දැකගැනීම අවබෝධ කරගැනීමට ඉඩ ලැබෙන උසස්ම මාර්ගයක් වෙයි. නව අදහස්වලට පැමිණීමට ඉඩකඩ සැලසීමෙන් ඔබගේ නායකත්ව ප්‍රතිරූපය ද වර්ධනය වනු ඇත. ඔබ නවෝත්පාදනයන් බිහිකරන කෙනෙකු හා අවදානම් ගැනීමට සූදානම් කෙනෙකු බව එමඟින් ප්‍රදර්ශනය වන නිසා ඔබගේ අනුගාමිකයන් තුළ ඔබ කෙරෙහි තිබු ගෞරවය වැඩි වීමට එය හේතු වනු ඇත.

පොළොව මත පා තබාගෙන ඔබගේ කාර්ය මණ්ඩලයෙහි සියල්ලන් සමඟ සුහද සබඳතා ගොඩනඟා ගැනීමට උත්සාහ කරන්න. ඔවුන්ගේ ක්‍රමවේද, චින්තන රටා හා අවධානයන් තේරුම් ගැනීමට උත්සාහ කරන්න. එමඟින් ඔබ ප්‍රසන්න හා ගරු කළ යුතු පුද්ගලයකු ලෙස පමණක් නොව ඔවුන් තුළ ඇති ඔබ විසින් විසඳිය යුතු වේදනාකාරී අංග හා වැඩ කටයුතු හඳුනා ගැනීමට ද ඔබට ඉඩ ලැබෙනු ඇත. පහත අඩියෙහි සිදුවන දේ දැකීමට නොහැකි වන පමණ උසකට ඉනිම‍ඟෙහි නොනඟින්න.

සෑම මට්ටමකම සිටින සෑම කෙනෙකු සමඟම කාර්යයන් සම්බන්ධ විය යුතු වෙයි. උසස් නායකයෙකු වීම යනු ආත්මය සොයා යෑමක් මත හෝ ඔබගේ සහජ චිත්තාකර්ෂණීය පෙනීම මත රැඳී තිබෙන්නක් හෝ නොවේ.

ඒ වෙනුවට සංසන්දනාත්මක සරල සිද්ධි කිහිපයක් මඟින් ඔබගේ නායකත්වය කුසලතා ප්‍රබෝධ කරගෙන ඔබගේ අධිකාරි අවකාශය ශක්තිමත් කරගත හැකිය. නායකත්වය සැම විටම පුද්ගලයන්ට ඉබේ ලැබෙන්නක් නොවේ.

සමහරු ජන්මයෙන්ම නායකත්වයට පත්වෙති. එහෙත් බොහෝ නායකයන් බිහිවන්නේ වාතාවරණයන් රාශියක් ඇතිවීම හා මනා කාර්යයන් ඉටුකිරීම තුළිනි. නායකයෙකු බවට පත්වීම සඳහා අඛණ්ඩව ස්වයං වර්ධනය ඇතිකර ගැනීම සඳහා නොනවත්වා කැපවීම අවසානයේදී ඔබගේ අභිලාෂය සඳහා බාහිර සමාජයෙන් ලැබෙන ගෞරවය දිනා ගැනීමට ඔබට හැකි වනු ඇත.

වඩාත් වැදගත් වන කරුණක් ලෙස ඔබ යන ම‍ඟෙහි ඔබගේ පියවර අනුව ගමන් කිරීමට ඔබගේ කාර්ය මණ්ඩලය පෙලඹෙනු ඇත. ඔබ නායකයෙකු ලෙස මෙම කටයුතු කරන්නේනම්, ඉතිරි සියල්ල නිසි ස්ථානයෙහි සිදු වනු ඇත. 

Comments