
වඳ වී යෑමේ තර්ජනයට ලක්ව සිටින කැස්බෑවන් සංරක්ෂණය කර, ඔවුන් මුහුදට මුදාහැරීමේ විශේෂ ව්‍යාපෘතියක් මේ වන විට නාවික හමුදාව විසින් ආරම්භ කර ඇත. පසුගිය වසර දෙකකට වැඩි කාලයක් තුළ මේ ව්‍යාපෘතිය ඉතා සාර්ථකව සිදු කර ඇති බවත්, මේ වන විට කැස්බෑ පැටවුන් 50000ක් පමණ මුහුදට මුදාහැරීමට කටයුතු කර ඇති බවත් නාවික හමුදාව පවසයි. මේ වසරේ ගත වූ මාස තුනකටත් අඩු කාල සීමාවේදී 1800ක් පමණ කැස්බෑ පැටවුන් මුහුදට මුදාහැරීමට නාවික හමුදාව විසින් කටයුතු කර ඇත.
කැස්බෑවන් බිත්තර දමන ස්ථාන හොඳින් නිරීක්ෂණය කර එම බිත්තර ආරක්ෂිත ලෙස තබා නියමිත දිනවලදී එම පැටුවන් බිහි වූ පසු මුහුදට මුදාහරින තෙක් අවධානයෙන් යුතුව කටයුතු කිරීමට නාවික හමුදාව විසින් කටයුතු යොදා ඇත. කෙසේ වෙතත් මේ ආරක්ෂිත සත්ත්වයන්ගෙන් මුහුදට යෑමෙන් පසුව වුවද කාලයක් දිවි ගෙවීමට හැකි වන්නේ 20%ක් පමණ කොටසකට බවද දැනගන්නට තිබේ.