අපූරු යෙදුම් | සිළුමිණ

අපූරු යෙදුම්

වසර තිහකට පමණ ඉහත සබරගමුව පළාතේ ග්‍රාමීය විදුහලක සිදු වූවකි. විදුහලේ සිංහල භාෂා විෂය ඉගැන්වූයේ ඌව පළාතේ සිට මාරුවීමක් ලැබ පැමිණි රත්නවීර නම් ගුරු මහතෙකි. සිසුන්ගේ සිංහල භාෂා දැනුම, රස වින්දනය, නිර්මාණ කුසලතාව වර්ධනය සඳහා බොහොම කැපවීමකින් කටයුතු කළ රත්නවීර මහතා සිංහල ගැමි භාෂාත්මක යෙදුම් පිළිබඳව මනා දැනුමක් තිබූ අයෙකි.

දිනක් විදුහ‍ලේ නව වැනි ශ්‍රේණියේ පන්ති කාමරයේ සිසුනගේ සිංහල භාෂාත්මක යෙදුම් පිළිබඳව සිසු අවබෝධය දැන ගැනීමේ අභිලාෂයෙන්, පළමුව භාෂාත්මක යෙදුම් කිහිපයක් උදාහරණ සහිතව සිසුනට පහදා දුනි.

“උඩ පැන්නොත් බිම වැටෙයි” “වක්කඩේ හකුරු හැංගුවා වගෙයි” “මූණෙ දැලි ගෑවුණා” ආදි වශයෙන් එම යෙදුම් විස්තර සහිතව අබෝධ කරවීය.

පසුව පන්ති කාමරයේ අතරින් පතරින් එක් එක් සිසුවාගෙන් එවැනි යෙදුම් කීපයක් විමසුවේය. “ආ... විමලසිරි කියනව එකක්” ගුරුතුමා අදාළ සිසුවාට කීවේය. “හොරාගෙ අම්මගෙන් පේන අහනව වගෙයි” සිසුවා උත්තර දුනි. “හොඳයි.. ඊළඟ අමරපාලත් කියනව බලන්ඩ” “ආඳා යවා වල්පත ගත්තා සේ”. “බොහොම හොඳයි. ඒ සද්ධර්මරත්නාවලියෙ අපූරු යෙදුමක්නෙ.” රත්නවීර ගුරුතුමා උජාරුවෙන් පැවසුවේය.

මෙතෙක් පන්ති කාමරයේ ඉදිරිපෙළ අසුන්වල සිසුන්ගෙන් ඇසීම නවතා පන්තියේ කෙළවර සිටි එක් සිසුවෙකු ඇමතූ රත්නවීර මහතා “ආ... විජේපාල කියනව තමුනුත් එකක්” ගුරුතුමා විමසීය. “හැදෙන ගහ දෙෙපත්තෙන් දැනේ” එය ඇසූ රත්නවීර මහතා එහි අඩුව පිරිමැහීමට ඊළඟ සිසුවාගෙන් “කෝ.. කියනව යෙදුමක්” එය ඇසූ සිසුවා “කනකොක්කු පෙනෙන්නේ ඉගිළෙන විටලු” යැයි උත්තර දුන්නේය.

මඳක් සිනාසුණු රත්නවීර මහතා අවසානයේ ඉදිරිපත් කළ යෙදුම නිවැරැදි කර පහදා දුන්නේය.

සිරිසේන හෙට්ටිගේ 
උඩනිරිඇල්ල

Comments