
පුද්ගලයෙකු සතුව කොපමණ අඩුපාඩුකම් තිබුණ ද සිතේ ආත්ම ශක්තිය මඟින් ඒ සියල්ල මඟ හැර ගැනීමට පුළුවන.එවිට එම පුද්ගලයාට මුළු ලෝකයේ ම නිතැතින්ම ප්‍රශංසාව හිමි වන්නේ ය.
එහෙත් වර්තමානයේ ජීවත්වෙන බොහෝ දෙනෙක් තම තමන්ගේ නොහැකියාවන් සහ අඩුපාඩුකම් ප්‍රකාශ කරමින් අන්‍යන්ට ඊර්ෂියා කිරීමට උත්සාහ කරති. ඒ අතුරින් බිත්‍රාන්‍යයේ බොස්ටන් නුවර ජීවත්වන 27 හැවිරිදි කොල්ටේට් ඩිවිටෝ සැබවින්ම අගය කළ යුතු තරුණියකි.
කොල්ටේට් උපදින විටදීම දරුණූ ඩවුන් සින්ඩ්‍රෝම තත්ත්වයෙන් යුක්ත වුවා ය.ඒ හෙයින් ඇය විශේෂ අවශ්‍යතා ඇති දරුවකු බවට පත් වී ඇත. ඇය වයසින් පරිණත වුවත් ඇගේ බාහිර පෙනුම කුඩා දැරියක බඳු විය. කථා බහ සහ අනෙකුත් ක්‍රියාකාරකම් ද ඇගේ නිසි වයස සමඟ කිසි සේත්ම ගැළපුණේ නැත. එහෙත් ඇය තම මව්පියන් හා එකම සහෝදරිය සාමාන්‍ය පුද්ගලයින් ලෙස ඔවුනොවුන්ගේ කාර්යයන් සිදු කරද්දී එදෙස මහත් අවධාණයෙන් යුක්තව බලා සිටියා ය. කොල්ටේට්ගේ මව්පියන් විසින් ඇයව විශේෂ අවශ්‍යතා ඇති දරුවන්ට පමණක් විශේෂ වු පාසලකට ඇයව ඇතුළත් කරන ලදී. පාසලේ උගන්වන ලද විෂයන් අතුරින් කොල්ටේට් වඩාත් රුචිකත්වයක් දැක්වුයේ සූපශාස්ත්‍ර විෂයට ය. පාසලේදී උගන්වනු ලැබු විවිධ ආහාරපාන සකස් කරන ආකාරය ඇය නිවසේ දී නැවත නැවත පිළියෙළ කරන්නට විය. සමහර අවස්ථාවන් වලදී ඇතැම් ආහාර වර්ග ඇය සකස් කරන ලද්දේ ඇයටම ආවේණික වු ක්‍රමවේදයන්ටය. ඒ සෑම ආහාරවරර්ගයක්ම සකස් කරන විට දී ඇය මහත් ආත්ම තෘප්තියක් ලැබුවා ය.
"මගේ දුවට කිසිම ස්ථානයකින් රැකියාවක් ලබා දුන්නේ නැහැ. ඇය විසින් විවිධ ක්‍රමයන්ට පිළියෙළ කරන ලද ආහාර සෑම සම්මුඛ පරීක්ෂණයක දීම ඉදිරිපත් කළා. ඒ වුණත් සෑම සම්මුඛ පරීක්ෂණයකින්ම ඇයව ප්‍රතික්ෂේප කළා. ඒ වාගේ ම ඇය ඇයටම ආවේණික වු ක්‍රමයකට සැකසු කුකීස් ( බිස්කට් ) තමයි සෑම සම්මුඛ පරීක්ෂණයකටම රැගෙන ගියේ. විශේෂයෙන් ම ඇය කුකීස් (බිස්කට් ) සකසන්නේ අනෙක් සෑම ආහාර වර්ගයකට ම වඩා ආශාවෙන් " යනුවෙන් කොල්ටේට්ගේ මව වන රෝස්මරි ඇල්ෆෙඩෝ ප්‍රකාශ කළා ය. රෝස්මරි තමන්ගේ අනෙක් දියණිය සාමාන්‍ය ලෙස තම ජීවිතය ගෙන යද්දී කොල්ටේට්ගේ ආබාධිත තත්ත්වය පිළිබඳව නිරතුරුවම පසුතැවිලි වුවා ය. "මම ඉස්සර ඇය ගැන බොහෝ බය වෙලා හිටියේ. අපි නැති දවසක ඇය ජීවිතය ගොඩනඟා ගන්නේ කෙසේ ද කියලා." යනුවෙන් රෝස්මරි ප්‍රකාශ කළේ විශේෂ අවශ්‍යතා ඇති දරුවකු යම් දවසක මෙළොව තනි වේද යන්න පිළිබඳව සිතේ දෙගිඩියාවෙනි.
රැකියාවන් සොයා ගිය කොල්ටේට්ට අවසානයේ දී ඇති වුණේ සිතේ කළකිරීමකි. එහෙත් ඇය තම පසුතැවීම තමන්ගේ ජීවිතයේ ජයග්‍රහණයට පාදක කර ගත්තේ අපුරු ආකාරයෙනි. ඇය විසින් තමන්ට ආවේණික ක්‍රමයන්ට සකස් කරන ලද කුකීස් ( බිස්කට් ) තම යහළු හිතමිත්‍රාදීන්ට සහ රැකියා ස්ථානවල සේවය කරන්නන්ට විකිණීමට තීරණය කළේ ය. ඉන් අනතුරුව ඇගේ කුකීස් ( බිස්කට් ) මුළු බොස්ටන් නුවර පුරා ප්‍රචලිත විය. එය කොල්ටේට්ගේ ජීවිතයේ හැරවුම් ලක්ෂය විය.
"මම මගේ කුකීස්( බිස්කට්) හදන්නේ වෙනස් ක්‍රමයකට.ඒවා ගොඩාක් එසට තමයි මම හදන්නේ. චොක්ලට් කැබලි සහ කුරුදු මිශ්‍රි කරලා සකසන කුකීස්( බිස්කට්) මිල දී ගන්න බොහෝ දෙනෙක් ආසයි. මගේ විඳිහයි , මගේ නිෂ්පාදනයි දැක්කහම ගොඩාක් දෙනෙක් පුදුමයට පත් වෙනවා. "යනුවෙන් ඇය ප්‍රකාශ කරන්නේ මුළු ජීවිතයම දිනා ගත්තියකි.
වර්තමානයේ දී බොස්ටන් නුවර කොල්ටේට් යනුවෙන් නම් කර ඇති ඇගේ ස්වයං ව්‍යාපාරය දියුණු තත්ත්වයකට පත් ව ඇත. කුකීස්( බිස්කට්) පමණක් නිෂ්පාදනය කරන මෙහි හිමිකාරීත්වය දරන්නේ
කොල්ටේට් ය. සමාජ ජාලා වෙබ් අඩවිවල ද සමාජ මාධ්‍ය කිහිපයකින් ම ඇගේ නිෂ්පාදන අන්තර්ජාලය මඟින් ඇනවුම් කර ගැනීමට පුළුවන. ඇය අද වන විට 50,000 ක් පමණ කුකීස්( බිස්කට්)
ඇනවුම් භාර ගෙන ඇත. ශරීරයේ කිසිදු අඩුපාඩුකමක් නොමැතිව , ජීවත් වන සෑම දෙනෙකුටම වඩා කොල්ටේට් අද වන විට තම අර්ථිකය ස්ථාවර කර ගෙන තිබේ. ඇගේ ව්‍යාපායට ඇගේ මව සහ සහෝදරිය තමන්ගේ උපරිම සහය ලබා දෙන්නීය.
ජීවත් වෙමින් සිහින ජය ගන්න උත්සාහ කරන්න. තමන්ට අවශ්‍ය දේ කෙසේ හෝ සිදු කරන්න මතක තබා ගන්න. එවිට මට වගේ ම ජීවිතය ජය ගන්න පුළුවන් වේවි. යනුවෙන් ඇය මුළු ලෝකයටම ප්‍රකාශ කරන්නේ සියලු දෙයින් සර්ව සම්පුර්ණ වී සිටින පුද්ගලයෙකුට වඩා ආත්ම ශක්තියෙන් යුක්තව ය.
ජිවිතය අලුතින් පටන් ගැනීමට සිතන මිනිසුන්ට කොල්ටේට් ඩිවිටෝ තම ජීවිත කථාවෙන් ඔවදන් ලබා දෙන්නේ ඇයගේ ජීවිතය දෙස බලා මේ ලෝකයේ සිටින එක් පුද්ගලයෙකු හෝ තම ජීවිතය ධනාත්මකව වෙනස් කර ගනීවි යැයි සිතා ය.
මදාරා මුදලිගේ