චිත්‍ර­පට බෙදා හැරීමේ වාරණ නියෝ­ගය ගැන කියන කතා | සිළුමිණ

චිත්‍ර­පට බෙදා හැරීමේ වාරණ නියෝ­ගය ගැන කියන කතා

ශ්‍රී ලංකා ජාතික චිත්‍ර­පට සංස්ථාව 1972 දී ස්ථාපිත කිරී­මත් සමඟ චිත්‍ර­පට බෙදා හැරීමේ ඒකා­ධි­කාරි බලය අයත් වූයේ ද ජාතික චිත්‍ර­පට සංස්ථා­ව­ටය. එහෙත් 2000 වසරේ පටන් චිත්‍ර­පට බෙදා හැරීම පෞද්ග­ලික අංශ­යට පැව­රිණි. ඒත් සිනමා නිර්මා­ණ­ක­රු­වන්ගේ මැදි­හත් වීමේ ප්‍රති­ඵ­ල­යක් ලෙස චිත්‍ර­පට බෙදා හැරීම යළි ශ්‍රී ලංකා ජාතික චිත්‍ර­පට සංස්ථා­වට පවරා ගනු ලැබුවේ මේ වසරේ ජුනි 18 වැනි­දාය.

එහෙත් පසු­ගිය ජුනි 28 වැනි දින මේ තීර­ණය වළ­කා­ල­මින් කොළඹ දිසා අධි­ක­ර­ණය විසින් වාරණ නියෝ­ග­යක් නිකුත් කරනු ලැබුවේ මූවි ප්‍රඩක්ට්, ඊ.ඒ.පී. සමා­ගම, ලංකා ෆිල්ම් ඩිස්ට්‍රි­බි­යු­ටර්ස් සමා­ගම ඇතුළු සමා­ගම් කීප­යක් ගොනු කළ පැමි­ණි­ල්ලක් සලකා බැලී­මෙන් අන­තු­රු­වය.

මේ වාරණ නි‍යෝගය දින 14 කට බල­පාන පරිදි ලබා දුන අතර ලබන මස 12 වැනි දින ශ්‍රී ලංකා ජාතික චිත්‍ර­පට සංස්ථා­වට අධි­ක­ර­ණයේ පෙනී සිටින ලෙස නොතිසි නිකුත් කෙරිණි.

‍ෙම් සම්බ­න්ධ­යෙන් සිනමා නිර්මා­ණ­ක­රු­වන් ඇතුළු පාර්ශ්ව කීප­ය­කින් අද­හස් විම­සුවේ වැඩි­දුර තොර­තුරු දැන­ගැ­නී­ම­ටය.

 

අධි­ක­රණ කට­යු­ත්තක් නිසා කතා කරන එක සුදුසු නෑ

 

නිමල් අබේ­ව­ර්ධන ‍ සාමා­න්‍යා­ධි­කාරි, ශ්‍රී ලංකා ජාතික චිත්‍ර­පට සංස්ථාව

 

සිනමා අධ්‍ය­ක්ෂ­ව­රුන් හා නිෂ්පා­ද­ක­ව­රුන්ගේ සංග­මය, චිත්‍ර­පට ශාලා හිමි­යන්ගේ සංග­මය අවු­රුදු ගණ­නක පටන් අඛ­ණ්ඩව ම චිත්‍ර­පට සංස්ථා­වෙන් ඉල්ලා සිටියා චිත්‍ර­පට බෙදා හැරීම සංස්ථා­වට පවරා ගන්නා ලෙස. දිගු කාල­යක් මුළුල්ලේ ඔවුන් එක හඬින් කළ ඉල්ලීමේ ප්‍රති­ඵ­ල­යක් වශ­යෙන් 2018 ජුනි 18 වැනි දින එම බලය සංස්ථා­වට පවරා ගැනුණා. සංස්ථාවේ තිබූ චිත්‍ර­පට බෙදා­හැ­රීමේ බලය පෞද්ග­ලික අංශ­යට පවරා තිබෙන්නේ 1999.06.17 වැනි දින මුදල් අමා­ත්‍යාං­ශය නිකුත් කළ මාර්ගෝ­ප­දේ­ශය පද­නම් කර­ගෙන ම ඊට අනු­කූ­ලව ඒ අය ජාතික චිත්‍ර­පට සංස්ථාව සමඟ ගිවි­සු­ම්ගත විය යුතුයි. ඒත් සම­හරු චිත්‍ර­පට සංස්ථාව සමඟ ගිවි­සු­ම්ගත වී නැහැ. කොහොම වුණත් ශ්‍රී ලංකා ජාතික චිත්‍ර­පට සංස්ථාවේ පනත බලා­ත්ම­කයි. ඒ පනත අනුව තමයි අපි කට­යුතු කළේ. දැන් එයට අධි­ක­ර­ණ­යෙන් වාරණ නියෝ­ග­යක් නිකුත් කර තිබෙන බව දැන­ගන්න ලැබුණා. ඔබ මගෙන් මේ පිළි­බ­ඳව විමසා සිටින මොහොත වන තෙක් අපට අධි­ක­ර­ණ­යෙන් ඒ බව දන්වා නැහැ. සම­හ­ර­විට පසුව දැනුම් දෙයි. අධි­ක­ර­ණ­යෙන් අපට දැනුම් දුන් පසුව අපි ඒ සම්බ­න්ධ­යෙන් ඉදි­රි­යේදී කට­යුතු කර­නවා. අධි­ක­රණ කට­යු­ත්තක් ගැන මේ අව­ස්ථාවේ කතා කරන්න බැහැනේ.


අපි විරුද්ධ මාෆි­යා­ව­ටයි බෙනට් රත්නා­යක -

සිනමා අධ්‍ය­ක්ෂ­ව­රුන්ගේ සංග­මයේ සභා­පති

 

ඕනෑම කෙන­කුට තමුන්ට අසා­ධා­ර­ණ­යක් වුණා කියලා අධි­ක­ර­ණ­යට යන්න පුළු­වන්. ඒක සාමාන්‍ය දෙයක්. ඒ වගේම අධි­ක­ර­ණය විසින් තාව­කා­ලි­කව වාරණ නියෝ­ග­යක් දෙන්නත් පුළු­වන්. එය අපේ රටේ අධි­ක­ර­ණයේ හා නීතියේ ස්වාභා­වය. අපි එයට කල­බ­ල­විය යුතු නැහැ. කිසි­සේත් ම කම්පා විය යුතු නැහැ. ජාතික චිත්‍ර­පට සංස්ථාව චිත්‍ර­පට බෙදා හැරීම පවරා ගත්තේ ඇයි කියලා කරුණු දක්වන්න ඉදි‍රි­යේදී චිත්‍ර­පට සංස්ථා­වට අව­ස්ථාව තිබෙ­නවා. ඔවුන් ඉතා­මත් නිවැ­ර­දිව කරුණු දක්වාවි කියලා මම විශ්වාස කර­නවා. සිනමා නිෂ්පා­ද­ක­ව­රුන්, කලා­ක­රු­වන්, සිනමා ශාලා හිමි­යන් සිනමා කර්මා­න්ත­යට තම දාය­ක­ත්වය සප­යන විට සීමිත කීප­දෙ­නකු අත්ත­නෝ­ම­තික විදි­හට චිත්‍ර­පට ආදා­ය­මෙන් 10% ක් ගන්නවා. මෙන්න මේ මාෆි­යා­වට තමයි අපි විරුද්ධ ව‍ුණේ. ඔවු­න්ගෙන් දේශීය සින­මාව මුදා ගැනීම සඳහා අපි ගත් මේ තීර­ණය කවු­රුත් අනු­මත කරයි. සිනමා කර්මා­න්ත­යට ලැදි අය මේ ක්‍රම­වේ­දය ගැන සතුටු වේවි. ඉදි­රි­යේදී නීතිය නිවැ­ර­දිව ක්‍රියා­ත්මක වෙයි කියලා මම විශ්වාස කරවා.


සංස්ථාවේ කට­යුතු ජනා­ධි­පති කොමි­ස­මට පට­හැ­ණියි

 

තුසිත ද අල්විස් -CEL මණ්ඩ­ලයේ මෙහෙ­යුම් හා ප්‍රව­ර්ධන කළ­ම­නා­කරු

 

වර්ත­මා­නයේ සින­මාවේ ගැටලු ගැන සොයා බලන්න පත් කළ ජනා­ධි­පති කොමි­සම කමිටු වාර්තා­වේ­වත් චිත්‍ර­පට බෙදා­හැ­රීම චිත්‍ර­පට සංස්ථා­වට පවරා ගත යුතුයි කියලා සඳ­හන් වී තිබුණේ නැහැ. එහි තිබුණේ බෙදා හැරීමේ ආය­තන ලබා ගන්නා 10% ක මුදල, 5% දක්වා අඩු කරන්න කියලා විත­රයි. කරුණු කාරණා එසේ තිබි­යදී එක පාර­ටම චිත්‍ර­පට බෙදා­හැ­රීමේ අයි­තිය ජාතික චිත්‍ර­පට සංස්ථා­වට පවරා ගත්තේ ඇයි කියලා අපිට ගැට­ලු­වක් මතු වෙනවා. ඒ විදි­හට අයි­තිය පවරා ගත්තාම අපිට ලැබෙන්න තියෙන මුදල් ලබා ගන්නේ කොහො­මද? මේ අවු­රුද්දේ ජන­වාරි - අප්‍රේල් කාල­යට විත­රක් මිලි­යන ගණ­නක් එකතු කර­ගන්න තියෙ­නවා. අපේ ආය­ත­න­වල වැඩ කරන අයට මොකද වෙන්නේ? ඒ නිසයි අපි ඊට එරෙ­හි­ව‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍ ­අ­ධි­ක­ර­ණ­යට ගියේ. අනික ජාතික චිත්‍ර­පට සංස්ථා­වට අයත් බෙදා­හැ­රීමේ මණ්ඩ­ල­යක් රිත්ම නමින් තිබෙ­නවා. ජාතික චිත්‍ර­පට සංස්ථාව කොහො­මද චිත්‍ර­පට බෙදා­හැ­රීමේ මණ්ඩ­ල­යක් පව­ත්වා­ගෙන යන්නේ? රිත්ම මණ්ඩ­ලය අනෙ­කුත් ප්‍රද­ර්ශන මණ්ඩල සමඟ එකතු වෙලා තමයි චිත්‍ර­පට ප්‍රද­ර්ශ­නය කරන්නේ. ජාතික චිත්‍ර­පට සංස්ථා­වට බෙදා­හැ­රීමේ මණ්ඩ­ල­යක් පව­ත්වා­ගෙන යන්න බැහැ. ඒක නීති විරෝ­ධීයි. ජාතික චිත්‍ර­පට සංස්ථාව කට­යුතු කරන්නේ ජනා­ධි­පති කමිටු වාර්තාවේ නිර්දේ­ශ­ව­ලට පට­හැ­නිව.

 


පරණ විදි­යට ම වැඩ කළොත්වැඩක් නැහැ

 

මාලනී ෆොන්සේකා - ප්‍රවීණ සිනමා නිළි හා අධ්‍යක්ෂ

 

ශ්‍රී ලංකා ජාතික චිත්‍ර­පට සංස්ථාව ස්ථාපිත කළේ අපේ රටේ සිනමා කර්මා­න්තයේ අභි­වෘ­ද්ධිය හා ආර­ක්ෂාව පතා. අපේ රටේ චිත්‍ර­පට බෙදා­හැ­රීම අනිත් රට­ව­ල්ව­ලට වඩා හුඟක් වෙනස්. මොකද අපේ රටේ සින­මා­වට ජාත්‍ය­න්තර වෙළෙ­ඳ­පො­ළක් නැහැ. දේශීය වෙ‍ළඳ­පො­ළක් විත­රයි තියෙන්නේ. ඒ වගේ ම රූප­වා­හි­නිය පැමි­ණීම, විවෘත ආර්ථි­ක­යත් සමඟ විවිධ විනෝ­දා­ත්මක නිර්මාණ ක්‍රම­වේද පැමි­ණීම ඇතුළු විවිධ හේතූන් නිසා දේශීය සිනමා කර්මා­න්තය අභි­යෝ­ග­ය­කට මුහුණ දුන්නා. මේ නිසා නිෂ්පා­ද­ක­ව­රුන් චිත්‍ර­ප­ට­ව­ලට මුදල් යොද­වන්න අක­මැති වුණා. මේ විදි­හට ගියොත් ශ්‍රී ලාංකේය චිත්‍ර­පට නැත්තට ම නැති වේවි කියලා අපිට හිතුණා. ඒ නිසා ශ්‍රී ලාංකේය සින­මා­වට ආර­ක්ෂා­වක්, ආව­ර­ණ­යක් අවශ්‍ය වුණා. ඒ ආර­ක්ෂාව සහ ආව­ර­ණය ලබා දෙන්න පුළු­වන් වෙන්නේ ශ්‍රී ලංකා ජාතික චිත්‍ර­පට සංස්ථා­වට පම­ණයි. ඒ නිසයි අපේ ඉල්ලීම සලකා බලලා ජාතික චිත්‍ර­පට සංස්ථාව චිත්‍ර­පට බෙදා හැරීමේ බලය ඔවුන් යට­තට පවරා ගත්තේ. දැන් ඒකට වාරණ නියෝ­ග­යක් නිකුත් කර තිබෙ­නවා. ලංකාවේ අනිත් නඩු වගේ මේකත් අවු­රුදු ගණ­නක් ඇදි ඇදී ගියොත් නම් වැඩක් නැහැ. එය සිනමා කර්මා­න්ත­යට උහු­ලන්න අමා­රුයි. නඩුව ඉවර වෙන‍කොට සිනමා කර්මා­න්තය වළ­ප­ල්ලට ගිහිං තියේවි. ඉක්ම­නට විස­ඳු­මක් ලැබෙ­නවා නම් හොඳයි.

හැබැයි මෙත­නදි තවත් කාර­ණා­වක් කියන්න මම කැම­තියි. චිත්‍ර­පට සංස්ථාව ඔවුන්ට බල­තල ලැබුණ කියලා පරණ විදි­හ­ටම කට­යුතු කර­නවා නම් වැඩක් නැහැ. ඔවුන් ස්වාධීන අධි­කා­රි­යක් හැටි­යට ක්‍රියා කර­නවා නම් හුඟක් හොඳයි. මොකද සින­මාව කියන්නේ අපේ ජීවන වෘත්තිය වුණාට එහි වැඩ කරන අයට එය හුදු රැකි­යා­වක් පම­ණයි. ඒ නිසා ඉස්සර විදි­හට නැතිව හොඳ වැඩ­පි­ළි­වෙ­ළක් යටතේ ඔවුන් ක්‍රියා කර­නවා නම් හුඟක් හොඳයි. දේශ­පා­ලන පක්ෂය කවුරු වුණත් නිවැ­රදි තීර­ණ­යක් දීලා හොඳ වැඩ­පි­ළි­වෙ­ළක් යටතේ මේ කට­යුතු සාර්ථ­කව සිද්ධ වෙනවා නම් එය ඉති­හා­ස­ගත වනවා නොඅ­නු­මා­නයි. මේ වැඩ­පි­ළි­වෙළ හොඳින් සිදු වෙනවා නම් මගේ සම්පූර්ණ සහ­යෝ­ගය මම ලබා දෙනවා.


මේක පෞද්ග­ලික  වුව­ම­නා­වක්

 

සුනිල් ටී. ප්‍රනාන්දු ලංකා එක්සත් චිත්‍ර­පට බෙදා හරි­න්නන් නිෂ්පා­ද­ක­යන් හා ප්‍රද­ර්ශ­ක­යන්ගේ සංවි­ධා­නයේ සභා­පති

 

චිත්‍ර­පට බෙදා හැරීම පෞද්ග­ලික අංශ­යට පැව­රුණේ චන්ද්‍රිකා බණ්ඩා­ර­නා­යක කුමා­ර­තුංග මැති­නි­යගේ රජය යටතේ 2000 වස­රෙදී. එතැන් පටන් අවු­රුදු 18 ක් මුළුල්ලේ ආය­තන හත­ර­කින් මේ කාර්ය­භා­රය සිද්ධ වෙනවා. අවු­රුදු 18 ක් තිස්සේ අප කරපු කාර්යය එක රැය­කින් සංස්ථාව පවරා ගන්නේ කොහො­මද? මොන පද­න­මක් යට­තේද? එහෙම පවරා ගන්නවා නම් ඒ දව­ස්වල කරන්න තිබු­ණනේ. අවු­රුදු 18ක්ම ඉන්න ඕනෑද? මේ ආය­ත­න­වල සේව­කයෝ ඉන්නවා. මේ විදි­හට පවරා ගත්තාම අපේ වැඩ කරන සේව­ක­යන්ට මොකද වෙන්නේ? ඔවුන්ට රැකියා නැති­වෙ­නවා. ඔවුන්ගේ දරු පවුල් අනාථ වෙනවා. ඒ වගේම බෙදා හැරීමේ කට­යු­තු­වල නිරත වී සිටින ආය­ත­න­ව­ලට සින­මා­ශා­ලා­ව­ලින් රුපි­යල් මිලි­යන ගණ­නක් එකතු කර­ගන්න තියෙ­නවා. ඒවාට මොකද වෙන්නේ? මේ වගේ කාරණ නිසා තමයි අපි අධි­ක­ර­ණ­යට ගියේ.

මේ පවරා ගැනීම එක රැය­කින් කළේ එක්තරා බල­ව­න්ත­ය­කුගේ චිත්‍ර­ප­ට­යක් ප්‍රද­ර්ශ­නය කර­ගන්න කියලා මම දන්නවා. ඒ කෙනා නිෂ්පා­ද­නය කළ චිත්‍ර­ප­ටය බෙදා­හැ­රීමේ ආය­තන හත­රෙන් ම ප්‍රති­ක්ෂේප වුණා. ඒ චිත්‍ර­ප­ටය හරිම නීරස ඒකා­කාරී චිත්‍ර­ප­ට­යක් කියලා තමයි එය ප්‍රති­ක්ෂේප කරලා තිබෙන්නේ. එය ජාතික චිත්‍ර­පට සංස්ථාව හරහා සියලු සින­මා­ශා­ලා­වල ප්‍රද­ර්ශ­නය කර­ගැ­නීමේ උත්සා­හ­යක් හැටි­යට තමයි චිත්‍ර­පට බෙදා හැරීම ජාතික චිත්‍ර­පට සංස්ථා­වට පවරා ගත්තේ. මම එය බය නැතිව කිය­නවා.

 

Comments