
සාමාන්‍ය පෙළ, උසස් පෙළ ඇතුළු ප්‍රසිද්ධ විභාගවලදී නවීන තාක්ෂණික මෙවලම් භාවිතයෙන් සිදු කරන විභාග වංචා වැළැක්වීමේ අරමුණින් ඉදිරියේදී සියලු විභාග මධ්‍යස්ථානවලට GEO – Fence නම් වූ නවීන තාක්ෂණික ක්‍රමවේදය භාවිතා කිරීමට විභාග දෙපාර්තමේන්තුව සූදානම් වෙයි.
මේ පිළිබඳ අදහස් දැක්වූ විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා සඳහන් කළේ මෙම GEO – Fence නම් වූ තාක්ෂණික ක්‍රමවේදය හරහා හඳුනාගත්, නිශ්චිත විභාග ශාලා ප්‍රදේශයන්හි දුරකතන සංඥා සියල්ල අහෝසි කිරීමට සමත් බවයි. පසුගිය කාලයේ විවිධ ජංගම දුරකතන, බ්ලූටූත් වැනි උපකරණ විභාග මධ්‍යස්ථාන තුළට හොර රහසේ ගෙන ගොස් වංචනික කටයුතු රාශියක් සිදුවූ අතර මෙම ක්‍රමය ඉදිරියේදී භාවිතා කිරීමෙන් එවැනි විභාග වංචා සියල්ල අහෝසි කිරීමට හැකිවන බවයි.