සතියේ කලදවස | සිළුමිණ

සතියේ කලදවස

මේෂ - ලැබීම් සහිතයි

සඳු ගමන් කරන්නේ 9, 10, 11, 12 යන භාවයන් හරහාය. පුණ්‍ය කටයුතු පෙරදැරිව ආරම්භ වන සතිය සුබදායකය. රැකියා, ව්‍යාපාර කටයුතුවලින් ලාභ ප්‍රයෝජන අත්වේ. ගෘහ ජීවිතයේ කටයුතු අනලස්ව කරයි. නැදෑ හිතමිතුරන්ගෙන් ලැබීම් හිමි වේ. විදෙස් ගමන් යෙදෙන්නට ඉඩ තිබේ. දරුවන්ගේ අධ්‍යාපනය වැඩිදියුණු වන ග්‍රහ බල පිහිටා ඇත. සතියේ අපල අවම කරගැනීමට කුසගින්නේ සිටින අයෙකුට ආහාර වේලක් දෙන්න.

සුබ අංක - 4, 7, සුබ වර්ණ - රතු, නිල්, සුබ දවස් - ඉරිදා, අඟහරුවාදා

 

වෘෂභ - රැකියා ව්‍යාපාර ලාභ

සඳු ගමන් කරන්නේ 8, 9, 10, 11 යන භාවයන් මතිනි. ආරම්භය කනගාටුදායක පුවතක් කන වැකීමට පුළුවන. ඉන්පසු දින කීපය අයහපත් නොවේ. පුණ්‍ය සිතුවිලි සහිතව වැඩ කටයුතු කරයි. රැකියා ව්‍යාපාර ආදියෙන් ලාභ ප්‍රයෝජන මෙන්ම වෙනත් හිතවතුන්ගේ ආධාර උපකාර ද ලැබෙයි. දරුවන්ගේ ඉගෙනුම් සාර්ථක වේ. සතියේ අපල අවම කරගැනීමට වකුගඩු පිළිකා රෝගීනට උපකාර කරන්න.

සුබ අංක - 6, 7, සුබ වර්ණය - ක්‍රීම් රෝස, සුබ දවස් - සිකුරාදා, බදාදා

 

මිථුන - යහපත් සතියකි

සඳු ගමන් කරන්නේ 7, 8, 9, 10 යන භාවයන් හරහාය. ව්‍යාපාර කටයුතුවලට වැඩි උනන්දුවක් ඇති වේ. සමාජ සේවා, පුණ්‍ය කටයුතු ආදියට දායකත්වයක් ඇත. රැකියාවේදී ඇවිදිලි වැඩවලට වැඩි කාලයක් ගත වෙයි. ප්‍රසිද්ධිය, ගෞරවය ලබන කටයුතුවලද නියැළේ. ගෙදර දොර පිරිසිදු කිරීමේ උත්සාහයක යෙදේ. දරුවන්ගේ උසස් අධ්‍යාපනික කටයුතුවල ප්‍රගතියක් ඇති වේ. සතියේ අපල අවම කර ගැනීමට ඉගෙනීමේ යෙදෙන අපහසුතා ඇති දරුවකු පොතක්, පෑනක් වැනි දෙයක් තෑගි කරන්න.

සුබ අංක - 3, 7, සුබ වර්ණය - කොළ, සුබ දවස් - බදාදා, සිකුරාදා

 

කටක - මිශ්‍ර පල ඇති කරයි

කටක - සඳු ගමන් කරන්නේ 6, 7, 8, 9 යන භාවයන් හරහාය. අසනීප ගති අඩු වේ. සතුරු කරදර අවම විය හැක. ව්‍යාපාර ලාභ, පුණ්‍ය කටයුතුවලට දායකත්වයක් ඇති විය හැකි අතර ප්‍රසිද්ධිය කීර්තිය ගොඩනැඟේ. සමාජ සේවා වැඩවලට නිරායාසයෙන්ම ඉදිරිපත් වේ. දරුවන්ගේ උසස් අධ්‍යාපනය පිළිබඳ සතුටු විය හැකි ආරංචි ලැබේ. හිතවතකුගේ කනගාටුදායක අවස්ථාවන්ට සහභාගි වීමට සිදුවිය හැක. අපල අවම කර ගැනීමට කිරි දරුවකු සිටින මවකට උදවු උපකාර කරන්න.

සුබ අංක - 2, 7, සුබ වර්ණය - සුදු, සුබ දවස් - සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා

 

සිංහ - දරුවන්ගේ අධ්‍යාපනය සතුටුදායකයි

සඳු ගමන් කරන්නේ 5, 6, 7, 8 යන භාවයන් මතිනි. දරුවන්ගේ ඉගෙනුම් සාර්ථක වේ. හොඳ ගුරුවරයෙකු ලැබෙන්නට හැකි සතියකි. සතුරන් මිතුරන් බවට පත් වේ. ව්‍යාපාර කටයුතු දියුණු මට්ටමකට ගත හැකි සතියක් වන අතර සමාජ සේවා වැඩවලට ඉදිරිපත් වේ. ආදරණීය බැඳීම් විවාහ තීන්දු තීරණවලට යොමුවන අතර දරු පල සිහින සැබෑ විය හැකිය. පුණ්‍ය කටයුතුවලට දායකත්වය ලබාදීම නිරායාසයෙන්ම සිදු වේ. සතියේ අපල අවම කර ගැනීමට පෙරවරු කාලයේ සූරිය පිරිත කියන්න.

සුබ අංක - 4, 7, සුබ වර්ණය - රතු, සුබ දවස් - ඉරිදා, අඟහරුවාදා

 

කන්‍යා - නිවාස ගැටලු විසඳේ

සඳු ගමන් කරන්නේ 4, 5, 6, 7 යන භාවයන් හරහාය. නිවාස සිහින සැබෑ වේ. විකුණා ගැනීම හෝ සොයාගැනීම පහසුවේ. ජලය ලැබීම් ළිං කැපීම් තුළින් සුබ පල ගෙනදෙයි. දරුවන්ගේ අධ්‍යාපනයේ ප්‍රගතියක් දැකිය හැකි ග්‍රහබල පවතී. රැකියා සඳහා ඇවිදිලි වැඩිවේ. ව්‍යාපාර ආරම්භයක් ගැන සිතුවිලි පහළ වෙයි. එසේ නොමැති නම් පවතින ව්‍යාපාරවල වෙනසක් සිදු කරයි. පවතින අපල අවම කර ගැනීමට කොහොඹ කොළ තම්බා ඇඟපත සෝදන්න.

සුබ අංක - 5, 7, සුබ වර්ණය - කොළ, සුබ දවස් - බදාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා

 

තුලා -වාසනාවන්ත සතියකි

සඳු ගමන් ආරම්භ කරන්නේ 3, 4, 5, 6 යන භාවයන් හරහාය. සහෝදර උපකාර හිමි වන සතියක් වන අතර තම සහජ දක්ෂතා ඔප් නැංවේ. ගෙදර දොර කටයුතු පිළිබඳ වෙහෙසෙන හා දරුවන්ගේ දක්ෂතා වැඩිදියුණු කිරීමට වැඩි කාලයක් කැප කරයි. රැකීරක්ෂා වෙනුවෙන් ඇවිදිලි වැඩිවේ. එහෙත් ලාභ ප්‍රයෝජන හිමිකර දෙයි. පුණ්‍ය ස්ථාන වැඳ පුදා ගැනීමට යයි. ගෘහ ජීවිතය සමගියෙන් ගතවේ. සතියේ අපල අවම කර ගැනීමට කරඳ වෘක්ෂයකට සත්කාර කරන්න. ජලය ටිකක් දමන්න.

සුබ අංක - 6, 7, සුබ වර්ණ - ක්‍රීම්, සුදු, සුබ දවස් - සිකුරාදා, බදාදා

 

වෘශ්චික - ධන ලාභ

සඳු ගමන් ආරම්භ කරන්නේ 2, 3, 4, 5 යන භාවයන් හරහාය. ධන ලාභයක් හිමි විය හැකි අතර එය තමාගෙන් ඉල්ලා ගත් ණය මුදලක් වීමටද පුළුවන. සහෝදර දෙමාපිය දූ දරු බැඳීම් වර්ධනය කෙරේ. පදිංචි ස්ථානයේ දියුණුවට කරුණු කාරණා යෙදෙයි. ඒවා ඉටුකර ගැනීමට වෙහෙසෙයි. රැකියාවේ දියුණුව සහ තම කතාව නිසා අන්‍යයන්ගේ ආකර්ෂණය දිනයි. අන්‍යයන් පැහැදෙයි. සතියේ අපල අවම කර ගැනීමට දුර්වල අයට උපකාර කරන්න.

සුබ අංක - 2, 7, සුබ වර්ණය - රතු, සුබ දවස් - ඉරිදා, බ්‍රහස්පතින්දා

 

ධනු - ප්‍රීතිමත් සතියකි

සඳු ගමන් කරන්නේ ලග්නය දෙවැන්න, තුන්වැන්න සහ සිවුවැන්න හරහාය. ඔබගේ පෞරුෂය වැඩි වර්ධනයක් පෙන්වයි. ප්‍රියමනාප බව ඇතිවේ. අසල්වැසි හිතවත් ඥාති සියලු දෙනා සමඟ සුහදතාවයෙන් කල් යවයි. ආදරය විවාහය වැනි කටයුතු පල දරයි. දරුවන්ගේ සියලු යහපත් බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ වේ. සහෝදර උපකාර හිමි වන අතර තමාගේම කියා ගේ දොර ඉඩකඩම් හිමිකම් ඇත. සතියේ අපල අවම කර ගැනීමට වැඩිහිටි, ගුරුවර, දෙමාපිය ආදීන්ට උවටැන් කරන්න.

සුබ අංක - 6, 7, සුබ වර්ණය - කහ, සුබ දවස් - බ්‍රහස්පතින්දා, ඉරිදා

 

මකර - සුබ සතියකි

සඳු ගමන් ආරම්භ කරන්නේ 12 ලග්නය 2, 3 යන භාවයන් හරහාය. ආරම්භය තරමක් ගැටලු සහගත බවක් පෙන්නුම් කළත් ඉන් පසුව ඔබගේ කාර්යයන් සපලතාවයට පැමිණේ. කලකට පසුව වුවත් ගෘහ ජීවිතයේ සතුට සැනසීම පෙන්නුම් කරයි. අතමිට මිල මුදල් ගැවසේ. රැකියා, ව්‍යාපාර ආදියෙන් ලාභ ප්‍රයෝජන සේම වෙනසකට භාජනය කිරීම් සිදුවේ. සහෝදර සබඳතා වැඩි දියුණු වීමක් පුණ්‍ය කටයුතු සඳහා ඔවුන් සමග දායක වීමක් සිදුවේ. සතියේ අපල අවම කර ගැනීමට රතන සූත්‍රය උදේ හවස කියන්න.

සුබ අංක - 7, 9, සුබ වර්ණය - නිල්, සුබ දවස් - සිකුරාදා, සෙනසුරාදා

 

කුම්භ - ලැබීම් සහිතය

සඳු ගමන් ආරම්භ කරන්නේ 11, 12 ලග්නය දෙවැන්න යන භාවයන් හරහාය. ආරම්භය සතුටුදායකය. ලැබීම් සහිතය. ගෘහ ජීවිතයේ සතුට සමාදානය දරුවන්ගේ සියලු යහපත් කටයුතුවලට භාග්‍ය පවතී. කීර්තිය ගෞරවය ප්‍රසාදය අත්වේ. ව්‍යාපාර සහ රැකී රක්ෂාවලින් ලාභ ප්‍රයෝජන ඇති අතර හිතවතෙකු නිසා පාඩුවක් හෝ නීතිමය ගැටලුවකට මැදිහත්වීමක් හෝ සිදුවිය හැකි බැවින් කල්පනාකාරී වන්න. සතියේ අපල අවම වීමට තිරිසන් සතුනට ආහාර ජලය දෙන්න.

සුබ අංක - 7, 8, සුබ වර්ණ - රතු, නිල්, සුබ දවස් - සිකුරාදා, සෙනසුරාදා, බ්‍රහස්පතින්දා

 

මීන - මිශ්‍ර පල සහිතයි

සඳු ගමන් කරන්නේ 10, 11, 12, 1 යන භාවයන් හරහාය. කරන කියන රැකියාවලින් ලාභ ප්‍රයෝජන හිමි වේ. රජයේ හෝ හිතමිතුරන්ගෙන් උදවු උපකාර විදෙස් හිතමිතුරන් පැමිණීමට හෝ තමන් ඉල්ලුම් කර තිබූ විදෙස් ගමනක් සාර්ථක වීමට ඉඩ තිබේ. එමෙන්ම ඇසුරු කරන කෙනෙකු නිසා පාඩුවක් හෝ නිශ්ඵල ගමනක් යෙදේ. අන්‍යයන් අතර ප්‍රසාදයට ලක්වන කටයුතුවලට පෙලඹේ. සතියේ අපල වීමට බෝපත්‍ර අතින් අහුලා දමා පැන් කළයක් බෝධියට වත් කරන්න.

සුබ අංක - 7, 8, සුබ වර්ණ - කහ, සුබ දවස් - බ්‍රහස්පතින්දා, අඟහරුවාදා

Comments