පිටසක්වල ජිවීන්ද?, රහසිගත හමුදා කඳවුරුද? විකෘති සතුන් බිහි කරන විද්‍යාගාරද? | සිළුමිණ

පිටසක්වල ජිවීන්ද?, රහසිගත හමුදා කඳවුරුද? විකෘති සතුන් බිහි කරන විද්‍යාගාරද?

මේ අති දැවැන්ත අභ්‍යවකාශයේ ජීවය පවතින එකම ග්‍රහලෝකය පෘථිවිය පමණක් නොවන බවට මතවාදයන් ඉදිරිපත් වූයේ බොහෝ ඈත අතීතයේ සිටය. පිටසක්වල ජීවීන් පිළිබඳව අදින් වසර දහස් ගණනකට එපිට ජීවත් වූ මිනිසාද විශ්වාස කළ බවත්, ඇතැම් විට දියුණු ශිෂ්ටාචාර පිටසක්වල ජිවීන් සමඟ අන්තර් සබඳතා පැවැත්වූ බවටත් පිළිගැනීම් පවතී.

ඒ කෙසේ වුවද පිටසක්වල ජිවීන් යනු සම්පූර්ණයෙන් බැහැර කළ නොහැකි, එමෙන්ම සම්පූර්ණයෙන්ම විශ්වාස කළ නොහැකි මතවාදයක් බව පැහැදිලිය.

ලෝකයේ නන් දෙසින් පිටසක්වල ජිවීන් පිළිබඳව සාක්ෂි යැයි සිතිය හැකි ඇතැම් අද්භූත දේ හමුවන විට ඇමරිකාව වැනි ප්‍රබල රටවල් අතිශය රහසිතව පවත්වාගෙන යන ඇතැම් ප්‍රදේශවල ඉඳිකර ඇති විද්‍යාගාර ඔස්සේ පිටසක්වල ජීවීන් සමඟ සබඳතා ඇති කර ගන්නා බවට බොහෝ තර්ක විතර්ක පවතී.

මේ තර්ක නිකම්ම බැහැර කළ නොහැකි යැයි සිතෙන්නේ ඇමරිකාවේ ඒරියා 51 පිළිබඳ තොරතුරු විමසීමේදීය. දැන් නවතම හෙළිදරව්ව වන්නේ ඒරියා 52. ඒරියා 51 යනු ඇමරිකාවේ භූමි ප්‍රදේශයකි. ඇමරිකාවේ ප්‍රාන්ත 50කි. ඒ ප්‍රාන්ත 50 අතර 51වැනි ප්‍රාන්තය වශයෙන් මේ භූමි ප්‍රදේශය සැලකෙන බව ඇඟවීමට මේ බිම්කඩ ඒරියා 51 වශයෙන් හැඳින්වේ. එසේ වුවද මේ ප්‍රදේශය නිල වශයෙන් තවත් ප්‍රාන්තයක් ලෙස පිළිගැනෙන්නේ නැත. එහෙත් මේ ප්‍රදේශයේ ඇත්තේ එයටම ආවේණික වූ නීතිරීති මාලාවකි.

මෙය සැබවින්ම සමාන කළ හැකි වන්නේ හමුදා කඳවුරු සංකීර්ණයකටය. එහෙත් එය සැබවින්ම හමුදා කඳවුරුදැයි ඇමරිකානු බලධාරීන් කිසිදු අවස්ථාවක ප්‍රකාශයට පත් කර නැත. එමෙන්ම මේ ඒරියා 51 පිහිටා ඇති භූමියට ආසන්නතම ප්‍රාන්තය වන නෙවාඩා ප්‍රාන්ත බලධාරීන්ද මේ ප්‍රදේශයේ සිදුවන ක්‍රියාකාරකම් පිළිබඳව මුනිවත රකින්නේ බොහෝ කලක සිටය. එහෙත් මේ ප්‍රදේශය පිළිබඳව ඇමරිකානු බලධාරීන්දක්වා ඇත්තේ ඇමරිකානු ගුවන් හමුදවාට අයත් පර්යේෂණ ආයතනයක් වශයෙනි. පිටසක්වල ජීවීන් සහ ඒරියා 51 අතර සබඳකම් පිළිබඳව සැකය තහවුරු වන ප්‍රථම සාක්ෂිය හමුවන්නේ එහිදීය. එමෙන්ම ඔවුන් පවසා ඇත්තේ මේ ප්‍රදේශය විවිධ ගුවන් යානා සහ ගුවන් යුද අවි අත්හදා බැලීම සඳහා යොදා ගන්නා බවයි. එමෙන්ම නිල වශයෙන් මේ ප්‍රදේශයේදී අත්හදා බැලීම් සිදු කර ඇති ඇමරිකාවේ නිෂ්පාදිත අති විශේෂ ගුවන් යානා කිහිපයක්ද වේ. A – 12, D – 21, Have Blue යනු එවැනි යානා කිහිපයකි. මේ අතරින් Have Blue යානය එහි බාහිර පෙනුම මෙන්ම තාක්ෂණය අතින්ද අතිශයින් සුවිශේෂී යානයකි.

ඒ යානා අත්හදාබැලීම් කෙසේ වුවද හඳුනා නොගත් පියාසර වස්තු හෙවත් පිටසක්වල යානා මේ ප්‍රදේශයේ දක්නට ලැබී ඇති බවට වන මතවාද එක්සත් ජනපද බලධාරීන් ද ප්‍රතික්ෂේප කරන්නේ නැත. මේ ජනප්‍රිය මතය හේතුවෙන් ඒරියා 51 ප්‍රෙද්ශයට මෙන්ම ඒ ආසන්නයේම ඇති රේචල් නම් වන කුඩා නගරයටද හිමි වී ඇත්තේ අසාමාන්‍ය සංචාරක ආකර්ෂණයකි. ඒරියා 51 ආශ්‍රිතව පිටසක්වල ජීවීන්ගේ ක්‍රියාකාරකම් පවතින බවට වන ජනප්‍රිය මතවාද හේතුවෙන් හඳුනා නොගත් පියාසර යානා දැක බලා ගැනීමේ අරමුණින් යුතුව ලොව පුරා සංචාරකයන් මේ ප්‍රදේශයට පැමිණේ.

එහෙත් ප්‍රධාන වශයෙන්ම ඒරියා 51 ආශ්‍රිතව සිදු කෙරෙන රහසිගත ක්‍රියාකාරකම් කිහිපයක් පිළිබඳව ඇඩම් ක්ලැරී නම් මාධ්‍යවේදියා විසින් ලිපියක් අන්තර්ජාලයට එක් කර තිබේ. ක්ලැරීට අනුව ඒරියා 51හි පිටසක්වල ජිවීන්ගේ ක්‍රියාකාරකම් පිළිබඳව පැහැදිලි සාක්ෂි තිබේ.

වරක් නිව් මෙක්සිකෝ හිදී කඩාවැටුණු පිටසක්වල යානයක් එරියා 51 වෙත රැගෙන ආ බවට සාක්ෂි හමුවී තිබේ. ඇසින් දුටුවන් එම යානය පිළිබඳව අදහස් දක්වා ඇතැයි පැවසේ. එහෙත් ඇතැමුන් පවසන්නේ මේ සීතල යුද සමයේදී ඇමරිකාවේ ඔත්තු බැලීමට රුසියාව විසින් එවන ලද යානා විය හැකි බවයි.

 

1. පිටසක්වල සබඳතා

 

ඒරියා 51 යනු නිකම්ම ගුවන් හමුදා කඳවුරක් නොවන බවද ඇඩම් ක්ලැරී පවසා තිබේ. ඇමරිකානු බලධාරීන් විසින් මේ ප්‍රදේශය විශේෂයෙන් පවත්වාගෙන යනු ලබන්නේ අති විශේෂ ගුවන් යානා නිපදවිමට සහ ඒවා අත්හදා බැලීම වෙනුවෙන් බව ඔහුගේ අදහස වී ඇත. මේ තොරතුර සමබන්ධව පිළිගත හැකි සාක්ෂි ඇමරිකානු බලධාරින් විසින්ද ඉදිරිපත් කර ඇත්තේ ඒරියා 51 ප්‍රදේශයේ සිදු කර ඇති ගුවන් යානා අත්හදා බැලීම් පිළිබඳව ඡායාරූපමය තොරතුරු ඉදිරිපත් කරමිනි.

2. අති නවීන් ගුවන් බලය

මේ ප්‍රදේශය ආසන්නයට පැමිණීමට හෝ කිසිවකුට නොහැකි වන ලෙස ආරක්ෂක කැමරා මඟින් ආවරණය කර පැවතියද චන්ද්‍රිකා ඡායාරූප නිරීක්ෂණය කිරීමේ හැකියාව ලැබුණු පසු ඇතැම් දෙනා මේ ගුවන් ඡායාරූප ඔස්සේ ඒරියා 51හි රහස් සෙවීමට උත්සුක වූහ. එහිදී ඇතැම් ඡායාරූපවලින් පැහැදිලිව දර්ශනය වූයේ ගුවන් ධාවන පථයක් අවසානයේ ඉදි කර ඇති ගුවන් යානා රැඳවීම සඳහා යොදා ගන්නා ‘හැඟරයක්‘ වැනි ගොඩනැගිල්ලකි.

මේ හේතුවෙන් අති නවීන තාක්ෂණයෙන් යුත් ගුවන් යානා නිෂ්පාදනය කිරිමටත්, අත්හදා බැලීමටත් මේ ප්‍රදේශය යොදා ගන්නා බවට පැහැදිලි වනවා. ගුවන් ඡායාරූප මඟින් පෙනී යන්නේ පැහැදිලිව හඳුනාගත හැකි ඒම හැඟරයේ විවෘත කළ හැකි දොර අවම වශයෙන් අඩි 170ක් පමණ විශාල වන බව ඒ සම්බන්ධව විමර්ශනය කළ ඇතැම් දෙනා පවසා තිබෙනවා. ඒ් නිසාම ඔවුන් පවසන්නේ ඇමරිකානු රජයේ මීළඟ ගුවන් බෝම්බ හෙළීමේ අවස්ථාව නම් පහසු ඒකක් නොවනු ඇති බවයි.

3. රසායනික අත්හදා බැලීම්

ඒ්රියා 51හි රහසිගත විද්‍යාගාර ඇති බවත්, ඒවායේ නොයෙකුත් පරීක්ෂණ කරමින් තවදුටත් බලවත් රසායනික අවි නිෂ්පාදනය කරමින් පවතින බවත් තවත් ජනප්‍රිය මතයක්. ඇමරිකාව මේ රසායනික අවි තමන්ගේ දේශපාලනික විරුද්ධවාදීන් මර්දනය යොදා ගන්නා බවට ජනප්‍රිය මතයක් විය. වාමාංශික දේශපාලන රැල්ල දකුණු ඇමරිකාව හරහා හමා ගිය පසුගිය දශකයේදී ඒම රටවල රාජ්‍ය නායකයන් බොහෝ දෙනෙක්ට ඒක්වරම පිළිකා රෝග ලක්ෂණ ඇති වූවා. බ්‍රිසීලයේ ඩිල්මා රුසොෆ්, බොලීවියාවේ ඒවෝ මොරාලෙස් වගේම ඇමරිකාව නිර්දය ලෙස විවේචනය කළ වෙනිසියුලාවේ හිටලු ජනාධිපති හියුගෝ චාවේස් මේ නායකයන් අතර විය. පසුව හියුගෝ චාවේස් ජීවිතක්ෂයට පත් වූයේද මේ පිළිකා රෝගී තත්ත්වය හේතුවෙන්. මේ පිළිකා රෝග කාරක නිෂ්පාදනය කරන්නේත්, ඒති සුක්ෂ්ම ලෙස අදාළ ඉලක්ක වෙත යෑමේ කටයුතු සැලසුම් කරන්නේත් ඒ්රියා 51හිදී බව තවත් එක් ජනප්‍රිය මතවාදයක්.

4. බොයිඩ් බුෂ්මන් ගේ වීඩියෝව

බොයිඩ් බුෂ්මන් කියන්නේ ඇමරිකාවේ ජ්‍යේෂ්ඨ විද්‍යාඥයෙක්. ඔහු ඇමරිකානු රාජ්‍යද ඇතුළුව තවත් සමාගම් රැසකට තම සේවය ලබා දී තිබෙනවා. අවස්ථා රැසකදී සම්මානයට පාත්‍රවූ මේ විද්‍යාඥයා 2014දී මිය යෑමට පෙර වීඩියො පටයක පෙනී සිටිමින් ප්‍රකාශයක් සිදු කළා. එමඟින් ඔහු කිව්වේ ඒ්රියා 51හි තමන්ගේ අත්දැකීම්. මේ වීඩියෝපටය ජනප්‍රිය වූයේ ඔහු මියගිය පසුව. එමඟින් ඔහු පවසා ඇත්තේ ඒිරියා 51හි ඇමරිකානු රජය සිදු කරන අත්හදා බැලීම් පිළිබඳව. ඒ් වගේම පිටසක්වල ජිවීන් සමග සබඳතා ඇති කර ගැනීමේ වෑයමක්ද මෙහි ක්‍රියාත්මක වන බව බුෂ්මන් එහිදී පවසා තිබිණි.

5. කටුසු අත්හදා බැලීම්

කටුස්සා යනු අවස්ථාව අනුව තම වර්ණය වෙනස් කළ හැකි සතෙකි. යුද බිමේදී හමුදා භටයකුටත් තම පරිසරය අනුව තම ඇඳුමේ වර්ණය වෙනස් කර ගත හැකි නම්, නොඑසේ නම් නොපෙනී සිටීමට හැකි නම් ඒය ඉතා වැදගත් වනු ඇත. ඒ්රියා 51හි සිදු කරන ලද පර්යේෂණ මඟින් නොපෙනී සිටීමේ හැකියාව සහිත ආවරණ නිපදවීමට හැකියාව ලැබී ඇතැයි පැවසේ. දසතින් හමුදා සාමාජිකයන් සහ හමුදා වාහන වටකොට තිබියදී කිසියම් පුද්ගල චලනයක් ඔවුන්ගේ ඇස නොගැටී ඒම ප්‍රදේශය පසු කර යන වීඩියෝ පටයක් ඒක කරමින් ඇඩම් ක්ලැරී පෙන්වා දෙන්නේ මේ තාක්ෂණය ඔවුන් ලබා ගෙන ඇත්තේ පිටසක්වලින් බවයි. කෙසේ වුවද ක්ලැරී පවසන මේ තර්කය සත්‍ය නම් ඒය ලෝකය උඩුයටිකුරු කරවන සොයා ගැනීමක් වනු නොඅනුමානය.

6. කාලගුණ පාලනය

ඒ්රියා 51හි සිදු කරන ලද පර්යේෂණ රැසකින් පසු කිසියම් ප්‍රදේශයක කාලගුණය පාලනය කිරීමේ හැකියාව ඇමරිකාව විසින් තමාවෙත නතුකරගෙන සිටින බවද ඇඩම් ක්ලැරී පෙන්වා දෙයි. මේ පර්යේෂණ සාර්ථකව සිදු කෙරමින් පවතින බව 2006 වසරේදී ආචාර්ය හෙන්රිකස් නම් පුද්ගලයකු ද පවසා තිබේ. ඇමෙරිකාවට පැමිණෙන අතිශය විනාශකාරී හරිකේන් කුණාටු නවත්වා දැමීම මෙන්ම වෙනත් රටවලට හානිකර කාලගුණ තත්ත්වයන් ඇති කිරීමටද මෙමඟින් ඇමරිකාවට හැකියාව ලැබී ඇතැයි පැවසේ.

7. දෙමුහුන් මිනිසා

ඒරියා 51හි සිදු කරන තවත් පර්යේෂණ විශේෂයක් ලෙස දෙමුහුන් මිනිසකු බිහිකිරීමේ වෑයමක් පවතින බවද ඇඩම් ක්ලැරී පවසා තිබේ. ඔහු පෙන්වා දෙන්නේ වැඩි ආයු කාලයක් සහිතව, අඩු රෝගාබාධ මෙන්ම වැඩි හැකියාවන් සහිත, දරා ගැනීමේ ශක්තියෙන් උසස් මිනිසකු බිහි කිරීමට ඒ්රියා 51හි පර්යේෂණ පවත්වමින් සිටින බව පැවසේ.

මේ පර්යේෂණ සඳහා පිටසක්වල ජිවීන්ගේ සහයද, ඔවුන්ගේ ජාන ද ලබා ගනිමින් සිටින බව ඇඩම් ක්ලැරීගේ අදහසයි. නම් සඳහන් කිරිමට අකමැති වූ පර්යේෂකයන් මේ බව සනාථ කිරීමට අවශ්‍ය තොරතුරු තමා වෙත ලබා දුන් බව ඔහු පවසා තිබේ. මෙලෙස බිහි කිරීමට යන දෙමුහුන් මිනිසාගේ විශේෂම හැකියාව වනු ඇත්තේ අධික මානසික බලය බවද පැවසේ. මේ සුපිරි මිනිසා බිහිකිරීමට පර්යේෂණ පැවැත්වෙමින් පවතින නමුත් ඒහි අවසාන සාර්ථකත්වය ප්‍රකාශ වනු ඇත්තේ කෙදිනදැයි දින නියමයක් තවමත් ප්‍රකාශයට පත් වී නොමැත.

8. කාල තරණය

කාල තරණය හෙවත් ටයිම් ට්‍රැවලිං යනු මිනිසාගේ තවත් සිත් බැඳි ඉසවුවකි. කාල තරණයට හැකියාව ලබා ගන්නා මිනිසා මේ ලෝකයේම බලය තහවුරු කරගන්නා බවට කිසිඳු සැකයක් නැත. එබැවින්ම ඇමරිකාව කාල තරණය සාර්ථක කර ගැනීමට පර්යේෂණ පැවැත්වීම ඇරඹූවේ දශක ගණනාවකට පෙර සිටය. මේ වන විට ඒ්රියා 51හි කාල තරණයට අවශ්‍ය පර්යේෂණ සාර්ථකව සිදු කෙරෙමින් පවතින බව ඇඩම් ක්ලැරී පවසා තිබේ. මේ සියල්ලටම අමතරව වඩාත් වැඩි අවධානය දිනාගෙන තිබෙන්නේ ඔහු හෙළිදරව් කර ඇති ඒ්රියා 52 පිළිබඳ අලුත්ම තොරතුරු සමුදායයි. ඒරියා 52 යනුවෙන් ජනප්‍රිය වෙමින් ඇත්තේ ද ඇමරිකාවේ නෙවාඩා ප්‍රාන්තයේ භුමි ප්‍රදේශයකි. එම භූමි ප්‍රදේශයද පිහිටා ඇත්තේ ඒරියා 51 නම් වන භූමියට ආසන්නවය. මේ ප්‍රදේශයේද වසර කිහිපයක සිට ඇමරිකානු බලධාරීන් විසින් රහසිගතව නොයෙක් ඉදිකිරීම් කරමින් පවතින බව තහවුරු වී තිබේ. මේ ප්‍රදේශයේ හමුදාව විසින් ඉතා දැඩි ආරක්ෂාවක් යොදා ඇති අතර කිසිවකුට එම ප්‍රදේශයට ආසන්න වීමට හෝ ඉඩක් නොලැබේ. ප්‍රථමයෙන් මෙය ඒරියා 51හි දිගුවක් ලෙස සැලකුවද පසුව තහවුරු වී ඇත්තේ එය වෙනමම සිදුකරන ඉදිකිරීම් සමුදායක් බවයි.

මේ සියල්ල සම්පිණ්ඩය කර බැලූ විට පෙනී යන්නේ සැබවින්ම පිටසක්වල ජීවීන් කෙසේවුවද ඇමරිකාව තම අනාගත ලෝක නායකත්වය පිළිබඳව තරයේ සිතමින් සැලසුම් සකස් කරමින් සිටින බවයි.

Comments