අනු­රා­ධ­පුර සාපෙළ සිසු­වි­යන්ට අත­වර කළ විභාග නිරී­ක්ෂක රිමාන්ඩ් | සිළුමිණ

අනු­රා­ධ­පුර සාපෙළ සිසු­වි­යන්ට අත­වර කළ විභාග නිරී­ක්ෂක රිමාන්ඩ්

 

ව හෝ පියා අයන්න කියූ දා සිට විශ්වවිද්‍යාලය හෝ ඉන් ඔබ්බට අධ්‍යාපනයේ මංපෙත් සොයා යන දරුවන් තම ළමා කාලය තුළ දහසකුත් බාධා මැද අධ්‍යාපනයෙන් නිරතවන බව අපට අමුතුවෙන් කිව යුතු කාරණයක් නොවේ.විශේෂයෙන් අනුරාධපුර වැනි ඉතා දුෂ්කර කඨෝර ගම්මානවල ජීවත්වන දුවා දරුවන් කුසට හරිහැටි ආහාරයක් වත් නොලබා වැරහැලි ඇඳුම ඉරි ගිය පොත් බෑගය මෙන්ම හරි සපත්තු ජෝඩුවක් වත් නොමැතිව පාසල වෙත එන්නේ තම අනාගත අභිමතාර්ථයන් මුඳුන් පමුණුවා ගැනීමේ පිවිතුරු චේතනාවෙන් යුතුව ය.

උප්පත්තියෙන් ලැබෙන රූප ස්වභාවය, ළයාන්විත දේහය මෙම නැති බැරි කම් වලට ගැළපීමක් නොවේ. විශේෂයෙන් ගැහැනු දරුවකු හට එම ලාලිත්‍යය තුළ ජීවත්වීම අද මහත් බාධාවක් ව පැවතීම කනගාටුවට හා වේදනාවට තුඩු දෙන කරුණකි. තම මවු තුරුලෙන් විදු මව් තුරුලට එන අපේ දරුවෝ යුද බිමේ සිටින තම දෙමාපියන් හා සමාන ගුරුවරුන් දෙස බලන්නේ ද මව්පිය හැඟීමෙනි. නමුත් අද විදු බිමේ සිටින ඇතැම් අමනයන්ගේ ක්‍රියාකලාපයන් නිසා විදු බිම ද අනාරක්ෂිත තැනක් බවට පත්ව තිබීම ශෝචනීය කරුණකි.

අනුරාධපුර නාච්චාදූව හිදෝගම අතළුවිල සේන මහා විදුහලේ විභාග ශාලාවේ දී විභාග අපේක්ෂිකාවකට අතවර කිරීමක් සම්බන්ධයෙන් විභාග නිරීක්ෂක වරයෙකු හිදෝගම පොලීසිය විසින් අත­්අඩංගුවට ගත් බව පසුගියදා අනාවරණය විය.

ඉකුත් 25 වැනිදා ඉතිහාසය විෂය පැවති දිනයේ මෙම අතවරය සිදුව ඇතැයි වාර්තා විය. අතවරයට ලක් වූ දැරියට විභාගයේ දී උපකාර කරන බවට පවසා විභාගය ලියමින් සිටිය දී ඇයට ළං වී මුහුණ සිප පසුව විවේක කාලයේ දී ඇයට ළං වී අදාළ නිරීක්ෂකවරයා දැරියගේ පපු පෙදෙස අතගා ඇතැයි පැවසේ.

මේ බව හිදෝගම පොලීසියට පැමිණිලි කළ පසු අදාළ නිරීක්ෂකවරයා අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු ජූනි දෙවෙනිදා දක්වා බන්ධනාගාර ගත කිරීමට නියෝග කර තිබුණි. වැරදිකරුවකු හට නීතියෙන් දඬුවම් හිමිවීම නීති රාමු තුළ සිදු වුව ද තම ජීවිතයේ පළමු කඩඉම පසු කරන තීරණාත්මක මොහොතක විභාග ශාලාව කදී විභාගයට පිළිතුරු සපයමින් සිටියදී එවැන්නක් සිදුවීමේදී අත්වන පීඩාකාරී ස්වභාවය වචනයෙන් සටහන් කිරීමට අප කවුරුන් හෝ සමත් නොවනු ඇත. උපාධි සහතිකය අතට ගත් එකී නිරීක්ෂකවරයා ගෞරවනීය වෘත්තියකට පිවිස සිදුකළ විනාශය සුළු කොට තැකිය නොහැකිය.

මෙසේ අතඩංගුවට ගෙන ඇත්තේ නාච්චදූව නව නගරය පදිංචි මුස්ලිම් ජාතික ගුරුවරයෙකි. කෙසේ හෝ මුදල් දී එම සිදුවීම යට ගැසීමට ද අතඩංගුවට පත් ගුරුවරයාගේ පාර්ශ්වය උත්සහ දරා ඇති බවද වාර්තා විය.

මෙම සිදුවීමට මාධ්‍ය තුළ විශාල ප්‍රචාරයක් ලබා දීමත් සමඟ වගකිව යුතු ආයතන ද ඊට මැදිහත් වී අදාළ කටයුතු කරමින් සිටී. මේ පිළිබඳව පරීක්ෂණ පැවැත්වූ අනුරාධපුර කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ මහේශා හෙට්ටිආරච්චි සහ උතුරු මැද පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ නිර්මලා ඒකනායක එම විමර්ශන කටයුතුවලින් අනතුරුව සිද්ධියට සම්බන්ධ ගුරුවරයා ගේ සේවය අත්හිටුවීමට ලක් කොට තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් වූ අධිකරණ ක්‍රියාමාර්ගවලින් අනතුරුව ඉදිරි කටයුතු ක්‍රියාත්මක වීමට නියමිතය.

Comments