මාතර ප්‍රධාන බස් නැවැතුම්පොළ ඉදිරිපිටට ගුවන් පාලමක් ඕනෑ | සිළුමිණ

මාතර ප්‍රධාන බස් නැවැතුම්පොළ ඉදිරිපිටට ගුවන් පාලමක් ඕනෑ

දකුණු පළාතේ දෙවන අගනගරය වන මාතර ප්‍රධාන බස් නැවතුම්පොළ ඉදිරිපිටට ගුවන් පාලමක් නොමැති නිසා පොදු මහජනතාවට මාර්ගය හරහා ගමන් කිරීමේදී මහත් අපහසුතාවකට මුහුණ පෑමට සිදුවී ඇත.

එහෙත් මේ පිළිබඳව නගර බලධාරින්ගේ අවධානයට යොමු නොවීම කනගාටුවට කරුණකි. දිනෙන් දින මහාමාර්ගයට එක්වන වාහන සංඛ්‍යාව වැඩි වෙමින් පවතී. මේ නිසා පොදු මහජනතාවට මාතර බස් නැවතුම් පොළට යෑමට සහ මාතර බස් නැවතුම්පොළ ඉදිරිපිටින් මාර්ගය හරහා ගමන් කිරීමේදී අනතුරුදායක තත්ත්වයක් පවතී. එම නිසා වගකිවයුතු බලධාරින්ගේ අවධානය යොමු වී නොපමාව මාතර බස් නැවැතුම්පොළ ඉදිරිපිටට මඟි ගුවන් පාලමක් ලබා දීමට කටයුතු කරන මෙන් දන්වා සිටිමි.

• වසන්ත ද සිල්වා, වැලිගම

Comments