
2022 වර්ෂය වෙනුවෙන් ලංකා සතොස හරහා රුපියල් 1750 ක වාසියක් ලැබෙන අලුත් සහන ආහාර මල්ලක් 14 වැනිදා සිට ලබාදෙන බව වෙළෙඳ ඇමැති බන්දුල ගුණවර්ධන පවසයි. එහි සුපිරි සම්බා කිලෝ 10 ක් සුදු සීනි කිලෝ 1 ක් පරිප්පු කිලෝවක් ඉදි ආප්ප පිටි කිලෝ 1 ක් හාල් මැස්සන් ග්‍රෑම් 500 ක් නූඩ්ලස් ග්‍රෑම් 400 ක් ඇතුළු අත්‍යවශ්‍ය තවත් ආහාර වර්ග කිහිපයක් සමඟ දියර පොල් කිරි පැකට්ටුවක් මෙම සහන මල්ලට ඇතුළත් වේ. වෙනත් සුපිරි වෙළෙඳසල්වලින් මෙම සහන මල්ලේ ඇති ආහාර ද්‍රව්‍ය මිලදී ගන්නා විට රුපියල් 6621, 5771 හා 5034 ගෙවීමට සිදු වූ බවත් මෙම භාණ්ඩ මල්ල රුපියල් 3998 කට ලබාගත හැකි බවත් වෙළෙඳ ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන පවසයි. ලංකා සතොස අලෙවි සල් නොමැති ප්‍රදේශවල ජනතාවට ‘1998‘ ඇමැතීමෙන් මෙම භාණ්ඩ මල්ල නිවසටම ගෙන්වා ගත හැකි බව ද ඇමැතිවරයා පවසයි.