
අත්‍යවශ්‍ය ඖෂධ 60 කට අයත් මාත්‍රා වර්ග 131කට උපරිම මිලක් පැනවීමට ඖෂධ නිෂ්පාදනය, සැපයීම් හා නියාමන රාජ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.
ඩොලරයේ අගය ඉහළ යෑමත් සමඟ පසුගිය අගෝස්තු මාසයේ දී මෙම ඖෂධවල මිල 9%කින් ඉහළ නැංවීමට අවසර දී ඇත. එහෙත් මෙම ඖෂධවල මිල ගණන් 100% - 300% අතර ප්‍රමාණයකින් ඉහළ ගොස් ඇති බවට කෙරෙන ප්‍රකාශවල සත්‍යතාවක් නොමැති බව ඖෂධ නිෂ්පාදනය, සැපයීම් හා නියාමන රාජ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කර සිටියි.