ස්ටෑන්ඩර්ඩ් චාටර්ඩ් බැංකු­වෙන් COVID-19 පාල­න­යට වෛද්‍ය උප­ක­රණ පරි­ත්‍යා­ග­යක් | සිළුමිණ

ස්ටෑන්ඩර්ඩ් චාටර්ඩ් බැංකු­වෙන් COVID-19 පාල­න­යට වෛද්‍ය උප­ක­රණ පරි­ත්‍යා­ග­යක්

ස්ටෑන්ඩර්ඩ් චාටර්ඩ් බැංකුවසුගියදා ඇමරිකානු ඩොලර් 116,500 ක(රු. මිලියන 23.6 ක් පමණ) වටිනාකමකින් යුත් අත්‍යවශ්‍ය වෛද්‍ය උපකරණ තොගයක් ශ්‍රී ලංකා රතු කුරුස සමාජය වෙත පරිත්‍යාග කිරීමට කටයුතු කළේ ය. COVID-19 පාලනය කිරීමේ ජාතික උත්සාහය තවදුරටත් ශක්තිමත් කිරීමට දායක වීමක් වශයෙන් මෙම පරිත්‍යාගය සිදුකරන ලදි.

මෙම ප්‍රදානය කොටස් දෙකකින් සමන්විත විය. මුල් අදියර යටතේ අත්‍යවශ්‍ය වෛද්‍ය උපකරණ මිලදී ගැනීම සඳහා ශ්‍රී ලංකා රතු කුරුස සමාජය වෙත ඇමරිකානු ඩොලර් 75,000 ක මුදලක් පරිත්‍යාග කරන ලදි. එමගින් දැඩි සත්කාර ඒකක වල භාවිතා කරනු ලබන වෙන්ටිලේටර් යන්ත්‍ර 3 ක් සමග පල්ස් ඔක්සිමීටර් සහ නෙබියුලයිසර් ඇතුළු උපකරණ මිලදීගනු ලබන අතර, එම උපකරණ ජාතික රෝහල ඇතුළුව බස්නාහිර පළාතේ රෝහල් වල COVID-19 රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා යොදාගැනීමට අපේක්ෂා කෙරේ. මීට අමතරව, ඇමරිකානු ඩොලර් 41,500 ක වටිනාකමකින් යුත් ඔක්සිජන් සාන්ද්‍රකරණ උපකරණ 25 ක් ශ්‍රී ලංකා රතුකුරුස සමාජය හරහා සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත පරිත්‍යාග කිරීමටද ස්ටෑන්ඩර්ඩ් චාටර්ඩ් බැංකුවකටයුතු කළේ ය.

 

 

Comments