
Airtel විසින් හඳුන්වා දෙන මෙම ‘Data Rollover’ මඟින් පාරිභෝගිකයින්ට 200 GB දක්වා භාවිතා නොකළ ඩේටා ඊළඟ බිල්පත් ගෙවීම දක්වා භාවිතා කිරීමට හැකියි
එයාර්ටෙල් ලංකා සමාගමේ විප්ලවීය 4G සේවා සහ Freedom Packs දියත් කිරීමෙන් අනතුරුව, සමාගම සිය පළමු Freedom පසුගෙවුම් සැලසුම් සඳහා වූ සුවිශේෂී ‘Data Rollover’ පහසුකම ප්‍රථම වරට ලංකාවට හඳුන්වා දී ඇත. මෙම නව හඳුන්වාදීමත් සමඟ භාවිතයට නොගත් සියලූම ඩේටා ඊළඟ බිල්පත් ගෙවීම දක්වා භාවිතයට ගැනීමට පාරිභෝගිකයින්ට අවස්ථාව හිමි වේ.
සිය පසුගෙවුම් පාරිභෝගිකයින්ගෙන් වාරිකයක් අය කරන අන්තර්ජාල සේවා සපයන සමාගම් වර්තමානයේ දී සිදු කරනුයේ එක් එක් බිල්පත් කාලය අවසානයේ අලූතින්ම ඬේටා quota එකක් ලබා දී පසුගිය, භාවිතයට නොගෙන ඉතිරි වූ ඩේටා සියල්ලම අහෝසි කිරීමයි. මේ දක්වා තමන් මුදල් ගෙවා ඇති මෙම පසුගිය ඩේටා ප්‍රමාණය ප්‍රයෝජනයට ගැනීමට පසුගෙවුම් පාරිභෝගිකයින්ට විකල්පයක් නොතිබුණ අතර ‘Data Rollover’ මඟින් එම අවස්ථාව දැන් හිමි වේ. මේ අනුව, ‘Data Rollover’ පහසුකම එයාර්ටෙල් විසින් සරල හා වඩා හොඳ වටිනාකමක් ඇති ජාලකරණ අත්දැකීමක් පමණක් නොව සමස්ත ක්ෂේත්‍ර ය තුළම පාරිභෝගිකයා කේන්ද්‍ර කර ගැනීම සඳහා වූ ක්‍රියාකාරී ප්‍රවේශයක් මඟින් පාරිභෝගිකයා සවිබල ගැන්වීම උදෙසා ලංකාවේ ජංගම විදුලි සංදේශ ක්ෂේත්‍රයට මෙවැනි ආකාරයේ නව හඳුන්වා දීමක් සිදු කළ පළමු අවස්ථාව වේ.