
වරාය වෘත්තීය සමිති සේවකයින් අඛණ්ඩ වර්ජනයක නිරතවීමට සූදානම් බව පවසමින් වරාය ලෙඩන් බැස්ටියන් දොරටුව අසල විරෝධතාවයක නිරත වෙති.
ඔවුන් අද පෙරවරුවේ වරාය ප්‍රධාන දොරටුව අසල සිට පාගමනකින් ලෙඩන් බැස්ටියන් දොරටුව අසලට පැමිණියේය.
ඔවුන් පවසන්නේ නැගෙනහිර පර්යන්තයේ ඇති දොඹකර සිද්ධිය සම්බන්ධයෙන් ලිඛිත විසදුමක් ලබාදෙන තෙක් අදාළ වර්ජනය සිදුකරන බවයි.
කෙසේ වෙතත්, ඉකුත් 03 වන දා කොළඹ වරායට චීනයෙන් ගෙනා දොඹකර තුන නැගෙනහිර පර්යන්තයට ගොඩබෑමත් සමග වෘත්තීය සමිති ආරම්භ කළ වැඩවර්ජනය අවසන් කෙරිණ.
අනතුරුව වෘත්තීය සමිති අවධාරණය කලේ නැගෙනහිර පර්යන්තයේ මෙහෙයුම් වරාය අධිකාරිය යටතේ ආරම්භ කරන තෙක් අරගලය ගෙන යන බවයි.
මෙම දොඹකර 3 පසුගිය 20 වැනිදා කොළඹ වරායට රැගෙන ආ නමුත් නැගෙනහිර පර්යන්තයේ ස්ථාපිත කිරීමට රාජ්‍ය තාන්ත්‍රික බලපෑමක් ඇති බව වෘත්තීය සමිති චෝදනා කළේ ය.
ඒ අනුව වරාය සේවකයින් තිදෙනෙකු දොඹකර මතට නැග අඛණ්ඩ උපවාසයක් ආරම්භ කළේය.
සෙසු සේවකයින් ද ඊට සහය දක්වමින් වරාය කටයුතු අකර්මණ්‍ය කරමින් වැඩ වර්ජනයක නිරත විය.