
අතීතයේ සිටම පොලොන්නරුවේ දිඹුලාගල සිට රට සුරැකීමට කටයුතු කළ දිඹුලාගල බුද්ධ ශ්‍රාවක සංඝසභාව 2018 දි එරාවුර් පොලිසියට අමුතු පැමිණිල්ලක් කළහ. ඒ අනුරාධපුර යුගයේ විශාලතම දාගැබ ඩෝසර් කර එහි මිරිස් හා එළවළු වගා කර ඇති බවයි.
එමඟින් වැඩිදුරටත් පැමිණිලි කර ඇත්තේ මඩකලපුව එරාවුර් චෙන්කලාඩි මාවඩිවෙම්බුහි පිහිටා තිබූ 2 - 3 සියවස්වලට අයත් අඩි 32ක විෂ්කම්භයක් සහිත විශාල දාගැබක් 2017 - 2019 වකවානුවේදි විනාශ කර ඇති බවයි. එකල පුරාවිද්‍යාව හා සංස්කෘතිය බාරව කටයුතු කළ ඇමැතිවරයාවූ සජිත් ප්‍රේමදාස මහතා හෝ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව හෝ මේ පැමිණිල්ල පිළිබඳව වසර 2ක් යනතුරු නිසි පරිදි කටයුතු කර තිබුණේ නැත. මේ පැමිණිල්ල ඉදිරිපත් කර තිබුණේ මඩකලපුව පුරාවිද්‍යා අධ්යක්ෂවරයාට හා මිරිස් වගා කළ කදිරගාමර් සිවකුමාර් යන අයට විරුද්ධවය.
පරිවාර චෛත්‍ය හතරකින් සමන්විත වූ අනුරාධපුර යුගයේ විශාලතම දාගැබ මෙය බව අම්පාර පුරාවිද්‍යා කාර්යාලය ප්‍රකාශ කර තිබුණත් එහි පේසාවළලු ගර්භය හා වටේ බිත්ති කඩා දමා නිදන් හැරීම් කර පසුව අක්කර හතරක ඉඩම් ප්‍රමාණයක මිරිස් හා එළවළු සරුවට වගා කරනතුරු අදාළ බලධාරින් හා නිලධාරින් කිසිම නීතිමය පියවරක් ගෙන නොතිබිණි.
![]() |
මුහුදු මහා විහාරයේ මායිමේ තිබූ බුදු පිළිම ගලවා දමා තිබූ අයුරු. |
මේ අය ඉදිරිපත් කළේ පසුගිය 2015 - 2019 වකවානුවේදි අපේ රෙට් සිදුවූ පුරාවිද්‍යා විනාශවලට එක් උදාහරණයක් පමණි. නමුත් ඒ වකවානුවේ සිදුවූ පුරාවිද්‍යාත්මක සංස්කෘතික හානි ප්‍රමාණය 100කට ආසන්නය.
මේ දිනවල පුරාවිද්‍යාත්මක සංරක්ෂණය පිළිබඳව කෑගසන 2015 - 2019 වකවානුවේදී කළ පුරා විද්‍යාත්මක හා සංස්කෘතික විනාශය තරම් විනාශයක් පසුගිය වසර 100 තුළ අපේ රටේ සිදුවී නැති බව පුරාවිද්‍යාඥයන්ගේ අදහසයි.
වසර 30ක පැවැති එල්.ටී.ටී.ඊ. යුද්ධයේදිවත් කොටි ත්රස්තවාදිහුවත් 2015 - 2019 දි තරම් අපේ සංස්කෘතිය හා පුරා විද්‍යාත්මක භූමි විනාශ සිදු නොකළහ.
අපේ සසුන සුරකින ස්වාමින් වහන්සේ 48 නමක් රිමාන්ඩ් කිරීම, විජිතපුර සාගම වෙහෙර ඇතුළු පුරාවිද්‍යා ස්ථාන ඩෝසර් කර උදාගම් ඉදිකිරීමට ක්‍රියා කිරීම, මාවනැල්ලේ බුදු පිළිම විනාශය එකල සිදුවූ සංස්කෘතික විනාශ අතර ප්‍රධාන තැනක් ගනී. ඉහත පුරාවිද්‍යාත්මක ස්ථාන මෙන්ම මුහුදු මහ විහාරය දීඝවාපිය දෙවනගල හා කූරගල පුරා විද්‍යාත්මක ස්ථාන විනාශ කිරීම ආදිය සිදුවෙද්දි ඇස් කන් පියාගෙන සිටීම පසුගිය රජයේ සංස්කෘතික නිලධාරින් හා බලධාරින් ඇතුළු පිරිස් ක්‍රියාකළේ අඳගොළු බිහිරි පුද්ගලයන් මෙනි.
රටේ පුරාවිද්‍යාත්මක නීති රීති එදා සිටි මැති ඇමැතිවරුන්, පුරාවිද්‍යා බලධාරින් හා නිලධාරින් හරියට ක්‍රියාත්මක නොකළ නිසා මේ විනාශකාරි කටයුතු දිගටම සිදුවී ඇති බව පෙනේ. නමුත් ජාතියේ වාසනාවට ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ජනපති නොවුණා නම් තව ටික දිනකින් ඉහත පුරාවිද්‍යාත්මක හා ආගමික ස්ථාන අපේ ඉදිරි පරපුරට දකින්නට නොලැබෙන්නට ඉඩ තිබිණි.
නාරාහේන්පිට අභයාරාධිපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමිපාණන් හා රාවණා බලය සංවිධානයේ මහලේකම් ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමිපාණන් පෙන්වා දෙන පරිදි පසුගිය යහපාලන රජය සමයේ අපේ සුපේෂල ශික්ෂාකාමි ස්වාමින් වහන්සේලා 48 දෙනකු රිමාන්ඩ් බාරයට පත් කර ඇත.
ගලබොඩ අත්තේ ඥානසාර හිමි හා උඩුවේ ධම්මාලෝක හිමි ප්‍රධාන මහා සංඝරත්නය මෙසේ අත්අඩංගුවට ගත්තේ හුදෙක් දේශපාලන පළිගැනීම් ලෙස බවට ද මතයක් ඇත. ඊට අමතරව අපේ ඇසළ පෙරහරවල යාමට සිටි අලි ඇතුන් අලි හාම්පුත්තු 20ක් පමණ විවිධ බොරු චෝදනා දමමින් අත්අඩංගුවට ගත්තේ ඒ පාරම්පරික පෙරහරවල කරඬුව ගෙනයාමට සිටින අලින් අවම කිරීමේ කුමන්ත්‍රණයක් අනුව බව උඩුවේ ධම්මාලෝක හිමියන් පවසා තිබේ.
කෙසේ වුවත් කුරුණෑගල සිදුවීම පිළිබඳව විධිමත් පරීක්ෂණයක් පවත්වා එහිදී කරපු අය අත්අඩංගුවට ගත යුතු බවත් නමුත් එය දේශපාලන ප්රචාරාත්මක කටයුත්තක් ලෙස යොදාගත නොගත යුතු බවත් උන්වහන්සේ පැවසූහ. රාවණ බලය සංවිධානයේ මහ ලේකම් ද, ජාතික සංවිධායක ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමිපාණන් පැවසුවේ පසුගිය යහපාලන රජය යටතේ අනුරාධපුරය ඉපලෝගම ප්‍රදේශයේ පිහිටා ඇති දුටුගැමුණු - එළාර යුද්ධය පැවති විජිතපුර බළකොටුව හා බැලුම්ගල ප්‍රදේශයේ හෙක්ටයාර 15ක් ඩෝසර් කර උදාගමක් ඉදිකිරීමට කටයුතු ආරම්භ කිරීම ජාතික අපරාධයක් බවයි.
![]() |
මඩකලපුවේ චෙන්කල්අඩි ප්‍රදේශයේ තිබූ අනුරපුර යුගයේ ලොකුම චෛත්‍යය 2017 – 19 වකවානුවේදී විනාශ කර මිරිස් වගා කර තිබූ අන්දම.
|
ඒ ඉඩම ලබා ගැනීමට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් කිසිම අවසරයක් ගෙන නොතිබිණි. මේ බැලුම්ගල වනාහි දුටුගැමුණු එළාර යුද්ධයේදී ඔත්තු බැලූ ස්ථානයක් බවට ද පුරාවිද්‍යාඥයෝ පවසති.
මේ ස්ථානය අතිශය පුරාවිද්‍යාත්මක වටිනාකමක් තිබෙනවා. එළාරගේ බළකොටුව හා මාළිගය එහි තිබුණා. ඒ සමඟම නැගෙනහිර පළාතෙ සාගම වෙහෙර හා ඒ අවට පුරාවිද්‍යාත්මක භූමි විනාශ කර තිබෙනවා. අනුරාධපුර සමයේ ඉදිකර තිබූ ලොකුම චෛත්‍ය තිබුණේ මඩකලපුව එරාවුර් පත්තු ප්‍රදේශයේ. ඒකත් බුල්ඩෝසර් කරලා එහි එළවළු, මිරිස් හිටවා තිබුණා. මේ යහපාලන නඩයට පුරාවිද්‍යා පනත අනුව දඬුවම් කළා නම් ඔය සංස්කෘතික බලධාරින් නිලධාරින් ඉන්න ඕන හිරේ යයිද සද්ධාතිස්ස හිමියෝ පැවසූහ. පුරාවිද්‍යා පනත අනුව මෙවැනි වරදවල් වලට දෙන්න පුළුවන් උපරිම දඩය 50,000 යි. ඒ නිසා පුරාවිද්‍යා පනත ඉක්මණින්ම සංශෝධනය කර පුරාවිද්‍යා ස්ථාන විනාශ කරන අයට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් දී දඩයත් වැඩි කළ යුතු බවය. ඓතිහාසික දීඝවාපි පුදබිම, බුද්ධංගල ආරණ්‍ය සේනාසනය, රජගලතැන්න පුරාවිද්‍යා සංකීර්ණය, කුඩුම්බිගල තපෝවනය, තරුලෙන්ගල ආරණ්‍ය සේනාසනය, මඟුල් මහා විහාරය, මුහුදු මහා විහාරය, පියංගල ආරණ්‍ය සේනාසනය, සමන්ගල ආරණ්‍ය සේනාසනය වැනි ඓතිහාසික පුදබිම් දෙස බැලීමේදී අතීතයේ දිගාමඩුලු දිස්ත්‍රික්කය තුළ බෞද්ධ ප්රබෝධයක් තිබූ බව මොනවට පැහැදිලි වෙයි. අපේ මුතුන් මිත්තන් එලෙස රැකගෙන ආ දිගාමඩුල්ලේ ශ්‍රී විභූතිය අද වන විට අවාසනාවන්ත තත්ත්වයකට මුහුණ දෙමින් පවතින බව දිස්ත්‍රික්කය තුළ කරන ලද සංචාරයේදී දැක ගැනීමට හැකි විය. අද වන විට දිගාමඩුලු දිස්ත්‍රික්කය තුළ පුරාවිද්‍යාත්මක වශයෙන් වටිනාම තැන් ගණනාවක් අන්‍යාගමිකයන් විසින් විනාශකර හමාරය. ඒ පිළිබඳව පසුගිය රජය කිසිම පියවරක් ගත්තේ නැත.
මහා පරිමාණ වශයෙන් මෙම විනාශයට පටන් ගෙන ඇත්තේ දීඝවාපිය ප්‍රදේශයේ ඉඩම් බෙදීමක් සිදුවන අවස්ථාවකය. දීඝවාපියේ පුදබිමට නැගෙනහිර දෙසට වෙන්නට ඩෝසරයක හඬක් ඇසී දීඝවාපිය පොලිස් මුරපොළේ ස්ථානාධිපතිවරයා හා එවකට දීඝවාපි පුරාණ රජමහා විහාරාධිපතිව සිටි නන්නපුරාවේ බුද්ධරක්ඛිත හිමියන් එම ප්‍රදේශයට ගිය විට විහාරස්ථානයට අයිති ඉඩම් බෙදීම සඳහා සූදානම් කරනු දැක එයට විරෝධය පෑමත් සමඟම මෙම සිද්ධිය රට පුරා ලැව් ගින්නක් මෙන් පැතිර ගියේය. දීඝවාපියෙන් පසුව දැවැන්තම බෞද්ධ උරුමයන් සංහාරය සිදුවූයේ අක්කරපත්තුව ප්රදේශයේය. අක්කරපත්තුව - ආලියඩිවෙම්බු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටා තිබෙන ඓතිහාසික දාගැබක් ඩෝසර් කර විනාශ කිරීමත් සමඟම නැවත වතාවක් අම්පාර දිස්ත්‍රික්කයේ උණුසුම් වාතාවරණ්‍යක් ඇති විය. මොට්ටයාගල පාමුල තිබූ ඉපැරැණි ගරා වැටුණු චෛත්‍යයක් ද එම ස්ථානයේ ගොවිතැන් කටයුතු කරන පුද්ගලයකු විසින් ඩෝසර් කර දමා විනාශ කෙරිණි.
මොට්ටයාගල සෑය විනාශ කර මාස කිහිපයක් ගත වනවිට තිරික්කෝවිල් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් සාගම ප්‍රෙද්ශයේ තවත් විහාරස්ථානයක් හරි මැදින් ඩෝසර් කර විනාශ කිරීමට තරම් කටයුතු කර තිබිණි. වට අඩි 400ක් පමණ වූ මෙම දාගැබ හරි මැදින් විනාශ කර එහි තිබූ පුරාවස්තු පැහැරගෙන ගොස් තිබුණි. ඉන් මාස කිහිපයකට පසුව සංවිධානාත්මක පිරිසක් විසින් සාගම වැවට බස්නාහිර දෙසින් මහා වනය තුළ තිබූ තවත් දාගැබක් හරිමැදින් හාරා එහි පුරාවස්තු සොරා ගෙන තිබිණි. මේ ස්ථානය පිහිටා ඇත්තේ සන්ගමන් ජලාශය අසලය. මෙම විනාශය කරන ලද සැකකරුවන් කිසිකෙනෙකු අත්අඩංගුවට ගැනීමට නොහැකි විය. ඉන්පසුව මෙම පුරාවිද්‍යා විනාශය යොමුවන්නේ අක්කරපත්තුව වට්ටමඩුව දෙසටය.
![]() |
සාගම චෛත්‍යය 2018 දී පමණ දෙකට මැදින් හාරා පුරාවස්තු ඉවත් කරගෙන ඇති අයුරු.
|
නැගෙනහිර භූමියේ ඉතා පැරැණිම පුදබිමක් වන මුහුදු මහා විහාරය අන්‍ය ආගමික ආක්‍රමණයට ලක් වූ ඓතිහාසික පුදබිමකි. මෙහි අවට පදිංචිව සිටින මුස්ලිම් ජාතික අනවසර පදිංචිකරුවන්ගෙන් විහාරස්ථානයට බොහෝ බලපෑම් එල්ල වී තිබේ.
අක්කර 264 ක පමණ උරුමයක් සහිත බව කියන මුහුදු මහා විහාරය 1965 වසෙර් ගැසට් නිවේදනය අනුව අක්කර 30 කට අඩු වී විහාරය සතුව 2019 අවසානයේදී ඉතිරිව තිබුණේ අක්කර 3ක පමණ වන භූමි භාගයකි. ඉතුරු සියලු ඉඩම් ඒ අවට වැසියන් අත්පත් කරගෙන නිවාස සකස්කර තිබිණි. එහි තිබූ බුදු පිළිම ගලවා දමා කම්බි ගසා තිබිණි. ඉතා වටිනා පුදබිමක් වන මෙම ස්ථානයේ පූර්ණ පුරාවිද්‍යාත්මක කැණීමක් කිරීමට අවශ්‍යව ඇතත් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව එය පසුගිය කාලයේ කර නොතිබිණි.
වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පත්වීමෙන් පසු මුහුදු මහා විහාරයේ ඉඩම් ගැටලුව විසඳීමට ඉඩම් ඇමැති එස්.එම්. චන්ද්‍රසේන මහතාට උපදෙස් දුන්නේය. ඒ අනුව දැන් පසුගිය රජය සමයේ තිබුණු අක්කර 3ක භූමිය වෙනුවට පැරණි ඔප්පුවේ තිබූ පරිදි අක්කර 72ක භූමි භාගයක් මුහුදු මහා විහාරයට සින්නක්කර ලබා දෙන්නට වත්මන් රජය කටයුතු කළේය. ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජනරාල් කමල් ගුණරත්න මහතා ප්‍රමුඛ ත්‍රිවිධ හමුදාපතිවරු මේ ස්ථානය සුරැකීමට උපරිම පියවර ගත්හ. නාවික හමුදා අනු ඛණ්ඩියක් පූජා භූමිය සුරැකීමට ස්ථාපනය කෙරිණි.
මේ කරුණු පිළිබඳව අවධානය යොමු කරන රාවණා බලය සංවිධානයේ මහලේකම් ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමි ප්‍රමුඛ ජාතික සංවිධාන නායකයෝ පවසන්නේ පසුගිය යහපාලන රජය අපේ රටට කළ සංස්කෘතික පුරාවිද්‍යා හා බුද්ධ ශාසනයේ විනාශයට ඒ රජයේ සංස්කෘතිය පුරාවිද්‍යාව අරක්ගෙන සිටි මැති ඇමැතිවරුන්ටත් නිලධාරින්ටත් බලධාරින්ටත් නීතිය ක්‍රියාත්මක කළ යුතු බවයි.