වැලි ප්‍රවා­හ­න­යට බල­ප­ත්‍රය අනි­වාර්ය කිරීම ගැන පරි­ස­ර­වේ­දීන්ගේ ප්‍රසා­දය | Page 2 | සිළුමිණ

වැලි ප්‍රවා­හ­න­යට බල­ප­ත්‍රය අනි­වාර්ය කිරීම ගැන පරි­ස­ර­වේ­දීන්ගේ ප්‍රසා­දය

ටක් කෙමෙන් සංව­ර්ධ­නය වීමේදී දළ ජාතික නිෂ්පා­ද­නය, සාක්ෂ­ර­තාව, ඒක පුද්ගල ආදා­යම ආදිය පිළි­බ­ඳව සැල­කි­ල්ලට ගනි­මින් නිර්නා­යක ගොඩ­න­ඟන බව පෙනෙ­න්නට තිබෙන කරු­ණකි. එමෙන්ම ඒ අත­රම භෞතික සම්පත් ගොඩ­නැ­ගී­මද ක්‍රමි­කව සිදුවේ. ගොඩ­නැ­ඟිලි ඉදි­කි­රී­මේදී බහුල ලෙසින් වැලි හා පස් යොදා ගැනීම සිදු­ව­නවා මෙන්ම ඉදි­කි­රීම් සිදු­ක­රන ස්ථාන­ය­න්ගෙන් ඒවා ඉවත් කිරී­මට සිදු වන අව­ස්ථාද පෙනෙ­න්නට තිබෙන කරු­ණකි. නමුත් මේ හා සම්බ­න්ධව ඉදි­කි­රීම් කට­යුතු මූලික කර­ග­නි­මින් බොහෝ­විට සිදු­වූයේ අන­ව­ස­ර­යෙන් බල­පත්‍ර රහි­තව වැලි ගොඩ දැමී­මත් ඒවා ප්‍රවා­හ­නය වැනි කට­යුතු සිදු­වී­මත් ය.

මේ ආකා­ර­යට මතුව ආ ගැටලු කාල­යක් මුළු­ල්ලේම දේශ­පා­ලන භේද­ය­කින් තොරව පැවති සියලු රජ­යන් යටතේ නොයෙක් ආකා­ර­යෙන් මතු ව තිබුණි. කෙසේ වෙතත් බල­පත්‍ර රහි­තව වැලි සහ පස් ප්‍රවා­හ­නය කරන පුද්ග­ල­යන් සිය­ල්ල­න්ටම එරෙ­හිව නෛති­ක­මය වශ­යෙන් පිය­වර ගත යුතුය යන්න වැඩ­බ­ලන පොලි­ස්ප­ති­ව­රයා වෙත නියෝ­ග­යක් නිකුත් කර­මින් පසු­ගිය 17 වැනිදා අභි­යා­ච­නා­ධි­ක­ර­ණය ප්‍රකාශ කර සිටි­යහ. එසේ සඳ­හන් කර සිටී­මට හේතුව වූයේ පස් හා වැලි ප්‍රවා­හ­නය කිරී­මට පනවා තිබූ බල­පත්‍ර ක්‍රමය අහෝසි කිරී­මට ගත් තීර­ණය බල­ර­හිත කරන ලෙස ඉල්ලා පරි­සර යුක්ති කේන්ද්‍රය සහ හේමන්ත විතා­නගේ මහතා ගොනු කර තිබූ පෙත්සම මූලික කර ගනි­මිනි.

මේ ආකා­ර­යට පෙත්ස­මක් ඉදි­රි­පත් කිරී­මට හේතු වූයේ 2019 දෙසැ­ම්බර් මාසයේ රැස්වූ කැබි­නට් මණ්ඩ­ලය විසින් එතෙක් පැවති නීති­යට අනුව නොව එතැන් සිට බල­පත්‍ර රහි­තව වැලි පස් හා මැටි ප්‍රවා­හ­නය කළ හැකිය යන්න නීති­යක් ලෙසින් ඉදි­රි­පත් කිරී­මට කට­යුතු කළ නිසාය. නමුත් යම් නීති­යක් නිවැ­රදි ආකා­ර­යෙන් නීති­ගත වීමට නම් එය පාර්ලි­මේ­න්තු­වට යොමු කළ යුතු අතර පාර්ලි­මේ­න්තුවේ සම්මත වීමෙන් පම­ණක් එය නීති­යක් විසින් පිළි­ගනු ලැබෙයි. 1992 අංක 33 දරන පතල් හා ඛණිජ ද්‍රව්‍ය සම්බන්ධ පනත බිහි වන්නේ ලෝකය පුරා කතා­බ­හට ලක්ව ඇති තිර­සාර භාවි­තය යන සංක­ල්පය පද­නම් කර­ග­නි­මිනි. මෙකී පතල් හා ඛණිජ ද්‍රව්‍ය පනත තුළ රට පුරා විසිර පව­තින ඛණිජ ද්‍රව්‍ය ප්‍රවා­හ­නය, ගවේ­ෂ­ණය, ගැනීම ආන­ය­නය කිරීම, වෙළ­ඳාම මූලික කර ගැනීම ආදිය සම්බ­න්ධ­යෙන් මෙම පනත නීති­ග­තව පවතී.

පසු­ගිය 17 වැනිදා අභි­යා­ච­නා­ධි­ක­රණ සභා­පති විනි­සුරු පී.එච්. එම්. ඩී. නවාස් සහ අභි­යා­ච­නා­ධි­ක­රණ විනි­සුරු සෝභිත රාජ­ක­රුණා හමුවේ කැඳ­වන ලද මෙම පෙත්සම සම්බ­න්ධ­යෙන් හේමන්ත විතා­නගේ පව­සන්නේ පව­තින නීති­යට අනුව වැලි හා පස් ප්‍රවා­හ­න­යට බල­පත්‍ර තිබිය යුතු අතර ඒවා නැති නම් පොලි­සි­යට මේ සම්බ­න්ධව නීතිය ක්‍රියා­ත්මක කිරීමේ හැකි­යාව පව­තින බවයි. එමෙන්ම සිදු­වෙ­මින් පැව­තියේ කැබි­නට් තීර­ණය මත බල­පත්‍ර අවශ්‍ය නැති බව පෙන්නුම් කර­මින් කරුණු කාරණා සිදු­වෙ­මින් පැව­තීම බවයි. තවද ඔහු පව­සන පරිදි පරි­සර ඇම­ති­තුමා යම් ප්‍රකා­ශ­යක් කළ විට එය නීති­යක් ලෙස සලකා කට­යුතු කරනු ලබන යම් රාජ්‍ය සේවක පිරි­සක් සිටින බවත් කට වච­න­යෙන් කෙනකු ප්‍රකාශ කළ විට ම එය නීති­යක් ලෙස ගෙන කට­යුතු කිරී­මට නොහැකි බවත්ය. එම නිසා මෙය අනි­වා­ර්ය­යෙන්ම වැලි හා පස් ප්‍රවාහ­නය සඳහා බල­පත්‍ර ලබා­ගෙන තිබිය යුතු බවත් ඔහු ප්‍රකාශ කරයි. තවත් කරු­ණක් ලෙසින් හේමන්ත විතා­නගේ දක්වා සිටින්නේ නීතිය සැමට සමාන ලෙසම ක්‍රියා­ත්මක විය යුතු බවත් ඇමතිතුමා විසින් ලිපි මගින් දන්වා තිබු­ණද ඒවා නීති විරෝධී බවයි.

කෙසේ වෙතත් මෙම නීතිය ක්‍රියා­ත්මක වීමත් සමඟ එක් අත­කින් සාමාන්‍ය ජන­තා­වද අසා­ධා­ර­ණ­යට ලක් වන පිරි­සක් ලෙසින් සඳ­හන් කළ හැකිය. එනම් තම ඉඩම් තුළ අත්ති­වා­රම් කපා ඉවත් කරන පස් වෙනත් ස්ථාන­ය­කට ප්‍රවා­හ­නය කිරී­මට සිදු­වන අව­ස්ථා­වන් වල­දීය. ඒ සම්බ­න්ධ­යෙන් හේමන්ත විතා­නගේ අද­හස් දක්ව­මින් ප්‍රකාශ කරනු ලබන්නේ 2019 වසරේ සිටි පාරි­ස­රික ලේක­ම්ව­රයා විසින් සඳ­හන් කර ඇති පරිදි කියුබ් 35 කට වඩා අඩු අග­යක් ගන්නා ප්‍රමා­ණ­යක් ග්‍රාම­සේ­වක අනු­මැ­තිය මත ප්‍රවා­හ­නය කිරී­මට හැකි බවත් කියුබ් 50 කට වැඩි ප්‍රමා­ණ­යක් ප්‍රාදේ­ශීය ලේකම්ගේ අනු­මැ­තිය ඇතිව ප්‍රවා­හ­නය කිරී­මට හැකි­යාව ඇති බවත්ය. නමුත් එයින් පරි­ස­ර­යට හානි­යක් නොවිය යුතු බවද ඔහු පව­සයි.

2009 අංක 66 දරන සංශෝ­ධිත පනත ට අනුව පතල් හා ඛණිජ ද්‍රව්‍ය පනතේ 63 වන වග­න්තියේ සඳ­හන් වන අයු­රින් යම් කිසි­වකු තමා සතුව බල­ප­ත්‍ර­යක් නොමැ­තිව ඛණිජ සම්පත් ප්‍රවා­හ­නය කිරීමේ දී නීතියේ රැහැ­නට හසු­වු­ව­හොත් ඔහු අත්අ­ඩං­ගු­වට ගැනී­මෙන් පසු මහෙ­ස්ත්‍රාත් අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කළ යුතුය. ඉන් වර­ද­ක­රු­වකු වීමෙන් පසුව අදාළ දඩ මුද­ල­කට යටත් කරනු ලබන අතර නැති­නම් වසර දෙකක සිර දඬු­ව­ම­කට යටත් කරනු ලබන බවයි. නොඑසේ නම් දඬු­වම් දෙක­ටම යටත් කරනු ලැබේ. මෙකී වරද යමකු නිර­න්ත­ර­යෙන් කරනු ලබන්නේ නම් මහේ­ස්ත්‍රාත් අධි­ක­ර­ණයේ වර­ද­ක­රු­වකු බවට පත් කිරී­මෙන් පසු රුපි­යල් ලක්ෂ එක­හ­මාරේ සිට ලක්ෂ 20 දක්වා වූ දඩ මුද­ල­කට යටත් කිරීමේ හැකි­යාව පවතී. නැති­නම් වසර දෙකක සිර දඬු­ව­ම­ක­ටද එසේ නොමැති නම් මේ දඬු­වම් දෙක­ට­මද යටත් කිරීමේ හැකි­යා­වෙන් යුක්තය.

මෙහිදී පෙත්ස­ම්කාර පාර්ශ්වය වෙනු­වෙන් පෙනී සිටි නීතිඥ රවී­න්ද්‍ර­නාත් දාබරේ මහතා ප්‍රකාශ කරන්නේ වන­ජීවි ඇම­ති­ව­රයා විසින් වැලි හා පස් ප්‍රවා­හන බල­පත්‍ර අවශ්‍ය නොවන බව ප්‍රකාශ කර ඇති බවත් එම උප­දෙස් මත භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශ සභා­ප­ති­ව­රයා පොලි­ස්ප­ති­ව­රයා වෙත ලිපි­යක්ද යොමු­කර ඇති බවයි. කෙසේ වෙතත් නීතිය සැමට එකසේ ක්‍රියා­ත්මක විය යුතු බව පව­සන දාබරේ 28 වග­න්ති­යට අනුව ඛණිජ ද්‍රව්‍ය ප්‍රවා­හ­නය, ගබඩා කිරීම, ගවේ­ෂ­ණය, අප­න­ය­නය වැනි කට­යුතු සඳහා බල­පත්‍ර ළඟ තබා­ගැ­නීම අනි­වාර්ය බව පව­සන අතර බල­පත්‍ර නොමැ­තිව නීති විරෝ­ධීව සිදු­වන කට­යුතු සඳහා නීතිය ක්‍රියා­ත්මක කිරීමේ හැකි­යා­වද පව­තින බව සඳ­හන් කරයිිි.

මේ සම්බ­න්ධව ජ්‍යෙෂ්ඨ පරි­ස­ර­වේදී ජගත් ගුණ­ව­ර්ධන පව­සන්නේ මෙකී කට­යුත්ත සඳහා මූලික අව­දියේ සිටම තමා විරුද්ධ වූ බවත් මේ සම්බ­න්ධව මුලින් අද­හස් දැක්වූ­වන් පසු­කා­ලී­නව මුනි­වත රැකීම කන­ගා­ටු­වට කරු­ණක් වන බවයි. තව­දු­ර­ටත් අද­හස් දක්වන ජ්‍යෙෂ්ඨ පරි­ස­ර­වේදී ජගත් ගුණ­ව­ර්ධන ප්‍රකාශ කරන්නේ මේ මොහොතේ පැවති නීතිය ක්‍රියා­ත්මක වුව ද පසු­කා­ලී­නව යළිත් පාර්ලි­මේ­න්තුව රැස්වී­මෙන් පසු එය සම්මත කර­ගැ­නී­මෙන් ඔවු­නට වැලි හා පස් ප්‍රවා­හ­න­යට බල­පත්‍ර නොමැ­තිව සිදු­කළ හැකිය යන්න නීති­යක් බවට පත් කර ගැනීමේ හැකි­යා­වද පව­තින බවයි.

2018 වර්ෂයේ භූ විද්‍යා හා පතල් කැණීමේ කාර්යාං­ශයේ දත්ත­ය­නට අනුව ලංකාවේ වැලි මංකඩ 5600ක් පමණ ක්‍රියා­ත්මක වූ බවත් මේ ආශ්‍රි­තව විසි­ප­න්ද­හ­සක පමණ මිනිස් ශ්‍රම­යක් ක්‍රියා­ත්මක වූ බව මෙන්ම ඒ තුළින් පවුල් 30,000කට ආසන්න ප්‍රමා­ණ­යක් යැපුණු බවද සඳ­හන්ය. කෙසේ වෙතත් වැලි ඇතු­ළුව ඛණිජ කැණීම් බල පත්‍ර ලබා ගැනී­මෙිදී ඒ සඳහා මූලික වී කට­යුතු කර­නුයේ භූ විද්‍යා හා පතල් කාර්යාං­ශ­යයි. මෙම බල­පත්‍ර භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාං­ශය විසින් නිකුත් කරනු ලබන්නේ 1992 අංක 33 දරන පනත යට­තේය. බල­පත්‍ර නිකුත් කිරීම වර්ග තුනක් යටතේ සිදු­වන අතර එය කැණීම්, ගවේ­ශන, වෙළ­ඳාම යන කරුණු මුල්කර ගනි­මින් ඉදි­රි­පත් කරයි. මේ අනුව බල­පත්‍ර හිමි­යන්ට එම බල­ප­ත්‍රය යටතේ ලබා දී ඇති සියලු ඛණිජ වර්ග ගවේ­ෂ­ණය කිරීමේ පූර්ණ අයි­තිය හිමි වව අතර හෙක්ට­යාර දහ­ය­කට නොවැඩි ප්‍රදේ­ශ­යක් තුළ මීටර් 25කට නොවැඩි ගැඹු­රක් දක්වා කැණීම් කර ගැනීමේ හැකි­යා­වක් මොවුන් සතු වේ. නමුත් ඒ සඳහා යන්ත්‍ර සූත්‍ර භාවිත නොකළ යුතුය. එක් මසක නිෂ්පා­ද­නය ඝන මීටර්, මිහි විද­ම­නය ගැඹුර ආදී වශ­යෙන් කොන්දේසි කිහි­ප­ය­කට ම යටත් විය යුතුය.

ජනා­ධි­ප­ති­ව­ර­යාගේ තීර­ණ­ය­කට අනුව මෙම බල­පත්‍ර ක්‍රමය තුළ සාමාන්‍ය ජන­තා­වට සහන මිල­කට වැලි ලබා ගැනී­මට නොහැකි නිසා යම් සහන ක්‍රම­යක් ලබා දීමට මූලික විය. වැලි මිල ඉහළ යෑමට එක් කාර­ණා­වක් සර­ලව කිය­තොත් පසු­ගිය කාල වක­වා­නුවේ පොළො­න්න­රුවේ සිට කොළ­ඹට වැලි ලොරි­යක් පැමි­ණීමේ දී ස්ථාන 20ක පමණ තිබෙන මුර­පළ මගින් පරී­ක්ෂා­වට ලක් කරන අතර රිය­දු­රන් පුරුදු වී සිටියේ ඒ සෑම ස්ථාන­ය­ක­ටම මුදල් ලබා­දී­මට නිසා වැලි මිල ඉතා ඉහළ අග­යක් ගැනීම වළක්වා ගත නොහැකි වූ බවත් එය උදා­හ­ර­ණ­යක් පම­ණක් බවද ඔහු පව­සයි.

කෙසේ වෙතත් පසු­ගිය දාහත් වැනිදා අභි­යා­ච­නා­ධි­ක­ර­ණය ලබා­දුන් තීන්දුව අනුව එතැන් පටන් වැලි හා පස් මැටි ‍ප්‍රවාහ­නය කිරී­මේදී අනි­වා­ර්යෙන්ම බල­ප­ත්‍ර­යක් ළඟ තිබිය යුතු අතර එසේ නැති වුව­හොත් පොලි­සි­යට නීතිය ක්‍රියා­ත්මක කිරී­මට බාධා­වක් නැති බව ද පෙනී යයි. මෙම තීර­ණය සම්බ­න්ධ­යෙන් පරි­ස­ර­වේ­දීන්, පරි­සර සංවි­ධාන මෙන්ම සොබා­ද­හ­මට ආද­රය කරන බොහෝ දෙනකු ද තම ස්තූතිය ප්‍රකාශ කර­මින් සිටී.

Comments