
ඉන්දියාවේ ප්‍රමුඛතම හා විශාලතම සිනමා සමාගම වන PVR Cinemas ශ්‍රී ලංකාවේ සිය ප්‍රථම සිනමා සංකීර්ණය කොළඹ One Galle Face Mall හිදී අද දින විවෘත කළේ ය. Shangri La සමූහය සමග එක්ව විවෘත කර ඇති, සිනමා ශාලා 9 කින් යුත් මෙම සිනමා සංකීර්ණය කොළඹ නගරයේ විශාලතම විනෝදාස්වාද මධ්‍යස්ථානය ලෙස හැඳින්විය හැක. ශ්‍රී ලංකාවේ සිනමා රසවින්දයට නව මානයක් එක්කරමින්, සුඛෝපභෝගී සිනමා අත්දැකීමක් වන PVR LUXE සහ දරුවන් සහ දෙමාපියන් සඳහා වෙන්වූ ශ්‍රවණාගාරයක් වන PVR PlayHouse මෙරටට හඳුන්වා දීමටද PVR Cinemas කටයුතු කර තිබේ. දේශීය ආභාෂය සමග නවීන අංග සමගින් විශිෂ්ට තාක්ෂණයෙන් යුක්තව ස්ථාපිත කර ඇති මෙම සිනමා ශාලා ඔස්සේ ලොව සිනමා කර්මාන්තයේ අසමසම අත්දැකීමක් ශ්‍රී ලංකාවට හඳුන්වා දීම PVR Cinemas හි අරමුණ වී ඇත.
මේ පිළිබඳව අදහස් දක්වමින් PVR සමාගමේ සම කළමනාකාර අධ්‍යක්ෂ සංජීව් බිජ්ලි මහතා මෙසේ පැවසී ය. ,PVR සිනමා අත්දැකීම ශ්‍රී ලංකාවට සමීප කරවීමට ලැබීම අපට විශාල සතුටක්.