පිහිට පතති | Page 2 | සිළුමිණ

පිහිට පතති

නො: 28 ගොර­ක­දූව, පැල­වත්ත ලිපි­නයේ පදිංචි එච්.කේ.ඩී. කමල් නලින්ද යන දෙදරු පියා දරුණු වකු­ගඩු රෝග­ය­කින් පෙළෙන අතර ඔහුට ඉතා ඉක්ම­නින් වකු­ග­ඩු­වක් බද්ධ කළ යුතු බව වෛද්‍ය­වරු පවසා ඇත. එම නිසා 0+හෝo- වර්ගයේ වකු­ග­ඩු­වක් පරි­ත්‍යාග කළ හැකි පින්ව­තෙකු වෙතොත් 071-1848215 දුර­ක­ථන අංක­යට දන්වන ලෙස ඉල්ලා සිටී.


හොරණ පදිංචි එම්. එම්. ජය­ලත් මහතා තිදරු පියෙකි. ඔහු තද­බල වකු­ගඩු රෝග­ය­කින් පෙළෙන අතර ඔහුට ‘o’ පොසි­ටිව් හෝ ‘o’ නෙග­ටිව් වර්ගයේ වකු­ග­ඩු­වක් ඉතා ඉක්ම­නින් බද්ධ කළ යුතු බව වෛද්‍ය­වරු නිර්දේශ කර ඇත. වකු­ග­ඩු­වක් පිරි­නැ­මී­මට කැමති පරි­ත්‍යා­ග­ශී­ලි­යෙකු වේ නම් 0782543150 / 0718151980 දුර­ක­ථන අංක අමතා දැනුම් දෙන මෙන් කාරු­ණි­කව ඉල්ලමි.


මාතර, සුල්තා­නා­ගොඩ, අක­රු­ගොඩ, මාවී­දෙ­නිය, චතුර නිවස යන ලිපි­නයේ පදිංචි පී. නෙලුම් සඳ­මාලි මහ­ත්මිය දරුණු කොඳු ඇට පෙළ (කශේ­රු­කාව) ඇඳ­වීමේ රෝගී තත්ත්ව­යෙන් පසු­වෙයි‍. මෙම රෝගය පාල­නය කිරීම සඳහා කඩි­න­මින් සැත්ක­මක් කළ යුතු බවට ශල්‍ය වෛද්‍ය­වරු පව­සති. මෙම සැත්කම සඳහා රුපි­යල් ලක්ෂ විසි­ප­හක පමණ මුද­ලක් වැය වන බව වෛද්‍ය­වරු දැනුම් දී ඇත. ඔබේ කාරු­ණික පරි­ත්‍යාග සම්පත් බැංකුවේ මාතර අධි­ශ්‍රේණි ශාඛාවේ ගිණුම් අංක 101057332079 යටතේ පී.එන්. සඳ­මාලි මහ­ත්මි­යගේ නමින් ආරම්භ කර ඇති ගිණු­මට යොමු කරන ලෙස ඉල්ලා සිටී. (වැඩි­දුර තොර­තුරු 0716251464/ 0415684359 යන දුර­ක­තන අංක­යන්ට අමතා ලබා­ගත හැකි ය.)

Comments