වීර­සිං­හ­ලාගේ රේස් පැදිල්ල | සිළුමිණ

වීර­සිං­හ­ලාගේ රේස් පැදිල්ල

මාග­ස්තොට ධාවන පථය ආරම්භ වන්නේ නුව­ර­එ­ළිය බ්ලැක්ෆුල් හන්දි­යෙනි. එය මේ රටේ මෝටර් රථ ධාවන ඉති­හා­සය හා බැඳු­ණකි. මාග­ස්තොට ඉති­හා­ස­යට එක් කරන තවත් කතාවක් ඇත. ඒ මාග­ස්තොටින් යතු­රු­පැදි ධාව­න­යට අත්පොත් තබා අද වන­විට රටේ පව­තින බොහෝ යතු­රු­පැදි ධාවන තරගවල ජය­කෙ­හෙළි නංවන එකම පවුලේ ධාව­ක­යන් පහ­ළොස්දෙනකු ගැනය.

අපේ රටේ පැවැ­ත්වෙන යතු­රු­පැදි ධාවන තරග නියෝ­ජ­නය කරන ක්‍රීඩ­ක­යන් අත­රින් වැඩිම පිරිස මේ පවුලේ ඇත්තෝය. මේ ඒ යතු­රු­පැදි ධාවක පවුලේ රස­බර කතා­වය.

මේ ධාවක පවුලේ බොහෝ ඇසූ පිරූ තැන් ඇති වෘද්ධ­ත­මයා ඩබ්ලියු. එම් විකුම් රංජිත්ය. ඔහු මුල්ම වරට යතු­රු­පැදි ධාව­න­යට සහ­භාගී වන්නේ 1980 වස­රේය. ඒ අතීත මත­ක­යන් සම­ගින් ඔහු සිය කතාව ආරම්භ කළේය.

“නුව­ර­එ­ළියේ ඉප­දෙ­න්නත් මේ මාග­ස්තොට වගේ ධාවන පථ­යක රේස් එකක් පදි­න්නත් වාස­නාව තියෙන්න ඕනේ. මම 1980 තමයි මුලින්ම රේස් එකක් පැද්දේ. ඒ කාලේ වෙන­කොට මට බයි­සි­ක­ල­යක් තිබුණේ නැහැ. ඉල්ල ගත්ත බයික් එක­කින් මගේ බාප්පත්, මාත් එක්ක රේස් පැද්දා. අපි දෙන්නා යාළුවෝ වගේ හිටියේ. මේ වෙන කොට අපි ගිය පාරේම ගිහින් අපේ පවුලේ මාත් එක්ක පහ­ළොස් දෙනෙක් රේස් පදි­නවා. දැන් මුළු රටම අපි දන්නේ රණ­සිංහ මොටර්ස් ධාව­කයො කියලා. ඒ වගේම අපි පහ­ළොස් දෙනාම විර­සිං­හලා. ඒද­ව­ස්වල අපේ තාත්තට ගැරේජ් එකක් තිබුණා. ඉස්කොලේ ගිහින් ඇවිත් මමයි, බාප්පයි හව­සට ගැරේජ් එකට යනවා. තාත්තා එහෙට මෙහෙට වෙන­කම් ඉදලා පරණ බයික් දෙකක් අරන් ටවු­මට යනවා. අපි දෙන්න කතා කර කර යන්නේ සම­හර වේලා­වට ටවු­මට කියලා මහි­යං­ග­ණ­ය­ට, කොළ­ඹ­ටත් යනවා. කොහේ ගියත් රෑ වෙන්න කලින් ගෙදර එනවා ලයිට් නැති නිසා. අපි දෙන්නාගේ බයික් පැදිල්ල දැකලා ගමේ අය තාත්තට කිව්වා, මෙහෙම ගියොත් නම් බාසු­න්නැහේ ඔහේගේ පුතයි, මල්ලියි දෙන්නාම මැරිලා තමයි නව­තින්නේ, එක නිසා බයික් පදින්න දෙන්න එපා‘ කියලා. දව­සක් අපි දෙන්නා බයික් දෙකේ කතා කර කර ටවු­මට යන­කොට තාත්තා ඉස්ස­ර­හට අවා. අපි දෙන්නට කර­ගන්න දෙයක් නැහැ. තාත්තා අපට කව­දා­වත් සැර කරන්නේ නැහැ. ඒ වුණාට ඒ වේලාවේ කිව්වා මම උඹලා දෙන්නට මොරිස් මයි­නර් දෙකක් අරන් දෙන්නම් කියලා. අපිට එක ඒ වේලාවේ තේරුණේ නැහැ. මෙන්න පහු­වදා උදේ නැගි­ටලා බලද්දි තාත්තා ගැරජ් එකේ තිබුණු බයික් ටික ඔක්කොම විකු­ණලා. මට පුදුම දුකක් දැනුණේ. ඒ දව­ස්වල මගේ ධන යෝජන පොතේ තිබුණා, මම මාසෙට රුපි­යල් පනහ ගානේ දාලා ඉතිරි කරපු රුපි­යල් හාර­ද­හස් පන්සි­ය­යක්. මම ඒ මුද­ලත් අර­ගෙන තාත්තා බයික් විකු­ණපු කෙනා හොයා­ගෙන කඳ­පො­ළට ගියා. එතන තිබුණා මාග­ස්තොට ඉස්ස­ර­ලාම රේස් පැද්දෙ ළමා­හේ­වාගේ බයික් එක. මම එක ආපහු දෙන්න කියලා ඉල්ලුවා. ඒ අය ඒක දෙන්න බැහැ කිව්වා. පස්සේ මම ඒ දවස මතක් වෙන්න ඒ ළග තිබුණු ගෙද­ර­කින් රුපි­යල් 1750.00කට බයික් එකක් ගෙනාවා. එ්ක තවම තියෙ­නවා. තාත්තා අපිට රේස් පදින්න එපා කිව්ව නිසාම අපි පදින්න ගියා. ඒ දව­ස්වල හිටියා හැරී ජේකොබ් කියලා මහ­ත්ත­යෙක්. එයා දව­සක් කිව්වා. මගේ බයික් එක දෙන්නම් රේස් එක පදි­න­වා­නම් කියලා. මමයි බාප්පයි ඉස්ස­ර­ලාම එකෙන් මාග­ස්තොට රේස් එක පැද්දා. පස්සේ සිනිසා එකේ මැනේ­ජර් කෙනෙක් හිටියා. එයා 1983 අපිට බයික් එක අර­ගෙන රේස් එක පදින්න කියලා. ඔහුගේ ගෙවල් මඩ­ක­ල­පුවේ. නමුත් රේස් එක තියෙන දවසේ ඔහු ගමෙන් ගිහිල්ලා. ඔහුට බයික් එකේ යතුර තියලා යන්න අම­තක වෙලා එ්කත් අර­ගෙන මඩ­ක­ල­පුවේ ගිහින්. දැන් රේස් එක පදින්න විදි­හක් නැහැ. පොලි­සියේ මහ­ත්ත­යෙක්ගේ බයික් එකක් අර­ගෙන උදෙන්ම මඩ­ක­ලපු ගිහින් යතුර ඉල්ල­ගෙන ඇවිත් රෑ අටට ගාමිනී එකේ මනමේ නාට්‍යත් බලලා පහු­වදා රේස් එක පැද්දා. එක බයික් එකෙන් දෙන්නෙ­කුට රේස් එක පදින්න පුළු­වන්. තාත්තා බයි­සි­කල් විකු­ණපු තරහ මගේ හිතේ තිබුණා. ඒ නිසාම මම නුව­රින් 380සිසි බයික් එකක් අර­ගෙන අවා. බයි­සි­ක­ලය ගෙද­රට ගේන්නේ නැතිව අ‍ෙඹ්­වෙල සුනි­ල්ලාගේ ගෙදර තියා­ගෙන තින්ත ගලා රණ­සිංහ මෝටර්ස් කියලා ගැහුවා. පහු­වදා මමයි බාප්පයි රේස් එක පැද්දා. එදා අපි දෙන්නම දින්නා."

"තර­ගය දිනලා හවස අපි ගෙදර යන­කොට තාත්තයි බොනි කියලා යාළුවෙකුයි හිටියා. තාත්තගේ යාළු­වට කියලා තිබුණා“මුන්ට කියලා වැඩක් නැහැ“ කියලා. කොහොම හරි තාත්තා අපි දෙන්නට ලොකු පාටි­යක් දුන්නා. එදා ඉඳලා ඒ බයික් එකෙන් මම එක දිගට අවු­රුදු තිහක් රේස් එක පැද්දා. ඒ බයික් එක විත­රයි දැනට ඒ මොඩ්ල් එකෙන් ලංකා­ව­ටම තියෙන්නේ. එක තමයි එදා ලංකාවේ තිබුණ ලොකුම බයික් එක. අපි දෙන්නා තමයි එක පැදපු පොඩිම දෙන්නා. 80 ඉදලා මේ වෙන­කල් මම එක දිගට අවු­රුදු තිස් අටක් රේස් පදි­නවා. ලංකාවේ හැම තැනම පැදලා තියෙ­නවා. ඒ දව­ස්වල රංජන් විජේරත්න මහ­ත්තයා හයි­ෆො­ර­ස්ට් වත්තේ වතු­අ­ධි­කාරි. ඔහුගේ දෙවෙ­නියා වෙන්දෙ­්සි­ය­කින් සිලි­න්ඩර් හයේ යමහා ආර් ඩි 350 බයික් එකක් ගෙනත් අපිට දුන්නා හදන්න කියලා. පස්සේ මම එ්ක සල්ලිවලට අර­ගෙන යමහා කොම්පැ­නි­යෙන් රුපි­යල් එකො­ළොස් දාහක බඩු ගෙන්නගෙන හොඳ­ටම හැදුවා. ඊට පස්සේ ඒ බයි­සි­ක­ලෙන් තමයි රෙස් පැද්දේ.

දැන් මගේ පුතාල දෙන්නත් රේස් පදි­නවා. මේ පාර මමයි පුතයි එකම රේස් එක පැද්දා. දැන් බාප්පාගේ පුතාලා විත­රක් නෙවෙයි එයා­ලගේ පුතා­ලත් රේස් පදි­නවා. මට ඒ ගැන හරිම සතු­ටුයි.

ඩබ්. එම්. ගුණ­සිංහ විකුම් රංජිත්ගේ බාප්පාය. ඔහු කතාව පටන් ගන්නේත් රේස් පිළි­බඳ අතී­ත­යත් එක්කය.

"නුව­ර­එ­ළි­යෙන් පළ­වෙ­නි­යෙන්ම රේස් පැද්දේ පිය­සේ­න­ කි­යලා කෙනෙක්. එයා නැති වුණාට පස්සේ විල්බට් ළමා­හේවා තමයි රේස් පැද්දේ. එයා මෙතන රෙකෝඩ් ගොඩාක් තියලා තියෙ­නවා. එයාත් නැති වුණාට පස්සේ නුව­ර­එ­ළියේ රේස් පදින අය නැති වුණා. කොළ­ඹින් ඇවිත් රේස් පදින එක බලන්න විත­රයි තිබුණේ. එහෙම ඉද්දි 1980දි මමයි මගේ අයි­යගේ පුතා විකු­මුයි රේස් පදින්න පටන් ගත්තේ. ඒ දව­ස්වල අපිට පදින්න බයි­සි­කල් තිබුණේ නැහැ. හැරී­ ජෙ­කොබ් කියලා කොන්ත්‍රාත් කරන එක්කෙ­නෙක් හිටියා. එයාට ආර් එස් 125 බයික් එකක් තිබුණා. එයා අපිට ඒ බයි­සි­කලේ ගෙනත් දුන්නෙ කෑලි ගල­වලා ගෝනි දෙක­කට දාලා. අපි බයික් එක හදලා රේස් එක පැද්දා. "ඒ කෑලි එක­ලස් කර හදා­ගත් බයි­සි­ක­ල­යෙන් ඔවුන් රේස් ඉති­හා­සයේ පෙර­ළි­යක් කර තිබු­ණේය.

ඩබ්. එම්. ධම්මික නිශාන්ත යනු ගුණ­සිං­හගේ සහො­ද­ර­යාගේ වැඩි­ම­හල් පුත්‍ර­යාය. ඔහුද මෙම පවුලේ යතුරු පැදි ශුර­යෙකි. ඔහු යතු­රු­පැදි ධාවන තර­ග­ව­ලට සහ­භාගී වන්නේ පාසල් වියේ­දීය.

"මම ඉස්කොලේ යන කාලේම තමයි රේස් පදින්න පුරුදු වුණේ. පැදපු හැම රේස් එකක්ම දින්නා. මම පළ­වෙනි රේස් එක ඩේවිඩ් කෝ කියලා ජපන් ජාති­ක­යෙක් එක්ක පැද්දේ. එකෙන් එයා එක වුණා. මම දෙවෙ­නියා වුණා. මාග­ස්තොට රදැල්ල නුව­ර­එ­ළිය රෝඩ් රේස් වගේම ලංකාවේ හැම ට්‍රැක් එක­කම මම දිනලා තියෙ­නවා. ඒ වගේම ලංකා­වට සුපර් මෝටඩ් කියන ඉවෙන්ට් එක හඳු­න්වලා දුන්නේ අපි. ඒ දව­ස්වල ක්ලබ් එකේ සභා­පති හිටපු නග­රා­ධි­පති මහින්ද කුමාර මහ­ත්ත­යාට මමයි සරත් කුමා­ර­සිං­හයි තමයි කියලා ඒ ඉවෙන්ට් එක රේස් එකට දැම්මෙ. ඒ රේස් එක මුලින්ම පැද්දේ මමයි සරත් කුමා­ර­සිං­හයි, මෝටර් ක්‍රොස් පැද්ද තුන්දෙ­නෙ­කුයි. රේස් එකෙන් සරත් කුමා­ර­සිංහ පළ­වෙ­නියා වුණා. මම දෙවෙ­නියා වුණා. අපි දෙන්නා හඳු­න්වලා දුන්න ඒ ඉවෙන්ට් එක අද ගොඩාක් දියුණු වෙලා ඒ වගේම ජන­ප්‍රිය වෙලා.

මගේ මල්ලි නිශාන්ත චින්ත­කත් දැන් රේස් පදි­නවා. එයා මුලින්ම එයා සී ආර් 125 ඉවෙන්ට් එකේ රදැල්ලේ වේග­වත්ම ධාව­කයා වුණා. දැන් මගේ අඩි පාරේම ඇවිත් මගේ පුතාලා දෙන්නත් රේස් පදි­නවා. ලොකු පුතා හේෂාන් පසිඳු. එයා මගේ අයි­යගේ පුතාත් එකක් අවු­රුදු දහ­යෙදි තමයි ඉස්ස­ර­ලාම රේස් එකක් පැද්දේ. එයා 2016දි ටි ඉසඩ් ආර් 125 ඉස­ව්වෙන් ජාතික ශූරයා වෙලා තියෙ­නවා. මගේ අනෙක් පුතා නිමේෂ් සඳ­රු­වන්. එයා පදින්නේ සුපර් මෝටඩ් ඉවෙන්ට් එකෙන්. 2018 මාග­ස්තොට වේග­වත්ම ධාව­කයා වුණා. මගේ ලොකු අයියා සුමිත් විර­සිංහ. එයාත් එක­පා­රක් 1000සිසි බයික් එකෙන් රේස් එකක් පැද්දා. එයා ලොකුම බයික් එක­කින් ලංකාවේ රේස් පැද්ද එකම එක්කෙනා. අපේ ගෙදර දැන් කප් සිය­ය­කට වැඩිය තියෙ­නවා. යන හැම තැනින්ම කප් එකක් දිනලා තමයි එන්නේ. අපිට ගොඩාක් උද­ව්කලා වෙන්න­ප්පුවේ නිශාන්ත ප්‍රනාන්දු මහ­ත්තයා. එයාව නම් අපිට ජිවි­තේට අම­තක කරන්න බැහැ." ඔහු සිය කතාව හමාර කළේය.

වයස අවු­රුදු පනහ සම්පූර්ණ වන විට තම යතුරු පැදි ධාවන සිහි­නය සැබෑ කර­ගත් සමා­ජි­ක­යෙක්ද මෙම පවුලේ සිටී. ඔහු නමින් ඩබ්ලියු. එම්. සුභ­සිං­හය. ඔහුත් විකුම්ගේ සහො­ද­ර­යෙකි. ඔහු තම පනස් වැනි උප­න්දින සැම­රුම සිදු­කළේ මාග­ස්තොට කඳු තරණ තර­ගා­ව­ලි­යට 125 සීසී යතුරු පැදි ඉස­ව්වෙන් එක් වෙමිනි. ඔහු සිය මත­කය අවදි කරන්නේ මෙසේය.

"අපේ පවුලේ අය රේස් පදින කොට මටත් ආසා­වක් ආවා රේස් පදින්න. ඒත් මම හිතුවා මම පදි­න­වාට වඩා මගේ ලොකු පුතා රංගන ලක්මාල් මේකට යොමු කළා නම් හොඳයි කියලා. 2000 අවු­රු­ද්දෙදි විතර හිටිය බයික් ශූර­යෙක් වුණු කැලුම් සෙනෙ­වි­රත්න මගේ පුතාගේ පුහු­ණු­කරු විදි­හට තෝරා ගත්තා. ඊට පස්සේ එයා දිග­ටම තරග දිනුවා. ලොකු පුතා ඉගෙන ගන්න රට ගියා. පස්සේ මම මගේ පොඩි පුතා සංචය විර­සිං­හට 125 බයික් එකක් අරන් දුන්නා. 2016 වෙන­කොට මට හරි­ය­ටම අවු­රුදු පන­හයි. පොඩි පුතාට දහ­අ­ටයි. අපි දෙන්නම ඒ අවු­රුද්දේ මාග­ස්තොට රේස් එක පැද්දා. අපි මේ අවු­රු­ද්දෙත් රේස් එක පැද්දා. මගේ ලොකු පුතාගේ පුතාට ඒ කියන්නෙ මගේ මුනු­පුරා කවිදු විර­සිං­හට දැන් අවු­රුදු පහයි. මම එයා­ටත් සි.ආර් 50 බයික් එකක් අරන් දුන්නා. හැමෝ­ටම රේස් පදින්න බැහැ. ඒක හිතේ හොඳ හයි­යක් තියෙන්න ඕන. අපේ පවුලේ අයට ඒ ජවය ලේ වලින්ම ඇවිල්ලා තියෙන්නේ.

ධම්මි­කට තමන්ගේ පර­ම්පා­රව ගැන ආඩ­ම්බර ය. ලංකාවේ මොටර් බයි­සි­කල් රේස් පැදීමේ ඉති­හා­ස­යත් ඔවුන්ගේ පර­ම්පරාවේ ඉති­හා­සය වගේය. ඔවුන්ට අනු­ග්‍රා­හකයෝ නැත. විය­හි­ය­දම් කර­න්නට කෙනෙක් නැත. විශේෂ ඇග­යීම් නැත. ඒත් වීර­සිං­හලා රේස් පදිති. ශූරතා දින­ති. ක්‍රීඩා­වක් ලෙස එය වින්ද­නය කර­ති. වීර­සිං­හ­ලාගේ රේස් පැදිල්ලේ අපූ­රුව එයය.

චන්දන තිලක් ද සිල්වා

 

Comments