Pick my journey ගමන් අරඹයි | Page 2 | සිළුමිණ

Pick my journey ගමන් අරඹයි

දිනෙන් දින වර්ධනය වන ශ්‍රී ලාංකීය සංචාරක කර්මාන්තය ගෝලිය අවශ්‍යතා හා නව ප්‍රවණතා සඳහා අනුගත වීම වැදගත්ය. විශේෂයෙන් ඩිජිටල් යුගයකට ලෝකයම අවතීර්ණ වෙමින් සිටින කාලයක ඒ සඳහා නවමු ගවේෂණයන් කිරීම අත්‍යාවශ්‍යය. වසර ගණනක් පුරා මෙරට සංචාරක ක්ෂේත්‍රයේ නියෝජිත ආයතනයක් ලෙස කටයුතු කරමින් ලබාගත් අත්දැකීම් තුළින් ශ්‍රී ලාංකීය සංචාරක ක්ෂේත්‍රයට මෙන්ම ගෝලීයවද වැදගත් වන pickmyjourney නැමැති නව ඩිජිටල් ඉ-අලෙවිකරණ උපාංගයක් වර්ල්ඩ් ට්රැරවල් සෙන්ටර් ආයතනය හඳුන්වා දෙන ලදී. වෙබ් අඩවියක් වන මෙමගින් ලෝකයේ ඕනෑම තැනක සිට ඕනෑම අයෙකුට ලෝකයේ ඕනෑම තැනකට ගුවන් ටිකට්පත්, හෝටල්, විවිධ සංචාර හා ප්රටවාහන පහසුකම් සපයාගත හැකිය. Pickmyjourney තුළින් හඳුන්වාදෙන සුවිශේෂි පහසුකම් වන්නේ දැනට ලොව පුරා ජනප්‍රිය SIC – Seat-in-coach මාදිලියේ සංචාර සහ ක්‍රීඩා සංචාර වෙන්කරවා ගැනීමේ පහසුකමයි. ශ්‍රී ලංකාවට තවමත් අලුත් වුවද SIC සංචාර දැනට ලෝකය පුරා සාර්ථකව ක්‍රියාත්මක වේ. තායිලන්තය, මැලේසියාව හා සිංගප්පූරුව ආදි රටවල් මෙම ක්ෂේත්‍රයේ වර්ථමානයේ බහුලව කතාබහ කෙරෙන ක්ලව්ඩ් තාක්ෂණයට බෙහෙවින් සමාන මෙම උපාංගය තුළින් පාරිභෝගිකයාට කැමති ආකාරයෙන් තමන්ගේ සංචාරය සකස් කර ගත හැකිවීම සුවිශේසි කටයුත්තකි. Pick my journey හි කළමනාකාර අධ්‍යක්ෂ සුධර්මා ද සිල්වා මහතා අදහස් දක්වමින් මෙම සංකල්පය තුළින් ලංකාව ව්‍යාපාරික මධ්‍යස්ථානයක් ලෙස ලෝකය තුළ ව්‍යාප්ත කිරීමට හැකියාව පවතින බව පෙනීයන කරුණකි. වර්ථමානයේ විවිධ ගෝලීය සමාගම් විසින් මෙරට සංචාරක ක්ෂේත්‍රමෙරට නියෝජිත ආයතන හුදෙක් ප්‍රවාහන සේවා සපයන ආයතන බවට පත්ව ඇතැයි ප්‍රකාශ කළේය.

Comments