දඟමලු | සිළුමිණ

දඟමලු

කොයි දේ වුණත් අත්හදා බල­න්නට පොඩි­ඈයෝ රුසියෝ ය. අව­දා­නම කෙතෙක් වුවත් ඒ ගැන හැඟී­මක් ඔවුන්ට ඇත්තේම නැත. මේ ඉන්නෙත් එවැනි දඟ­මලු ටිකකි. වෙනස, මේ සමූ­හය ඇමෙ­රිකා කඳු­කර එළු පොඩ්ඩන් වීමය. අඩි 14,000ක් ඉහළ කඳු­කර වනා­න්ත­රයේ හෙවත් උන්ගේ නිජ­බිමේ තිබෙන ගල්කු­ළු­ව­ලින් එහාට මෙහාට පැන, පැනීමේ ඉසව්ව හරි­ය­ටම කළ හැකි­දැයි කියා අත්හදා බැලීම උන්ගේ ව්‍යායා­ම­යයි. පැනීම ප්‍රගුණ කිරීම එළු­වන්ට වැද­ගත් නැතත් දඟ­යන්ගේ විනෝ­ද­යට ඒවා­යෙන් වැඩක් නැත.


සුවය

කොන්ක්‍රීට් පයි­ප්ප­යක් තුළ හිඳි­මින් නිව­හ­නක සුවය සොයන මේ අස­ර­ණ­යන් හමු­වුණේ බංග­ලි­දේශ - මියැ­න්මාර දේශ සීමා­වේදී ය. වෙනත් විදි­හ­කට කිව­හොත් ඔවුහු වධ හිංසා­ව­ලින් පීඩා­වට පත්ව ජීවි­තය සොයන රෝහින්ග්යා ප්‍රජාවේ සාමා­ජි­ක­යෝ ය. මගේ ගෙදර මිස වෙන තැනක මට සුව­යක් නැතැයි කියා සිතන අය මේ නිව­හන් ගැන මොනවා කීවත් නොකී­වත් කම් නැත. මන්ද, මීට වඩා හොඳ ගෙද­රක් සොයා ගැනීම ඔවුන්ට අසීරු බැවිනි.


ආදරය

කාගේ කාගේත් ජීවිත ගලා බසින ආවේ­ණික ලාලි­ත්‍ය­යක් ඇත. මේ ඉන්දි­යාවේ ලෝන­ව­ලාහි වසන නයි විශේ­ෂ­යක් උන්ගේ ප්‍රියා­ද­ර­යන් සමඟ සම්භෝ­ගයේ යෙදෙන ලාලි­ත්‍ය­­යයි.

Comments