අවු­රුදු හත­ළි­හක් මැණික් වික්කත් අතේ තුට්ටු­වක් නැති පබි­ලිස්ලා | Page 4 | සිළුමිණ

අවු­රුදු හත­ළි­හක් මැණික් වික්කත් අතේ තුට්ටු­වක් නැති පබි­ලිස්ලා

බළ­න්ගොඩ මැ‍ණික් පොළ කී සැණින් නොදන්නා කෙනෙක් නැත. එය එප­ම­ණ­ටම ජන­ප්‍රි­යය. කල­කට පෙර දහස් ගණනේ සිට කෝටි ගණන් දක්වා මැණික් වෙන්දේසි කෙරු­ණද අද එවැනි ව්‍යාපා­රික පසු­බි­මක් එහි නැත. අවු­රුදු හත­ළිස් ගණ­නක් මැණික් විකුණූ පබි­ලිස්ගේ සිට සියල්ලන් කියන්නේ එම කතා­වයි.

පබි­ලිස් මුද­ලාලි සොයා ගෙන ඒ උදෑ­සන අපි බළ­න්ගොඩ ඕලු­ග­න්තො­ටින් හැරී ඉහ­ළ­ ම­ණ්ඩා­වල ප්‍රදේ­ශ­යට යන්නට වීමු. ප්‍රධාන මාර්ග­යෙන් හැරී පටු මාව­තක් ඔස්සේ ගිය අපි අව­සා­නයේ ගුරු පාර­කට හැරු­ණෙමු. එහි වාහ­න­යක ගමන් කිරීම අසී­රුය. වේලාව උදෑ­සන අට පසුවී විනාඩි ගණ­නක් ඉකුත්ව තිබෙ­න්නට ඇත.

“ටික දව­ස­කින් මුද­ලාලි පාර පැත්තට එනවා දැක්කේ නැහැ. ගෙදර දොර­ව­ලුත් වහලා. බලමු කතා කරලා...”

මැටි බිත්ති­යෙන් සෑදූ තහඩු හෙවිල්ලූ නිවෙ­සක් ඉදි­රියේ නතර වූ ආරි­ය­සිංහ, පබි­ලිස් මුද­ලාලි සොය­න්නට විය.

“අවු­රුදු හත­ළිස් ගණ­නක් තිස්සේ මැණික් විකු­ණන කෙනෙක් ඉන්නේ මේ ගෙදර?”

මසිත කුතු­හ­ල­යෙන් පිරෙයි.

ආරි, දොර ජනෙල්වලට තට්ටු­ක­ර­මින් කතා­ක­රයි. ගත­වූයේ ස්වල්ප මොහො­තකි. බ්රාස් හඬින් ඇරුණු අබ­ලන් දොරින් එළි­යට ආවේ ලෙඩ පෙනු­මැති කෙසඟ වයෝ­වෘද්ධ මිනි­සෙකි. ඔහු නිදි පැදු­රෙන් අවදි වූ ගමන්ය.

"මම මාස­යක‍ට වැඩියි අස­නීප වෙලා. දැන් තමයි ටිකක් හොඳ වේ‍ෙගන එන්නේ. බිස්නස් ගියෙත් නැහැ. එමුකෝ ඇතු­ළට. වාඩි­වෙ­ලාම කතා­ක­රමු."

පබි­ලිස් මුද­ලාලි ඔහුගේ නිවෙස තුළට අපව කැඳෙ­ව්වේය. මම කාම­රය සිසාරා බල­න්නට වීමි. නිවෙ­ස­ටම ඇත්තේ කොටස් දෙකක් පමණි. එක් කොට­සක් නිවෙසේ සාල­යත් කාම­ර­යත් ලෙසින් පාවිච්චි වේ. එහි අබ­ලන් ඇඳක්, ප්ලාස්ටික් පුටු දෙක තුනක් හා පා පැදි­යක් හැරුණු විට ඇත්තේ කාම­රයේ ඒ කොන මේ කොන යා කෙරුණ රෙදි වැලකි. එහි රෙදි කඩ­මාලු කිහි­ප­යක් මෙන්ම සුදු සරොම් හා කමිස කිහි­ප­යක්ම වනා තිබිණි.

”අවු­රුදු හත­ළිස් ගණ­නක් තිස්සේ මැණික් විකු­ණ­ලත් මෙහෙම ද ඉන්නේ?”

පබි­ලිස් මුද­ලා­ලිගේ වත්කම් දුටු මොහොතේ මට පහළ වූ සිතු­වි­ල්ලය ඒ.

“මගේ වයස අවු­රුදු හැත්තෑ අටයි. අවු­රදු හත­ළිස් පහක් තිස්සෙම මම කරන්නේ මැණික් ගල් මිලට ගන්න එක විකු­ණන එක තමයි. මම ඉගෙන ගත්තේ ඉස්කෝලේ හයේ පන්ති­යට විත­රයි. අම්මයි තාත්තයි ගොවි­තැන් වැඩ කෙරුවේ. මට පුතෙක් ඉන්නවා ඔහු විවාහ වෙලා වෙනම පදිංචි වෙලා හිටියේ. මීට වසර කිහි­ප­ය­කට පෙර බිරිය මිය ගියා. නිද­හසේ ඉන්න ඕනෑ නිසා මම මේ ගෙද­රට වෙලා ඉන්නවා. දවස් ගාන­කින් බිස්නස් යන්නත් බැරි වුණා. මම ඒ කාලේ ගම්වල ඇවි­දලා මැණික් ගල් මිලට ගන්නවා. ඒ ගල් ගෙනැල්ලා බළ­න්ගොඩ ටවු­මෙදි විකු­ණ­නවා. කොහො­මත් දව­සට රුපි­යල් දෙතුන් දාහක ලාභ­යක් තියෙ­නවා. මම මේ කියන්නේ ඒ දව­ස්වල. දැන් තත්වය ඊට වෙනස්. බළ­න්ගොඩ ටවු­මට ගිහිල්ලා බල­න්නකො උදේට. මැණි­ක්කා­රයෝ නැහැ. ඔය දෙතුන් දෙනෙක් පුරු­ද්දට එනවා ඇරෙන්න.”

පබි­ලිස් මුද­ලාලි පව­සන්නේ හිතේ අමා­රු­වෙනි.

"දැන් මැණික් ගල් නැද්ද?"

පබි­ලිස් මුද­ලාලි අබ­ලන් ඇඳේ කොට්ටය ඔසවා ඒ යටින් මතු­කර ගත්තේ පොදි­යකි. ඔහු එය මා අත තැබු­වේය.

"බිස්නස් යන්න කියලා ගෙනාවේ. එත් යන්න බැරි වුණානේ. මේවා මේ ඔප කරපු ගල් නෙමෙයි. මේ ටිකට කියන්නේ ලොට් එකක් කියලා මේ ටික රුපි­යල් දාහක් විතර වටි­නවා. හැම වෙලේම ගල් තියන්නේ වතුර එක්ක. මට ළඟදි ඔට්ටු­වක් ලැබුණා. ඒක රුපි­යල් පහ­ළො­ස්දා­හ­කට ඉල්ලුවා. ඒත් ඊට වඩා වටින නිසා ඒ වෙලාවේ ඒක විකු­ණුවේ නැහැ. ඔට්ටු­වක් කියන්නේ මැණික් ගලේ කාලේ පැන්නට පස්සේ කියන නම. මම කව­දා­වත් බැංකු­වල සල්ලි දාලා නැහැ. මේ වෙලා­වෙත් මගේ අතේ මුදල් තියෙ­නවා. කව­දා­වත් මට පොදි ගහන්න වුව­ම­නා­වක් තිබුණේ නැහැ. මට ඕනෑ වුණේ සැහැ­ල්ලු­වෙන් ජීවත් වෙන්න. මම ඉර­ඔට්ටු කරලා තියෙ­නවා. ඒ කියන්නේ අනුන්ගේ ගල් විකු­ණලා ඔහුගේ පංගුව දිලා ලාබේ අරන් තියෙ­නවා. මම ගල් විකු­ණලා හම්බ කරපු හැටි­යට වුව­ම­නා­වක් තිබුණා නම් යාන වාහන අර­ගෙන ගෙවල් දොර­වල් හදා­ගෙන සුඛෝ­ප­භෝගී වෙන්න තිබුණා. ඒත් ම‍ට මේ ඉන්න විදිහ ඒ හැම දේටම වඩා හොඳයි. ”

පබි­ලිස් මුද­ලාලි උගුර පාද­මින් පව­සයි. ඔහු දැන් ක්‍රම­යෙන් සුව වෙමින් සිටී. හෙට අනිද්දා දිනෙක ඔහු යළිත් බළ­න්ගොඩ යනු ඇත. ඒ ටවුමේ මැණි­ක්කා­ර­යන් අත­ර­ටය.

"ටෝච් එකයි සුදු ඇඳුමයි තමයි මැණි­ක්කා­රයා ගේ ඇඳුම. මම රැවුල කපලා නාලා පිරි­සුදු වෙලා සුදු සරම, සුදු කමි­සය ඇඳ­ගෙන ටෝච් එකත් අර­ගෙන උදේ අට වෙන කොට බළ­න්ගොඩ ජේ.එන් එක ගාවට යනවා. ඕලු­ග­න්තොට ඉදලා පයින් උදේ සවස ගෙදර එන්නේ. හිතු­ෙණාත් කේතලේ ළිපට කරලා තේ එකක් හදා ගන්නවා. නැත්තම් තුන් වේලම කඩෙන් කාලා ගෙදර ඇවිත් නිදා ගන්නවා. මම කව­දා­වත් බීමට ඇබ්බැහි වුණු කෙනෙක් නෙමෙයි. "පබි­ලිස් මුද­ලාලි කියන්නේ තම දෛනික ජීවි­තය පිළි­බඳ ය. කිසි දිනෙක වැඩි වාසි සොයා නො ගිය පබිලිස් මුද­ලාලි අල්පේච්ඡ ජීවි­ත­ය­කට ඇලුම් කර­න්නෙකි.

“මැණි­ක්කා­රයෝ” ඒ වච­නය ඇහු­ණම අපට හිතෙන්නේ බොහෝ සල්ලි­කා­රයන් ලෙසිනි. එහෙත් එහි සත්‍ය­තාව කුමක්ද?

මැණික්වලින් සල්ලි නැත්නම් මිනිස්සු මහ­පො­ළොව එක්ක හැප්පෙ­යිද? මැණි­ක්කා­රයන් ගැන කතා කරන හැම විටෙ­කම අපට හිතේ මැවෙන උත්තර නැති ප්‍රශ්න මේවා ය.

"ඉස්සර ඒ කියන්නේ මීට අවු­රුදු දහ­ය­කට පහ­ළො­ව­කට වගේ ඉස්සෙල්ලා රත්න­පුර බළ­න්ගොඩ ටවුන් වල උදේට හව­සට ගිහිල්ලා බලන්න ඕනෑ. මැණි­ක්කා­රයෝ ඉන්න තරම්. ඒක හරි අපූරු වෙළෙ­ඳ­පො­ළක්. ඒ පොළ­වල්වල මැණික් කරපු සම­හර අය අද ලොකු මැණික් මුද­ලා­ලිලා."

අතීත කතාව එසේ වුවත් දැන් මැණි­ක්ක­රු­වන්ගේ තත්ත්වය ඊට හාත්ප­සින් වෙනස්ය. දරු­ම­ල්ල­න්ගෙන් නිද­හස් වී තනි­කඩ ජීවිත ගත­ක­රන පබි­ලිස් මුද­ලා­ලිට මැණික් වෙළෙ­දාම අඩු වූ විට ගැටලු මතු නොවු­ණද මැණික්වලින්ම ජීවිත ගොඩ නගා­ගත් දරු­වන්ගේ ලෝකය හද­න්නට වෙහෙ­සුණු මොවුන් අද මුහුණ දී ඇත්තේ බර­ප­තළ ගැටලුවල­ටය. ඔවුන් අපට හමු වූයේ බළ­න්ගොඩ ‍ජේ. එන් එක අස­ල­දීය.

"ඒ කාලේ මේ හරියේ හුඟක් අය හිටියා. නමුත් දැන් හරි හමන් බිස්නස් එකක් නැති නිසා හුඟක් අය වෙන වෙන දේවල් පටන් අර­ගෙන. ඉස්සර වගේ නෙමෙයි දැන් නීති වැඩියි. පත­ල් ක­රන්න අමා­රුයි. හොරට පතල් කරලා අහු වු‍ණොත් රුපි­යල් හැට හැත්තෑ දාහ දඩ ගහ­නවා. සම­හර වෙලා­වට ලැයි­සන් තිබු­ණත් පොලි­සි­යෙන් මොකක් හරි වර­දක් හොයලා නඩු දානවා. කොහොම වුණත් මැණික් වෙළෙ­ඳාමෙන් පවුල් පන්සි­ය­කට වැඩි ප්‍රමා­ණ­යක් ජීවත් වෙනවා.

ඉස්සර උදේට මේ හරියේ මැණික් විකු­ණන අය මිලට අර­ගෙන ලාභ­යක් තියා­ගෙන විකු­ණන අය තුන්සි­යක් විතර හිටියා. දැන් පේන­වානේ ඉන්න ගාන. සම­හර දව­ස්ව­ලට අපි ගෙදර යන්නේ හිස් අතින්. පුරු­ද්දට වගේ තමයි මෙතැ­නට ඇවිල්ලා යන්නේ."

තානා­යම් පාරේ සිටින මැණික් වෙළෙන්දන් පව­සන්නේ කන­ගා­ටු­වෙනි. සමන්ත, සමන්, මන්සූර්, අනුර ආදීන් මේ එක­තුවේ සිටිති.

"ලැයි­සන් තියෙ­ද්දිත් පතල් කරද්දි ඇල්ලුවා. රුපි­යල් හැට දාහක් දඩ ගැහුවා. කොහො­මද අපි මේ රස්සාව කර­ගෙන යන්නේ. මේ ළඟදි එළ­වළු කොටුවේ ඉඳලා ගිය මිනිස්සු දෙන්නෙක් වත් පොලි­සි­යෙන් ඇල්ලුවා. "

සමන්ත කියන්නේ කන­ගා­ටු­වෙනි.

බළ­න්ගොඩ නග­රයේ මැණික් වෙළෙ­ඳ­පොළ මීට කල­කට පෙර ඉතා සරු­සා­රය. එහි වෙළෙ­ඳාම් කෙරුවන් තම ජීවිත සරු­සාර කර­ගත්තේ ඒ ව්‍යාපාරවලිනි. නමුත් දැන් තත්ත්වය ඊට වෙනස්ය. පාර අයිනේ ඔවුන්ගේ බිස්න­ස්ව­ලට දැන් ඉල්ලු­මක් නැති තරම්ය.

"ඉල්ලු­මක් නැති­වාම නොවෙයි. පතල් කරන්නේ අඩු­වෙන් නිසයි මැණික් අඩු­වෙලා තියෙන්නේ. මීට අවු­රුදු පහ­ළො­ව­කට වගේ ඉස්සෙල්ලා තමයි මම මේ බිස්නස් එක පටන් ගත්තේ.

උදේ හතට විතර ආවාම අපි දවල් දොළහ විතර වෙන­කල් ඉන්නවා. ආයෙ­මත් හවස දෙක තුන විතර වෙන­කල් ඉන්නවා. ගෙවල් දොර­වල් හදා­ගත්තේ, වාහන ගත්තේ, දරු­වන්ට උගන්න ගත්තේ හැම­දේම කර­ගත්තේ මේ මහ­පාරේ කට්ට කාලා මැණික් ගල් ලොට් විකු­ණලා. දැන් එහෙම බිස්නස් නැහැ. දැන් අපි එන්නේ පුරු­ද්දට. ඒ ඇවි­ල්ලත් රුපි­ය­ල­ක්වත් නැතිව ගෙදර යන දවස් අන­න්තයි."

සමන් අපට තම සාක්කු­වෙන් ඇද ඔප­ක­රන ලද මැණික් ගල් කිහි­ප­යක් පෙන්ව­මින් පව­සයි.

"දැන් වෙළෙඳ­පොෙළ් සින්ත­ටික් ගල් තියෙ­නවා. එ්ත් කොයි­ත­රම් නැති වුණත් අපි කාව වත් රව­ට්ටන්නේ නැහැ. ඕනෑම කෙනෙක්ට අපෙන් ගන්න ගල් සංස්ථා­වෙන් චෙක් කර ගන්න පුළු­වන්. මම මේ රස්සාව ඇරෙන්න වෙන රස්සා­වල් කරලා නැහැ. අපි නිවාඩු ගන්නේ නැහැ. පෝය දව­ස­ටත් එනවා. දැන් ඒ එන ගමන අපට පුරු­ද්දට ගිහිල්ලා."

ඔහු පව­සන්නේ අද තමන්ට හිමි වී ඇති තත්ත්ව­යයි.

හැට­හත් හැවි­රිදි විජ­ය­වීර වසර තිහක් තිස්සේ පතල් කර­න්නෙකි. මේ ඔහු අපට කියූ ඔහුගේ කතා­වයි.

"මම අනුන්ගේ පතල්වල වැඩ කළ කෙනෙක්. සුමාන කාසිවලට වැඩ කර­ලත් තියෙ­නවා. රුපි­යල් පන්සි­යයි සුමාන සල්ලිවලට ලැබෙන්නේ. හැම පත­ල­කම මැණික් හම්බ වෙන්නෙත් නැහැ. දවසේ කුලි­යට වැඩට ගියොත් රුපි­යල් එක්ද­හ­ස්ප­න්සී­යක් ලැබෙ­නවා. පතල්වලින් ලක්ෂ දෙක­හා­මා­රක් වටින නිලක් ලැබිලා තියෙ­නවා. "

විජ­ය­වීර කියන්නේ තමා ලබා ඇති අත්දැ­කීම්ය.

ඔවුහු ගල් අතක් බලති. ගල් අත­කට ගල් කෑලි දහ­යක් පහ­ළො­වක් අයිති වේ. එමෙන්ම තනි ගල් ද විකු­ණති. මොවුන් ජීවිත ගැට ගසා ගන්නේ ඒ අයු­රිනි. ක්‍රම­යෙන් වළ­ප­ල්ලට යන මැණික් විකි­ණිල්ල ගැන ඔවුහු නිර­න්ත­ර­වම කණ­ගා­ටු­වෙති. සුස­සු­ම්ලති. ඒ තමන්ට ඇති එකම ජීවන මාර්ග­යත් අහිමි වන බැවිනි.

"මේකේ ප්‍රශ්න­යක් තියෙ­නවා. කවු­රු­වත් ඒ ගැන කතා කරන්නේ නැහැ. බලපුළු­වන්කාරයෝ ඒ ගොල්ලන්ගේ ගමන යනවා. අහිං­සක මිනිස්සු තමයි හැම­දා­මත් පෑගෙන්නේ. තැලෙන්නේ. පොඩි වෙන්නේ. පතල් දාන්න ඉඩම්වලට බල­පත්‍ර ගන්න ගියාම කාල­යක් ගත­වෙ­නවා. බල පත්‍රය ගත්තම පතල පටන් ගන්න කාල­යක් නැහැ.

මාස දෙකක්වත් කාල­යක් නැහැ පතල කරන්න. අන්ති­මට විය­දම් කරපු සල්ලිත් අප­රාදේ. කවු­රු­වත් දැන් අපි වෙනු­වෙන් උද­ව්ව­ට­වත් එන්නේ නැහැ. ඒ නිසයි හැම­දේම වළ­ප­ල්ලට ගිහිල්ලා තියෙන්නේ"

බළ­න්ගොඩ නග­රයේ දී හමුවූ ඔහු සිය­ල්ල­න්ගේම කතා අව­සා­නයේ අප හා පැවැ­සු­ෙව් බොහෝ වේද­නා­වෙනි.

මැණි­ක්කා­රයෝ... සල්ලි­කා­රයෝ... යන වදන මොවු­න්හට පැවැ­සීම සාධා­රණ ද, අසා­ධා­රණ ද යන්න නැවත නැවත සිත­මින් අපි ඔවු­න්ගෙන් සමු­ග­තිමු.


ඡායා­රූප - තුෂාර ප්‍රනාන්දු

Comments