නෙළුම් විල | Page 2 | සිළුමිණ

නෙළුම් විල

හස රස

අස­ල්වැසි දරු­වෙක් මා සොයා අප නිවෙ­සට ආයේ ය.

“මාමෙ, මට පර­ණ­වි­තාන මහ­ත්තය ගැන රච­නා­වක් ලියන්ඩ තිය­නව. දිග­ටම ටියු­ෂන් පන්ති වැටුණු නිසා කරුණු සොයා ගන්ඩ විදි­හක් තිබුණෙ නෑ. මං ආවෙ මාම ළඟ එතුමා ගැන පොතක් තිය­නව නං ඉල්ල ගන්ඩයි” ඔහු යට­හත්ව කියා සිටියේ ය.

දරුවා වාඩි ගැන්වූ මම පුස්ත­කාල කාම­ර­යට වැදු­ණෙමි.

අවු­රු­ද්දට පැමිණි නෑසි­යන්ගේ දරු­වන් පුස්ත­කා­ලයේ පොත් අවුස්සා එහි පිළි­වෙළ වෙන­ස්කොට තිබිණි. එය විධි­මත් කර­න්නට මට ද නොහැකි විය.‍ ඒ වෙනු­වෙන් පුස්ත­කාල කාම­ර­යට වැදුණ හැම වාරයේ ම පොත් කියැ­වූවා මිස ආ කාරිය නිමා කිරී­මට මට බැරි විය. මේ නිසා අදාළ පොත තෝරා ගැනී­මට මට හිතු­වාට වඩා වෙලා­වක් ගියේ ය.

අන්ති­මේදී මට එය හමු විය. පොත අතට ගත් මම එය එහෙන් - මෙහෙන් පෙරළා බැලු­වෙමි. එවිට මට පර­ණ­වි­තාන සූරීන් ගැන කොහේදෝ තැනක කියැවූ අසි­රි­මත් කතා­වක් සිහි­පත් වී මුව’ග සිනා­වක් නැඟිණ. ඒ මෙබඳු කතා­වකි.

දිනක් පර­ණ­වි­තාන සූරීහු පුරා­විද්‍යා දේශ­න­යක් පව­ත්ව­මින් සිටි­යහ. එහිදී ඔහු රාවණා යුග­යක් තිබු­ණැයි ඔප්පු කළ හැකි පුරා­විද්‍යා සාධක ලැබී නැතැයි කියා සිටියේ ය.

මින් කෝප­යට පත්වූ වැඩි­හි­ටි­යෙක් වහා නැඟිට පර­ණ­වි­තාන සූරී­නට එරෙ­හිව කතා කර­න්නට පටන් ගත්තේ ය. පර­ණ­වි­තාන සූරීන් ද ඔහු කතාව නිම කරන තුරු නිහ­ඬව බලා සිටියා මිස තමා කීවේ රාවණා යුග­යක් තිබුණේ නැතැයි කියා නොව එබඳු යුග­යක් තිබුණේ යැයි ඔප්පු කළ හැකි පුරා­විද්‍යා සාධක හමුවී නැතැයි යන්න බව පැහැ­දිලි කිරී­මට ද උත්සාහ නො කළේ ය.

පර­ණ­වි­තාන මහතා දුර්මු­ඛව සිටිනු දුටු වැඩි­හි­ටියා සිය කතාව වඩ වඩාත් සැර කළේ ය.

“...රාවණා යුග­යක් තිබුණෙ නෑ කියල ඔබ­තුමා කොහො­මද කියන්නෙ? රාවණා සීතව හංග­ගෙන හිටපු සීතා­එ­ළි­ය­ටත් මං ගිහින් තිෙය­නව. එත­නදි ඒ අය අග්ග­ලත් කාල තිය­නව. ඉතුරු වෙච්ච අග්ගලා තාමත් එතන ගල්වෙලා තිෙය­නව...”

මේ අභි­යෝ­ග­යෙන් සභාව ගල් ගැසී ගියේ ය.

අභි­යෝ­ගය ගණ­න­කට නොගත් පර­ණ­වි­තාන සූරීහු මයි­ක්‍රො­ෆෝ­න­යට ළං වී මෙසේ කීවේ ය.

“... අග්ගල තිය­නව නං යමුකො කන්ඩ! මේක අග්ගල කන්ඩ හොඳ වෙලාව!”

ගල් ගැසී තිබූ සභාවේ කෙනෙ­කුගේ මුවින් ‘බකස්’ ගා හිනා­වක් පැන්නේ ය. ඒ සම­ඟම සභාව සිනා සාග­ර­යක් බවට පත් විය.

අභි­යෝ­ග­කරු නිහ­ඬව ම වාඩි වූ අතර පර­ණ­වි­තාන සූරීහු කිසිත් නොවූ ගාණට සිය දේශ­නය කර­ගෙන යන්නට වූයේ ය.

ඊළ­ඟට මා කියැවූ එබඳු තවත් කතා­වක් ද මතක් විය.

ඒ මෙසේ ය.

එක්තරා සභා­වක පුරා­වි­ද්‍යාව සම්බන්ධ ප්‍රධාන දේශ­නය පැවැ­ත්වී­මට නිය­මි­තව සිටියේ පර­ණ­වි­තාන සූරීහු ය. ප්‍රධාන දේශ­කයා කතා කිරී­මට පෙර කෙටි කතා දෙක තුනක් පැවැ­ත්වී­මට අදාළ අය ද එහි පැමිණ සිටි­යහ. ඒ අතර එස්.­ඩ­බ්ලිව්.ආර්.ඩී‍. බණ්ඩා­ර­නා­යක මහතා ද විය. ඒ බණ්ඩා­ර­නා­යක මහතා දේශ­පා­ල­න­යට පිවිසි මුල් යුගය වූයේ ය.

කෙටි කතා­වක් පැවැ­ත්වීම පිණිස ආ බණ්ඩා­ර­නා­යක මහතා දිග කතා­වක් කළේ ය. එය පුරා­වි­ද්‍යා­වට කොහෙත්ම සම්බන්ධ නැති දේශ­පා­ලන කතා­වක් විය.

පර­ණ­වි­තාන සූරී­නට ‍සිය දේශ­නය පැවැ­ත්වීම සඳහා ආරා­ධනා කෙරුණේ බණ්ඩා­ර­නා­යක මහ­තාගේ ඒ කතා­වෙන් පසු ය.

සුපු­රුදු ගම­නින් මයි­ක්‍ර­ෆෝ­නය වෙත ගිය පර­ණ­වි­තාන සූරීහු ඇඟට පතට නොදැනී මෙසේ කීවේ ය.

“... මේ දේශ­පා­ලන වේදි­කාවෙ මටත් කතා­වක් දාලා!”

සභාව හිනා­වෙන් සලිත වී ගියේ ය.

මම දරු­වාට පොත දෙන ගමන් ඒ කතා දෙක ද කීවේ ය.

ඔහු සමු­ගෙන ගියේ ද අමුතු හිනා­ව­කිනි‍.

අන­න්‍ය­තාව සඟවා සිටී­මට කැමැති සිළු­මිණ පාඨ­ක­යකු විසින් යොමු කරන ලද ලිපි­යක් ඇසුෙරනි.


රුක් දෙවිඳු

දිනක් මම එක ගසක් පම­ණක් ඉති­රිව තිබෙන නග­ර­යක් ගැන සිතු­වෙමි. එය ලස්සන ගසකි. නමුත් එය තිබුණේ ගොඩ­නැ­ඟි­ලි­ව­ලින් වට වී හුදෙ­ක­ලාවේ ය.

මිනිස්සු දිග­ටම අස­නීප වූහ. වෛද්‍ය­ව­රු­නට ද කළ හැකි දෙයක් නොවී ය. එහෙත් එක් යහ­පත් වෛද්‍ය­ව­ර­යෙක් අස­නී­ප­යට හේතුව දැන සිටියේ ය. එහෙ­යින් ඔහු තමා වෙත එන හැම රෝගි­යා­ටම මෙබඳු ප්‍රති­කා­ර­යක් නියම කළේ ය.

“... හැම­දාම ඔබ බසයේ නැඟී නග­රය මැදට යන්න. එහි ඇති ගස දෙස බලා සිටින්න. ඉන් පසු ගසට ළං වන්න. එසේ ළං වෙද්දී හොඳින් හුස්ම ගන්න. හොඳින් හුස්ම පිට කරන්න. ඒ එක්කම ගසේ පැහැ­යත්, සුව­ඳත් විඳ ගන්න. සති කිහි­ප­යක් ඔබ මේ ප්‍රති­කා­රය කළ විට සුවය ලැබේවි.”

මේ ප්‍රති­කා­ර­යෙන් ලෙඩ්ඩු සුව වීමට පටන් ගත්හ. ලෙඩ සුව කරන ගස ගැන ආරං­චිය දස අත පැතිර ගියෙන් ඒ සොයා එන පිරිස් වැඩි විය. ඒ නිසා සැත­පුම් ගණන් දිග පෝලි­මක් ඇති විය.

ජනයා තුළ ඉව­සීමේ ගුණය හීනව පැවති හෙයි­නුත්, පැය ගණන් හිට­ගෙන සිටී­මට ඔවු­නට නොහැකි වූ හෙයි­නුත් කල­කෝ­ලා­හල ඇර­ඹිණ‍. එක් අය­කුට ගස වැලඳ ගැනී­මට දී ඇති කාලය විනාඩි පහ­කට සීමා කළ යුතු යැයි කිය­මින් සම­හරු පෙළ­පාළි ද ගියහ‍. එයින් සිදු­වූයේ අස­නී­පය සුව වීමට ඕනෑ කරන කාලය සීමා වීම ය. මේ අතර ජනයා තව තවත් වැඩි වූයෙන් ගස වැලඳ ගැනී‍ෙම් කාලය මිනි­ත්තු­ව­කට සීමා විය. අව­සා­නයේ සිදු­වූයේ කුමක්ද? මිහි මව විසින් මිනි­සුන්ගේ ලෙඩ සුව කිරී­මට ගසට දී තිබූ ශක්තිය ක්ෂය වී යෑම ය.

මණ්ඩා­වල පඤ්ඤා­වංස හිමි­යන් විසින් පරි­ව­ර්ත­නය කරන ලද තිච් ඤතාන් හිමි­යන්ගේ දේශ­නා­වක කොට­සකි.

නෙළු­ම්විල පාඨ­ක­යකු විසින් යොමු කරන ලද්දකි.

නෙළුම්විල
සිළුමිණ,
ලේක්හවුස්,
කොළඹ 10.

Comments