ලේක්හවුස්-මිහින්තලා ආලෝක පූජාව ජනපති-අගමැති ප්‍රධානත්වයෙන් | සිළුමිණ

ලේක්හවුස්-මිහින්තලා ආලෝක පූජාව ජනපති-අගමැති ප්‍රධානත්වයෙන්

පනස් හයවැනි වරටත් ලේක්හවුස් මිහින්තලා ආලෝක පූජාව ලක්ෂ සංඛ්‍යාත බැතිමතුන්ගේ සාධු නාද මැද පොසොන් පසළොස්වකදා (27) පැවැත්වූයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේත් ප්‍රධානත්වයෙනි.

මිහින්තලා රජමහා විහාරාධිපති හා භාරකාර වළවාහැංගුණවැවේ ධම්මරතන නාහිමි ප්‍රමුඛ මහා සංඝරත්නයේ ආශිර්වාද මධ්‍යයේ ඓතිහාසික මිහින්තලා රජමහා විහාර මැදමළුවේ දී අතිඋත්කර්ෂවත් ලෙස ලේක්හවුස් ආලෝක පූජාවේ දෙවැනි දින පොසොන් පුර පසළොස්වක දා ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා පුදබිම ආලෝකමත් කළ අවස්ථාවයි මේ. ලංකා විදුලිබල මණ්ඩලයේ සම සංවිධායකත්වයෙන් සිදුකෙරෙන මේ පුණ්‍ය උත්සවයට ඇමැතිවරුන් වන රංජිත් සියඹලාපිටිය පී. හැරිසන්, චන්ද්‍රානි බණ්ඩාර යන මහත්ම මහත්මීහු සහ ලේක්හවුස් ආයතනයේ සභාපති සහ කළමනාකාර අධ්‍යක්ෂ ක්‍රිෂාන්ත කුරේ මහතා ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෝ ද, ලංකා විදුලිබල මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු ද සහභාගී වූහ.

මෙවරද මේ පුණ්‍ය උත්සවය සඳහා ලංකා විදුලිබල මණ්ඩලය සම අනුග්‍රහය දක්වන අතර ඩය‍ලොග් ආයතනය, ජාතික ඉතිරි කිරීමේ බැංකුව, රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව, සංවර්ධන ලොතරැයි මණ්ඩලය, මිහින්තලා ආලෝක භාරය බැතිබර දායකත්වය ලබාදුන්නේය. ජූනි 26 හා 28 දින වලදීද ලේක් හවුස් මිහින්තලා ආලෝක පූජාව මිහින්තලයේ දී පැවැත්විණි.

 

Comments